සැමට විදු නැන නුවණ – Science Literacy for All

අනෙකුත් ග්‍රහලෝකවලත් අහස නිල් පාටම ද?

අනෙකුත් ග්‍රහලෝක වලත් අහස නිල් පාටමද?

කදිම ප්‍රශ්නයක්. අපේ ග්‍රහලෝකය වන පෘථිවියෙහි අහස නිල් පාට බව  ඔබ දන්නවා ඇති. බාගදා ඒ ඇයිද යන්නත් දන්නවා වෙන්න පුළුවන්. එත්  මේ අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න නම් මුලින්ම   අපි ග්‍රහලෝකයක වායුගෝලය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනනේ? වායු ගෝලය කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක පිටත තියන ස්ථරයටයි. පෘථිවිය වගේ පාෂාණමය ලෝකවල (අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පාෂාණමය ග්‍රහලෝක හතරක් තියෙන බව මතක් කරන අතරම ඒවා පිළිවෙළින් බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු ලෙසට සූර්යයාගේ සිට පෙළ ගැහිලා තිබෙන බවත් මතක් කරන්නම්) එය ඒ කියන්නේ වායුගෝලය සාමාන්‍යයෙන් සැහැල්ලුමත් එමෙන්ම තුනීම ස්තරයයි. හැබැයි ඉතින් වායුගෝලය හැදිලා තියෙන්නේ ලොකු පාෂාණ කුට්ටිවලින්වත් දියසුළි මතුකරමින් කැරකෙන මහා සාගර වලින් වත් නොවේ. වායුගෝලය සෑදී ඇත්තේ වායුවලින්. ‘වායු‘ ගෝලය කියලා කියන්නේ ඒකනේ.

ඉතින් මේ වායු ගෝලයේ විවිධ වූ වායු වර්ග තියෙනවා. දැන් අපේ ග්‍රහලෝකය ගෙන බලමු. පෘථිවියේ වායුගෝලයේ සෑදී තිබෙන්නේ වැඩිපුරම නයිට්‍රජන් කියන  වායුවෙන්. මෙය ඇත්තටම කිසිවක් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. වායුගෝලයේ ඔක්සිජන් තරමක් තිබෙනවා. අපි ආශ්වාස කරන්නෙ ඔක්සිජන් වායුව තමයි. මීට අමතරව තවත් වැදගත් වායු දෙකක් – ආගන් සහ කාබන් ඩයොක්සයිඩ්. ඉතා සුළු වශයෙන් වෙනත් වායු බොහෝමයක් ද පවතිනවා(වායුගෝලයේ වායු සංයුතිය පහතින් බලන්න). වායු මිශ්‍රවීමෙන් තමයි ග්‍රහලෝකයක වායුගෝලයට  එහි වර්ණය ලැබෙන්නේ.

According to NASA, the gases in Earth’s atmosphere include:
Nitrogen — 78 percent
Oxygen — 21 percent
Argon — 0.93 percent
Carbon dioxide — 0.04 percent
Trace amounts of neon, helium, methane, krypton and hydrogen, as well as water vapor

අපේ ග්‍රහලෝකයේ වායුගෝලය සෑදී ඇත්තේ නිල් ආලෝකය සෑම අතකම විහිදුවා හරින, එහෙත් අනෙක් වර්ණ වලට කෙලින්ම මහ පොළොවට පතිත වීමට ඉඩ සලසන’ වායුවලින්.  මෙලෙස විසිරෙන ආලෝකයෙන් තමයි පෘථිවි වායුගෝලයට නිල්පැහැය -ලැබෙන්නේ. ඉතින් නිල් පැහැ වායුගෝලය වෙනත් ග්‍රහලෝකවලටත් තියෙනවද? හපොයි ඔව්!

අනෙකුත් ග්‍රහලෝක‍

අපේ සෞර ග්‍රහ මන්ඩලයේ අයිස්මය යෝධයන් ලෙස සැලකෙන නෙප්චුන් සහ යුරේනස් යන ග්‍රහලෝක දෙකෙහි ම වායුගෝලය  පියකරු නිල් ජායනයක් (shade) ගන්නවා. එසේ වුවත් ඒවා(වායුගෝල) අපේ වායුගෝලයේ නිල් පැහැයට වඩා වෙනස්. එය හටගන්නේ විශාල ප්‍රමාණවලින් හාත්පස කැරකෙන මීතේන් නම් වායුවේ  මගිනුයි. (ෂ්, ෂ්!  දන්නවා ද? ගුදවාතවල ප්‍රධාන සංඝටකයත් මීතේන්. ඒ කියන්නේ යුරේනස් ගුදවාත ස්ථරයකින් වැහිලා තියෙන්නේ!).

අනිත් අයිස්මය යෝධයන් දෙදෙනා වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ට ඇත්තේ වෙනත් ම පාටක වායු ගෝලයි. ඇමෝනියා කියන රසායනයෙන් සෑදුනු අයිස් ස්ඵටික සෙනසුරු ග්‍රහයාගේ ඉහල වායුගෝලය ළා කහ පැහැයක් ගන්වනවා. යුරෙනස් වායුගෝලයේද ඇමෝනියා අඩංගුවෙනවා. එහෙයින් අප නෙප්චුන් මත දකින තද නිල් පැහැය වෙනුවට යුරෙනස් මදක් කොළ ජායනයක් සහිත නිලක් ගන්නවා.

බ්‍රසස්පතිගේ වායුගෝලයේ කැපීපෙනෙන දුඹුරු සහ තැඹිලි පැහැ පටි දැකිය හැකිය. ඒවා ඇති වන්නේ පොස්පරස් සහ සල්ප(ගෙන්දගම්) මෙන්ම බාගදා වඩාත් සංකීර්ණ රසායන වන හයිඩ්‍රොකාබන් වලින් පවා සමන්විත වන වායු හේතුවෙනුයි.

කෙසේ වෙතත් ඇතැම් ග්‍රහලෝක තියෙනවා වායුගෝලයක් ඇත්තේම නැති. සූර්යයාට වඩාත් ළංව පිහිටි  බුධ ග්‍රහයා එවැන්නක්. එය කෙලින්ම අභ්‍යවකාශයට නිරාවරණ වෙලයි තියෙන්නෙ. හරියට වස්ත්‍රයක් නැතුව එළිමහනක ඉන්න කෙනකු වගේ!

සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා….

මෙතෙක් අප කතා කළේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල වායුගෝල ගැනයි. සූර්යයා හැර  (සූර්යයා තාරකාවක් බව දන්නවනේ?) වෙනත් ග්‍රහ මණ්ඩලවල තාරකා වටා කක්ෂගතව සිටින වෙනත් ග්‍රහයන්ගේ වායුගෝල ගැන සසඳා බැලුවොත්? විද්‍යාඥයන් මේ ග්‍රහලෝක හඳුන්වන්නේ බහිර් ග්‍රහයන් ලෙසටයි(exoplanets). විද්‍යාඥයෝ දැන් කාලයක ඉඳලා මේ බහිර් ග්‍රහයන්ගේ වායුගෝල සොයමින් සිටියත් පාෂාණමය බහිර් ග්‍රහයෙකුගේ වායුගෝලයක් හොයාගන්න ලැබුණේ පසුගිය වර්ෂයේදී ය. එම ග්‍රහලෝකය හඳුන්වන්නේ LHS 3844b යනුවෙන්.  පෘථිවියේ මෙන් දෙගුණයකින්  බර ඇති එය කෙතරම් දුරින් පිහිටියා තිබේද කියතොත් එහි ආලෝකය අපට අප වෙත එන්න වර්ෂ 50ක් ගත වෙනවා. තාරකා විද්‍යාඥයෝ කල්පනා කලේ එහි ඝන වායුගෝලයක් තිබේය කියලයි. ඒත් පුදුමයකට වාගේ එහි වායුගෝලයක් ඇත්තෙම නැහැ. හරියට අපේ බුද ග්‍රහයා වාගේ.

වායුගෝලය ගැන පමණක් නොවේ දුර ඈත ඒ වගේ ග්‍රහලෝක ගැන අපට තව කොපමණ නම් ඉගෙනගන්න තිබෙනවාද?

 

The conversation Curious Kids series වෙබ් පිටුවේ පළවූ  Is the sky blue on other planets?   ලිපිය ඇසුරෙනි  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: