දේශගුණය අපේ නිපැයුමකි
ආචාර්ය ටිම් ෆ්ලැනරි ලියූ We are the weather makers නමැති අගනා පොත සම්පූර්ණ ඊ පොතක් ලෙස දැන් මේ පිටුවෙන් කියවන්න

9. මායා දොරටුව, එල් නිනෝ සහ ලා නිනා
12. ස්වර්ණ මන්ඩුකයාගේ අනතුරු හැගවීම
25. හරිතාගාර තුළ මුසාබස් නොදෙඩිය යුතුය
27. හිරු එළිය මෙන් දීප්තිමත්ය සුළග මෙන් සැහැල්ලුය

ආචාර්ය රිචර්ඩ් ඩෝකින්ස් ලියූ Magic of Reality නමැති පොතේ සිංහල පරිවර්තනය ක්ලික් කර කියවන්න
පරිවර්තනය: විජයානන්ද ජයවීර
ඉමහත් ආන්දෝලනයට ලක් වූ ‘ආත්මාර්ථකාමී ජාන‘ (Selfish Genes )නැමැති කෘතිය ලිවීමෙන් මුලින් ම කීර්තියට පත් වූ රිචඞ් ඩෝකින්ස් අනතුරුව බෙහෙවින් ජනප්‍රිය වූ ‘දෙවියන් ගැන මුළාව’ (God Delusion) නැමැති කෘතිය ද ඇතුළු ව විද්‍යා දැනුම පතුරුවන පොත් පත් රැසක් ම ලිවීය. ‘ඇත්තක අරුමය’ (Magic of Reality) නමැති මේ පොත ඔහු ලීවේ යෞවනයන් හා සාමාන්‍ය පාඨකයන් අරමුණු කරගෙනයි. 2011 දී මුල් වරට නිකුත් වූ එහි ප්‍රථම මුද්‍රණය ඉහළ ම අලෙවියක් ඇති පොත් අතර ද කලක් ගතවෙන තෙක් ම මුදුනේ වීය. විවිධ සම්ම්මාන රැසක් දිනා ඇති ඩෝකින්ස් රාජකීය සමිතියේ හා රාජකීය සාහිත්‍ය සමිතියේ සාමාජිකයෙක් ද වෙයි. වසර 2008 වෙන තෙක් ම ඔක්ස්ෆර්ඞ් සරසවියේ මහජනතාවගේ විද්‍යා අවබෝධය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ රිචඞ් ඩෝකින්ස් තවමත් එහි නිව් කොලේජ් ආයතනයේ විද්‍යාර්ථියෙකු මෙන් කටයුතු කරයි. ඔහු විසින් ලියා ඉදිරිපත් කළ රූපවාහිනී වාර්තාංග අතර ‘චාර්ල්ස් ඩාවින්ගේ ප්‍රතිභාව‘ (Genius of Charles Darwin) හා ‘ඇදහිලි පාසැල් අනතුර‘ (faith School Menace)*බෙහෙවින් ප්‍රසිද්ධයි.
විද්‍යාව ගැන යොවුන් අයට ඉතා පහසුවෙන් මනා අවබෝධයක් ලබාදීමට කියවිය යුතු පොතක් නිර්දේශ කරන මෙන් බොහෝවිට මගෙන් ඉල්ලා සිටිනු ලැබේ. විශ්වය තුළ ඇති ඉමහත් පරාසයක විද්‍යාත්මක කරුණු ව්‍යක්ත හා ආකර්ෂණීය ලෙස විමසන මේ පොත විද්‍යාව ජනපි‍්‍රය කිරීමේ ලා ඇති හොඳම පොත ලෙස සැලැකිය හැකි බැවින් කිසිදු පැකිලීමකින් තොරව ඒ සඳහා මෙය නිර්දේශ කරමි. – මහාචාර්ය ලෝරන්ස් ක්‍රෝස් – Quantum Man සහ Universe from Nothing යන කෘති වල කර්තෘ.
භෞතික විද්‍යාව කෙටි පාඩම් හතක්
කාලෝ රොවෙල්ලි කාලය සහ අවකාශය පිළිබඳ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. ඉතාලියේත් එක්සත් ජනපදයේත් සේවය කර ඇති ඔහු වර්තමානයේ ප්‍රංශයේ මාසේයි නුවර න්‍යායික භෞතික විද්‍යා කේන්ද්‍රයේ (Centre de Physique Theorique) ක්වොන්ටම් ගුරුත්වය (quantum gravity) පිළිබඳ අධ්‍යන කණ්ඩායම මෙහෙයවීමේ නිරත ව සිටිනවා. භෞතික විද්‍යාව ගැන කෙටි පාඩම් හතක් (Seven Brief Lessons on Physics) නම් ඔහුගේ මේ කෘතිය භාෂා තිස් දෙකකට පරිවර්තනය කර ඇති අතර ජාත්‍යන්තරයේ වැඩියෙන් ම විකිණෙන පොතක් ලෙස පිළි ගැනෙනවා. මෙතැන ක්ලික් කොට භෞතික විද්‍යාව ගැන කෙටි පාඩම් හතක් (Seven Brief Lessons on Physics) සම්පූර්ණ පොත බා ගෙන කියවන්න.


isurugomes වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න