සැමට විදු නැන නුවණ – Science Literacy for All

සබන් සහ ලූණු ද ? නැතිනම් සබනුත් ලූණුම ද?

ලිපියේ මාතෘකාව කියවන විට පටලැවිල්ලක් ඇතිවෙනවා නේද? ඒක ඇත්ත. ඒකට හේතුව සබන් සහ ලවණ (ලූණු) අතර අප බොහෝ දෙනෙකුට සම්බන්ධයක් එකවර දැක ගත නොහැකි වීමයි. අපේ ජීවිතයේ සෑම දිනකම නොවැරදීම භාවිතා කරන සබන් මෙන් ම ලවණ ගැන අපට අවබෝධයක් තිබෙතැ යි සිතුවත් දැන ගත හැකි තවත් දේ කොපමණ නම් තිබිය හැකි ද? එලෙස දැන ගත් විට මාතෘකාවේ පටලැවිල්ල මග හැරේවී!

රසායන විද්‍යාවේ දී ලූණු හෙවත් ලවණ(salts) දැක්වෙන්නේ අම්ලයක් සහ භෂ්මයක් (an acid and a base) ප‍්‍රතික‍්‍රියා උදාසීනකරණයෙන් සෑදෙන අයනික සංයෝගයක් ලෙසටයි. ලවණ වල යම් ගුණ අතුළත් වෙයි. ඉන් කිහිපයක් කෙටියෙන් විමසතොත්:

  • ලවණ සෑදි ඇත්තේ ඇනායන (anions = සෘණ අයන) සහ කැටායන (cations = ධන අයන) එක සමාන සංඛ්‍යාවකින්.
  • ඒවා දැඩියි. භංගුරයි.
  • ලවණ බොහොමයක් ජලයේ දියවෙයි. එමෙන් ම කාමර උෂ්ණත්වයේ දී ඝන ද්‍රව්‍යයකි.
  • ලවණ ප‍්‍රබල බන්ධනයන්ගෙන් යුක්තය. එමෙන්ම සාපේක්ෂව එහි තාපාංකය ඉහළය.
  • විද්‍යුත් වශයෙන් ගත් විට ලවණ උදාසීනය.
  • ඒවායේ ඝන අවස්ථාවේ දී ලවණ දැලිස(lattice) නම් වූ දෘඩ ව්‍යුහයක් ලෙස පිළිවෙලකට සැකසේ.

MosaicSalt

ලූණු විවිධ රසවලින් මෙන් ම විවිධ වර්ණයන්ගෙන් ද සමන්විතය. ඇතැම් ලවණ ආහාරයට ගැනීම සුදුසු නැත. අප බොහෝ දෙනෙකුට මෙය විශ්වාස කිරීමට නොහැකි තරම් ය. මන්ද, අප බොහෝ දෙනා ලූණු යනුවෙන් දන්නේ අප මුළුතැන් ගෙයි හෝ කෑම මේසයේ ඇති කෑමට ගන්නා ලූණු පමණක් බැවිනි. හෙවත් මේස ලූණු.

මේස ලූණු

අප වැඩි දෙනෙකු ‘මේස ලූණු’ (table salts) යනුවෙන් හඳුන්වන්නේ සෝඩියම් ක්ලෝරයිඞ් නම් රසායනික සංයෝගය යි. එහි රසායනික සූත‍්‍රය NaCl. සෝඩියම් ක්ලෝරයිඞ් ජලයේ දියවෙන අතර සාගර ජලය ලූණු රස ගැන්වෙන්නේ ඒ හේතුවෙනි. (ගංගා, ඇල දොල ජලය ලූණු රස නැති වුවත් ඒවා ගලා ගොස් එකතුවන මුහුදු ජලය ලූණු රසය. එසේ නම් මේ ලූණු නිපදවෙන්නේ මුහුදෙහිදී ද? මෙයත් විමසා බැලීම වටී.

jasminecloseupseasalt

මිනිසා ඇතුළු සත්වයන්ගේ ජීවිත සඳහා ලූණු අත්‍යවශ්‍යයි. එපමණක් නොව අපගේ කෑම වල රසය වැඩිකර ගැනීමට ද එමෙන් ම ආහාර කල්තබා ගැනීම පිණිස ද අපි ලූණු භාවිතා කරමු.

 

 

සබන් යනු ලවණයකි.

රසායන විද්‍යාවේ දී සබන් (soap) යනු ලවණ වර්ගයකි. මෙයට හේතුව සබන් ද අම්ලයක් හා භෂ්මයක් මිශ‍්‍ර කිරීමෙන් සෑදෙන්නක් නිසාවෙනි.

සබන් ක‍්‍රියා කරන්නේ කෙලෙස ද?

අපේ රෙදි එමෙන් ම (තෙල් මේද) ග‍්‍රීස් දියකර හැරීමෙන් අපේ සම, අපිරිසිදු පිඟන් සහ වෙනත් දේවල් පිරිසිදු කිරීමේ දී සබන් හා ක්ෂාලක (detergents  පවිත‍්‍රකාරක)  උපකාරී වන බව අපි සියළු දෙනාම දනිමු. ක්ෂාලක සෑදී ඇත්තේ විශේෂ අණු මගිනි. මෙම අණු වලින් කොටසක් ජලයට ආකර්ෂණය වේ. ග‍්‍රීස් වලට ආකර්ෂණය වන කොටස ග‍්‍රීස් දියකර හරිමින් ජලයේ සේදී යා හැකි කුඩා සංරචක හෙවත් අවයවවලට කඩා බිඳුණු ලැබේ.

සබන් සාදන්නේ කෙලෙස ද?

stephensonbrickofclearපුරාතණ බැබිලෝනියානු සහ ඊජිප්තු යුගවල සිටම මිනිසා සබන් සෑදීමට පුරුදුව සිටියිි. බොහෝ කාලයක් තිස්සේ සබන් සෑදීම සිදු කෙරුනේ අළු, සත්ව මේදය සහ ජලය මිශ‍්‍රණයක් මාර්ගයෙනි. අප දැන් තව දුරටත් ඒ ආකාරයට සබන් නිපදවන්නේ නැති වුවත්, නූතන සබන් සඳහා වන රසායනය බොහෝ සෙයින් සමානය. අද දින බොහෝ විට සබන් නිපදවෙන්නේ මේදය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඞ් එකතුවකිනි. සබන් සෑදී එන විට ග්ලයිසෙරෝල් (glyserol) අතුරු නිෂ්පාදනය ඉවත් කරනු ලැබේ. අමු හෙවත් දළ සබන් නිෂ්පාදනය කළ විට ඊට සුවඳ විලවුන් වර්ණ වැනි අංග උපාංග  එක් කළ හැකිවේ. සබන් සාදන රසායනික ක‍්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ සැපනීකරණය (saponification) යනුවෙනි.

සබන් හා ලවණ සම්බන්ධ රුචිජනක කාරණා.

  • අම්ලයක් හා භෂ්මයක් හෝ අම්ලයක් හා ලෝහයක් එකතුවෙන් ලවණ සෑදිය හැකිය.
  • සබන් නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදනයක් වන ග්ලයිසෙරොල් ප්ලාස්ටික් හා පුපුරණ ද්‍රව්‍ය වැනි වෙනත් රසායනික සංයෝග සෑදීමට භාවිතා කරනු ලැබේ.
  • 1800 ගණන් වල අග වන තුරු ද්‍රව සබන් නිෂ්පාදනය නොවිණ.
  • ස්නේහක ග‍්‍රීස් බොහොමයක ප‍්‍රධාන සංයෝජනයකි සබන්.
  • මීයන් සහ කූඹීන් නසන වසක් ලෙස කලක් තැල්ලියම් ලවණය(එය්කකසමප ි්කඑ) භාවිතා කෙරිණ.
  • වීදුරු තැනීමේ දී ලවණ වර්ග ගණනාවක් යොදා ගැනේ.
  • මරකත මැණිකෙහි කොළ පැහැය එන්නේ ක්‍රොමියම් ඔක්සයිඞ් (ජයරදපසමප දංසාැ) ලවණයෙහි සුළු ප‍්‍රමාණ නිසාවෙනි.

 

Chemistry for Kids හී Soaps and Salts  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: