පරිණාමය ගැන හැඳින්වීමක්: අර්ථ නිරූපණ සහ පැහැදිලි කිරීම

Posted by

පරිණාමය තේරුම් ගැනීම

බොහෝදෙනකු පරිණාමය ගැන හිතන්නේ චිත්තාකර්ශනීය මාතෘකාවක් වුවත් අද අප ගෙවන ජීවිතයට එතරම් අදාළත්වයක් නැති හැටියටය. සමහරුන් පරිණාමය දකින්නේ කෞතුකාගාරවල ය. ඒ පොසිල ගත අවශේෂවල සහ ආදිකාලීන සතුන්ගේ අස්ථි කොටස් අතරෙහි ය. වන සතුන් ගැන උනන්දුවක් දක්වන අය නව ජීව විශේෂයක් හෝ නුහුරු රටක භූ දර්ශනය තුළින් පරිණාමය දකිති. ආගමික විශ්වාසයන් නිසා පරිණාමය ඇතැම් විටෙක වාද විවාද වලට මුල්වන මාතෘකාවක් බවට පත් වන්නටත් ඉඩ තිබේ. පරිණාමවාදය ගැන මිත්‍යා මත ද බොහෝය. වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය වූයේ ය යන්න එවැන්නකි. පරිණාමවාදය, උචිතෝන්නතිය, චාල්ස් ඩාවින් ආදී වශයෙන් පරිණාමයට සම්බන්ධ යම් දේ ගැන ඇතැමුන් අසා තිබුනත් ඉන් එහාට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැති වීම නිසා හැදෑරීමක් නොකරනවා විය හැකියි.

පරිණාමය සහ පරිණාමීය ක්‍රියාදාමය පිළිබඳව පසුගිය වසර 150 කාලය තුළ අත්පත් කර ගෙන ඇත්තේ  අනවරත ප්‍රගතියකි. එහෙත්,  පසුගිය වසර 25 දී පරිණාමිය ජීව විද්‍යාවෙහි ඇතිවු සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන්  පරිණාමීය අධ්‍යනයෙහි ස්වර්ණමය කාලයක් උදාවී ඇත. මෙම ක්ෂේත්‍රයේ මූලික ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සැපයීමට අද ජීව විද්‍යාඥයෝ ආසන්න වී සිටිති.

ඒ අතර වාරයේ පරිණාමීය ජීව විද්‍යාව මානව සමාජය පුරා පුළුල් බලපෑමක් ඇති කරමින් තිබේ. නව රෝග හට ගැනීම, පළිබෝධ සහ ක්ෂුද්‍රජීවීන් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්ට දක්වන ප්‍රතිරෝධය වැඩිවීම, එමෙන්ම ස්වභාවික ජනගහනයන් මත විපර්යායාත්මක පරිසර තත්ත්වයන්ගේ බලපෑම ඇතුළු සමකාලීන ප්‍රශ්න පරිභ්‍රමනය වන්නේ ස්වභාවික වරණය සහ පරිණාමිය විපයාසයේ දර්ශයන් වටාය.  නූතන ජීවිතයේ විසම අංශ බොහොමයක — වෛද්‍ය විද්‍යාව, නීති පද්ධතිය, පරිගණනය ආදිය පරිණාමීය චින්තනය සහ පරිණාමීය ජීව විද්‍යාව මෆින් වර්ධනය කරනු ලැබූ ක්‍රමවේද යොදාගැනීම එන්ට එන්ටම වැඩිවෙමින් පවතී.

කෙටියෙන් කියතොත්, ලෝකය ගැන පුරෝකථනමය දෘෂ්ඨියකින් සහ විවරණාත්මක ශක්තියකින් බැලීම සඳහා පරිණාමය ගැන අවබෝධය අපට මගක් පාදාදෙයි. සෑම සෙනසුරාදාවකම  තතු පළකරන මෙම ලිපි පෙළ,  ඔබව ඒ මග ඔස්සේ කැඳවාගෙන යාමට ගන්නා ප්‍රයත්නයකි.

අදාළ රූපය

පරිණාමය ගැන හැඳින්වීමක්: අර්ථ නිරූපණ සහ පැහැදිලි කිරීම

සරලව දක්වතොත් ජීව විද්‍යාත්මක පරිණාමය යනු විකරණය සහිත වංශානුක්‍රමයටයි(descent with modification). කුඩා පරිමාණයේ පරිණාමය (ජානයේ වෙනස්වීම හෙවත් විපර්යාය –  වඩාත් යථාතථ්‍යව හා තාක්ෂණිකව දක්වතොත්  ඇළීලයයි(allele). එනම්, එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාව දක්වා ජනගහනයක සංඛ්‍යාතය) සහ විශාල පරිමාණයේ පරිණාමය (පොදු පූර්වජයකුගෙන් පරම්පරා ගණනාවක් තුළ විවිධ විශේෂයන්ගේ වංශානුක්‍රමය) යන දෙකම මෙම අර්ථ දැක්වීමට අඩංගු වේ. ජීවයේ ඉතිහාසය තේරුම් ගැනීමට පරිණාමය අපට උපකාරී වේ.

අර්ථ පැහැදිලි කිරීම ජීව විද්‍යාත්මක පරිණාමය යනු හුදු කාලාන්තරයක් තිස්සේ සිදු වන විපර්යාසයට අදාල කාරණාවක් නොවේ. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේවල් වෙනස් වීමට ලක් වේ: ගස්වල කොළ(පත්‍ර) හැලෙයි. කඳුවැටි ඉහළට නගිනවා සේම කාලයත් සමග ක්ෂය වී යයි. එහෙත් මේවා, ජීව විද්‍යාත්මක පරිණාමයේ නිදසුන් නොවේ. මන්ද ජානමය ප්‍රවේණිය (උරුමය) තුළින් සිදුවන වංශානුක්‍රමය ඒවාට සම්බන්ධ නැති නිසාවෙනි. ජීව විද්‍යාත්මක පරිණාමයේ කේන්ද්‍රීය අදහස වන්නේ මේ පෘථිවිය මත සෑම ජීවයකටම පොදු වන පූර්වජයකු සිටින බවයි. හරියට ඔබටත්, ඔබේ ඥාති සොයුරු සොයුරියන්ටත් එකම අත්තම්මා කෙනෙක් ඉන්නවා වගේ.

විකිරණය සහිත වංශානුක්‍රමය කියන ‍ක්‍රියාදාමය ඔස්සේ ජීවයේ පොදු පූර්වජයා, පොසිල වාර්තා අතර ලේඛනගතව ඇති, ඒ වගේම අප අවට අද  අප දකිනා අපේ මේ ග්‍රහලෝකය මත චමත්කාරජනක විවිධත්වයට මග පෑදීය. පරිණාමය අනුව අප සියලු දෙනාම දුරස්ථ ඥාතියෝය: සියලු දෙනා කීවේ මානවයන්, ඕක් ගස්, ගුමන කුරුල්ලන් සහ තල්මසුන් ආදී සියල්ලන් ය.

ජීවයෙහි ඉතිහාසය : රටා දෙස නෙත් යොමු කිරීම

පරිණාමයේ කේන්ද්‍රීය අදහස් වන්නේ ජීවයේ ඉතිහාසයක් ඇත — එය කාලයත් සමඟ එය වෙනස් වී ඇත — යන්න සහ එකිනෙකට වෙනස් විශේෂයන් අතරේ හවුලේ පොදු පූර්වජයකු ඇත යන්නය. මෙහිදී පවුල් ශාකය තුළ පරිනාමීය විපර්යාසයන් සහ පරිණාමීය සම්බන්ධතා නියෝජනය වී ඇත්තේ කෙලෙසද, මෙම වෘක්ෂයෙන් ගොඩනගන්නේ කෙලෙසද සහ ජීව විද්යාත්මක වර්ගීකරණයට මෙකී දැනුම බලපාන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීමට අපට පුලුවනි . එපමණක් නොව, මෙම කොටසේදී පරිණාමීය ඉතිහාසයේ කාල රේඛාවක් සහ ජීවයේ ඉතිහාසය තුළ ඇතැම් සුවිශේෂි සිද්ධි ගැන තොරතුරු ද අපට සොයාගත හැකිය:මානවයන්ගේ පරිණාමය සහ ජීවයේ සම්භවය  

ලබන සෙනසුරාදා පවුල් ගස ගැන කතාකරමු.

අදාළ රූපය

Understanding Evolution වෙබ් අඩවිය ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි. (මෙම වෙබ් අඩවිය ගැන ඇගැයීමක් මෙතනින් කියවන්න).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.