1915දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ ගුරුත්වාකර්ෂෙණය පිළිබඳ නියාමය හඳුන්වන්නේ සාමාන්‍ය සාපේක්ෂතාවය යන නමිනි. අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය තේරුම් කළේ වක්‍ර අවකාශයක ඇතිවන ජ්‍යාමිතික සංසිද්ධියක් වශයෙනි. ඔහු විස්තර කළ පරිදි ග්‍රහලෝක වැනි දැවැන්ත ස්කන්ධයක් සහිත වස්තු ගමන් කරන්නේ ස්කන්ධය හේතුකොට ඇතිවන විකෘතියක් වන අවකාශ කාලය වක්‍රවීමට කෙරෙන ප්‍රතිචාරයක් වශයෙනි. වෙනත් අන්දමකින් කිව හොත් දැවැන්ත ස්කන්ධයක් ඇති පදාර්ථයක් තමන් වක්‍රවිය යුත්තේ කෙසේදැයි අවකාශයට පෙන්වා දෙයි. ඒ අනුව වක්‍රවූ අවකාශය එකී පදාර්ථය ගමන් කල යුතු අන්දම පෙන්වා දෙයි.
මේ සංසිද්ධිය දිග පළල උස යන ත්‍රිමානයන්ගෙන්ම යුතු අවකාශයක් ගැන සිතාගෙන තේරුම් ගැනීම අපහසු වුනත් අවකාශය දිග පලල පමණක් ඇති කඩදාසියක්යැයි සිතා තාරකාවක් ඒ කඩදාසිය මත තැබුවොත් තාරකාවේ ස්කන්ධයෙන් කඩදාසිය මත ඇති කරන වක්‍රතෙරපුමක් ගැන සිතුවොත් වටහා ගැනීම පහසුය. තාරකාව නිසා කඩාදාසියේ ඇතිවන වක්‍රවීමෙන් තාරකාව අවට පිහිටි ග්‍රහ වස්තු තාරකාව වටා කැරකෙමින් අර වක්‍රවීම ඔස්සේ ගමන් කරයි.
අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවය පිළිබඳ මේ නියාමයෙන් පුරෝකථනය කල හැකි ඇතැම් සංසිද්ධින් නිවිටන්ගේ ගුරුත්වාකර්ෂණ නියාමයේ පුරෝකථනයන්ට වඩා වෙනස් වීය. උදාහරණයක් වහයෙන් සූර්යාගේ පසුබිමින් ඇති තාරකාවක සිට අප කරා එන ආලෝක කදම්බ සූර්යාගේ ගරුත්වාකර්ෂණය නිසා වක්‍ර වෙන බව නියාම දෙකෙන්ම පැවසේ. (සූර්ය ග්‍රහණ අවස්ථාවක හිරු එලිය මුලුමනින්ම අවහිර වූ විට තාරකා එළිය මෙසේ වක්වන හැටි පරීක්ෂා කළ හැකිය.) එහෙත් අයින්ස්ටයින්ගේ නියාමයට අනුව මේ වක්‍රවීම නිවිටන්ගේ නියාමයෙන් පවසනවාට වඩා දෙගුණයකින් පමණ වැඩිය. සූර්යග්‍රහණ දින වල ලෝකයේ විවිධ තැන්වල සිට ගැන බලා ඇති මිනුම් වලට වලින් තහවුරු කරගෙන ඇති පරිදි මේ සම්බන්ධයෙන් අයින්ස්ටයින් ගේ පුරෝකථන නිවැරදි බව හෙළිවී තිබේ. මෙතෙක් කළ අනිකුත් විවිද පර්යේෂණ වලින්ද තහවුරු අයින්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවය පිළිබඳ නියාමය නිවැරදි බව තහවුරු වී ඇත.






ප්‍රතිචාරයක් ලබාදෙන්න