විදු නැන නුවණ – Science Literacy for All

පාළුව, තනිකම ජාන කෙරෙහි බලපෑ හැකියි

තනිකමින් පසුවන පුද්ගලයන් කෙරෙහි ඇතැම් ජාන අඩු හෝ වැඩි පමණින් කි‍්‍රයාකාරී  වන්නේ සෞඛ්‍යමය අවදානම් ඉස්මතු කරමිනි.

තනිකමෙහි ‘ජානමය ඇඟිලි සලකුණක්’ සොයා ගැනීමට සමත් වී ඇතැයි විද්‍යාඥයෝ  ප‍්‍රකාශ කරති. දිගින් දිගටම හුදකලාව සිටීම සෞඛ්‍යමය වශයෙන් අයහපතක් වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එම කාරණාව අර්ධ වශයෙන් ආධාර විය හැකියි. ඒත් ඉතින් මේ පර්යේෂණ සොයා ගැනීම් වැරදියට තේරුම් නොගත යුතුයි. ‘ජාන සමහරුන්ව හුදකලා කොට තනිකර දමන අතර තවත් පිරිසක් යහපත් සම්බන්ධතාවලට යොමු කරතියි’ පර්යේෂකයෝ කියා නොසිටිති. ඒ වෙනුවට තනිකම ජාන පර්යේෂණ ප‍්‍රතිඵල පෙන්වන්නේ ඇතැම් ජාන යම ප‍්‍රමාණයකින් තනිවූ පුද්ගලයන් තුළ කි‍්‍රයාකාරී වන්නේ  එම හුදකලා තැනැත්තාගේ සෞඛ්‍යයද අඳුරු කරමින් බවයි.

දැන් ඉතින් ඔබ ගැන සිතුවොත් ඔබේ මිත‍්‍ර ලැයිස්තුවේ සිටින්නේ ටික දෙනෙකු පමණද? කමක් නැත. වැදගත් වන්නේ සංඛ්‍යාව  නොව සම්බන්ධතාවල ඉහළ තත්ත්වය බව  පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙකි පර්යේෂකයන් අතර ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා සරසවියේ,  ඬේවිඞ් ගෙෆන් වෛද්‍ය විද්‍යාලයේ කෝල් ද වෙයි. කෝල් සහ සගයෝ අවුරුදු 50-67 වයස්වල පුද්ගලයන් 14 දෙනෙකු වසර පහක් තිස්සේ අධ්‍යයන  කළහ. ඔවුන් වාර්ෂික පරීක්ෂණවලට ලක් කරන අතර වරින් වර (වාරිකව) ඔවුන් සාමාජීය වශයෙන් හුදකලාවීම ගැන ඔවුන්ගේ ඇගැයීම සමීක්ෂණය සම්පූර්ණ කළහ. පරීක්ෂණයට ලක් කළ පිරිසෙන් හය දෙනෙකු තනිකම පරිමාණයෙහි නිරන්තරයෙන්ම උඩම සිටි අයයි. අනෙක් අට දෙනා ඵලදායී සම්බන්ධතා බොහොමයක් සිටින්නන්ගේ  පරිමාණයෙහි නිරන්තරයෙන්ම ඉහළ සිටි අයයි. තනිකම තිබුණේවී  හෝ නැතා සියල්ලෝම පොදුවේ සමාන පසුබිමක් භුක්ති වින්දහ.

කෝල් සහ කණ්ඩායම මේ පිරිසගේ සෞඛය පිළිබඳ ඉතිහාසය මෙන්ම අනෙකුත් සාධක ද සලකා බැලූහ. සමාජීය වශයෙන් වඩාත් කි‍්‍රයාකාරී අනෙකුත් සාමාජිකයන් හා සසදද්දී පරික්ෂණයට  යොමු කළ කණ්ඩායමේ  හුදකලාව ගත කළ  සාමාජිකයන් සතුව ප‍්‍රදාහය (inflammation) සහ ෙසෙල වර්ධනය දිරිමත් කරන අධිකි‍්‍රයාකාරී ජාන තිබිණ. එමෙන්ම, ඔවුන් සතුව ප‍්‍රදාහය හා සෛලවල ජීවන චක‍්‍රය පාලනය කරන අඩුවෙන් කි‍්‍රයාකාරී ජාන ද තිබුණි. කලක් පවතින තනිකම හුදකලාව, අයහපත් සෞඛ්‍ය තත්ත්වය මෙන්ම වයස් ගතවීම වේගවත් කිරීම හා සම්බන්ධවන්නේ යයි බොහෝ කලක් තිස්සේ සලකන්නේ ඇයි දැයි  යන්න පැහැදිලි කිරීමට මෙකි ජානමය රටා සමත් විය හැකිය.

හුදකලාව ගත කරන පුද්ගලයන්ගේ ජානමය අවදානම මග හරවන  ප‍්‍රතිකාර වැඩිදියුණු කිරීමට හැකියාව ඇත ද, ප‍්‍රථමයෙන්  එන්නේ තනිකම ද නැතිනම් ජාන කි‍්‍රයකාරිත්වයේ විස්ථාපනය වීමද යන්න සනාථ කිරීම සඳහා වඩාත් විශාල ප‍්‍රමාණයක අධ්‍යයන සිදු කිරීම අවශ්‍ය වේ. එමෙන්ම හුදකලාවීම හෝ සමාජීය වශයෙන් වඩාත් කි‍්‍රයාකාරී වීම යන අන්ත දෙකටම අයිති නැති අය ගැන ද අධ්‍යයනය කළ යුතුය.

හුදකලාව වසන පුද්ගලයන්ගේ ප‍්‍රතිශක්ති පද්ධතිය වෙනස් ආකාරයකට කි‍්‍රයා කරන බවට ලක්ෂණ දශක ගණනාවක් තිස්සේ පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත. එවන් පුද්ගලයන්ගේ ශ්වේතාණු හෙවත් සුදු රුධිරානු ෙසෙල ප‍්‍රදාහය වැඩිකරන ආකාරයකට කි‍්‍රයාකාරීවන්නේ  යයි පෙනී යන අතර එය තුවාලවීමට හා බැක්ටීරියා ආසාදනයට දැක්වෙන ස්වාභාවික ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරයකි.  එපමණක් නොව ඔවුන් සතුව ඇත්තේ ඉන්ටර්ෆෙරෝන් (interferons) යනුවෙන් දැක්වෙන ප‍්‍රතිවෛරස  සංයෝග අඩු මට්ටම්ය. නිදන්ගත ප‍්‍රදාහය පිළිකාවේ සිට විෂාදය(depression) දක්වා  බොහොමයක් ලෙඩ රෝගවලට සම්බන්ධ කරනු ලැබේ. වසර ගණනාවක් මුළුල්ලේ ඉහළ මට්ටමක ප‍්‍රදාහය දරා සිටිමට යෝග්‍ය  ආකාරයෙන් මිනිස් සිරුර සෑදී නැත.

වයසක උදවිය පිළිකාව, ස්නායු පරිහානි රෝග මෙන්ම වෛරස ආසාදන සම්බන්ධයෙන් වැඩි අවදානමක් දරන්නේ මන්ද යන්න ඉන් මනාව පැහැදිලි වන්නේය යයි කෝල් කියයි. තනිකම, හුදකලාව යන සාධකයෙන්  අපේ සිරුර වෙනස් කළ හැක්කේ කෙසේද යන්න එයින්ද පැහැදිලි නොවේ. එහෙත් මිනිසුන්ට පාළුව තනිකම දැනෙන විට ඔවුන්ගේ රුධිරය හරහා නොරේපිනෙෆි‍්‍රන් (norepinephrine) සැලකිය යුතු ඉහළ මට්ටම් ඇති වන බව කෝල් නිරීක්ෂණය කළේය. ජීවිත තර්ජනයක් ඇති වන අවස්ථාවල  නොරේපිනෙෆි‍්‍රන් ගලා ගොස් වෛරසවලින් ආරක්ෂාව වැනි  ප‍්‍රතිශක්ති කාර්යයන් නවතා දැමීමට පටන් ගන්නේ  මොනොසයිට (monocytes) නම් ප‍්‍රදාහ හිතවත් ශවේතානු ෙසෙල නිෂ්පාදනය ඉහළ දමමිනි. ඒ එක්කම තනිවූ පුද්ගලයන්,  ප‍්‍රදාහය පහළ හෙලන, සිය සිරුර කෝටිසෝල් හෝමෝනයට  සංවේදී කරන ජාන වලට ද ඉඩ ලබා නොදෙන  බවද පෙනී යයි. ඉන් ආරක්ෂාකාරී ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරය ඉහළ දමන්නේ යයි කෝල් පවසයි.

 

WebMD වෙබ් අඩවියෙහි Loneliness May Affect Genes යන ලිපිය සහ SHOTS Health news from NPR වෙබ් අඩවියෙහි Being Lonely Can Warp Your Health And Your Genes යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: