ගින්නකට සෙවනැල්ලක් තිබිය හැකිද?

Posted by

ගින්නකට සෙවනැල්ලක් තිබිය හැකිද?

ඇත්තටම ,  ගින්නක සෙවනැල්ල සෑදිය හැකියි. හැබැයි, ඒ සමහර විට ඔබ සිතන හේතුව නිසා නොවේ. ආලෝක කදම්බයක කොටසක් අවහිර වූ විට හෝ වෙනතකට යොමු කරන ඕනෑම අවස්ථාවක සෙවනැල්ලක් සාදයි. සෙවනැලි කලාපය යනු ආලෝක කදම්භයේ සෙසු කොටසට  වඩා අඩු ආලෝකයක් ඇති කලාපයයි. මෙම අඳුරු කලාපය, ආලෝකයෙන් යම් කොටසක්  අවහිර කරන හෝ වෙනතකට යොමු කරන  වස්තුවක හැඩය ගැනීමට නැඹුරුවක්  දක්වන අතර, ඒ නිසා අපි සෙවනැල්ලක් ගැන සිතීමට පෙළඹෙන්නේ පෙර කී ලෙස අවහිර කරන  වස්තුව විසින් හෙළනු ලැබූ හෝ නිර්මාණය කරන ලද දෙයක් ලෙස ය. මෙම සංකල්පය මනසේ තබාගෙන, ගින්නකට සෙවනැල්ලක් තිබීම සඳහා නම්, ගින්න මගින් කෙසේ හෝ වෙනත් ආලෝක කදම්බයක කොටසක් අවහිර කිරීම හෝ වෙනතකට යොමු කීම සිදු කරනු ලැබීම  අවශ්‍ය වේ.

අවශ්‍ය කොන්දේසි හරියාකාරව සපුරන්නේ නම් ගිනි වල සැලකිය යුතු මට්ටමක සෙවනලි ඇති කළ හැකිවෙයි.

 

සාම්ප්‍රදායික ගිනිදැල්ලක් යනු ආලෝක ටැඹකට වඩා වැඩි යමක්ය යන සරල හේතුව නිසා සාම්ප්‍රදායික දැල්ලකට ආලෝකය අවහිර කිරීමට හෝ වෙන මගට යොමු කිරීමට  හැකිය. සාම්ප්‍රදායික හයිඩ්‍රොකාබන් දැල්ලක සංරචක කිහිපයක් අඩංගු වේ: දැවෙන ක්‍රියාවලියේ යෙදී සිටින හයිඩ්‍රොකාබන් ඉන්ධන අණු සහ ඔක්සිජන් අණු, අඩක්  දැවුණු ඉන්ධන ඉතා කුඩා කොටස්  හා අපද්‍රව්‍ය (මේවා දැලි හෝ දුම ලෙස හැඳින්වේ),  කාබන් ඩයොක්සයිඩ් සහ දැවෙන වාෂ්ප මගින් නිපදවන ජල වාෂ්ප , ආලෝකය සහ උණුසුම් වාතය වේ. ගිනිදැල් තුළ ඔබ දකින ආලෝකය වැඩිකොටම නිර්මාණය වී ඇත්තේ වාසර දැලි කුඩා කොටස් සමාකාර තාපදීප්තිය හරහා දීප්තිමත් වන තරමට රත්වීමෙනි. 

Refraction of light — Science Learning Hub

ගිනිදැල්වල උණුසුම් වාතය සහ අවට සීතල වාතය අතර සීමාතලය ආලෝකය, එහි ඉදිරි ප්‍රචාරණ දිශාවෙන් බැහරට  නැමීමට නැඹුරුවක් දක්වයි. විවිධ ද්‍රව්‍යයන්ගේ සීමාතලයෙහි ඇති මෙම ආලෝක පරාවර්තනය හඳුන්වනු ලබන්නේ වර්තනය (refraction) ලෙසිනි.  කාචයකට ආලෝකය නාභිගත කිරීමට හැකි වන්නේ එම බලපෑමමයි. එමනිසා, ගිනිදැල්වල උණුසුම් වාතය අඩංගු වන්නේය යන සරල හේතුව නිසා, ආලෝකයේ කදම්භයක යම් ආලෝකයක් උත්ක්‍රමය කොට හෙවත් ඉවතට හරවා එහි සෙවනැල්ල  බිහි කළ හැකිය. උණුසුම් වාතය, කැලඹිලි සහිතව ඉහළ නැගීමට නැඹුරුවක් දක්වයි. මේ හේතුව නිසා, උණුසුම් වාතය විසින් නිර්මාණය කරන ලද සෙවනැලි, නැටුමක යෙදෙන  රැළි පොකුරක් මෙන් පෙනී යා හැකිය. එසේම, ගින්නක ඇති දුමාරයට ආලෝකය අවශෝෂණය කරගත හැකි අතර එම නිසා ගිනිදැල්ලේ සෙවනැල්ලක් නිර්මාණය කිරීමට ද දායක විය හැකිය.

ගින්නක සෙවනැල්ල සැබවින්ම දැකීමට නම්, ගින්න පසුකර යන ආලෝක කදම්භය (උදා: හිරු එළිය) ගින්න විසින්ම නිර්මාණය කරන ලද ආලෝකයට වඩා දීප්තිමත් හෝ දීප්තිමත් විය යුතුය. එසේ නොවුවහොත්, ගින්නෙන් නිර්මාණය කරන ලද ආලෝකය, සෑම දිශාවකටම විහිදෙන අතර, අනෙක් ආලෝක කදම්භය මගින්  නිර්මිත අඳුරු කලාපය පුරා පැතිරෙයි. නිදසුනක් වශයෙන්, එළිමහනේ බුර බුරා නගින ගිනි මැලයක් වෙත   විදුලි පන්දමක දුර්වල එළිය යොමු කිරීමෙන් ගින්නෙහි සෙවනැල්ල දැක ගැනීමට ඔබට නොහැකි වනු ඇත(ගිනි මළ්යෙහි එළිය බෙහෙවින් වැඩි නිස). එසේම, ගිනිදැල්ලක්  කුඩාවන  හා සිසිල් වන තරමට, එමෙන්ම  එහි ඇති  දුමාරය අඩු වන තරමට, එය ආලෝකය අවශෝෂණය කර හරවා යවන තරම අඩු වන අතර එම නිසා එහි සෙවනැල්ල වඩාත් අඳුරු වේ. ඔබගේ ඉදිරියේ ඇති ගිනිමැළය සකස්වී ඇති සුවිශේෂී ආකාරය මත පදනම්ව, ඔබේ පියවි ඇස්වලින් දැල්ලක සෙවනැල්ල දැකීමට ඔබට නොහැකි විය හැකිය. හොඳම ප්‍රතිඵල ලබාගැනීම  සඳහා, ඔබ සෘජු හිරු එළිය වැනි දීප්තිමත් ආලෝක කදම්බයක් මෙන්ම තාපය හා දුමාරය අධිකව ඇති ගින්නක් භාවිතා කළ යුතුය.

ගින්නට සෙවනැල්ලක් තිබිය හැක්කේ  ඊට එල්ලවන  ආලෝක කදම්භය, ගිනි දල්ලෙහි ආලෝකය විසුරුවා හරින නිසාවෙන් නොවේ. මූලික මට්ටමින් ගත් කල, එක් ආලෝක කදම්භයකට තවත් ආලෝක කදම්බයක් සමඟ සෘජුව අන්තර් ක්‍රියා කළ නොහැක. ආලෝක කදම්භ කිසි විටෙකත් අනෙක් (ආලෝක) කදම්භ මතින් පොළා පනින්නේ නැත;  එකිනෙක අවශෝෂණය කර ගන්නේ නැත; එමෙන්ම, එකිනෙක හරවා යවන්නේ(deflect each other) නැත.  එයට හේතුව ආලෝකය ස්වභාවයෙන්ම බොසෝන(bosons) වන පෝටෝන(photons) නම් ක්වොන්ටම් අංශු වලින් සමන්විත වීමයි. සියලුම බොසෝන එකිනෙකා සමඟ එකපිට එක වැටීමට හෙවත් අතිච්ඡාදනය වීමට(overlap), එකිනෙකා හරහා ගමන් කිරීමට සහ එකම සුනියත ස්ථානයක එකම සුනියත අවස්ථාවක හෝ තත්ත්වයක පැවතීමට හැකියාව ඇත.

Why don't photons interact with the Higgs Field? - Quora

බලපාන තවත් කාරනාවක් වන්නේ,  ෆෝටෝනවල විද්‍යුත් ආරෝපණයක් හෝ චුම්භක ඝූර්ණයක්(magnetic moment = චුම්භක ක්ෂේත්‍රයක තැබූ විට, චුම්භකයක් මත පවත්වන ඇඹරුම හෙවත් ව්‍යවර්තයයි) නොපවතින බැවිනි. ආලෝකය සමන්විත වන්නාවූ වැනි විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රවලට අන්තර්ක්‍රියා කළ හැක්කේ විද්‍යුත් ආරෝපණයක් හෝ චුම්භක ඝූර්ණයක් පවතින වස්තූන් සමඟ පමණි. අන්තර්ක්‍රියා කිරීම පිණිස කිසිදු ආරෝපණයක් හෝ චුම්භක ඝූරනයක් නොමැතිව, එක් ආලෝකයක ‘පංගුවකට’ ට තවත් ආලෝකයක පංගුවකට කිසිම ආකාරයකින් සෘජුවම බලපෑම් කළ නොහැක. කෙසේවෙතත්, (ආලෝක) හදම්භ දෙකම ගමන් කරන ද්‍රව්‍ය වෙනස් කිරීමෙන් හෝ වඩාත් ආගන්තුක(අනිජ) බලපෑම් හරහා එක් ආලෝක කදම්බයකට තවත් ආලෝක කදම්භයක් වක්‍රව හරවා යැවිය හැකි බව සලකන්න, නමුත් සාම්ප්‍රදායික ගිනිදැල්වල එවැනි බලපෑම් නොපවතී. ගින්නට සෙවනැලි තිබිය හැක්කේ ඒවායේ උණුසුම් වාතය සහ දුමාරය අඩංගු වන නිසා මිස ආලෝකය අඩංගු නිසා නොවේ.

 

Science Questions with Surprising Answers  වෙබ් අඩවියෙහි පළවී ඇති Can a fire have a shadow? නම් ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.