Posted by

‘හොල්මන්’ ආකාර ගිනි අනාගත්යේ දී   සාමාන්‍ය දෙයක් බවට පත්විය හැකියි

ශිශිරතරණයට ලක්වන වනාන්හර ගිනි දේශගුණික විපර්යාස මගින් අවුලුවාලීමට ඉඩ ලැබෙනු ඇත.

ශීත සෘතුව ලැව්ගිනි බොහොමයක් නිවා දමනු ලැබේ. නමුත්  ඈත උතුරු ප්‍රදේශ  උත්තර වනාන්තරවල සමහර ගිනි එලෙස නිවා දැමෙන්නේ නැත.

‘හොල්මන්’ ගින්න මැඩ පැවැත්වීම පිළිබඳ පළමු පුළුල් විමර්ශනයෙන් හෙළි වන්නේ සාමාන්‍ය ග්‍රීෂ්ම කාලවකවානුවලට වඩා උණුසුම් වූ වසරවලට්ට පසුව මෙම දුර්ලභ සිදුවීම් ප්‍රබලව මතුවිය හැකි බව යයි විද්‍යාඥයො මැයි 20 ද Nature හී සඳන් කරති. උත්තර වනාන්තරවල දේශගුණික විපර්යාස වේගවත් වන විට, (නිවී ගොස් ඇතැයි පෙණී යන එහෙත් සැඟව සිට මතුවන) ‘හොල්මන්’ ගිනි මතුවීමේ වාර ගණන ඉහළ යා හැකිය.  අතිවිශාල කාබන් ප්‍රමාණයක් ගබඩා වී ඇති  කලාපයේ පසෙන් හරිතාගාර වායූන්  එමගින් මුදා හැරීම හේතුවෙන් උනුසුම් වීම තවත් උග්‍ර කළ හැකිය.

‘හොල්මන්’ ගිනි ශිශිර ගෙවා දමන්නේ නැතිනම් ශිශිරතරණය කරන්නේ  භූගතවය. හිමෙන් වැසී ඇති ගින්න කාබන් බහුල පීට් සහ බෝරල් පසෙහි නොනැසී පවතින අතර  අවිළෙමින් ගමන් කරන්නේ සෙමෙනි — මුළු ශීත සෘතුවටම   මීටර් 500 ට වඩා අඩුවෙනි. එහෙත් වසන්තය පැමිණෙත්ම, පාලනයකින් තොර ගිනි ඒවා මගින්  ගිනිබත් කෙරුණු වනාන්තර  ආසන්නයේ  නැවත මතුවෙයි, එසේ මතුවන්නේ, ගිනි සමය ආරම්භ වීමට පෙරම නැවුම් ඉන්ධන  දහනය කරමිනි. මේ වන තෙක් ‘හොල්මන්’ ගිනි ගැන වාර්තාවූයේ බොහෝ විට ගිනි නිවන භටයින්ගෙන් අතුරු කථා මර්ගයෙනි.

කෙසේවෙතත්, චන්ද්‍රිකා ඡායාරූපවල දක්නට ලැබෙන අමුතු සම්පාතයන්(coincidences), ඇම්ස්ටර්ඩෑම් හි, Vrije විශ්ව විද්‍යාලයේ පෘථිවි පද්ධති විද්‍යාඥවරියක වන රෙබෙකා ෂෝල්ටන් සහ ඇගේ සගයන්ගේ අවධානයට ලක්විය.   “සමහර වර්ෂවලදී අළුත් ගිනි, පෙර වර්ෂයේ ගින්න ආසන්නයේ  ඇති වන බව මගේ උපදේශකයා දුටුවේය” යි චොල්ටන් පවසන්නීය.  මෙය අසාමාන්‍ය දෙයක් බව ඇයගේ අදහසයි. මෙලෙස, භූගතව ශිශිරතරණයේ යෙදෙන ගිනිඅල වර්ධනයක් නැතිනම් වැඩිවීමක් පෙන්වන කලාපයකි, උතුරු කැනඩාව. අකුණු හෝ මිනිස් ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් බෝරල් ගිනි අවුළුවයි. මේ ගිනි එක හා සමාන බව ප්‍රාදේශීය ගිනි කළමනාකරුවන් සනාථ කරන අතර,  ගිනි කොපමණ වාර ගණනක් ශී සෘතුව ගත කරන්නේ දැයියන්න විමසා බැලීමට පාර්යේෂකයන් පෙළඹවීමට මෙම කාරණාව හේතුභූත විය.

Boreal Forest

2002 සිට 2018 දක්වා කාලය තුළ ගන්නා ලද ඇලස්කාවේ සහ උතුරු කැනඩාවේ චන්ද්‍රිකා ඡායාරූප සමඟ ගිනි නිවීමේ වාර්තා සංයෝජනය කරමින්, පර්යේෂක් කණ්ඩායම, පෙර  වසරේ ගින්නෙන් දැවී ඉතිරි වූ කැළැල් අසල අකුණු කෙටීම් වලින් සාමාන්‍යෙන් ගිනි හටගන්නා  ගිම්හාන සමය මැද දී කොපමන නම් ගිනි ආරම්භ වූ යේ දැයි සොයා බැලූ අතර එම කාලය තුළ ‘හොල්මන්’ ලැව් ගින්නෙන් දැවී ගොස් ඇත්තේ ගිනි මගින් දැවුණු මුළු ප්‍රදේශයෙන් සියයට 0.8 ක්  පමණක් බව හෙළිවිය.. නමුත් විචල්‍යතාවයක් නොතිබුණා නොවේ. 2008 දී ඇලස්කාවේ ඇති වූ එක් ‘හොල්මන්’  ගින්නකින් හෙක්ටයාර 13,700 ක් පමණ ගිනිගෙන දැවී ඇති අතර, එම ප්‍රමාණය, එම වසරේ එම ප්‍රාන්තයේ ගිනි මගින් පිළිස්සුණු ප්‍රදේශවලින් සියයට 38 ක් පමණ විය. ගිනි වඩාත් ගැඹුරට කිඳා බසිමින් පෙර වසරේ ගිම්හානය උණුසුම් වූ විට, ‘හොල්මන්’  ගිනි ඇතිවීමට වැඩි ඉඩක් ඇති අතර එමගින් විශාල භූමි ප්‍රමාණයක් ගිනිබත් කෙරේ.

ඔහියෝහි ඔක්ස්ෆර්ඩ් හි මියාමි විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාඥ ජෙසිකා මැකාර්ටි පවසන්නේ මෙම සොයාගැනීම් දැනට මේ සම්බන්ධ  පවතින අදහස් අභික්‍රමණය කරන  බවයි. ‘හොල්මන්’  ගිනි ඇතිවීමට වැඩි ඉඩක් ඇත්තේ කොයි අවස්ථාවල දී දැයි තේරුම් ගැනීම, ගිනි නිවන භටයින්ට දේශගුණය උනුසුම් කරන වායූන් රාශියක් ඇති භූමි ප්‍රදේශ  ආරක්ෂා කිරීමට උපකාරී වේ. ගිනිවලට ප්‍රතිරෝධ යැයි අප කලක් සිතූ ප්‍රදේශ දැන් දේශගුණික විපර්යාස හේතුවෙන්  ගින්නට අවනතවන සුළු වුවත්, ගිනි පාලනය මනා කලමණාකාරිත්වයකින් ඉ‍ටු කළොත් වෙනසක් දැකිය හැකි බව   මැකාර්ටි පෙන්වාදෙයි. “ කරකියා ගත හැකි දෙයක් නොමැති තත්ත්වයකට අප පත්වෙලා නැහැ.” ඇය කියයි.

Science News (JUNE 19, 2021)  හී පළ වී ඇති  ‘ යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.