බ්‍රිතාන්‍යයේ ප්‍රථම කුඩා පරිමාණයේ මොඩියුලර් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (Small Modular Reactors – SMR) නිපදවීමේ අරමුණින්, රෝල්ස්-රොයිස් (Rolls-Royce) සමාගම එංගලන්තයේ ජාතික ධන අරමුදලෙන් පවුම් මිලියන 599ක (ඩොලර් මිලියන 805ක) ආයෝජනයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

මෙම අරමුදල් ප්‍රධාන වශයෙන්ම ඇන්ග්ලේසි (Anglesey) දූපතේ පිහිටි ‘විල්ෆා’ (Wylfa) කලාපයේ SMR ප්‍රතික්‍රියාකාරක සැලසුම් කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.

මොනවාද මේ SMR තාක්ෂණය?

සාමාන්‍ය විශාල පරිමාණයේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම වෙනුවට, SMR තාක්ෂණය මගින් සිදු කරන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක කොටස් කර්මාන්තශාලා තුළම නිපදවා පසුව ඒවා අදාළ ස්ථානයේ සවිකිරීමයි. මෙමගින් බලාගාර ඉදිකිරීමේ පිරිවැය අඩු කර ගැනීමටත්, ඉතා වේගයෙන් ස්ථාපනය අවසන් කිරීමටත් හැකියාව ලැබේ.

විල්ෆා (Wylfa) හි ඉතිහාසය

විල්ෆා කලාපය 1971 සිට 2015 දක්වා න්‍යෂ්ටික බලශක්තිය උත්පාදනය කළ ස්ථානයකි. එහි අවසන් ප්‍රතික්‍රියාකාරකය 2015 දී වසා දැමූ අතර, පසුව හිටාචි (Hitachi) සමාගම එහි නව බලාගාරයක් ඉදිකිරීමට උත්සාහ කළද රජයේ අරමුදල් පිළිබඳ ඇතිවූ ගැටලු නිසා 2020 දී එම සැලසුම් අත්හැර දමන ලදී. පසුව 2024 වසරේදී බ්‍රිතාන්‍ය රජය සතු ‘ග්‍රේට් බ්‍රිටිෂ් එනර්ජි – නියුක්ලියර්’ (GBE-N) ආයතනය විසින් මෙම භූමිය හිටාචි සමාගමෙන් මිලදී ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය රේචල් රීව්ස් (Rachel Reeves) ප්‍රකාශ කළේ මෙම ආයෝජනය මගින් එරට බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් වන අතර, නව පරපුරේ දේශීය න්‍යෂ්ටික තාක්ෂණයක් බිහි කිරීමටත්, නිපුණතා සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් මග පෑදෙනු ඇති බවයි.

From Guardian Weekly

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending