විශ්වය තුළ ජීවය ගැන සෙවිල්ලේ සිටින විද්‍යාඥයන් ඒම ව්‍යයායාමෙය් දී ජලය ගැන අවධානය යොමුකිරීම සුලබ අත්දැකීමකි. පෘථිවිය මත ජීවය මුලින්ම ජලයෙහි හට ගැනීම ඊට බලපාන සාධකයක් විය හැකිය. මෙලෙස ජලය හඹා යන විද්‍යාඥයන් සෙනසුරුගේ එන්සෙලාඩස්(Enceladus) චන්ද‍්‍රයා වෙත යොමුවූයේ වසර දහයකට පමණ පෙරය. අභ්‍යවකාශයට වේගයෙන් ජලය බැහැර කරන ‘කෙමි’ ගණනාවක්ම එම චන්ද‍්‍රයාගේ දක්ෂිණධ‍්‍රැවයෙන් සොයා ගැනිමට විද්‍යාඥයන්ට හැකිවී තිබුණි. ඒවායේ ජල මූලය හෙවත් ප‍්‍රභවය අවසානයේ සොයා ගැනිමට මේ වසරේදි ඔවුහු සමත්ව සිටිති: එය එන්සෙලාඩස් චන්ද‍්‍රයා ගේ අයිස් මතුපිටින් සැතපුම් 20ක් යටින් පිහිටි දැවැන්ත විලකි.
ෙරා්ම් ලා සැපිෙයන්සා(Rome La Sapienza ) විශ්ව විද්‍යාලෙය් ලුසියාෙනා් ෙලස් සහ සගයන් පිරිස ඒවැනි භූගත ජලාශයක් තිබිය හැකිය යි කලක සිටම අනුමාන කළහ. ඒ අනුව ඔවුන් ඒ ගැන සොයා බැලීම පිණිස නාසා ආයතනයේ කැසිනි (Cassini) ගවේෂක යානය යොදා ගැනිමට තීරණය කළහ. එන්සෙලාඩස් වටා ගිය තුන් වාරයකදී යානය යොදාගෙන චන්ද‍්‍රයාගේ මතුපිට විවිධ ස්ථානවල ගුරත්වාකර්ෂණය ඒ අනුව ඔවුහු මැන බැලූහ. අනතුරුව තෝරාගත් ස්ථාතවල මතුපිට සි ට සැතැපුම්30 සි ට 60 දක්වා ගැඹුරක් දක්වා නිරීක්ෂණයට ලක්වු අතර ගුරුත්වයේ ඇදිල්ල වැඩිවන තරමට ඍජුවම යටින් පිහිටි ස්කන්ධය ද වැඩිවන බව පෙණි ගියේය.
චන්ද‍්‍රයාගේ දක්ෂණ ධ‍්‍රැවය ආසන්නයේ කඳු වැනි භූ ලක්ෂණ කිසිවක් නොමැති ස්ථානයක අසාමාන්‍ය ලෙස ගුරුත්වාකර්ෂණයක් ඇති බව ලෙස් ඇතුළු පිරිසට සොයා ගත හැකිවිය. ඝනත්වයෙන් වැඩි ද‍්‍රව්‍යයක්- ද‍්‍රව ස්වරූපයේ ජලය ඇති බව ඔවුන්ගේ පරීක්ෂවලින් තහවුරු වීඇත.
කැසිනි ගවේෂක යානය පර්යේෂණවලට යොදාගන්නා වෙනත් පර්යේෂක පිරිසක් ඊට මාස කිහිපයකට පසුව එන්සෙලාඩස් චන්ද‍්‍රයා මත නිශ්චිත ගීසර 101 ක් හඳුනාගැනීමට සමත්ව සිටිති. එම පිටාර ‘කෙමි’ හරහා ජලය ඇතුළුව ජීවය ඩිහිකරන අනෙකුත් ද‍්‍රව්‍ය චන්ද‍්‍රයා මතුපිටින් පිටතට විදිමට ගමන් මග සැලෙස්.
එන්සෙලාඩස් චන්ද‍්‍රයාගේ අයිස්පිරි කබොල්ල සහ එහි පාෂාණමය හරය(core) අතරතුර සුවිසාල විලක් ඇතැයි සැකකෙරේ.
one of the short items you sent




ප්‍රතිචාරයක් ලබාදෙන්න