අපේ මේ ග්‍රහලෝකය පුරාවට ගෘහාශ්‍රිත කුකුලන් ඇතිකිරීම කොයි තරම් නම් පැතිරී ඇත්ද කියතොත්, අනාගතයේ යම් දිනයක මානව වංශික යුගයේ ගති ලක්ෂණ විදහා දැක්වීමේදී කුකුලන් ද ප්‍රධාන ලකුණක් විය හැකි යයි zzz (රාජකීය සංගම් විවෘත විද්‍යා) සඟරාවෙහි පළකෙරුණු නව අධ්‍යයනයකින් හෙලිවෙයි. පෘථිවි ජෛවී ගෝලය සම්බන්ධයෙන් මානව සංහතිය විසින් සිදුකරනු ලබන සුවිශේෂී වූත්, මිනිය හැකි වූත් වෙනස්කම් සළකුණු කෙරෙන යෝජිත සමය, මානව වංශික යුගය(Anthropocene) ලෙස දැක්වේ.
අපේ මේ ග්‍රහ ලෝකය ගත හොත්, ඕනෑම මොහොතක මිහිපිට සිටින කුකුලන් ගේ සංඛ්‍යාව බිලියන 22ක ඉක්මවයි. එම තත්ත්වයට මග පෑදුවේ ශත වර්ෂ ගණනාවක් තිස්සේ ගෘහාශ්‍රිතකරණය(domestication) හරහා බිලියන ගණන් කුකුලන් ගොවිපළවල ඇතිකිරීමට පුළුවන් වීම සහ සති කිහිපයකින් පරිභෝජනයට ගත හැකි පරිදි ලොකු මහත් කිරිමේ හැකියාවයි. මෙලෙස කුකුලන් විශාල ප්‍රමාණයක් ඉක්මණින් මසට ගැනීමට හැකියාව ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂය පමණක් ගත්තත් ගෝලිය වශයෙන් කුකුල්ලු බිලියන 70 ක් මනුෂ්‍යයන් විසින් ආහාරයට ගනු ලැබිණ.
මනුෂ්‍යයන් හා ගෘහාශ්‍රිතකරණය කෙරෙණු මේ ආකාරයේ සතුන්ගේ ජෛවී ස්කන්ධය, පෘථිවිය මත වර්තමානයේ සිටින කැලෑ හෙවත් වල් පෘෂ්ඨවංශිකයන් සියල්ලගේම ජෛවී ස්කන්ධය ඉක්මවා යාමට අර්ධ වශයෙන් හේතු වන්නේ මේසා විශාල සංඛ්‍යාවලින් සතුන් ඇතිකිරිම බව පර්යේෂක්යෝ පවසති. ඒ වගේම වෙනත් මාංශ වෙනුවෙන් ඇති ඉල්ලුමට වඩා කුකුල් මසට ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් වර්ධනය වෙන බව එංගලන්තයේ ලීසෙස්ටෙර් විශ්වවිද්‍යාලය මෙහයවීමෙන් පැවති මෙම ඇද්යනයේ දී අනාවරණය විය. කුකුලන්ගේ සර්වත්‍රවර්තී බව(සෑම තැනකම සිටීම) එන්ට එන්ටම වැඩි වෙන බව සැලකිල්ලට ගනිද්දී කුකුල් මසට ගෝලීය වශයෙන් ඇති ආශාව මේ මිහිතලය හැඩගස්වන්නේ කුමණ ආකාරයට දැයි සහ ඒ ආශාවේ ප්‍රතිඵලයක් ලෙස එකතුවන්නාවු මස් කටු ගොඩ මගින් මහා පොළව මත මනුෂ්‍යන්ගේ බලපෑම ගැන කෙබඳු ඉඟි අනාගත පුරා විද්‍යාඥයන්ට සපයන්නේ ද යන්න සම්බන්ධ්යෙන් දැන ගැනීමට පර්යේෂකයෝ උනන්දුවක් දැක් වූහ.

කුකුලන් සහ මානව සංහතිය අතර සම්බ්න්ධතාව කාලයත් සමග වෙනස් වී ඇත්තේ කුමන ආකාරයෙන් ද යන්න අවබෝධ කරගනු වස් පර්යේෂකයෝ පුරාවිද්‍යාත්මක දත්ත ජනගහන ඇස්තමේන්තු සමග එක් කළහ. ඉන් පෙන්නුම් කළේ 16 වැනි සියවස තරම් ඈතක දී මෙ පක්ෂීන් වලි කුකුල් සමූහනන්ගෙන් කරණු ලැබ ඇති බවයි. එහෙත් සැබෑ වෙනස පටන් ගත්තේ 1950 ගණන් වල වාගේය. එකල ආරම්භ වූ තීව්‍ර බෝකිරීමේ වැඩසටහන යටතේ නිර්මාණය වූයේ අද කාලයේ අපට හොඳින් හුරු පුරුදු වඩාත් ලොකු, මසින් වැඩි, බර අස්ථි සහිත කුකුලන්ය. මේ ව්‍යාපාරය කොපමණ සාර්ථක වී ද යත් අද අප අතර සිටින කුකුලන් ඊට අවුරුදු 60 කට පමණ පෙර සිටි පූර්වජයන්ට වඩා පස් ගුණකින් වත් බරින් වැඩිය. ඇත්තවශයෙන්ම, අප ඔවුන්ගේ රූපාකාරය(morphology) බෙහෙවින් වෙනස් කර ඇත: වැඩි කාලයක් ජීවත්වීමට මගපාදන හෘදය සහ පෙනහළු කුඩා කර ඒ වෙනුවට පපු සහ ගාත් පේශි වර්ධනය කෙරිණ.
![]()
කුකුලු අස්ථිවල සමස්ථානික විශ්ලෙෂණයකින් හෙළි වූයේ ගිය ශතවර්ෂය මැද සිට අප මෙම සතුන්ට කවාපොවා ඇත්තේ ඔවුන්ට වැඩි මස් ප්‍රමාණයක් නිපදවීමට හැකිවන ආහාරපාන බවයි. — මිනිසුන්ට යම් සත්ව විශේෂයක් අතර මහ පරිමාණ වෙනස්කම් සිදු කළ හැකි බවට මෙය කදිම සාක්ෂියකි. “විසිවන සියවසේ මැදකාලයට පෙර ගෘහාශ්‍රිතව සිටි කුකුලන්ට වඩා නූතන බ්‍රොයිලර් කුකුලන් රූප විද්‍යාත්මක වශයෙන්, ජානමය වශයෙන් සහ සමස්ථානික වශයෙන් කැපීපෙණෙන වෙනස්කම් සහිතය” යනුවෙන් පර්යේෂකයෝ දක්වති.
මේ සියල්ලෙන් පෙනීයන්නේ, යම් විශේෂයක ජානමය ගමන්මග සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව මෙන්ම ඒ හරහා මේ මිහිතලයම වෙනස් කිරීමේ හැකියාව මනුෂ්‍යයන්ට තිබෙන බවයි. මිනිසුන්ගේ ප්‍රධාන ආහාර භෝග වන සහල් සහ තිරිඟු නිපදවනවාට වඩා (පෘථිවිය දූෂණය කරන) නයිට්‍රජන් ප්‍රමාණයක් සර්ව ව්‍යාප්ත මෙම පක්ෂීන්ගේ ආහාර නිපදවීමට වැයවන බව අධ්‍යනයෙන් හෙළිවී ඇත. නිදසුනක් දක්වන්නේ නම් යුරෝපයේ බ්‍රොයිලර් කුකුලු පාලනය සඳහා යොදා ගනු ලබන විදුලිය සහ ස්වභාවික වායු ප්‍රමාණය ගව මස් හෝ ඌරු මස නිපදවීම පිණිස වැයවෙනවාට වඩා වැඩි බව ගණන් බලා ඇත.

මේ මිහිපිට ආපසු වෙනස් කිරීමට නොහැකි ආකාරයට මිනිසා විසින් සිදු කරන ලද බලපැමට කැපීපෙනෙන සාධකයක් වන්නේ ප්ලාස්ටික්ය. ප්ලාස්ටික් සේම ඒ ආකාරයේ බලපෑම් මතු කලකදී දක්වන කදිම දර්ශකයක් වන්නේ ගොඩකරන ලද හෙවත් පිරවූ භූමිවල(landfill) එකතුවෙන කුකුල් කටු කන්දරාවයි. “නූතන කුකුලන් මේ මිහිතලය මත මිනිසා විසින් ජෛව විද්‍යාත්මකව වෙනස් කළ සත්ව විශේෂ පිළිබඳ සොයන අනාගත පුරාවිද්‍යාඥයන්ට පැහැදිලි සංකේතයක් බවට පත්වෙනු ඇතැ” යි පර්යේෂකයෝ කියා සිටිති.
Anthropocene Daily Science හී පළවූ Humanity will be remembered for . . . its chickens යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න