තාරකා කොපමණ විශාලද?
තාරකා ප්‍රමාණයෙන් විශාල පරාසයකට අයත්ය. කුඩාම තාරකා වන නියුට්‍රෝන තරු විෂ්කම්භයෙන් කිලෝමීටර දශක ගණනක් පමණයි. අනෙක් අතට සුපිරි යෝධයන්ගේ විෂ්කම්භය කිලෝමීටර මිලියන සිය ගණනක් වෙයි. ඒ කියන්නේ අපේ සූර්යයාගේ විෂ්කම්භය මෙන් 1000 ගුණයක්. ඒත් ඉතින් අපි මේ අන්ත දෙකේම තාරකා අත්හැර සාමාන්‍ය තාරකා කෙරෙහි පමණක් අවධානය යොමු කළොත් ප්‍රධාන අනුක්‍රමයේ සාමාන්‍ය තාරකා අපේ සූර්යයාගේ මෙන් 1/10 ක සහ 10 ගුණයක විෂ්කම්භයක් ඇති බව පෙනී යයි. (අපේ සූර්යයාද ප්‍රධාන අනුක්‍රමයේ තාරකාවකි)
ආකාශයේ ඡයාරූපවල ඇතැම් තාරකා අනෙක් ඒවාට වඩා විශාලව පෙනී යයි. එහෙත් ඒවා ඇත්තටම විශාලයයි ඉන් නොහැෙඟ්. මෙම ප්‍රතිඵලය ඇතිවන්නේ ටෙලස්කෝපයේ ආලෝකය විවර්තනය වීමෙන් හා අධිනිරාවරණය වීමෙන් ප්රභාවත්ම තාරකාවලට විශාල අනුරූපයක් ඇතිවීමට මග පෑදීමෙනි.
තාරකා විෂ්කම්භය කෙළින්ම මැනීම අසීරු කාර්යයකි. ඊට හේතුව සාමාන්‍ය ටෙලස්කෝපවලට තාරීය තැටි විහින්න කිරීමට ප්‍රමාණවත් විභේදනයක් නොමැතිවීමයි. හබල් අභ්‍යාවකාශ ටෙලස්කෝපයෙන් හා පෘථිවිය මත නිරෝධනමාන (තරංග ආයාම මැනීමේ උපකරණයක් = interferometer) මගින් මැන බලා ඇත්තේ ළඟ පාත යෝධ තාරකා කිහිපයක් පමණකි. ඇතැම් තාරකාවල විෂ්කම්භය මැනීමට මඟ පෑදී ඇත්තේ චන්ද්‍රයාගේ හෝ යුගල තාරකා (ද්ව්‍යංගී) මණ්ඩලයක සහායක තරුවක අන්තර්ධානය (වසා ගැනීම = occultation) හේතුවෙනි. තාරකාවල විෂ්කම්භය ඍජුවම මැනීම දුෂ්කර වුවද විකිරණයේ (radiation) නීති යොදා ගනිමින් වක්‍ර ආකාරයකට මැනීම සාපේක්ෂව පහසුය. අඛණ්ඩ වර්ණාවලියක් සහිතව විකිරණය වන (මෙය බොහෝ තාරකාවලට හොඳ ප්‍රථම සන්නිකර්ෂණයකි.) වස්තුවකට තත්පරයකටම ඒකක ප්‍රදේශයක බැගින් විමෝචනය වන ශක්තිය උෂ්ණත්වයේ ශි්රතයක් පමණකි. ඒ අනුව, අප තාරකාවක නියග දීප්තිය දක්නා විට නිදසුනක් ලෙස අප එහි දෘශ්‍ය දීප්තිය මැන තිබීමෙන් පෘථිවියට එහි ඇති දුර දන්නා නිසා තාරකාවේ වර්ණයෙන් අපට එහි උෂ්ණත්වය ලබා ගත හැකි නම් අපට එම තාරකාවේ සම්පූර්ණ මතුපිට වපසරියන් ඒ අනුව එහි විෂ්කම්භයක් නිගමනය කළ හැකිය.
තාරකා කොපමණ නම් විශාල විය හැකිද?
දැනට අප දන්නා විශාලතම තාරකාව සුපිරියෝධ තාරකාවක් වන μ Cephei යි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4900 ඈතීන් පිහිටි මේ තාරකාවේ විෂ්කම්භය අපේ සූර්යයාගේ විෂ්කම්භය මෙන් 1500 ගුණයක් පමණ වේ. මේ දැවැන්තයා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයා සිටින තැන අත්පත් කර ගතහොත් ඊට බ්‍රහස්පතිගේ කක්ෂයද හසුකර ගනී. ඔරායන් (දඩයක්කාරයා) තරු පංතියේ ඇති බීටල් ජූස් Betelgeuse (ඇල්පා ඔරියෝනිස්) රතු අධි යෝධ තරුව සිටින්නේ ද විශාලත්වයක් වැඩිදුර පිටුපස නොවේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 427 දුර පිහිටි මේ දැවැන්තයා අපේ සූර්යයා මෙන් 1000 විශාලය.
අපේ මන්දාකිණියෙන් එනම් ක්ෂීර පථයෙන් මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම තාරකාව පිස්ටල් තාරකාවයි. එම නමින් යුතු නිහාරිකාවට ද වගකිව යුත්තේ එයයි. එහි ස්කන්ධය දැන් සූර්යයාගේ ස්කන්ධය මෙන් 100 ගුණයකි. එසේ වුවද, එහි පිටත කවචය හැලීමෙන් බොහෝ සේ හැකිළී ඇත. මෙයට වසර මිලියන 3කට පෙර එය බිහිවන අවස්ථාවේ පිස්ටල් තාරකාවේ ස්කන්ධය සූර්යයාගේ මෙන් 200 ගුණයක් පමණ විය. මෙම තාරකාව නිසගයෙන්ම සූර්යයා මෙන් මිලියන 10 ගුණයක් ප්රභාවත්ය. එය සම්පූර්ණයෙන්ම ඝන ධූලි වලාවකින් වටවී නොතිබුණේ නම් අපට එය සිව්වැනි විශාලතත්වයේ තාරකාවක් ලෙස පියවි ඇසින් දැක බලා ගත හැකි වනු ඇත. එහෙත් දැන් තිබෙන අන්දමට අපට එය දැක ගත හැක්කේ දූලි වලා පසාරු කළ හැකි අධෝරක්තයෙන්. පිස්ටල් තාරකාවේ මතුපිට උෂ්ණත්වය 100,000 K ලෙස ගණන් බලා තිබේ. මෙවැනි දැවැන්ත තාරකා ඒවායේ හයිඩ්රජන් ඉතා ඉක්මණින් දවා දමන හෙයින් ඒවායේ ආයුකාලය කෙටියි. පිස්ටල් තාරකාව, සූර්යයා වසරකට දවන හයිඩ්රජන් ප්‍රමාණය එක තත්ත්පරයක දී දවාලයි. වසර මිලියන තුනකදී පමණ පිස්ටල් තාරකාව අධිනව තාරකාවක් ලෙස පුපුරායා යුතුය.
A Question and Answer Guide to Astronomy (CAMBRIDGE UNIVERSITY PRESS, 2010) ග්‍රන්ථය ඇසුරෙනි