එක්දහස් නවසියහැට ගණන් වලදී සීඅයිඒ සංවිධානයේ සේවයේ නියුතු වූ ක්ලෙව් බක්ස්ටර් අසත්‍ය සංවේදයක් (lie detector) යොදාගනිමින් ශාක පැලෑටි වේදනාවට දක්වන ප්‍රතිචාරය පරීක්ෂාවට ලක් කළේය. ඔහු ශාකපත්‍රවලට දැල්වූ ගිණිකූරු අල්ලමින්, කැපුම් ඇති කරමින් අසතය සංවේදකය යොදා ශාකය එ්වාට දක්වන ප්‍රතිචාරය නිරීක්ෂණය කළේය. වධ හිංසා කිරීමට ලක් වුවෙකු සේ ශාක එම ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වනවා පමණක් නොව අසල ඇති වෙනත් ශාඛයක් එවැනි හිංසාවට ලක්වෙන විට එයට සංවේදීවන බවක් තස පරීක්ෂන වලදී පෙන්නුම් කළ බවත් ශාක වලට එකිනෙකා හා සන්නිවේදනය කළ හැකි බව බක්ස්ටර් විශ්වාස කළේය..
එහෙත් අද විද්‍යාඥයන් කල්පනා ආකාරයට ශාක වලට අපට මෙන් වේදනාව අත්විඳීමට හැකියාවක් නොමැත. වේදනාව දැනීමට හැකි මධ්‍ය ස්නායු පද්ධතියක් ශාක වලට නොමැත. ඒ නිසා ඒවාට අපට මෙන් වේදනාව නොදැනේ. කෙසේ වෙතත් ආලෝකය, ශබ්දය, ගඳ සුවඳ හා ස්පර්ශයට ශාක ප්‍රතිචාර දක්වයි. ස්පර්ශයට දක්වන ප්‍රතිචාර නිදි කුම්බා වැනි ශාකවල පැහැදිලිව පෙනේ. ශාකයකට සෙසු ශාක සමඟද සංනිවේදනය කිරීමටද හැකිය. උදාහරණයක් වශයෙන් ශාකබක්ෂකයන්ගේ ප්‍රහාරයකට ලක්වූ විට ශාක අනතුරු හැඟවීමේ රසායනික සංයෝග පිට කරයි. තණකොල කැපුවිට ඇතිවන තනකොල සුවඳ තමන් මුහුණ දුන් විපත ගැන තණකොල නිකුත් කරන එවැනි රසායනික සංඥාවකි.
සයන්ස් ඉලස්ට්‍රෙඩඩ් ඇසුරෙන් සකස් කළේ රුවන් හරිශ්චන්ද්‍ර





ප්‍රතිචාරයක් ලබාදෙන්න