වෙන කවරදාකටත් වඩා අද ලොව පුරා විද්‍යාඥයන් අතිශය විශාල සංඛයාවක් සිටිති; ඔවුහු වඩාත් වේගයකින් විද්‍යා පර්යේෂණ ලිපි පළ කෙරෙති. කෙසේවෙතත්, මෙම වෘද්ධිය විද්‍යාත්මක ප්‍රගතියක්, විද්‍යාවේ ඉදිරිපිම්මක් බවට පරිවර්තනය වී ඇතිබවක් නොපෙනේ. ඒ ඇයි දැයි පැහදිලි කිරීමට මේ ලිපියෙන් උත්සාහ දැරේ,

විද්‍යාව තුළ නව අදහස් මගින් පෝෂණය වන “සිඳ බිඳ දමා ඉදිරියට යාමේ” නැඹුරුව පහත වැටී ඇති බව අධ්යනයනයකින් සොයා ගෙන ඇත (අනුග්‍රහය: iStock/Gajus)
විද්‍යාව හා තාක්ෂ්ණයේ ප්‍රගතිය මන්දගාමී විය හැකි බව නව අධ්‍යනයක් දක්වයි.
විද්‍යාවේ විශාල ඉදිරි පිමි බොහෝ විට පැමිණෙන්නේ පෙර ස්ථාපිතව තිබූ දැනුමෙන් බිඳී ඉදිරියට යන විස්මිත සොයාගැනීම්වල ස්වරූපයෙන්ය එසේනමුත් මේ ආකාරයේ සිඳ බිඳ දමා ඉදිරියට යාමෙ ක්රිීයාකාරකම් කාලයත් සමඟ අඩුවෙමින් පවතී. ඒ, නව විශ්ලේෂණයකට අනුවයි. විද්‍යාවේ “ප්රයකාශයට පත් කිරීම හෝ නතිනම් විනාශය” යන සංස්කෘතිය සහ දැනුමේ මායිම වෙත ළඟා වීමට අවශ්‍ය විශාල වැඩ කොටසෙන් නිර්මාණශීලීත්වය අඩාල වන බව නව විශ්ලේෂණය යෝජනා කරයි.
මිනසෝටා විශ්ව විද්යාහලයේ සමාජ විද්‍යාඥ Russell Funk විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යනය සඳහා 1945 සහ 2010 අතර ප්‍රකාශයට පත් කරන ලද Web of Science දත්ත ගබඩාවෙන් පත්‍රිකා මිලියන 45ක් විශ්ලේෂණය කරන ලදී. ඔහුගේ කණ්ඩායම විසින් 1976 සහ 2010 අතර ප්‍රකාශයට පත් කරන ලද පේටන්ට් බලපත්රත්ර මිලියන 3.9ක් ද පරීක්ෂා කරන ලදී.

ඉටු කළ සෑම් කාර්යයකටම එය දැනටත් ස්ථාපිත දැනුමට “ඒකාබද්ධ කිරීම” — වෙනත් වචන වලින් කිවහොත්, පවතින දැනුම සුපිරිසිදු කිරීම සහ අඩුතැන් වල විස්තර පිරවීම පමණක් කෙරෙන්නේ ද හෝ ක්ෂේත්රයක් නව දිශානතියකට ගෙන යන අනපේක්ෂිත දෙයක් හඳුන්වා දීම වැනි වඩාත් ඉදිරිගාමීව ක්‍රියා කරන්නේ ද යන්න දැක්වෙන පරිදි ලකුණු පවරන ලදී.
නව පර්යේෂණයක ඉදිරිගාමී බව ගණනය කිරීම සඳහා, එම පර්යේෂණයෙන් පසුව වෙනත් පර්යේෂකයන් විසින් සිදුකරනු ලබන උපුටා දැක්වීම් වාර්තා භාවිතා කරන ලදී. ඉදිරිගාමී අධ්යන්යක් එහි නව සොයා ගැනීම් නිසාවෙන් පෙර පර්යේෂණ යල්පැන ගිය බවට පත් කිරීමට ඉඩ ඇත, එබැවින් පසුකාලීන පර්යේෂකනගේ වාර්තා ලිපිවල (යතෝක්ත නව පර්යේෂණයට)පෙර පර්යේෂණ උපුටා දැක්වීමට ඇති ඉඩකඩ අඩුය. අනෙක් අතට, නව පර්යේෂණ කෘතියක් (දැනටමත් සිදු කර ඇති පර්යේෂණ හා අනුගතව) ඒකාබද්ධ වන්නේ නම්, එය උපුටා දක්වන පසුකාලීන පර්යේෂන පත්‍රිකා ද (නව පර්යේෂණ) කෘතිය වෙනුවට එය උපුටා දක්වන මූලාශ්‍ර උපුටා දැක්වීමට ඉඩ ඇත.
-1 (පවතින පර්යේෂණ උපරිම සහබද්ධ කිරීම) සිට +1 (උපරිම ඉදිරිගාමී) දක්වා වූ පරාසක ලකුණු සමඟින් සොයා බලන විට මෑත වසරවල විද්‍යාවේ සියලුම ක්ෂේත්රනවල සාමාන්‍ය ලකුණු පහත වැටී ඇති බව පර්යේෂකයෝ සොයා ගත්හ. වැඩිම පහළ වැටීම නැතිනම් පහළ වැටීමේ විශාලතම ප්‍රතිශතය වාර්තා වූයේ භෞතික විද්‍යා ක්ෂේත්රයෙනි. ඒ, 1945 දී සාමාන්‍යය ලකුණු 0.36 සිට අද 0.0 දක්වා පහත වැටීමෙනි.
තව දුර යා යුතුව ඇත
නවෝත්පාදනයේ මෙම මන්දගාමී ස්වභාවය මගින් හඟවනු ලබන්නේ විද්යාාවේ පහසුවෙන් සොයා ගත හැකි සොයාගැනීම් සියල්ලම පාහේ දැනටමත් ගෙන ඇති බවට අනුමාන කිරීමට හැකි ඇති අතර විද්‍යාත්මක න්‍යායන් “නිවැරදි” වීමට සමීප වෙමින් පවතින බවය. එහෙත් මෙය, විද්‍යා ප්‍රජාවගේ නවෝත්පාදන හැකියාවන්ගේ දක්නට ලැබෙන දැඩි පරිහානියට හේතු විය හැකි බව පර්යේෂණයේ කතුවරුන්ට ඒත්තු ගොස් නැත. නිදසුනක් වශයෙන්, Funk අවධාරණය කරන්නේ, විඥානය ඉස්මතුවීම වැනි විද්‍යාවට තවමත් ග්රහ්හණය කර ගැනීමට නොහැකි වූ බොහෝ සංසිද්ධි ඇති බවයි.

නවෝත්පාදනයේ පහත වැටීම සඳහා ඉදිරිපත් කළ හැකි තවත් පැහැදිලි කිරීමක් නම්, මේ වන විටත් එකතුවී ඇති හෙවත් සමුච්චිත දැනුමේ(අච්චුමුලටෙඩ් ක්නොව්ලෙඩ්ගෙ) විසල් කන්දයි, එයින් අදහස් කරන්නේ පර්යේෂකයන් ගැඹුරු එහෙත් (විෂය පථය අතින්) පටු නැඹුරුවක් සහිත ඔවුන්ගේ විශේෂඥතාව සමඟ තම ක්ෂේත්රනයේ සීමාවට ළඟා වීම පිණිස දිගු පුහුණුවක් ගත කරන බවයි. මෙය නවෝත්පාදනයට බාධාවක් විය හැකි බව පර්යේෂකයෝ පවසති, බාධා, බොහෝ විට හරස්-ක්ෂේත්රි සම්බන්ධතා ඇති කර ගැනීමෙන් පැන නගී.
විද්‍යාවේ “ප්රකාශනය හෝ විනාශය” සංස්කෘතිය අවදානම් සහිත දිගු කාලීන ව්‍යාපෘති දියත් කිරීමෙන් විද්වතුන් වළක්වනු ඇතැයි කතුවරුන් සඳහන් කරයි. අධ්‍යයන ආයතන සහ අරමුදල් සපයන්නන්, ප්‍රකාශන ප්‍රමාණය කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා පර්යේෂකයන්ට ඔවුන්ගේ දැනුම පුළුල් කිරීමට වැඩි කාලයක් ලබා දීමෙන් මෙය විසඳිය හැකි බව ඔවුහු යෝජනා කරති.
විද්‍යාවේ විද්‍යාමාන “ප්රයකාශයට පත් කිරීම හෝ නැතිනම් විනාශය” සංස්කෘතිය, විද්වතුන් අවදානම් සහිත දිගු කාලීන ව්‍යාපෘති දියත් කිරීමෙන් වළක්වනු ඇතැයි කතුවරුන් සඳහන් කරති. ඊට පිළියම් ලෙස ඔවුන් යෝජනා කරන්නේ ශාස්ත්රාලීය ආයතන සහ අරමුදල් සපයන්නන්, ප්රක්කාශන ප්‍ර මාණය කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා පර්යේෂකයන්ට ඔවුන්ගේ දැනුම පුළුල් කිරීමට වැඩි කාලයක් ලබා දීම වඩා යෝග්‍ය බවයි.
“විද්‍යාවේ සහ තාක්ෂණයේ ඉදිරිපිමිවලට ගෝචර වන යහපත් වටපිටාවක් තනා දීමට නම් විද්වතුන්ගේ විවිධ ආකාරයේ දායකත්වයන් හි සමතුලිතතාවයක් අවශ්‍ය වනු ඇත” යනුවෙන් Funk, Physics World වෙත පැවසීය. “ඉදිරිගාමී වැඩ වලදී අප නිරීක්ෂණය කරන මහා පරිහානිය මගින් පෙන්නුම් කරනු ලබන්නේ මෙම සමතුලිතතාව නොපවතින බව විය හැකි බවත්, වඩාත් ඉදිරිගාමී වැඩ දිරිමත් කිරීම විද්‍යාත්මක අවබෝධය ඉදිරියට ගෙන යාමට උපකාරී වන බවත්ය.”
Physics World හී පළවූ Progress could be slowing down in science and technology, finds study යන ලිපිය ඇසුරෙනි