සැමට විදු නැන නුවණ – Science Literacy for All

වර්ෂාව ඇති වන්නේ ඇත්තටම කොහොම ද?

‘මෙහෙම වහින්නේ ඇයිද මන්ද?’ යනුවෙන් වර්ෂාව දිගටම පවතිද්දී ඉන් පීඩාවට පත්වන්නන් අසනවා. එහෙත්, නියං කාලයට මැසිවිලි නගන්නේ ‘වැස්ස වහින්නේ නැත්තේ මොකද මන්ද?’ යනුවෙන් පවසමින්. මේ ප‍්‍රශ්න දෙකම නගන්නේ වර්ෂාපතනය ගැන දැන ගැනීමේ වුවමනාවට වඩා පීඩාවට පත්ව ඇතිවන වේදනාව හෝ කෝපය නිසයි. ඒ හන්දා, වර්ෂාව ඇති වන්නේ කුමක් නිසා ද යන්න ගැන නිසි අවබෝධයක් තියෙනවා නම් එබඳු කෝපයක් ඇතිවන එකකුත් නැහැ.

ඇත්තට ම වැසි වහින්නේ ඇයි ? කල්පනා කරලා බැලූවහම වැස්ස පමණක් නොවෙයි හිම (snow), හිම කැට (hail), එමෙන් ම ශීතකර (sleet) වැස්ස ඇති වන්නේ ඇයි? ජලයෙහි මෙකී ස්වරූප කිසිවක් ම පැහැබර, නිල්වන් අහසකින් ඉබේ කඩා වැටෙන්නේ නැහැ. වැස්ස වහින්න නම් වලාකුළු  ඕනෑමයි. එහෙම නම් වලාකුළු සෑදෙන්නේ කුමකින් ද? වලාකුළු සෑදෙන්නේ පෘථිවියේ මතුපිටින් වාෂ්පීකරණය වූ ජලය හෝ අයිස් මගිනුයි. එහෙම නැතිනම්, ශාක පිට කරන ජලය හා ප‍්‍රභාසංස්ලේෂණය (photosynthesis) නිපැයුමක් ලෙෂ පිටවන ඔක්සිජන් මගින්. එය වාෂ්පිකරණය වූ විට ඒ කියන්නේ මහ පොළොව මතුපිටින් වායුගෝලය වෙත ඉහළට නගින විට ජලය තිබෙන්නේ වායුවක ස්වරූපයෙන් ජල වාෂ්ප ලෙස (කියවන්න   ජලයේ ස්වරූප තුන ගැන තතු ලිපිය 2015 දා) . මේ ජල වාෂ්ප සිසිල් වී ඝනීභවනය වුණාහම (ඒ කියන්නේ යළි ජලය හෝ අයිස් බවට හැරුණහම) වලාකුළු බවට හැරෙනවා. ඝනීභවනය වීම පිණිස ජල වාෂ්පයට ඇළී සිටීමට යම් ඝන දෙයක් අවශ්‍ය වෙයි-මෙම ඝන ‘අංශුව’ දූවිලි පොදක් හෝ පරාග රේණුවක් එසේත් නොමැති නම් ජල බිංදුවක් හෝ අයිස් ස්ඵටිකයක් විය හැකියි. පිනි හෙවත් තුෂාර කියන්නේ පොළොවේ මතුපිටට යළි ඝනීභවනය වූ ජල වාෂ්පයි. තණ පත‍්‍රයක අග හෝ වාහනයක වාහනයක ඉදිරිපස වීදුරුවේ(windscreen) මෙම පිනි දැකිය හැකියි.

rain_formation

දැන් ආපසු වලාකුළට යොමු වුණොත් කලින් කී පරිදි ජල වාෂ්ප තව තවත් ජල බිංදු බවට අනෙකුත් ජල බිංදු වලට ඝනීභවනය වෙද්දී මේ ජල බිංදු වැඩෙන්නට පටන් ගනී. මෙලෙස එම ජල බිංදු බරින් වැඩි වී, වලාකුළ  ඇතුළත උත්ක්ෂිප්තය(updrafts)       නොතකා වලාකුළ තුළ අවලම්භනය වී සිටිය නොහැකි වූ විට එම ජල බිංදු වැස්ස ලෙස මහ පොළොවට ඇද හැලෙයි. වලාකුළ තුළ වාතය හිමාංකනයට (freezing point ) වඩා පහළ නම් අයිස් ස්ඵටික සෑදෙයි. වලාකුළෙහි සිට පෘථිවිය දක්වා ම වාතය හිමාංකනය හෝ ඊට පහළ නම් එවිට ලැබෙන්නේ හිම පතනයක්.

කෙසේ වෙතත්, වලාකුළ ඇතුළත වලාකුළ සහ භූමිය වායුගෝලයේ ස්තර අතර හිමාංකනයට වඩා උණුසුම් හා හිමාංකනයට වඩා ශීතල තත්ත්වයන් අතරේ ප‍්‍රත්‍යාවර්තනය වේ (වෙනස් වේ) නම් එවිට වෙනත් වර්ගවල වර්ෂණ ඇති වෙයි.

පැහැදිලි කර ගැනීම සදහා නිදසුනක් ගෙන බලමු. වලාකුළෙහි උණුසුම් කොටස හරහා හිම මලක් (snowflake) වැටේ නම් එය ජලයෙන් වැසී නැවත සීතල කොටසට වැටෙද්දී යළි මිදේ. මෙලෙස මේ ක‍්‍රියාදාමය යළි යළිත් සිදුවෙද්දී නව අයිස් තට්ටු තව තවත් එක් වෙයි. තව දුරටත් රැුඳී සිටීමට තරම් උඩ බර වැඩි වූ විට අවසානයේ පොළොවට පතිත වන්නේ හිම කැට ලෙසට ය. අකුණු වලාකුළක උත්ක්ෂිප්ත ප‍්‍රමාණවත්ව සවිමත් නම් තව දුරටත් උඩ රැුඳී සිටීමට බර වැඩි වන තරමට බෙහෙවින් විශාල වෙයි. හිම කැට පීස් ඇටයක ප‍්‍රමාණයේ සිට ගෝල්ෆ් බෝලයක් හෝ ඊටත් වඩා විශාලය. (වාර්තාගත විශාලතම හිම කැටය පතිත වූයේ දකුණු ඩැකෝටාවටය. ඒ 2010 දීය. එය අගල් අටක විශ්කම්භයකින් යුක්ත වූ අතර වට ප‍්‍රමාණය අගල් 18.62කි)

hail-formation

හිම කැට හේතුවෙන් ගොඩනැගිලිවලට, වාහනවලට සහ විශේෂයෙන් ම භෝගයන්ට හානි පැමිණිය හැකිය. කෙසේ වෙතත්, මිදෙන වැස්ස (freezing rain) ඊටත් වඩා හානිදායක විය හැකියි. මිදෙන වැස්ස ඇති වන්නේ ආදාල තත්ත්වයන් ‘හරියටම හරි’ යන විටය. පහළට වැටෙන හිම වලට මුලින් ම උණුසුම් වාතය මුණ ගැසෙන විට ඉන් හිම මල් දියවේ. ඊළඟට එය මහ පොළොව මතු පිටට ම වාගේ පැමිණි විට ඉතාමත් ශීතල ස්තරයක් හරහා යයි. එවිට ද්‍රව ජලය ‘සුපිරි මට්ටමින් සිසිල්’ (super-cool) වේ. යාන්තමට හෝ දිරියක් ලැබේ නම් මිදෙන තරමට ඒවා සිසිල් ය. සුපිරි ලෙස සිසිල් වූ වැස්ස හිමාංකනයටත් වඩා සිසිල් භූමියට වැටෙද්දී බිමට ආසන්නව ඇති ගස් අතු, විදුලි රැුහැන් ආදියේ මිදී යයි. ඔය අන්දමට තමයි මිදෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන වැස්ස අයිස් බවට පෙරළෙන්නේ. අයිස් තට්ටු තට්ටු එක පිට එක වැටෙද්දී මුළු භූමිය ම අයිස් වලින් වැසී යයි. ගස්වල අතු ඒවාගේ බර දරා ගැනීමට නොහැකිව එමෙන් ම විදුලි රැුහැන් ද එලෙසම බර දරා ගත නොහැකිව බිඳී කැඞී යයි.

පෘථිවිය මත එක්තැනක සිට තවත් තැනකට ජලය ප‍්‍රවාහනය කරන්නේ වලාකුළු නිසා වලාකුළු ජල චක‍්‍රයේ ප‍්‍රධානතම අංගයයි.  සූර්යයාගේ ශක්තිය අවශෝෂණය කරගෙන වායුගෝලය තුළ සිරකොට තබා ගන්නේ කොපමණ ප‍්‍රමාණයක් ද යන්න තීරණය කිරීමේ දී ද වලාකුළු වැදගත් වෙයි. මෙලෙස ඒවා වාතයෙහි සහ පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය වෙනස් කිරීමෙහිලා ද වැදගත්් වෙයි. වාතය උණුසුම් වන තරමට ඊට වැඩියෙන් ජලය රඳවා ගත හැකි වෙයි. සාගර උණුසුම් වෙන තරමට ඒවායින් සීඝ‍්‍රයෙන් ජලය වාෂ්පිකරණය වෙයි. මතුපිට සුළං ද වාෂ්පිකරණය වේගවත් කරයි. (වැහි කුණාටුවකට පසුව සුළං පවතී නම් මාර්ග ඉක්මනින් වියළි යන බව දැක තිබේ ද?) තව ද වාතයෙහි ජලය වැඩිවන තරමට සූර්යයාගේ ශක්තිය රැුඳීම ද වැඩිවී උෂ්ණත්වය ඉහළ යයි. එය ඉතා සංකීර්ණ චක‍්‍රයක් වන අතර වලාකුළු දේශගුණයට බලපාන ආකාරය හොඳ හැටි වටහා ගැනීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. වලාකුළු උඩින් සිට බැලූ විට පෙනෙන අන්දම සහ ඒවා ඇත්තේ කොපමණ උසකින් ද යන්න පිළිබඳ තොරතුරු කාලගුණ චන්ද්‍රිකා මගින් ඔවුනට සැපයේ. ඒවායින් සපයන තොරතුරු පෘථිවියේ ජල චක‍්‍රය ගැන අධ්‍යයන කිරීම සඳහා කාලගුණ විද්‍යාඥයන්ටත් (meteorologists) දේශගුණ විද්‍යාඥයන්ටත් (climatologists) ප‍්‍රයෝජන වෙයි.

NOAA’s SciJinks  හි පළවූ  What makes it rain ලිපිය අනුවයි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: