භූ තාප යන්නට යෙදෙන ඉංග්‍රීසි geothermal යන වදන බිඳී අැවිත් තියෙන්නේ ග්‍රීක geo (පෘථිවි) සහ therme (තාපය) යන වදන් දෙකිනි. ඒ අනුව භූ තාප ශක්තිය යනු පෘථිවියේ තාප ශක්තියට තවත් නමකි. ෙමයට වසර මිලියන 4කට වැඩි කාලයකට පෙර ධුලි හා වායුවලින් ග්‍රහලෝක නිර්මාණය වීමේ ප්රථිඵලයක් ලෙස පෘථිවි අභ්‍යන්තරයේ තාපය දැක්විය හැකිය. තවද, පාෂණවල මූලද්‍රව්‍යයන්ගේ විකිරණශීලී වියෝජනය (දිරාපත්වීම) මගින් මෙම තාපය අඛණ්ඩව ප්රතිජනනයවන හෙයින් භූතාප ශක්තිය යළි ජනනය කළ හැකි බලශක්ති සම්පත් ලෙස දැක්වීමට පුළුවන. අභ්‍යන්තරයේ සිට මතුපිටට තාපය මාරුකිරීමේ මූලික මාධ්‍යය වන්නේ ජලයයි. නැතිනම් වාෂ්පයි. මේ අංගයද ඉබේටම යළි යළිත් අලුත් වේ. එය සිදුවන්නේ මෙසේය. වාර්ෂායෙන් ලැබෙන ජලය විවර තුළට කඩාවැදීමේ දී රත්වෙන අතර ආපසු මතු පිටට සංසරණය වන්නේ ගිසර සහ උණුදිය උල්පත් ස්වරූපයෙනි.
පෘථිවිය ස්තර කිහිපයකින් සමන්විත වන බව අපි කවුරුත් දනිමු. පිටත පිහිටි තද වැස්ම හෙවත් මතුපිට කබොල (crust) ද්‍රව දැවටුණු ප්රවාරණය (mantle) පිටත ද්‍රව හරය (outer core) අභ්‍යන්තර දෘඩ හරය (inner core) ප්‍රධාන ස්ථර වේ. පෘථිවි ගෝලයේ අරය කිලෝමීටර් 6378 ක් වන අතර පෘථිවි අභ්‍යන්තරයේ ස්වරූපය මෙලොව කිසිවෙක් නිශ්චිතව නොදනී. මහ පොළොව අභ්‍යන්තර පිළිබඳ අපේ දැනුම සීමා වී ඇත්තේ විද්‍යාත්මක අනුමානයන්ටය. මේ අනුමාන පාදක වී ඇත්තේ අධික පීඩනය හා අධික උෂ්ණත්ව තත්ත්වයන් තුළ සිදුකෙරුණු පර්යේෂණ මතය.
පෘථිවි කබොලෙහි සිට අභ්‍යන්තරයට යද්දී ගැඹුරට යන සෑම කිලෝමීටරයක උෂ්ණත්වය දළ වශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 17 සිට 30 දක්වා ඉහළ යයි. කලින්ද සඳහන් කළ අන්දමට කබොලට යටින් ප්රවාරණයකි. එය අර්ධ වශයෙන් ද්‍රව බවට පත් වූ පාෂාණවලින් සෑදි ඇති අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 650 සිට 1250 අතරය. පෘථිවිය හරයේ උෂ්ණත්වය ඇතැම් ඇස්තමේන්තු අනුව සෙල්සියස් අංශක 4000ක් 7000ක් අතරය. තාපය නිතරම උෂ්ණ කොටස්වල සිට වඩාත් සීතල කොටස් දක්වා මාරුවන හෙයින් පෘථිවි අභ්‍යන්තරයේ අැති තාපය පෘථිවි මතුපිටට මාරුවන අතර භූ කාරක තල (තැටි) චලනයට බලපාන ප්‍රධාන සාධකයකි. භූ කාරක තල හෙවත් තැටි එකට එක්වී ඇති ස්ථානවලදී ඉහළ ස්තරවලට මැග්මා (ලෝදිය) කාන්දු විය හැකි අතර මේ මැග්මා අනතුරුව සිසිල්වීමේ ක්‍රියාවලිය තුළින් පෘථිවි කබොලෙහි නව තට්ටු බිහිවේ. මේ මැග්මා මතුපිටට පැමිණෙද්දී යමහල් නිර්මාණය විය හැකි නමුත් බොහෝ විට මතුපිට දක්වා නොපැමිණ දැවැන්ත සංචිත සාදයි. එහිදී වසර 5,000 සිට මිලියනයක් දක්වා කාලයක් ගත වන ක්‍රියාදාමයක් මගින් සිසිල් වෙයි. මෙම මැග්මා කඩිති යට උෂ්ණත්ව අනුක්‍රම දැකිය හැකි අතර ඉන් අදහස් වන්නේ ගැඹුර වැඩිවෙත්ම උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි. ඒ අනුව මෙවැනි ප්‍රදේශ භූ තාප බලශක්ති ගවේෂණය සඳහා බෙහෙවින් යෝග්‍යය.
භූ තාප ශක්තියට අතිදැවැන්ත විභවයක් ඇත. ඊට හේතුව, ලෝකය පුරා එහි ප්‍රමාණය ඛනිජතෙල් හා ගල් අගුරුවලින් ලබා ගත හැකි සියලුම බලශක්තිය මෙන් 50,000 ගුණයක් වීමයි. නොගැඹුරු මතුපිට සිට කිලෝමීටර කිහිපයක් ගැඹුරින් පිහිටි උණු දිය හා වාෂ්ප සංචිත මතුපිටට ගෙන ආ හැකි අතර එහිදී ප්‍රයෝජනයට ගත හැකි ය. ස්වභාවිකව, භූ තාප ශක්තිය වැඩිකොටම ඇත්තේ යමහල් , උණුදිය උල්පත් හෝ ළිං සහ ගීසර යන ස්වරූපයෙනි. අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ සමහර රටවල් භූතාප ශක්තිය ප්‍රයෝජනයට ගනු ලබන්නේ නාන තටාක හා රෝග නිවාරණ ස්නානය ස්ථාන ස්වරූපයෙනි. කෙසේ වෙතත් භූ තාප ශක්තිය හුදෙක් රෝග නිවාරණයට හෝ විනෝදයට පමණක් සීමා වීම විද්‍යාවේ ප්‍රගතිය නිසා වැළකී තිබේ. අද භූ තාප ශක්තිය විවිධාකාර අන්දමින් ප්‍රයෝජනයට ගැනීමට මග පෑදී තිබේ. ඉන් ප්‍රධාන ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්නේ නම් විදුලි බලය නිපදවීම සහ ගෘහ උණුසුම් කිරීමට මෙන්ම කාර්මික අනු ආයතන උණුසුම් කිරීමයි. භූ තාප ශක්තිය තවත් නොයෙක් අන්දමින් උපයෝගී කර ගත හැකි අතර, කිරි පැස්ටරිකරණය, කඩදාසි නිෂ්පාදනය නාන තටාක, ලී සහ දැව වියැළීම, සත්ව පාලනය ඉන් කිහිපයකි.
භාවිතය සඳහා භූ තාප ශක්තිය යොදා ගැනීමේ දී ප්‍රධාන අවාසියක් වන්නේ මේ මහ පොළොවේ ඒ සඳහා උචිත ස්ථාන එපමණ නොමැති වීමයි. වඩාත් හොඳම ස්ථානය වන්නේ භූකාරක තල (තැටි) අද්දරය එනම්, ඉහළ මට්ටම යමහල් සහ භූකාරක ක්‍රියාකාරකම් ඇති ස්ථානයයි. පෘථිවිය භූ කාරක තලවලට බෙදා වෙන් කෙරෙන අතර ඒවා නිරතුරුව චලනය වෙමින් ඝට්ටනය වෙමින් පවතී. භූ තාප ශක්තිය ගවේෂණය සඳහා උචිත ස්ථාන නිර්මාණය වන්නේ එකී චලනය හා ඝට්ටනය තුළිනි. වඩාත්ම උචිත පිහිටා ඇත්තේ ‘ගිනි වළල්ල’ (Ring of Fire) යනුවෙන් හඳුන්වන ප්‍රදේශය තුළයි.
ශාන්තිකර සාගරයේ දාර අවට යමහල් සහ භූ කම්පන ෙමන්ම භූ කම්පන ක්‍රියාකාරකම් පෙළක් සහිත ප්රදේශයකි. ලොව භු කම්පනවලින් දළ වශයෙන් 90%ක් සිදුවන්නේ ගිනි වළල්ලෙහිය. එමෙන්ම ලොව ඇති සක්‍රීය යමහල් සියල්ලෙන් 75% ඇත්තේ මේ දිගටය. යමහල්වලට අමතරව සාගර අගාද, කඳු ආගාද සහ ජල තාප විවර ආදී භූ විද්‍යාත්මක ලක්ෂණ ද මෙහි දැකිය හැකිය.
විදුලි බල ශක්තිය නිපදවීම සහ භූ තාප ශක්තිය යොදවා ගත හැකි වෙනත් ක්‍රම ගැනද ඉදිරි ලිපියකින් කියැවේ.
ourenergy.com හි Geothermal Energy ලිපිය අැසුෙරනි







ප්‍රතිචාරයක් ලබාදෙන්න