ජෛව සූර්ය බල ශක්තියේ පිබිදීම ගැන අනාවැකියක්
2030 දශකය වන විට, Biopower Solar Panel හෙවත් ජීවී සූර්ය පැනල නිපදවීමට හැකි වන බවත් ඒ්වා ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින්, YIMBYism හෙවත් “අපේ ගෙවත්තටත් කමක් නෑ” යන සංකල්පයේ වර්ධනයටද හේතුවන බවත් රෝවන් හූපර් අනාවැකියක් පවසයි.
2020 දශකයේ මැද භාගය වන විට, සූර්ය බලශක්තිය ඉතිහාසයේ ලාභම විදුලි උත්පාදන ක්‍රමය බවටත්, වේගයෙන්ම වර්ධනය වන බලශක්ති සැපයුම් මාර්ගය බවටත් පත්වී තිබේ. මේ වන විට සූර්ය පැනලවල ආයු කාලය වසර 30ක් හෝ 40ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වෙමින් පවතී. කෙසේ වෙතත්, අවසානයේදී සූර්ය පැනල ද සිය ජීවිත කාලය අවසන් කරන අතර, ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට හෝ බැහැර කිරීමට අවශ්‍ය වේ. 2050 වන විට සූර්ය පැනල අපද්‍රව්‍ය මෙගාටොන් 160ක් තරම් විශාල ප්‍රමාණයක් ගොඩගැසෙනු ඇතැයි අනාවැකි පළ විය. මෙය පොසිල ඉන්ධන බලාගාර මගින් ජනනය වන අපද්‍රව්‍යවලට වඩා බෙහෙවින් අඩු වුවද, එය කිසිසේත් නොසලකා හැරිය හැකි ප්‍රමාණයක් නොවේ.
ඒනිසා විද්‍යාඥයන් සිතුවේ, අපට ස්වයංක්‍රියව-අලුත්වැඩියා වන සහ ස්වයංක්‍රියව-එකලැස් වන සූර්ය පැනල සෑදිය හැකි නම් එය කෙතරම් හොඳද කියාය.
අපට ඒය 2030 දශකයේ මැද භාගය වන විට කළ හැකි වෙතැයි බලාපොරොත්තු තැබිය හැකිය. ඒ්වන විට ජීවී සූර්ය පැනල (biological photovoltaics – BPVs) ලෙස හඳුන්වන මේවා ලොව පුරා ස්ථාපනය කරනු ඇත. මෙම තාක්‍ෂණයේ සිත් සනසවන, ස්වාභාවික පෙනුම කොතරම් ආකර්ෂණීය විි හැකිද යත්, එය YIMBYism හෙවත් “Yes In My Back Yard” (අපේ ගෙවත්තටත් කමක් නෑ) යන සංකල්පයේ වර්ධනයට හේතු වනු ඇත. ඒ සමඟම, ජීවී සූර්ය පැනල වේගයෙන් ව්‍යාප්ත වීීී නියමිතය.
මෙහි පළමු ප්‍රතිලාභ අත්විඳිනු ලබන්නේ, උප-සහරානු අප්‍රිකාවේ වැනි, ප්‍රධාන විදුලිබල පද්ධතියෙන් බැහැර ග්‍රාමීය ජනාවාස විසිනි. එහිදී මිනිසුන්ට නාස්තිකාර බැටරි භාවිතයෙන් තොරව, දුරකථන සහ පරිගණක සඳහා බලශක්තිය සැපයීමට මෙම ජීවී සූර්ය පැනල (BPV) භාවිතා කිරීමට හැකි වනු ඇත. තාක්‍ෂණය දියුණු වීමත් සමඟ, පැරණි ගොඩනැගිලිවලට හරිත බිත්ති සහ වහලවල් ලෙස මේවා සවි කළ හැතිවන අතර, ගෘහ නිර්මාණ ශිල්පීන් තම නිර්මාණවලට ජීවී සූර්ය පැනල ඇතුළත් කර නව ගොඩනැගිලි නිර්මාණය කරනු ඇත. මේ අනුව මිනිසුන් වැඩි හෝ අඩු වශයෙන් ප්‍රධාන විදුලිබල පද්ධතියෙන් ස්වාධීන වීීී නියමිතය. මෙහි තවත් වාසියක් වූයේ ජෛව විවිධත්වය වැඩිවීම සහ ඒ හා බැඳුනු මිනිසුන්ගේ යහපැවැත්ම ඉහළ යාමයි.
මේ ජීවී සූර්ය පැනල (BPV) ක්‍රියා කරන්නේ ඉන්ධන කෝෂයක් මෙනි. එහිදී ඉලෙක්ට්‍රෝන කැතෝඩයේ සිට ඇනෝඩය වෙත මාරු වී විදුලි ධාරාවක් ජනනය කරයි. මෙකී ජෛව විද්‍යාත්මක පද්ධතියේදී, ඉලෙක්ට්‍රෝන ජනනය වන්නේ ප්‍රභාසංස්ලේෂණය කරනු ලබන ජීවීන් මගිනි.
ඈත 2011 වසරේදී, විද්‍යාඥයන් සූර්යාලෝකය ඇති විට සයනොබැක්ටීරියා (cyanobacteria) නම් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විදුලිය කාන්දු වීමේ අපූරු සංසිද්ධියක් නිරීක්ෂණය කළහ. ඉලෙක්ට්‍රෝඩයක් මත සයනොබැක්ටීරියා තැබූ විට, කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විද්‍යුත් ධාරාව ලබාගත හැකි බව ඔවුන් සොයා ගත්තේය.
නමුත් එම ධාරාව ඉතා දුර්වල විය. බැක්ටීරියාවෙන් කාන්දු වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු විය. මෙම සැපයුම වැඩි කිරීම සඳහා, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රිස් හව් වැනි විද්‍යාඥයන්, වැඩිපුර ඉලෙක්ට්‍රෝන කාන්දු වන සේ සයනොබැක්ටීරියා ජානමය වශයෙන් වෙනස් කර, ඒවා ඉලෙක්ට්‍රොනික උපාංගවලට සම්බන්ධ කළහ.
2022 දී, ක්‍රිස් හච් සහ කණ්ඩායම ප්‍රභාසංස්ලේෂණය පමණක් භාවිත කර පරිගණක ක්‍රියාත්මක කිරීමට හැකි බව සොයා ගත්තේය. වැඩි කල් නොගොස්, විද්‍යාඥයන් මෙම ධාරාව විශාල පරිමාණයෙන් ලබා ගැනීමේ ක්‍රම සොයා ගනු ලබන අතර, ජීවී බල සැපයුම් සහිත උපාංග ලොව පුරා නිෂ්පාදනය කර ස්ථාපනය කිරීමට ඒ්මගින් හැකි වනු ඇත.
මෙහි එක් ක්ෂණික වාසියක් විය හැක්කේ, බොහෝ කුඩා උපාංග සඳහා බලය සපයන කාසි හැඩැති කුඩා බැටරි සඳහා වූ ඉල්ලුම තියුණු ලෙස පහත වැටීමයි. 2025 දී, මෙම බැටරි ගෝලීය බැටරි වෙළඳපොළෙන් 3%ක් වූ අතර වසරකට අපද්‍රව්‍ය ටොන් 10,000ක් ජනනය කිරීමට හේතු විය.
නුදුරු කාලයේ ජීවී සූර්ය පැනල (BPV) වල පරිමාණය සහ බල නිමැවුම වැඩිදියුණු වීමත් සමඟ, දුරකථන සහ ශීතකරණ වැනි විශාල උපාංග පවා ජීවී සූර්ය කෝෂ මගින් ආරෝපණය කළ බැටරි මත ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත. විදුලි වාහන, ගරාජ සහ ඩිපෝවල ඇති ජෛව සූර්ය පැනල පද්ධති මගින් නැවත ආරෝපණය කරන බැවින් ලිතියම් සහ මැංගනීස් වැනි ලෝහ සඳහා වූ ඉල්ලුම පහත වැටෙනු ඇත.
ජීවි සූර්ය කෝෂ සහිතඋපාංග අඳුරේදී ද ක්‍රියාත්මක වීමට හැකිය. රාත්‍රියේදී, මෙම කෝෂ දිවා කාලයේදී ආලෝකය මගින් නිපදවූ සංයෝග පරිවෘත්තීය ක්‍රියාවලියට ලක් කරන අතර, එමගින් දළ වශයෙන් සමාන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිපදවා රාත්‍රියේදී ද බලශක්තිය ලබා දෙනු ඇත.
ජීවී සූර්ය බලශක්තියේ වර්ධනය බොහෝ ප්‍රතිවිපාක ගෙන දෙයි. ගොඩනැගිලි කොළ පැහැයක් ගන්නා විට, නගර සැලසුම්කරුවෝ වීදි සහ පොදු ස්ථානවලට වැඩිපුර ජීවයක් එක් කරනු ඇත. අධික ජන ඝනත්වයකින් යුත් නගර පවා ගස්, පැළෑටි සහ මල් වලින් පිරී, කෘමීන්ගේ සහ කුරුල්ලන්ගේ නාදයෙන් පිරුණු සශ්‍රීක, පණීවත් කොළ පැහැති පෙනුමක් ගනු ඇත.
ජීවී සූර්ය පැනලවල (BPV) සාර්ථකත්වය, කුඩා නමුත් ඒ් සඳහා දැඩි කැපවීමක් ඇති විවිද්‍යාඥයන්රිසකට ආශ්වාදයක් වනු ඇත. ඔවුන්ගේ අරමුණ ශාක හා ඇල්ගී සෛලවල ප්‍රභාසංස්ලේෂණයට ඉඩ සලසන හරිතලව (chloroplasts), ආලෝකයට නිරාවරණය වීමෙන් සීනි නිපදවීම සඳහා තම ශරීරයට ඇතුළත් කර ගැනීමේ ක්‍රමය මේ සඳහා යොදා ගැනීමයි. තමන් Homo photosyntheticus (ප්‍රභාසංස්ලේෂක මානවයා) ලෙස හඳුන්වා ගත් මෙම කණ්ඩායම, තමන් පෝෂණය වන මුහුදු පැලෑටිවලින් හරිතලව උකහා ගන්නා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මුහුදු හම්බෙල්ලා වැනි සතුන්ගෙන් ආශ්වාදයක් ලැබීය.
එම හම්බෙල්ලා හරිතලවවල ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රම පරිණාමය කරගෙන ඇතත්, විටින් විට තම හරිතලව නැවත පුරවා ගැනීමටද ඔහුට සිදු වේ. එය කොළයක හැඩය ගන්නා නිසා, එහි ප්‍රමාණයට සාපේක්ෂව විශාල පෘෂ්ඨ වර්ගඵලයක් ඇත. නමුත් ප්‍රභාසංස්ලේෂණයට එහි බලශක්ති අවශ්‍යතාවයෙන් සුළු කොටසක් පමණක් සැපයිය හැක. මිනිසුන්ට, හරිතලව නඩත්තු කිරීමට අවශ්‍ය සෛලීය යාන්ත්‍රණයක් හෝ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කර ගැනීමට කොළයක් වැනි හැඩයක් හෝ නොමැති නිසා, මෙම ප්‍රවේශයෙන් සැපයිය හැක්කේ නොසලකා හැරිය හැකි තරමේ සුළු ශක්ති ප්‍රමාණයක් පමණි.
කෙසේ වෙතත්, Homo photosyntheticus හි සාමාජිකයන්ට හරිතලව භාවිතය ඉතා සංකේතාත්මක විය. සාමාජිකයෝ “හරිතකරණය” (The Greening) ලෙස හැඳින්වූ ක්‍රියාවලියකට භාජනය වූහ. පොසිල ඉන්ධන හරහා නොව, කෙළින්ම ප්‍රභාසංස්ලේෂණයෙන් ලබාගන්නා විදුලියට පමණක් තම භාවිතය සීමා කිරීමට ඔවුහු ප්‍රතිඥා දෙනු ඇත. ඔවුන් තම කැපවීමේ සලකුණක් ලෙස නිතිපතා හරිතලව තම සිරුරේ පච්ච කොටා ගැනීමට නොපැකිළෙනු ඇත.
අනාගත වාර්තා (Future Chronicles) හි, ඔහු තවමත් පැමිණ නොමැති සොයාගැනීම් සහ දියුණුවීම් පිළිබඳව මවාගත් ඉතිහාසයක් ගවේෂණය කරයි.
රෝවන් හූපර් විසිනි. රෝවන් නිව් සයන්ටිස්ට් (New Scientist) සඟරාවේ පොඩ්කාස්ට් සංස්කාරකවරයා වන අතර “How to Spend a Trillion Dollars: The 10 global problems we can actually fix” නම් ග්‍රන්ථයේ කතුවරයා ද වේ. ඔහුව Bluesky ඔස්සේ @rowhoop.bsky.social මගින් ෆලෝ කළ හැක.නිව් සයන්ටිස්ට් (New Scientist) සඟරාවෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න