අවරුදු 39,000 ක් පැරණි මැමත්ගේ මමිය තුළ හොඳින් සුරැකුණු මොළයක්

Posted by

සදා මිදුණු සයිබීරියාවෙන් සොයා‍ගත් මමීකරණයට ලක්ව හොඳින් ආරක්ෂා වූ මැමත් සතෙකුගේ මොළයක් රුසියානු විද්‍යාඥයන්ගේ විශේස අවධානයට යොමුවී තිබේ. මේසා මැනවින් රක්ෂිතව  හමුවු එකම මැමත් මොළය මෙය වන අතර ඒ පිළිබඳ විස්තරයක් නව අධ්‍යයන් වාර්තාවක ගැබ්වේ.

මීට වසර 39,000කට පෙර ජිවත් වූ ලොමින් වැසුණ මැමත් සත්වයෙකුගේ මමීකරණය වූ මේ සිරුරේ පිහිටි මොළය එහි රැළි සහ රුධිර නාලිකා හොඳින් පෙනෙන ලෙස සුරැකී තිබුනි. වර්ෂ 2010 අගෝස්තු මාසයේ රුසියාවේ යුකාගිර් ප්‍රදේශයේ ලැප්ටොව් වෙරල තීරයේදී මෙම මැමත් සිරුර සොයා ගෙන ඇත. යුකා (Yuka) යනුවෙන් විද්‍යාඥයන් විසින් හඳුන්වන මෙම මැමත් සතා මිය යන විට වසර 6-9 පමණ වු බව සොයා ගෙන ඇත.

මෙම මැමත් මමිය සොයාගත් වෙරළ තීරයේදීම අයිස් බෑග දමා සුරක්‍ෂිත කෙරුණි.  ඉනික්බිතව එතැනින් කිලෝමීටර් 150ක් දුරින්  පිහිටි ස්ථානයකට ගෙන ගොස් තිබුණි. එසේ වරින් වර තැන තැන් වලට ගෙන ගිය මැමත් මමිය මැතකදී මො‍ස්කව් නුවරට රැගෙන ආවේය. නොවැම්බර් 06 දා දක්වා පැවැති රුසියානු භූ ගෝල විද්‍යා සම්මේලනයේ  පළමු උත්සවයේදී මෙකී  මැමත් සිරුර ප්‍රදර්ශනයට දී තිබුණි.

ලොම් සහිත සයිබීරියානු මැමත් – චිත්‍ර‍ශිල්පියෙකුගේ ඇසින්

මේ මැමත් මොළය පිළිබඳ නවතම අධ්‍යන වාර්තාවේ සඳහන් කරන අන්දමට MRS සහ CT ස්කෑන් පරීක්‍ෂණ මඟින් තහවුරු වී ඇත්තේ මෙම මැමත්ගේ සෙලිබ්‍රියම් කොටස නිරුපද්‍රිතව ඇති බවයි. එසේම සෙලිබ්‍රියම් කොටසේ පවතින සුදු සහ අළු පැහැති කොටස්ද පැහැඳිලිව දැකගත හැකිවීය. මොළයේ ඉදිරි කොටස සෙලිබ්‍රියම් කොටසට සාපේක්‍ෂව දුර්වල තත්ත්වයක පැවතුනි.

නවීන අලියන්ට සමාන සංකීර්ණ චර්යාවන් පෙන්නුම් කරන ලදැයි සිතිය හැකි මැමත් සතුන්ගේ මොළය අධ්‍යනය කිරීමට මෙයට පෙර  මෙවැනි අවස්ථාවක් ලැබී නැතැයි රුසියාවේ මානව රූප අධ්‍යනය ආයතනයේ ඇනස්ටාසියා කර්ලමොවා සඳහ්න කරයි.

මෙම පර්යේෂණදී මැමත්ගේ ස්නායු පටක පවා හදුනාගෙන තිබේ. ස්නායු පද්ධතියේ ප්‍රධාන කාර්යය වන ශරීරයේ සෙසු කොටස් අතර සමායෝජනය ඇති කිරීමේ දී මේ ස්නායු පටක ප්‍ර‍මුඛ කාර්යක් ඉටු කරන බව පරීක්‍ෂකයෝ සඳහන් කරති. පුරෝස්නායුවේද (paleoneurology) ඉතිහාසයේ මේ සා කදිමට සංරක්‍ෂිත මොළයක් හමුවුයේ ප්‍රථම වතාවටය. හොඳින් ආරක්ෂා වූ පටක හමුවීම නිසා පටක උපයෝගී කර ක්ලෝනීකරණයෙන් මේ සත්වයා ප්‍ර‍තිනිර්මාණය කිරීමට හැකිවේදැයි සොයා බැලිය යුතු බවටද මත පහළ කොට ඇත

මැමත්ගේ මොළය
මැමත්ගේ මොළය

හිස කබල විවිර කර බැලූවිට මෙම මැමත්ගේ මොළය, සුසුම්නාව මෙන්ම දෘෂ්‍යමාන නාලිකාද ආරක්‍ෂා වී තිබූ අතර ඹක්සිහරණය නිසා නිසා මො‍ළය අදුරු පැහැයට හැරී තිබුණි. ඔලු කුහරයෙන් 45%ක පමණ ප්‍රදේශයක පමණක් මොළය පිහිටා තිබුනේ මොළය හැකිලීම නිසා බව පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේවෙතත් 2010 සිට තැනින් තැනට ගෙනයාමේදී මැමත් සිරුර වරින් වර දැඩිසීතලට සහ මද සිසිලට ලක්වීම නිසා සිරුරේ කොටස් වලට හානි සිදුවිය හැකි බැවින මින්මතු සීතල වෙනස්වීමකට මේ මැමත් සිරුර කිසිදු අයුරකින් ලක් නොකළ යුතු යැයිද පර්යේෂකයෝ සඳහන් කරති.

මෙම මොළයේ ව්‍යුහය නවීන අලියෙකුගේ මොලයේ ව්‍යුහයට සමාන බව පර්යොෂකයො පවසති. මැමත් හා නවීන අලියන් යන සත්ව විශේෂ දෙකම Elephantidae කුලයට අයත්ය. මෙයට පෙර 2007 සහ 2009 වර්ෂවලදී අවරුදු 42000 කට පෙර අයිස් යුගයේ ජීවත්වූ  මැමත් පැටවුන් දෙදෙනෙකු සයිබීරියාවෙන් සොයාගත් නමුදු මෙතරම් හොඳින් සුරැකුනු මෙළයක් සහිත මැමත් සතෙකුගේ මමීකරණය වූ සිරුරක් සොයාගත් මුල් අවස්ථාව මෙයයි.

 ලයිව් සයන්ස් ඇසුරෙන් සකස් කළේ රුවන් හරිශ්චන්ද්‍ර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.