උත්තර ධ්‍රැවයට ආසන්න ප්‍රදේශවල සංචාරය කරන්නන්ට ඇතැම් විටක අහසේ මනරම් වර්ණවත් රටා දැක ගැනීමට පුළුවන්. ඒ ප්‍රදේශයේ වෙසෙන ඉනුයිට් ගෝත්රිකයන්විශ්වාස කරන්නේ මෙසේ අහසේ රංගනයක යෙදෙන චමත්කාර ජනක එලි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ පුරාණ ආත්මයන් බවයි. අව්රෝරා යනුවෙන් හැඳින්වෙන මේ එළි නෝර්ස් පුරාවෘතයන්ට අනුව දෙව්ලොවට යන පාලම්ය. උත්තර ධ්රැව ආසන්න ප්‍රදේශවලදී අව්රෝරා බොරාලිස් හෙවත් උත්ර ඌෂාලෝකය (Aurora borealis) සහ දක්ෂිණ ධ්රැව ආසන්න ප්‍රදේශවලදී අව්රෝරා ඔස්ට්රාලිස් (Aurora australis) හෙවත් දක්ෂිණ ඌෂාලෝකය යනුවෙන් හැඳින්වෙන මේ එලි සැබැවින්ම විසිතුරු දර්ශනයකි. දක්ෂිණ ඌෂාලෝකය දැක ගැනීමට අසීරුය. ඊට හේතුව දක්ෂිණ ධ්‍රැවාසන්නයේ ඌෂාලෝකය පෙනෙන තෙක් මානයේ එය දැක ගැනීමට හැකි ගොඩබිමක් පිහිටා නොමැති වීමයි. එහෙත් ආක්ටික් ප්‍රදේශයේ උත්ර ඌෂාලෝකය දැක ගැනීමට හැකි වන ලෙස පිහිටා ඇති නගර කිහිපයක්ම වෙති. කෙසේ වෙතත් මේ අපූරු එලි වලට හේතුව කුමක්ද?
ඌෂාලෝකය පිළිබඳ වෘතාන්තය ඇරඹෙන්නේ අපගේ සූර්යයාගෙනි. අපේ සූර්යයා ක්ෂිර පථ ගැලැක්සියේ පිහිටා ඇති තාරකා බිලියන ගණනාවකින් එක් තරුවකි. සූර්යයා යනු දැවැන්ත ශක්ති බලාගාරයකි. එහි ශක්තිය නිපදවෙන්නේ සූර්යයා මධ්‍යයේ ඇති මදයේය. මෙහි උෂ්ණත්වය අංශක මිලියන 14කටත් වැඩිය. එහි ඇති අධික පීඩනය නිසා හයිඩ්රන් පරමාණු එකිනෙක හා ගැටීමෙන් ඊට වෙනස් මූල ද්‍රව්‍යක් වන හීලියම් නිශ්පාදනය වෙයි. නිරන්තරයෙන් සිදුවන මෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව නිසා දැවැන්ත ශක්තියක් නිකුත්වෙයි. සූර්ය ගර්භයේ සිට මතුපිට කරා විසරණය වන මේ ශක්ති කිරණ ඹස්සේ සුවිශාල තාපයක් නිකුත් වෙයි. ඒ තාපශක්තිය සූර්ය ගර්භයේ සිට මතු පිටට එන්නේ දරණු ගැසී වායු සුළිවල ආකාරයෙනි. මෙය සංවහන මන්ඩලය වශයෙන් හැඳින්වෙයි. විද්‍යුත් ආරෝපණයක් සහිත වූ මේ වායු සුළි නිසා සූර්යයා තුල චුම්බක ක්ෂේත්රයක් ඇතිවේ. ඇතැම් තැනකදි මේ වායු සුළිවල වේගය අඩුකරමින් චුම්බක ක්ෂේත්‍ර සූර්ය පෘෂ්ටයේ මතුපිටට තල්ලු වී එයි. එසේ චුම්බක ක්ෂේත්‍ර මතුවන තැන්වල උෂ්ණත්වය පහළ ගොස් අඳුරු සූර්ය ලප (Sun spot) ඇති වෙයි. මේ සූර්ය ලප ඹස්සේ නිකුත්වෙන ආරෝපණයක් සහිත වායු හඳුන්වන්නේ ප්ලාස්මා යන නමිනි. මේ ප්ලාස්මාව තවතවත් සූර්යාගෙන් ඉවතට ඇදෙන්නේ රබර් පටියක් ඇදෙන ආකාරයට සමානවය. සූර්ය පෘෂ්ටයෙන් බිඳෙන මෙම ප්ලාස්මාව අනතුරුව ටොන් බිලියන ගනනින් සූර්යාගෙන් නිකුත් වීයයි. සූර්ය කුණාටු යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. සූර්ය කුණාටුවකට පැයට කිලෝ මීටර් මිලියන අටක් තරම් වු වේගයකින් හමායා හැකිය. සූර්යාගේන බිඳි පැය හයකට පසු බුදු ග්‍රහයා පසුකරයන මේ ප්ලාස්මා පැය දොලහකට පසු සිකුරු ග්රයා වෙත ළඟා වෙයි. සූර්යාගේ සිට මේ ප්ලාස්මා පෘථිවියට ළඟා වන විට පැය දහ අටක තරම් කාලයක් ගතකොට ඇත. පෘථිවියට ළංවන ප්ලාසමා හේතුකොට ගෙන පෘථිවියේ අදෘෂ්‍යමාන චුම්බක ක්ෂේත්රය පළිහක් මෙන් ක්‍රියාකරන බැවින් සූර්ය කුණාටුව අභ්‍යන්තරයට නැවෙයි. පෘථිවි චුම්බක ක්ෂේත්‍ර හා සූර්ය කුණාටු එකට එක්වීමේ දී පුනීලයක් මෙන් හැසිරෙන ප්ලාස්මා වායුව පෘථිවියේ දිවා කාලය පැත්තේ ඇති ධ්රැව ප්‍රදේශ කරා යොමුවෙයි. දිවා ඌෂාලෝකය වශයෙන් හැඳින්වෙන මෙය පියවි ඇසට දැක ගත නොහැකිය.
ඉන්පසු මේ වුම්බක ක්ෂේත්රයන් පෘථිවිය වටා ගොස් එකට එක්වී පෘථිවියෙන් ඉවතට ඇදී යයි. අනතුරුව රබර් පටියක් මෙන් ඇදී බිඳියන සූර්ය කුණාටු අංශු පෘථිවියේ රාත්‍රි කොටසේ චුම්බක ක්ෂේත්රහරහා ධ්රැව ප්‍රදේශය කරා යොමු වෙයි. මෙය රාත්‍රි ඌෂාලෝකය ජනනය කිරීමට හේතුවේ.
මෙකී අන්දමට ආරෝපිත සූර්ය ප්ලාස්මා පෘථිවි වායුගෝලයේ ඇති පරමාණු සමග ගැටී උත්තේජනය වීමෙන් ආලෝකය විමෝචනය කරන්නේ කෙස්ද? පරමාණුවක් සැදී ඇත්තේ කේන්ද්‍රීය න්‍යෂ්ටියකින් සහ එම න්‍යෂටිය වටා කාක්ෂිකා වල පිහිටා කරකැවෙන ඉලෙක්ට්‍රොන වලිනි. සූර්ය ආරෝපිත අංශු පෘථිවි වායු පරමාණු සමග ගැටීමෙන් පරමාණුවල ඇති ඉලෙක්ට්‍රෝන මොහොතකට පරමාණුවේ න්‍යෂ්ටියෙන් ඉවතට ඇති අධි ශක්ති කාක්ෂිකා කරා විස්ථාපනය වේ. මේ ඉලෙක්ට්‍රෝන අනතුරුව යළි අඩු ශ්ක්ති කාක්ෂිකා කරා පැමිනෙන විට ආලෝක තරංග සැදෙන පෝටොන් නිකුත් කරයි. මෙම ක්‍රියාවලිය නියොන් විදුලි පුවරුවක ඇති වන ක්‍රියාවලියට සමානය. නියොන් විදුලි පුවරු සිය බලශක්ති මාධ්‍ය ලෙස විදුලි බලය භාවිතා කරන අතර ඌෂාලෝකය තම ශක්තිය ලබා ගන්නේ සූර්ය කුණාටු වෙනි.
ඌෂාලෝකය විවිධ ආකාරයේ වර්ණ වලින් දැක ගත හැකිය. ඌෂාලෝකයේ වර්ණය තීරණය වන්නේ කුමන වර්ගයේ වායුගෝලීය පරමාණුවක් කුමන උන්නතාංශයේදී සූර්ය අංශු සමග ගැටෙන්නේද යන කාරණය මතය.
ඒ අනුව උත්තර ධ්‍රැවයෙන් සැතැපුම් 150 දක්වා සීමාවේදී ඔක්සිජන් පරමාණු සමග ගැටීමෙන් කොළ පැහැයද, සැතැපුම් 150 ඉක්මවා යද්දී ඔක්සිජන් පරමාණු සමග ගැටීමෙන් රතු පැහැයද, සැතැපුම් 60 දක්වා සීමාවේදී නයිට්රජන් පරමාණු සමග ගැටීමෙන් නිල් පැහැයද, සැතැපුම් 60 ඉක්මවා යාමේදී නයිට්රජන් පරමාණු සමග ගැටීමෙන් දම් පැහැයද ඇතිවේ.
මේ ඌෂාලෝකය තවදුරටත් අපට අභිරහසක් නොවේ. එහෙත් මේ ස්වාභාවික කාන්තිමත් දර්ශනය දැක බලා ගැනීම පිණිස සැතැපුමු දහස් ගනන් මග ගෙවා විශාල සංචාරක පිරිසක් උතත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි ජනාවාස කිහිපයට පැමිනෙති. අප ඌෂාලෝකයට හේතුවන විද්‍යාත්මක සත්‍ය දනිතත් මේ අතිශය සුන්දර දර්ශන දෙව්ලොවට යන ගිනි පාලම්, දේවතා එලි හා නර්තනයේ යෙදෙන ආත්ම එකල මිනිසාගේ පරිකල්පනයට ගෙන ඒම පුදුමයට කරැණක් නොවේ.
ඹස්ලෝ සරයවිය සහ අර්ත් ස්කයි ඇසුරෙන් සකස් කලේ අමිල ගමගේ
එක් ප්‍රතිචාරයක්