විදු නැන නුවණ – Science Literacy for All

නාය යන්නේ ඇයි? භූ විද්‍යාත්මක විමසුමක්

කොස්ලන්ද නාය යාම

නාය යාමක් යනු සාමාන්‍යයෙන් ස්වාභාවික සංසිද්ධියකි. පෘථිවිය බිහිවී වර්ෂාව ලැබෙන්න පටන් ගත් දා සිටම වාගේ නාය යාම් සිදුවෙන්නට ඇතැයි සැලකේ. බොහෝවිට නායයාම් ස්වාභාවිකව සිදුවන ව්‍යාසන වන නමුත් මිනිසාගේ ක‍්‍රියාකාරකම් ද නාය යාම් සිදුවීමට හේතු වේ.  නායයාම් වලට තුඩු දිය හැකි මිනිස් ක්‍රියාකාරීකම් අතරට බෑවුම්වල වනගහන එලිකිරීම,  පංස සංරක්ෂණ ක්‍ර‍ නොයොදා වගාව සඳහා ඉඩම් එළි කිරීම,  නිරන්තර බර වාහන ගමනාගමනය නිසා බෑවුම් පොළොවෙහි ඇතිවන දෙදරුම්කෑම, ගල්බෝර දැමීම නිසා භූමිය අස්ථායිවීම,  ලිහිල් පස් බැඳතබන ගස්මුල් ගැලවීම, දැවකඳන් ඇදගෙන යාම පිණිස මංපෙත් හැදීම වැනි කටයුතු ඇතුලත් වේ.

නායයෑම් වලින් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ඇතැම් රටවල භූවිද්‍යා ආයතන පස් තට්ටු හා පර්වත වල  සංචලනයන්  නිරීක්ෂණය කරමින් නායයාමේ තර්ජන  සිතියම් ගත කර ආපදා වලක්වා ගැනීම හා කළමණාකරණය  කිරීමේ නිරතවන ආයතනවලට සැලැසුම් සහගතව නායයාම් වලට මුහුණ දීමට හැකිවන පරිදි කටයුතු කරයි.

නාය යෑම් ගැන විස්තර කරන විට භූවිදයාවේදී පෘථිවිය මතුපිට සැදුම් ලත්  පස්, පාෂාණ, ආදී ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයෙන් තිබූ තැනින් ඉවත්ව පහළට ඇද වැටීම හෝ රූටා යාම ස්කන්ධ චලනය (mass movement) ලෙස හඳුන්වනු ලැබේ.  නාය යාම්(land  slides)” රූරාව(land fall) ගැලීම්(flows) බැහීම්((flows) හිම ධාව(avalanches) පාෂණ පතන(rock falls) එම ගණයට වැටේ. මේවායින් සමහරක් ඇතැම් සමාන ලක්ෂණ පෙන්නුම් කරන අතර අපේ රටේ වඩාත් ප‍්‍රකට ස්කන්ධ චලනය “නාය යාම” ලෙසම පොදු ව්‍යවහාරයේ දී සඳහන් කරනු ලැබේ. ස්කන්ධ චලන සඳහා සාධක කිහිපයක් බලපායි.

චලනය වන ස්කන්ධයේ හෙවත් රූටායන  පස් පාෂාණ සුන්බුන් ආදී ද්‍රව්‍යය සමස්තයෙහි  බර එක් සාධකයකි. බෑවුම දිගේ ද්‍රව්‍ය පහතට ඇදීමට එය බලපායි. තවත් සාධකයක්වන්නේ රූටා යාමට හෙවත් නාය යාමට හෝ ගැලීමට එරෙහිව ද්‍රව්‍යයෙහි ඇති ප‍්‍රතිරෝධයයි. ඝර්ෂණයෙහි ප‍්‍රමාණය, ද්‍රව්‍යයයෙහි සංසක්තබව(එකට බැඳුනු ස්වභාවය) සහ ඒවා පතුල් පාෂාණයට එක්ව ඇත්ද යන්න මත ප‍්‍රතිරෝධය රඳා පවතී.  තුන්වැනි සාධකය, භූ කම්පන වැනි ස්කන්ධ චලනයට මුලපුරණ(rock falls)කාරණායි. පිහිට තැනින් ද්‍රව්‍ය ඉහිල් කිරීමට එවැනි මුලපිරීමක් තුඩු දිය හැකියි. රූටා යෑම, ගැලීම හෝ කඩාවැටීම කෙරෙහි දක්වන ප‍්‍රතිරෝධයට වඩා ද්‍රව්‍යය බෑවුම පහළට අදින බලවේග ප‍්‍රබල නම් ස්කන්ධ චලනයක් සිදුවේ.

ස්කන්ධ චලනයක් කෙරෙහි, විශේෂයෙන්ම නාය යාමකට ප‍්‍රධාන වශයෙන් බලපාන සාධකයක් වන්නේ ජලය යි. මහ වැසි එක දිගට දින කිහිපයක් තිස්සේ ඇද හැලීමෙන් නාය යාමට මුලපිරිය හැකි බව ප‍්‍රකට කරුණකි. ජලය මගින් පස සංතෘප්තවීම නිසා පස් වල හා අවසාදිතවල(තැන්පත්ව ඇති දෑ) බර බොහෝ සේ ඉහළ දමයි. ඊට අමතරව, පස් කැට අතර කුඩා ඉඩ ජලයෙන් පිරී ගිය විට එය කැට අතර ලූහුටනයක් ලෙස ක‍්‍රියාකරමින් ඝර්ෂණය අඩුකිරිමට ඉවහල්වෙයි.

නාය යාම

සාපේකෂව තුනි පස් කුට්ටියක්, පාෂාණ මෙන්ම ජීර්ණාවශේෂ(rock falls) සුන්බුන් යටින් පවතින පතුල් පාෂාණයෙන් වෙන්වී වේගයෙන් බෑවුමේ පහළට චලනය විම නාය යාමක් ලෙස දැක්වේ. මෙවිට ද්‍රව්‍ය සියල්ල පහළට රූටා යන්නේ එකම කුට්ටියක් ලෙසය. එම ද්‍රව්‍ය අභ්‍යන්තර වශයෙන් එකිනෙක මිශ‍්‍රවෙන්නේ මද වශයෙනි. ස්කන්ධය නාය යාම අවසානයේ නතරවන අතර බෑවුම පහළ සුන්බුන් ගොඩක් ලෙස ගොඩ ගැසේ. සමහර අවස්ථාවල ඒවා ගඟක වේල්ලක් මෙන් ක‍්‍රීයා කරමින් ගංවතුරුවලට ද මග පාදයි. තද බෑවුම්වල, විශේෂයෙන්ම පස හා ජීරණය වූ පතුල් පාෂාණ සම්පූර්ණයෙන්ම ජලයෙන් සංතෘප්තව ඇතිවිට නාය යාම් සුලබය.

පාෂාණ ලිහිටීම්(rock-slides)ක් ද පාෂාණ පතන(rock falls) ද එක්තරා අන්දමක නාය යාම් ය. ලිස්සා යන මතුපිටක් ඔස්සේ පාෂාණ තලාවක් කඳු පාමුලකට ඇද වැටිමෙන් පාෂාණ ලිහිටීමක් ඇතිවේ. පාෂාණ එසේ පහතට එද්දී සමහර ගල් කුට්ටි කුඩා කැබැලිවලට කැඩෙයි. බොහෝ විට  පාෂාණ ලිහිටීමකට මුලපුරන්නේ භූ කම්පනයි. පාෂාණ ලිහිටීමකින් ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් විස්ථාපනයවේ.

ගිරි දඹයකින් හෝ දළ බෑවුමකින් පාෂාණ කැබලි කැඞී වෙන්වූ විට පාෂාණ පතනයක් සිදුවේ.

ස්කන්ධ හායනය

නාය යාම් යනු මූලික භූ විද්‍යාත්මක ක‍්‍රියාදාමයක් වන ස්කන්ධ හායන(mass wasting)යෙහි කැපී පෙනෙන නිදසුනකි. ගුරුත්වයේ ඍජු බලපෑමෙන් පාෂාණ, පතුල් පාෂාණයට මත පිහිටි ලිහිල් පාෂාණ තටිටුවක් වන රෙගොලිත් හෙවත් ප‍්‍රාවරණ පාෂාණ (regolith) සහ පස් බෑවුම් දිගේ පහළට චලනයවීම ස්කන්ධ හායනය හෙවත් හිනවිම ලෙස හැඳින්වේ. ගුරුත්වය ස්කන්ධ හායනයේ මෙහෙයුම් බලවේගය වුවත් බෑවුම් පහළට සිදුවන ස්කන්ධ චලනයට බලපාන තවත් වැදගත් සාධක ද ඇත. නායයාම් සිදුවිමට බොහෝ කාලයකට පෙර සිටම, විවිධ ක‍්‍රියාදාමයන් බෑවුම සැදුම් ලත් ද්‍රව්‍ය දුර්වල කිරීමට ක‍්‍රියාත්මකවේ.

EARTH SCIENCE by Edward J. Tarbuck & Frederick K. Lutgens ඇසුරෙන්

කොස්ලන්ද නාය යාම – සිරස රූපවාහිනි වාර්තාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: