මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
ඉතාමත් සරල අර්ථයෙන් ගතහොත්, ඉතිහාසය යන්න සමන්විතවන්නේ අප, අතීතය පිලිබඳව අපටම කියාගන්නා කතාවලිනි. ආදිතම ඓතිහාසික ලේඛන වන්නේ, පුරාණ මැද පෙරදිග දී දැක ගැනීමට හැකිවූ ආකාරයේ රාජාවලින්ය. මේවායින් සාමාන්‍යයෙන් රජ පෙළපත ආපස්සට විමසා බැලීමේ දී දෙවියෙකු දක්වා දිවෙයි. ඒ මගින් රජුට පාලනය කිරීමට ඇති අයිතියට දිව්‍යමය අනුදැනීමක් හිමිවෙයි. ජනප්‍රවාද සහ පුරාවෘත්ත, එවන් පෙළපත් ගැන විස්තරාත්මකව දක්වන්නේ ලොව ඇති දේවල් දැන් තිබෙන ආකාරයට පත්වුයේ කෙසේද යන්න පැහැදිලිකර දෙමිනි.
පසුව, වඩාත් මෑතක අතීතය වාර්තා කිරීමට ලේඛකයන් පටන් ගත්විට, ජනප්‍රවාද සහ පුරාවෘත්ත මගින් සිදු කළ ආකාරයටම ඔවුහු ද සිය ටට, සංස්කෘතිය, හෝ ආගම ඉතා ඉහිහලින් හුවා දැක්වීම පිණිස තම ආඛ්‍යාන නැඹුරු කිරීමට පෙළඹුනහ. සැඟවුණු අභිප්‍රායන් සහිතව ලිවීමට ඉතිහාසය ලියන්නන් දක්වන පෙළඹීම නැවත නැවත ඇතිවන ප්‍රවනතාවකි.

නිදසුනක් දක්වන්නේ නම්, දහනව වන සියවසේ දී බොහෝ ඉතිහාසඥයන් ඉතිහාසය ලිවේ, ඔවුන් සැලකූ ලෙස ඔවුන්ගේම කාලයට අදාළ කටයුතුවල තත්ත්වයෙහි උත්තරීතර බවෙන් කුටප්‍රාප්ත මානව ප්‍රගතියේ විස්තරයක් ලෙසය. මැකාවුලි සාමිවරයා(1800–59) වැනි ඇතැම් බ්‍රිතාඥ ඉතිහාසඥයන්ට ඉතිහාසය යනු ව්‍යවස්තානුකුල රාජාණ්ඩුව සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදය කරා පෙරට ඇදෙන සිත් බඳනා ගමනයි. ජර්මනියේ දාර්ශනිකයෙකු වූ G.W.F. හේගල් ඉතිහාසය දැක්කේ, පරමාර්ථවාදී ප්‍රසියානු රාජ්‍යයේ කුටප්‍රාප්තියට පත්වන අමුර්ත කල්පනයෙහි නොවැළක්විය හැකි දිගෑරුමක් ලෙසය. (හේගල් ජිවත් වුයේ ද මෙකි ප්‍රසියානු රාජ්‍යය යටතේය). කාල් මාක්ස් ද ඒ හා සමාන නියතිවාදී ප්‍රවේශයක් (deterministic approach) ගත්තේ වී නමුත් ඔහුට අනුව ඉතිහාසයේ අභිපේ‍්‍රතාර්ථය වුයේ පරිපූර්ණ කමියුනිස්ට්වාදයයි.

ඉතිහාසය යනු කිසියම් අතිගාමි අරමුණක් ඉෂ්ට සිද්ධවිමක්ය යන අදහස අද ජිවත්වන ඉතිහාසඥයෝ පිළිනොගනිති. ඔවුන් උත්සුකවන්නේ වඩාත් වාස්තවික විස්තරයක් කෙරෙහිය. එහෙත්, එසේවුව ද ඉතිහාසය තුළ සම්පුර්ණ වාස්තවිකත්වය අත්පත් කර ගත නොහැක. යථාවක් බිඳිය නොහැකි සත්‍යයක් ලෙස දැක්විය හැකි වුනේ වී නමුත් ඉතිහාසයට අන්තර්ගතවන්නේ කිසියම් ආකාරයක විස්තරයක් හෝ පැහැදිලිකිරීමක් ලෙස පෙළ ගැස් වූ තෝරා ගනු ලැබූ යථාවන්ය. තවද, කුමන යථාවන් වැදගත්වන්නේ ද එමෙන්ම ඒවා අනෙකුත් යථාවන්ට සම්බන්ධවන්නේ කෙලෙස ද යන්න තීරණය කිරිමේදී ම ඉතිහාසඥයෝ, තම තමන්ගේ පන්තියේ, සංස්කෘතියේ හෝ තම ලිංගිකත්වයේ(ස්ත්‍රී-පුරුෂභාවයේ) පවා අභීක්ෂාවන් හෙලිදැක්වීම අනිවාර්යයෙන්ම කරති.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ History යන කොටස ඇසුරෙනි




ප්‍රතිචාරයක් ලබාදෙන්න