වඳුරු උණ රෝගය(Monkeyfox) ගැන දැනගත යුතු දේ

Posted by

මේ දිනවල කාගේත් පාහේ අවධානය යොමුව ඇති වඳුරු උණ රෝගය(Monkeyfox) ගැන අද අපි කතා කරමු. මේක අලුත් ලෙඩක්ද? ප්රතිකාර වශයෙන් කල හැක්කේ කුමක්ද? එන්නත් සාර්ථක ද? අවදානමට ලක්ව ඇත්තේ කවුද? ඒ වාගේම අප ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

වඳුරු උණ රෝගය ආවේණික(endemic) නොවන රටවලින් රෝග සිද්ධි ගැන 2022 මැයි මස මුල සිට වාර්තා වී ඇති අතර, ආවේණික රටවල් කිහිපයකින්මත් රෝග සිද්ධි දිගටම වාර්තා වේ. සංචාර හරහා රෝගය බෝවීමේ ඉතිහාසය සහිත බොහෝ තහවුරු වූ සිද්ධීන් වඳුරු වයිරසය ආවේණික බටහිර හෝ මධ්‍යම අප්‍රිකාවට වඩා යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවලින්  බව වාර්තා වේ. මෙය,  බෙහෙවින් අසමාන භූගෝලීය ප්‍රදේශවල පිහිටි ආවේණික නොවන සහ ආවේණික රටවල සමගාමීව වඳුරු උණ රෝග සිද්ධි සහ පොකුරු බොහෝ සේ වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ප්‍රාථමික හෝ ද්විතීයික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල ලිංගික සෞඛ්‍ය හෝ වෙනත් සෞඛ්‍ය සේවා හරහා මෙතෙක් වාර්තා වූ බොහෝ සිද්ධීන් හඳුනාගෙන ඇති අතර රෝගය ප්‍රධාන වශයෙන් පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින්  (එනමුත්  එවන් අයටපමණක් සිමා වන්නේ නැතිව) හා සම්බන්ධ වේ.

රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය(World Health organization – WHO), ලොකයේ රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. අපි ප්‍රවීක්ෂණය(), රසායනාගාර කටයුතු, සායනික සත්කාර, ආසාදන වැලැක්වීම සහ පාලනය, මෙන්ම අවදානම් පාත්‍ර ප්‍රජාවන් සහ පොදුවේ සාමාන්‍ය ජනතාව වඳුරු උණ උවදුර පිළිබඳව සහ එයින් ආරක්ෂිතව සිටින්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට අවදානම් සන්නිවේදනය සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳව ක්‍රිය කරණ්U වස් රටවලට උපකාර කිරීම පිණිස WHOමාර්ගෝපදේශ නිකුත් කරයි. තවද WHO, අප්‍රිකාවේ රටවල්, කලාපීය ආයතන සහ තාක්ෂණික සහ මූල්‍ය හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරමින්, රසායනාගාර රෝග විනිශ්චය, රෝග නිරීක්ෂණ, සූදානම සහ තවදුරටත් ආසාදන වැලැක්වීම සඳහා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ උත්සාහයන්ට සහාය වන්නේය.

වඳුරු උණ රෝග ලක්ෂණ මොනවාද?

සළකුණු  සහ රෝග ලක්ෂණ ගණනාවක් වඳුරු උණ රෝගය මගින් ඇති කළ හැකිය. සමහර පුද්ගලයින්ට මෘදු රෝග ලක්ෂණ ඇති අතර, අනෙක් අයට වඩාත් බරපතල රෝග ලක්ෂණ වර්ධනය වී සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රතිකාර අවශ්‍යවන්නට ද පුළුවන. දරුණු රෝග හෝ සංකූලතා සඳහා වැඩි අවදානමක් ඇති අය අතරට ගැබිනි අය, දරුවන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් ඇතුළත් වේ.

උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, කොන්දේ වේදනාව, ශක්තිය අඩුවීම සහ වසා ගැටිති ඉදිමීම වඳුරු උණ රෝගයේ වඩාත් ප්‍රකට රෝග ලක්ෂණ වේ. මින් අනතුරුව හෝ මෙය සමගම හෝ සති දෙක තුනක් පැවතිය හැකි කුෂ්ඨයක් වර්ධනය වීමක් සිදු වේ. මුහුණේ, අත්ලෙහි, යටිපතුල්වල, ඇස්වල, මුඛයේ, උගුරේ, ඉකිලිවල සහ ශරීරයේ ලිංගික සහ/හෝ ගුද ප්‍රදේශවල කුෂ්ඨය දැකිය හැක. තුවාල(lesions) සංඛ්යාව එක් සිට දහස් ගණනක් දක්වා විය හැකිය. තුවාල පැතැලිවපටන් ගෙන පසුව ඒවා කබොල්ල සෑදී වියළී ගොස් වැටීමට පෙර දියර පිරී ගොස් යටින් නැවුම් සම තට්ටුවක් සාදයි.

රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සති දෙක තුනක් පවතින අතර සාමාන්‍යයෙන්  කිසිවක් නොකරම  හෝ වේදනාව හෝ උණ සඳහා දෙන ඖෂධ වැනි ආධාරක ප්‍රතිකාර සමඟ ඉවත් වේ. ඊහතින් දැක්වූ ලෙස, තුවාල සියල්ල් කබොලුවලින් වසී ගොස් පසුව ගඩු ගැලවී ගොස්, යටින් නව සම තට්ටුවක් සාදනු ලබන තුරුම මිනිස්සු ආසාදිතව සිටිති. වඳුරු උණ බවට සැලකිය  හැකි රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු හෝ වඳුරු උණ උවදුරෙන් පෙළෙන අයෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ අය සෞඛ්‍ය සේවා සපයන්නෙකු අමතා හෝ පැමිණ ඔවුන්ගේ උපදෙස් ලබා ගත යුතුය.

වඳුරු උණ උවදුර පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙන්නේ කෙසේද?

වඳුරු උණ පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වන්නේ වඳුරු කුෂ්ඨයක් ඇති කෙනෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් — ලිංගික සම්බන්ධතා ඇතුළුව මුහුණට මුහුණ, සමට සම, මුඛයෙන් මුඛයට හෝ මුඛයෙන් සමට සම්බන්ධ වීම ඇතුළුව සම්බන්ධතා පැවැත්වීමෙන්ය. වඳුරු උවදුරෙන් පෙළෙන පුද්ගලයින් කොපමණ කාලයක් ආසාදිතව පසුවන්නේද යන්න පිළිබඳව විද්‍යාඥයෝ තවමත් ඉගෙන ගනිමින් සිටිති, එහෙත්  ආසාදිතයන්ගේ සියලුම තුවාල කබොළු සෑශී, ගඩු ගැලවී ගොස් යටින් නැවුම සම තට්ටුවක් සාදනු තුරු  සාමාන්‍යයෙන් ඔවුන්  රෝගය බෝකරනන් ලෙස සලකනු ලබන්නේය.

පරිසරයන් වඳුරු උණ වයිරසයෙන් කෙලෙසන්නට(contaminate) පුළුවන. උදාහරණයක් ලෙස ආසාදිත පුද්ගලයෙකු ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි, තුවා, යම් යම ද්‍රව්‍ය නතිනම් වස්තූන්, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ පෘෂ්ඨයන් ස්පර්ශ කරන විට මෙය සිදුවිය හැක. පසුව, එම අයිතම ස්පර්ශ කරන වෙනත් අයෙකු ආසාදනය වීමට ඉඩ තිබේ. තවද, සමේ කුඩ පතුරු කැබලි ආශ්වාස කිරීමෙන් හෝ ඇඳුම්, ඇඳ ඇතිරිලි හෝ තුවා වලින් වෛරසය ආශ්වාස කිරීමෙන් ආසාදනය සිදුවිය හැකිය. මෙය විසපැහැසි සම්ප්රේෂණය (fomite transmission)  ලෙස හැඳින්වේ.


මුඛයේ ඇති වණ, තුවාල හෝ තුවාල මගින් ද ආසාදනය සිදුවිය හැක: එනම් වෛරසය, මුඛය සහ ශ්වසන ජල බිඳිති සමඟ සෘජු ස්පර්ශය,  මෙන්ම සමහර විට කෙටි දුර පරාසයක එයරොසොලය(aerosols = ඉතා කුඩා අංශු වායුවක විසිර තිබෙන පද්ධතිය) හරහා පැතිර යා හැක. වඳුරු උණ උවදුර, වාතය හරහා සම්ප්‍රේෂණය කළ හැකි යාන්ත්‍රණයන් තවමත් හොඳින් වටහාගෙන නොමැති අතර වැඩිදුර ඉගෙන ගැනීමට අධ්‍යයනයන් සිදු වෙමින් පවතී.

වයිරසය, ගැබ්ගෙන සිටින කෙනෙකුගෙන් (ඒ අයගේ)කලලයට, උපතින් පසුව සමට සම සම්බන්ධ වීමෙන් හෝ වඳුරු උණ රෝගය ඇති දෙමාපියෙකුගෙන් ළදරුවෙකුට හෝ දරුවෙකුට සමීප සම්බන්ධතා තුළින් පැතිර යා හැක.

අලාක්ෂණික ආසාදනය හෙවත් රෝග ලක්ෂණ නොමැති ආසාදනය(asymptomatic infection) වාර්තා වී ඇතත්, රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ට රෝගය පැතිර යා හැකිද නැතහොත් වෙනත් ශරීර තරල හරහා පැතිර යා හැකිද යන්න පැහැදිලි නැත. වඳුරු උණ වයිරසයේ DNA කොටස් ශුක්‍ර තරලයෙන් සොයා ගනු ලැබ ඇති නමුත් ශුක්‍රාණු, යෝනි තරල, ඇම්නියන තරල(amniotic), මව්කිරි හෝ රුධිරය හරහා ආසාදනය පැතිර යා හැකිද යන්න තවමත් අනාවරණය වී නොමැත. ලාක්ෂණික ආසාදනය(asymptomatic infection) හෙවත් රෝග ලක්ෂණ සහිතව ආසාදනයවී තිබෙන  විට සහ ඉන් පසුව මෙම තරල හුවමාරු කර ගැනීමෙන් වඳුරු උණ උවදුර  පැතිර යා හැකිද යන්න පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා පර්යේෂණ සිදු කෙරේ.

වඳුරු උණ උවදුරට ගොදුරු වීමේ අවදානම ඇත්තේ කාටද?

වඳුරු උණ රෝගයෙන් පෙළෙන කෙනෙකු සමඟ ජීවත් වන හෝ  (ලිංගික සම්බන්ධතා ඇතුළුව) නිතර සමීප සම්බන්ධතා පවත්වන්නෙකු හෝ ආසාදනය විය හැකි  සතුන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන පුද්ගලයින් වඩාත් අවදානමට ලක් වේ. වඳුරු උණ රෝගීන් රැකබලා ගැනීමේදී  සෞඛ්‍ය සේවකයින් තමුන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රම අනුගමනය කළ යුතුය.

අලුත උපන් බිළිඳුන්, කුඩා දරුවන් සහ නිදන්ගතව පවතින ප්‍රතිශක්තිකරණ ඌනතාවයන් ඇති පුද්ගලයින් වඩාත් බරපතල රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමට ලක් විය හැකි අතර කලාතුරකින් සිදුවෙන අවස්ථාවන්හිදී වඳුරු උණ උවදුරෙන් මරණයට පවා පත් විය හැකිය.

වසූරියට එරෙහිව එන්නත් කළ පුද්ගලයින්ට වඳුරු උණ රෝගයෙන් යම් ආරක්ෂාවක් තිබිය හැකිය. කෙසේ වෙතත්, වසූරිය එන්නත 1980 දී මෙලොවින් තුරන් කිරීමෙන් පසු ලොව පුරා බොහෝ ප්‍රදේශවල  වසූරිය එන්නත් කිරීම නතර වූ නිසා තරුණ පිරිසට වසූරියට එරෙහිව එන්නත් ලබා දී ඇතැයි සිතිය නොහැක.  වසූරියට එරෙහිව එන්නත් ලබා ගෙන ඇතත්, ඔබත් මෙන්ම අන් අයත් පරෙස්සම් වීම පිණිස පූර්වාරක්ෂාව සලසා ගැනීම් මැනවි.

වඳුරු උවදුරෙන් මා සහ අන් අය ආරක්ෂා කර ගන්නේ කෙසේද?

වඳුරු උණ ඇති බවට සැක කරන හෝ තහවුරු කර ඇති පුද්ගලයින් හෝ ආසාදනය විය හැකි සතුන් සමඟ සමීප සම්බන්ධතා සීමා කිරීමෙන් වඳුරු වඳුරු උණ උවදුරට ගොදුරු වීමේ අවදානම අඩු කරන්න. රෝග බෝවන හෙවත් ආසාදක කෙනෙකුගෙන් වෛරසයෙන් කෙළසීමට පත් විය හැකි පරිසරයන් නීරතුරුව පිරිසිදු කර විෂබීජහරණය කරන්න. ඔබේ ප්‍රදේශයේ වඳුරු උණ උවදුර ගැන ඔබ දැනුවත් සිටිනා අතරම ඔබ සමීපව ඇසුරු කරන (විශේෂයෙන් ලිංගික සම්බන්ධතා පවත්වන) අය සමග, ඔබට හෝ ඔවුන්ට ඇති විය හැකි රෝග ලක්ෂණ ගැන විවෘත සංවාදයක් පවත්වන්න.

ඔබට වඳුරු උණ වැළඳිය හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබ වෛද්‍ය උපදෙස් ලබාගෙන  අනතුරුව තත්ත්වය ඇගයීමට ලක් කර පරීක්‍ෂාවන් සිදු කරන තුරු අන් අයගෙන් හුදකලා වී සිටීමෙන් අන් අයව ආරක්ෂා කිරීම සඳහා ඔබට ක්‍රියා කළ හැකිය. ඔබට වඳුරකුඩු වැළඳිය හැකි නම් හෝ තහවුරු වී ඇත්නම්, ඔබේ තුවාල සියල්ල කබොල වී, ගඩු ගැලවී ගොස්, යටින් නව සම් තට්ටුවක් සාදනු ලබන තෙක් ඔබ අන් අයගෙන් හුදෙකලා විය යුතුය. මෙලෙස ක්‍රියා කිරීම නිසා වෛරසය ඔබගෙන් අන් අයට සම්ප්‍රේෂණය වීම වැළකේ. එලෙස හුදකලා විය යුත්තේ ඔබ නිවසේ හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයක දී යන්න පිළිබඳව ඔබේ සෞඛ්‍ය සේවකයාගෙන් උපදෙස් ලබා ගන්න. ලිංගික තරල හරහා සම්ප්‍රේෂණය වීම ගැන නියම විස්තර අප දැන ගන්නා තුරු,  ඔබ සුවය ලැබීමෙන් පසු සති 12ක් ගතවන තෙක් ලිංගික සම්බන්ධතා පවත්වද්දී උපත් පාලන ක්‍රමයක් ලෙස කොන්ඩම්(උපත් පාලන කොපු) භාවිතා කරන්න.

වඳුරු  උණ උවදුරට එරෙහිව එන්නතක් තිබේද?

ඔව්. වඳුරු උවදුර වැළැක්වීම සඳහා එන්නතක් මෑතකදී අනුමත කෙරිණ.  අවදානම් සහිත පුද්ගලයන් සඳහා සමහර රටවල් එන්නත් නිර්දේශ කරයි. දැනට මෙලොවින්  තුරන් කරන ලද වසූරිය(smallfox) නම් රෝගය සඳහා වසර ගණනාවක පර්යේෂණවලින් පසුව නිපදවුණු නව සහ ආරක්ෂිත එන්නත්   වඳුරු උණ රෝගය සඳහා ද ප්‍රයෝජනවත් විය හැකිය. ඉන් එකක් වඳුරු උණ උවදුර වැළැක්වීම සඳහා අනුමත කරනු ලැබ ඇත. එන්නත් කිරීම සඳහා සලකා බැලිය යුත්තේ අවදානමට ලක්ව ඇති පුද්ගලයින් (උදාහරණයක් ලෙස වඳුරු උණ උවදුරෙන් පෙළෙන කෙනෙකු සමඟ සමීපව ඇසුරු කළ අය) පමණි. සමූහ වශයෙන් ජනතාව එන්නත් කිරීම  මෙම අවස්ථාවේදී නිර්දේශ නොකෙරේ.

වසූරිය එන්නත අතීතයේදී වඳුරු උණ රෝගයට එරෙහිව ආරක්‍ෂාකාරී බවක් පෙන්නුම් කළද, සායනික භාවිතයේදී සහ ක්ෂේත්‍රයේ දී  වඳුරු  උණ රෝගය වැළැක්වීම සඳහා නව වසූරිය/වඳුරු එන්නත්වල සඵලතාවය පිළිබඳ වර්තමාන දත්ත සීමිතය. වඳුරු උවදුර සඳහා එන්නත් භාවිතා කරන සෑම තැනකම ඒවා භාවිතා කිරීම අධ්‍යයනය කිරීමෙන් විවිධ පසුබිම් තුළ මෙම එන්නත් වල සඵලතාවය පිළිබඳ අමතර තොරතුරු වේගයෙන් ජනනය කිරීමට ඉඩ සැලසේ.

දරුවන්ට වඳුරු රෝගය වැළඳිය හැකිද?

රෝග ලක්ෂණ සහිත අයෙකු සමඟ සමීපව ඇසුරු කළහොත් දරුවන්ට වඳුරු උණ රෝගය වැළඳිය හැකිය. කලින් (රෝගයේ) බලපෑමට ලක් වූ රටවල දත්ත පෙන්නුම් කරන්නේ ළමයින් සාමාන්‍යයෙන් නව යොවුන් වියේ සහ වැඩිහිටියන්ට වඩා දරුණු රෝග තත්ට්වයන්ට ගොදුරු වන බවයි. වත්මනෙ හටගෙන ඇති වසංගත තත්ත්වය තුළ වඳුරු  උණ රෝගයෙන් පෙළෙන කුඩා දරුවන් සංඛ්‍යාවක් ඇත.

මට වඳුරු උණ රෝග ලක්ෂණ ඇතැයි හෝ වඳුරු උණ රෝග ඇති අයෙකුට නිරාවරණය වී ඇතැයි  සිතන්නේ නම් මා කුමක් කළ යුතුද?

ඔබ වඳුරු උණ ඇති අයෙකු සමඟ හෝ වෛරසයෙන් අපවීත්‍රවී ඇති පරිසරයක් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූයේ නම්, ඔබ අවසන් වරට නිරාවරණය වූ දින සිට දින 21 ක් තිස්සේ රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ පිළිබඳව හොඳින්නිරීක්ෂණය කරන්න. වෙනත් පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා  හැකිතාක් සීමා කරන්න.  එය නොවැළැක්විය හැකි නම් ඔබ වඳුරු උණ රෝගයට නිරාවරණය වී ඇති බව ඔබේ සමීපතයන්ට දන්වන්න.

ඔබට වඳුරු රෝග ලක්ෂණ ඇතැයි ඔබ සිතන්නේ නම්, උපදෙස්, පරීක්ෂණ සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබේ සෞඛ්‍ය සේවා සපයන්නා අමතන්න. ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵලය ලැබෙන තුරු, හැකිනම් අන් අයගෙන් හුදෙකලාව  සිටින්න. නිතරම ඔබේ දෑත් පිරිසිදු කරන්න.

ඔබ වඳුරු උණ රෝගය වැළඳී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වුවහොත්, ඔබ නිවසේ හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයක හුදකලා විය යුතුද යන්න සහ ඔබට අවශ්‍ය සත්කාර මොනවාද යන්න පිළිබඳව ඔබේ සෞඛ්‍ය සේවා සපයන්නා ඔබට උපදෙස් දෙනු ඇත.

ලෝක සෞඛය සංවිධානයේ අළුත්ම ලිපි සහ ලේඛන අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.