අප බොහෝ දෙනෙකු ජ්‍යෝතිෂයේ නව ග‍්‍රහයන් ගැන අසා ඇත. එහෙත් තාරකා විද්‍යාඥයන් නව ග‍්‍රහයන් ගැන කතා කරන්න පටන් ගත්තේ 1930 සිටය. ඒ බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහන්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චුන් ගෙන් සමන්විතව තිබු ග‍්‍රහ මණ්ඩලයට ප්ලූටෝ නමි නව ග‍්‍රහයා එක්වීමත් සමඟයි. පාෂාණ කුටිටියක් වන ප්ලූටෝ කක්ෂ ගතව සිටින්නේ පෘථිවියට කිලෝමීටර් බිලියන 7.5 ක් ඈතිනි. ඒත් ප්ලූටෝ ග‍්‍රහ මණ්ඩලයේ වැඩි කලක් රැඳෙන්නට අවසර ලැබුණේ නැත. ක‍්‍රි.ව. 2006 අගෝස්තු මාසයේදී ප්ලූටෝ තත්වයෙන් පහත හෙළනු ලැබුවේය. ප්ලූටෝට ”වල කැපුණේ” නව සොයාගැනීමක් නිසාය. ඒ ක‍්‍රි.ව. 2005 දී සොයාගත් නව ග‍්‍රහ වස්තුවකිනි.
එහෙත් මිනිසුන් ප්ලූටෝ ග‍්‍රහයා වැදගත් කොට සළකන බව පෙනී ගියේ 2006 දී එය වාමන ග‍්‍රහයෙකු (dwarf planet) ලෙස තත්ත්‍වයෙන් පහත හෙලීමත් සමගම නැගුණු උද්ඝෝෂණයෙනි. එහි උණුසුම වසර ගණනාවක් යනතුරුත් පහව ගියේ නැත.
ප්ලුටෝට මෙම අභාග්‍ය සමිපන්න ඉරණමට මග පෑදුෙවිි 2005 දී සොයාගත් ග‍්‍රහ වස්තුවක්ය. කැලිෆෝනියා තාක්‍ෂණ ආයතනයේ (Caltech) තාරක විද්‍යාඥ මයික් බ‍්‍රවුන් ඇතුඵ සගයන් පිරිසක් සෞර ග‍්‍රහ මණ්ඩලයේ දුර ඈත ග‍්‍රහ වස්තුවක් සොයා ගැනීමට සමත් වු බව එම වසරේදී කියා සිටියහ. ඔවුන්ගේ මතය වුයේ ග‍්‍රහයෙකු ලෙස එවක සිටි ප්ලූටෝට වඩා එරිස් (Eris) යනුවෙන් ඔවුන් නමි කළ ග‍්‍රහ වස්තුව විශාල බවයි. (වස්තු දෙකම හරියටම එක සමාන ප‍්‍රමාණයක වගේ තිබෙන බව අපි දැන් දනිමු). එම මතය තාරකා විද්‍යාඥයන් අතර ආන්දෝලනයකට තුඩු දුන්නේය. එරිස්, ප්ලූටෝට වඩා ප‍්‍රමාණයෙන් විශාල නමි එයටද ග‍්‍රහ තත්ත්‍වය හිමිවිය යුතු නේද? ප‍්‍රමාණයෙන් ප්ලූටෝගේ විශේෂත්වයක් නොමැති නමි එයට ග‍්‍රහ තත්ත්‍වය ප‍්‍රදානය කෙරුණේ අයිද? යන්න මතු කළ ප‍්‍රශ්න අතර විය.
ඉදිරිපත් කෙරුණු මත සලකා බැලූ අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය (International Astronomical Union) 2006 දී ග‍්‍රහයා (Planet) යන්න යළි අර්ථ නිරූපණය කළේය. ඒ අනුව, ග‍්‍රහයෙක් යනු:
“වෙනත් අභ්‍යවකාශ වස්තුවක කක්ෂය තුළට නොයා සුර්යයා වටා කක්ෂ ගතව ගමන් කරන තම ගුරුත්වය හේතුවෙන් රවුම්වීමට තරම් ලොකු එමෙන්ම අනෙක් විශාල වස්තු තමා අවටින් ඉවත් කිරීමට තරමි විශාල වස්තුවකී ” යනුවෙන් ග‍්‍රහයා යන්නට නව අර්ථකථනයක් සැපයිණ. ඒ සමගම ප්ලූටෝට අළුතෙන් ප‍්‍රදානය කෙරුණු වාමන ග‍්‍රහයෙකු තත්වය හිමිවිය. (ප්ලූටෝ සමග එරිස් හා සෙරස් ද වාමන ග‍්‍රහයන් බවට පත්විය).
කෙසේවෙතත්, ප්ලූටෝ ග‍්‍රහ තත්වයෙන් පහළ හෙළීම ජනතාවගේ කනස්සල්ලට පත්කළ කරුණක් බව පෙනී ගියේය. . ඕවා ගණන් ගන්න එපා ප්ලූටෝ, මමත් ග‍්‍රහයෙක් නොවෙයි . ආදී වශයෙන් අරුත් දෙන පාඨ සහිත T ෂර්ටි නිර්මාණය විය. එපමණ නොව තාරකා විද්‍යාඥයන් අතර පවා අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ තීරණය ගැන මතභේද ඇතිවිය.
මුළින්ම එරිස් (වාමන ග‍්‍රහයාඔ) සොයා ගත් තාරකා විද්‍යාඥ මයික් බ‍්‍රවුන් මෙම තීරණය නිවැරදි බව ප‍්‍රකාශ කළ අතර කෙසේ වෙතත් පහකට පමණක් වාමන ග‍්‍රහ තත්වය පිරිනැමීම නොහොබී යයි පවසයි. ඔහුට අනුව වාමන ග‍්‍රහයන් විය හැකි වස්තු තවත් විශාල සංඛ්‍යාවක් ඇත. ප්ලූටෝ ග‍්‍රහ තත්වයෙන් පහත හෙළීම ගැන පවසන නාසා ආයතනයේ සහ පසුව කොලරාඩෝහි නිරිත දිග පර්යේෂණ ආයතනයෙහි නියුතු ඇලන් ස්ටර්න් යමි වස්තුවක් නමි කරන විට විද්‍යාෙවිදී සලකා බැලෙන්නේ එහි ගුණාංග මිස එය කුමක් ආසන්නයේ පිහිටියේද යන්න නොවේ යයි කියා සිටී.
කෙසේ වෙතත්, නව සොයා ගැනීම් විද්‍යාෙවි ඉදිරි ගමනට මග පාදන බව ගැන නම් මත ගැටුමි තිබිය හැකි නොවේ.
ලයිව් සයන්ස්හි ස්ටෙපනී පපාස්ගේ වාර්තාවක් ඇසුරෙනි.




ප්‍රතිචාරයක් ලබාදෙන්න