ඔල්ඩවන්(Oldowan) යනුවෙන් හඳුන්වනු  ලබන අප දන්නා පැරණිතම ගල් ආයුධ තාක්ෂණය පටන්ගෙන ඇත්තේ මීට වසර මිලියන 2.6  නැගෙනහිර අප්‍රිකාවේ යයි විශ්වාසකෙරෙන  ඇතර පසුව  අප්‍රිකානු මහද්වීපය පුරාම  පැතිර යන්නට ඇතැයි සැලකේ. එසේ වුවද, අලුතෙන් ලැබී ඇති සාක්ෂි වලින් කියවෙන්නේ දළ වශයෙන් සෑම කටයුත්තකටම  පාවිච්චි කළ හැකි ගල්වලින් කඩා සැකසූ  ගල් ආයුධ භාවිතය එකිනෙකාගෙන් ස්වාධීනව  අප්‍රිකාවෙ විවිධ ප්‍රදේශ වල මතුවෙන්නට ඇති බවයි.

ඇල්ජීරියාවෙන් අලුතෙන් සොයාගත්  මෙම හුණුගල් සහ සිලිකාමය පාෂාණ ගල් ආයුධ වසර මිලියන 2.4 පැරණි වන අතර මෙතෙක් ලෝකයේ පැරණිතම ගල් ආයුධ සොයා ගෙන ඇත්තේ ඉතියෝපියාවේ කිවුල් ගෝනා ප්‍රදේශයෙනි.  ඒවා වසර මිලියන 2.6 පැරණිය. අධ්‍යන වාර්තාව  නොවැම්බර් 29 වැනිදා science සඟරාවේ පළ විය

Image result for hominin

හොමිනින්වරු චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

නැගෙනහිර අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූ ආදිතම ගල් ආයුධ වලදී මෙන්ම පර්යේෂකයන්ට  මෙකී ගල් ආයුධ සොයාගත් ඉසව්වෙන් ද හොමිනින් වරුන්ගේ(hominin) අවශේෂ සොයා ගැනිමට නොහැකි විය එහෙයින් මේවා තනන ලද්දේ හෝමෝ විශේෂයක් විසින්ද,  නැතහොත් වෙනත් වෙනත් පොදු ලක්ෂණ ඇති ගණයක් ද() යන්න පැහැදිලි නැත.  මෙම සොයාගැනීමෙන් පෙනී යන තවත් කාරණාවක් වන්නේ නැගෙනහිර  අප්‍රිකාවේ  සුවිභේද නිම්නයෙන් පටන්ගෙන ගල් ආයුධ භාවිතය සැම අත පැතිර ගියේය යන්නට වඩා අප්‍රිකාවේ නොයෙක් ප්‍රදේශවල හොමිනින්වරු එකවර වගේ මේ ආයුධ භාවිතයට හුරුවූවා යන අදහස වඩාත් පිළිගැනීමට ලක් වන බවයි. පර්යේෂණ කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ ස්පාඤ්ඤයේ මානව පරිණාමය සදහා වූ ජාතික පර්යේෂණ  මධ්‍යස්ථානයේ  පුරාවිද්‍යාඥ මොහොමඩ්  සහ්නවුනි විසිනි . ඔහුගේ කණ්ඩායම උතුරු ඇල්ජීරියාවේ අයින් බවුචෙරිට් ස්ථානයේ  පුරාවිද්‍යා කැණීම් කටයුතුවල වසර අටක් තිස්සේ ගත කළහ. කැපීමට කෙටීමට පාවිච්චි කළ ගල් ආයුධ සම්භාරයක් සමග  අලින්, ඌරන්, හයනා, කිඹුලන් සහ අනෙකුත් සතුන්ගේ කට කැපුම් සහ තලා දමන ලද අස්ථි කොටස්  සොය ගනිමට පර්යේෂකයෝ සමත්ව සිටිති.

Related image

සුවිභේද නිම්නයේ තිබී සොයාගන්නා ලද වස්තුවල කාල වකවානුව නිර්නය කිරිම පහසුය. මන්ද,  ඒවා තැන්පත්ව තිබූ යමහල් අළු තැන්පතු ආගන්-ආගන් කාල නිර්ණයට පින්සිදුවන්නටය. මේ එකක්වත් සෘජු ශිල්පී ක්‍රමය නොවුවත් ප්‍රවේශ  තුන් වර්ගයම එකිනෙකට  ගැලපෙන  හෙයින්  පර්යේෂකයන් අදහස් කරන්නේ ඔවුන්ගේ අධ්‍යයන  ප්‍රතිඵල නිවැරදි බවයි.

ඇල්ජීරියාවවෙන් සොයාගත් ආයුධ සහ සුවිභේද නිම්නයේ ආයුධ අතර වයස් වල වෙනස සලකනවිට ගල් ආයුධ තාක්ෂණය කාන්තාර හා කඳු තරණය කොට උතුරු අප්‍රිකාවට යාමට තරම් ප්‍රමාණවත් කාලයක් නොවන බවයි  සහ්නවුනි කියා සිටින්නේ. “මං හිතන විදිහටට නම් මේ කාරනයම සැලකිල්ලට ගත්තා වුණත් අපට තර්ක කරන්න පුළුවන් ගල් ආයුධ තාක්ෂණය එක තැනක ආරම්භ වූවක් නොවෙයි කිහිප තැනකම වෙන වෙනම  ආසන්න කාල වකවානුවල ආරම්භ වූවක් කියලා” ඔහු පෙන්වාදෙයි.

මුල් යුගයේ හොමිනින් ෆොසිල සහ ගල් ආයුධ පිළිබඳ වර්තා ලැබෙන්නේ නැගෙනහිර අප්රිකාවෙනි. ඊට වැඩියෙන්ම බලපෑ හේතුව වන්නේ ෆොසිල පර්යේෂණ සම්ප්‍රදාය ආරම්භ වූයේ නැගෙනහිර අප්‍රිකාවෙන්  වීමයි. Sඅංරක්ෂණයේ සහ කාල නිර්නයේ පහසුව ද තවත් සාධකයක් බව  සහ්නවුනිගෙ අදහසයි. එම කාරණා දත්ත කෙරෙහි පූර්ව මත වලට තුඩු දුන් බව ඔහු කියයි.

Image result for use of stone tools in east afrika

“ෆොසිල හොඳින්ම තැන්පත් වී ඇති තැන් බලලා නිගමන වළට එලඹෙන්නට අප ඉක්මන් විය යුතු නැහැ. මේ ක්ෂේත්‍රයේ දී නැගෙනහිර අප්‍රිකාවට වැඩි නැබුරුවක් ඇතිවෙන්නට බලපාන්නේ  ඔය හේතුව විය හැකියි” ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ  පුරාවිද්‍යාඥ ඉග්නාශියො ද ලා ටොරේ කියා සිටියි. එසේ වුවද කෙන්යාවේ  ස්ථානයකින් වසර මිලියන 3.3 ක් පැරණි බව සැලකෙන ගල් ආයුධ සොයා ගැනිම ගැන 2015 වාර්තාවකට අවධානය යොමු කරවන ඔහු පෙන්වාදෙන්නේ එය සනාථ කෙරුණොත් ” ගල් ආයුධ භාවිතය මුලින්ම පටන්ගත්තේ නැගෙනහිර අප්‍රිකාවේ යි” පෙනී යන බවයි.

NATURE(Research) හී පළවූ  Algeria fossils cast doubt on East Africa as sole origin of stone tools යන ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending