විදු නැන නුවණ – Science Literacy for All

පරිසර පද්ධතිය තුළ ආහාර ජාල පරිසර පද්ධති (Part 2)

ශාක ප්ලාවංග, සාගර ආහාර ජාලයේ පදනම සකසයි

 

සෑම පරිසර පද්ධතියකම ලක්ෂණයන් ලෙස විකා කන, සපා කන, අඹරා කන, වර්ධනය වෙන, මියයන හා දිරායන සංකීර්ණ ජාලයක් පවතී. මේ ජාලය හඳුන්වනු ලබන්නේ ආහාර ජාලය ලෙසටයි. පරිසර පද්ධතිය තුළ ශක්තිය චලනය වන අන්දම දක්වන්නේ ආහාර ජාලයෙනි. ආහාර ජාලය ආරම්භ වන්නේ නිෂ්පාදකයන් ලෙස හඳුන්වනු ලබන ජීවින්ගෙනි. ඔවුන් නිෂ්පාදකයන් ලෙස දක්වන්නේ තමන්ගේම ආහාර නිපදවීම සඳහා ඔවුනට සූර්යාලෝකය යොදා ගත හැකි හෙයිනි. ශාක, ඇල්ගී, ප්ලාවංග යන සියල්ල නිෂ්පාදකයන්ය. අනෙකුත් ජීවින් විසින් ද ප‍්‍රයෝජනයට ගනු ලැබිය හැකි ස්වරූපයෙන් නිෂ්පාදකයෝ ශක්තිය පරිවර්තනය කරති.

ආහාර ජාලයේ ඊළඟට සිටින්නේ පරිභෝජකයන්ය. ඔවුන් පරිභෝජනය කරන්නේ මොනවාද? වෙන කිසිවක් නොව නිෂ්පාදකයන්වය! මෙය සරලව වටහා ගැනීමට සතුන් (පරිභෝජකයින්) විසින් ශාක (නිෂ්පාකදයින්) කා දමනු ලබන්නේ යයි කල්පනා කරන්න. ශාක කා දමනු ලබන පරිභෝජකයන් ප‍්‍රාථමික පරිභෝජකයන්ය. (අපි ඔවුන්ව ශාක භක්ෂකයන් ලෙස ද හඳුනන්නෙමු.) ප‍්‍රාථමික පරිභෝජකයන් කා දමනු ලබන පරිභෝජකයන් වන්නේ ද්වීතියික පරිභෝජකයන්ය. ඔවුන් වඩා ප‍්‍රකට වන්නේ සර්ව භක්ෂක යන නාමයෙනි. ද්වීතියික පරිභෝජකයන් කා දමන තියුණු, විශාල දත් සහිත අය තෘත්තීය පරිභෝජකයන්ය. ඔවුන් අග‍්‍ර විලෝපියන් (apex predators) වශයෙන් ද හැඳින්වේ. අග‍්‍ර විලෝපියන් යයි පවසන විට ඔවුන් කවුරුන්දැයි එකවර අවබෝධ නොවීගියත් සිංහයන්, කොටියන්, මෝරුන් අග‍්‍ර විලෝපියන්ය.

Ecosystems_2a

අවසානයේ මේ සියළු දෙනා මරණයට පත් වෙති. වියෝජකයන් (decomposers) ඉදිරියට එන්නේ එවිටය. පණුවන්, හම්බෙල්ලන්, බැක්ටීරියා, දිලීර, මේ සියළු දෙනා මළ ගිය ප‍්‍රාණකාරයන් මත, එහෙමත් නැතිනම් අනෙක් සතුන්ගේ අප ද්‍රව්‍ය මත රැුඳෙති.  විශේෂයෙන්ම මුළු ලොව එකම රස ගුලාවකි. මළගිය ජීවීන් බිඳ හෙළීමෙන් වියෝජකයෝ පසට හෝ ජලයට පෝෂක එකතු කරති. වියෝජකයන් බොහෝමයක් මනාපය දක්වන්නේ තෙත් පරිසරයන්ටය. වැසි වනාන්තරවල ඔවුන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එහෙයිනි. පෝෂක ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට අමතරව, පණුවන් හා සාගරවාසී පණුවන් වැනි වියෝජකයෝ බෙන හාරා පස හා මුහුදු පතුල කළඔති. පැළෑටි, පසෙහි පෝෂක භාවිතා කිරීමට මේ නිසා නිෂ්පාදකයන්ට පහසුව සැලසේ.

නිෂ්පාදකයන්, පරිභෝජකයන් හා වියෝජකයන් පරිසර පද්ධතියක ජෛවී හෙවත් ජීවත්වන අවයව වේ. හැබැයි ඉතින් සෑම පරිසර පද්ධතියකටම ජලය, වාතය සහ භෞතික පරිසරයක් අවශ්‍ය වේ. ඒවා පරිසර පද්ධතියේ අජීවක හෙවත් ජීවත් නොවන සංඝටකයි. ජලය නොමැතිව ජීවිතය පැවතිය නොහැකිය. පරිසර පද්ධතිය තුළ විල්, ගංගා සහ සාගර තුළ ජලය සියළුම ජීවය එකට එක් කරමින් ජීවය පවත්වාගෙන යයි. ජලය, ශාක හා සත්වයන් වෙත පසෙහි පෝෂක රැුගෙන යන අතර ශ්වසනය හා අප ද්‍රව්‍ය ලෙස යළි පරිසරයට එක් කෙරේ. වායුගෝලයේ කාබන් හා නයිට‍්‍රජන්, පස, ශාක හා සත්වයන් හරහා යළි වායුගෝලය වෙත චක‍්‍රීකරණය වේ. මෙය සදාතනික චක‍්‍රයක් ලෙස ක‍්‍රියාත්මක වේ. ශාක වලට වැඩිය හැක්කේ කෙලෙසද හා කොයිබද යන්න කෙරෙහි පාෂාණ හා පස් බලපායි. වැදගත්කමක් උසුළණ සෙවන හා පෝෂක ද ඒවා මගින් සැපයේ.

පරිසර පද්ධති මුලින් ම ආරම්භ වන්නේ කෙලෙසද? මෙය පහසුවෙන් දැන ගත හැක්කක් ද නොවේ. එහෙත් 1980 සිදු වූ මහා විපත්තිදායක සිදුවීමක් පරිසර විද්‍යාඥයන්ට දුර්ලභ අවස්ථාවක් උදාකර දුන්නේය. 1980 මැයි 18 දා වොෂින්ටනයේ සෙන්ට් හෙලන්ස් යමහල ප‍්‍රචණ්ඩකාරී ලෙස විදාරණය (පුපුරා ගියේය) විය. ඉන් පුද්ගලයන් 57 ක් මිය ගියහ. ඊට අමතරව වට පිටාවේ සැතපුම් ගණනක් දුර සිටි සතා සීපාව මෙන් ම ගහ කොළ මුළුමනින්ම විනාශ විය. යමහලට ආසන්නයේ හානිය හුදු ජීවත්වන සියල්ල වැනසී යාම පමණක් නොවේ. ගිිනි ගහන තරමට උණු අළු ගලා යාමෙන් අවට වර්ග සැතපුම් හයක් වැසී යටවී ගියේය. අළුවල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1,3000 ක් විය. ඉන් භූමිය අඩි 120 ගැඹුරට වැසී ගියේය. කලක් සශ‍්‍රීකව වැඩුණු වනාන්තරයක් තිබූ තැන ඉන් පසුව ඇත්තේ ජීවයෙන් තොර,දැවෙන තැනිතලාවකි. ඉතිරි වූ කිසිම දෙයක් නොමැත.

මේ මළ කලාපයේ අළුතෙන් පරිසර පද්ධතියක් බිහිවිය හැකිද? පරිසර විද්‍යාඥයෝ සුපරික්ෂාකාරීව බලා සිටියහ. සති කිහිපයක් යද්දිම කුරුමිනියන්, මකුළුවන් සුළඟින් ගසාගෙන ආවේ පැරෂූට් විලසින්ය. ඉන් වැඩි දෙනා එහි දරුණු පරිසරය තුළ මැරී ගියහ. සුළඟින් බීජ ද ගසාගෙන ආවේය. ඉන් සමහරක් බීජ මළ කෘමින්ගේ සිරුරවල පෝෂක මත වැටිණ. මාස කිහිපයක් යද්දී ලූපෙන් නම් දම්පැහැති පියකරු මලෙන් භූ දර්ශනය ප‍්‍රභාවත් විය. පසට නයිට‍්‍රජන් එකතු කිරීමේ විශේෂ හැකියාවක් ලූපෙන් ශාකයට ඇත. නයිට‍්‍රජන් අනෙකුත් ශාකවලට පෝෂක සැපැයීය. ඔය අතරේ වියෝජකයන් (decomposers) අළු යට උමං තැනීමට පටන් ගත්හ. අළු පැහැ තැනිතලාව ඔස්සේ ගෝන්නු කෙටි මං සොයා ගත්හ. අවට කැලෑවේ තවත් බීජ උන්ගේ බෙටි මගින් පසට වැටුණු අතර ඒවායින්ද පැළ වැඩිණ. ඉන් ඇල්ඩර්ස් නම් ගස් ගොන්නක් උපන්නේය. ඒවාට කුරුල්ලෝ ඇදී ආහ. දැන් ඔන්න අළුත් පරිසර පද්ධතියක් බිහිව හමාරය.

පරිසර විද්‍යාඥයෝ තවමත් මේ නව පද්ධතිය පරීක්ෂා කරමින් සිටිති. ඔවුන් බොහෝ දේ ඉගෙන ගෙන ඇත. සතුන්, ශාක හා ජීවයෙන් තොර අළු පවා එකට එක් වූ විට පරිසර පද්ධතිය නම් අපූරු ලොවක් බිහි කළ හැකි බව ඔවුහු දුටහ.

Kids discover හි  Ecosystems  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: