විදු නැන නුවණ – Science Literacy for All

පරාගණයෙහි යෙදෙන්නෝ Pollinators

මේ මිහිතලය මත මිනිස් අපගේ පැවැත්ම සහතික කිරීමට උර දුන්, උර දෙන පිරිසට ස්තූති කිරීමේ දී අපට සමහර විට අමතකව යන පිරිසක් ද ඇත. ඒ පරාගණයෙහි යෙදෙන්නන් ය(pollinators). පරාගණයෙහි යෙදෙන්නෝ කවරහුද? මී මැස්සන්, සමණලයන්, පක්ෂීන්, වවුලන් යනාදී වශයෙන් අපි ඔවුන් හඳුනාගෙන ඇත්තෙමු. ඇයි අප පරාගණයෙහි යෙදෙන්නන්ට ණය ගැති වන්නේ ? අප ආහාරයට ගන්නා සියල්ල පාහේ ඇතුළුව මෙලොව වසන අපට අවශ්‍ය සම්පත් බොහොමයක් වෙනුවෙන් අපේ රඳා පැවැත්ම ශාක පරාගණය මත අප රඳා පවතින හෙයිනි. උදාහරණයක් දක්වතොත් අප බැදපු මස් කැබැල්ලක් සෝස් සමග කනවිට පවා පරාගණයෙන් අප ලබන වාසිය භුක්ති විඳින්නෙමු. මස් කැබැල්ල සපයන ගවයා හෝ බැටළුවා වැඩී ඇත්තේ පරාගණය නිසා බෝවුනු ශාක භක්ෂණයෙනි. මස් කැබැල්ල සමග භුක්ති විඳින සෝස් සෑදිමට තක්කාලි ගසක ගෙඩි උපකාරී වී ඇත. කෑමෙන් පසු ගන්නා අතුරුපසට ඇති චොකලට් සහිත ස්ට්‍රෝබෙරි ආහාරයෙහි ස්ට්‍රෝබෙරි මී මැස්සන් මගින් සිදු වූ පරාගණයෙන් ද කොකොවා (චොකලට්) මැස්සන් මගින් සිදු වූ පරාගණයෙන් ද ලැබුණු දේවල් ය. බොහෝ ඖෂධ වර්ගද ලැබෙන්නේ සත්ත්වයන් මගින් පරාගණය වූ සපුෂ්ප ශාක වලිනි. අප ඇඳ සිටින ඇඳුමට යොදා ගෙන ඇති කපුරෙද්ද ලබා ගැනීමට හැකි වී ඇත්තේ මී මැස්සන් මගින් පරාගණය වූ කපු ගස් වලිනි.

පරාගණය කියන්නේ කුමක් ද?

Asteraceae-pollencroppped-973x1024ශාක තුළ සිදුවන ලිංගික ප්‍රජනනය තමයි පරාගණය කියන්නේ. පරාග කණිකාවල පුරුෂ ලිංගික සෛල අඩංගු ය. මේවා ක්ෂීරපායියන්ගේ ශුක්‍රාණුවලට සමානය. ප්‍රජනනය සිදුවීමට නම් පරාග කණිකා එක පුෂ්පයක සිට තවත් පුෂ්පයක් වෙත යා යුතුයි. සපුෂ්ප ශාකවල පරාග ඇත්තේ කුඩා නටු(රේණු) මුදුනෙහිය. ස්ත්‍රී ලිංගික සෛලවන ඩිම්බ ඇත්තේ, පුෂ්පයෙහි මධ්‍යයේ වාස් මල් බඳුනක්  වැනි ව්‍යුහයේ යටම පිහිටි ජායාංගයෙහිය(pistils ස්ත්‍රී කේසරය) ඇතැම් ශාකවලට ඇත්තේ එක්කෝ පුරුෂ ව්‍යුහයන් හෝ නැතිනම් ස්ත්‍රි ව්‍යුහයන් පමණකි. ඒත් බොහොමයක දෙකම ඇත. ශාකයක පරාග කණිකා එම ශාකයේම හෝ එම විශේෂයේම වෙනත් ශාකයක ඩිම්බ වෙත යොමු වු විට පරාගණය සිදුවේ.

පරාග සහ ඩිම්බ අතර මෙම හමුවීමසිදුවන්නේ කෙසේ ද?

පරාගවලට, ඩිම්බ හා සම්බන්ධවීමට හැකිවන සේ ශාක අනේක විධ ක්‍රම විකාශනය කරගෙන ඇත. මෙයට වසර මිලියන 300 කට පමණ පෙර තිබූ(මීවන වලට සමාන කමක් දැක් වූ) ඉතා පෞරාණික ශාක පරාගණය සඳහා රඳා පැවතුනේ සුළඟ මතය. අද ලෝකයේ කේතුධර (conifers) සහ තෘණ තවමත් උපයෝගී කර ගන්නේ සුළඟ ය. සුළඟින් විසිරී යන පරාග නියම ඉලක්කයම වෙත යාමේ හැකියාව/අවස්ථාව වැඩි කර ගැනීම වස් කේතුධර අනුවර්තන වර්ධනය කර ගෙන ඇත. නිදසුනක් බලමු. පුරුෂ කේතු(male cones) ස්ත්‍රී කේතුවලට(female cones)  වඩා ගසෙහි ඉහළ තිබේ නම් පරාග පහළට පාවී කේතු ශල්ක මත නිරාවරණය වී රැඳී පවතින ඩිම්බ වෙත ඇදී එයි. සුළඟින් ගෙන යනු ලබන පරාග කුඩාය, බරෙන් අඩුය. පරාග, ඩිම්බ වෙත ජලය මගින් යොමු කිරීම ප්‍රචලිත බවින් අඩු උපක්‍රමයකි. සමහර ජලජ ශාක ජලයට පරාග මුදාහරින අතර ඒවා අහඹු ලෙස ඉලක්කය වෙත සම්බන්ධ වන්නට ඉඩ ඇත. කලාතුරකින්, ශාකයක් පුෂ්පයකින් පුෂ්පයකට පරාග සේදී යොමුවීම පිණිස වර්ෂාපතනය මත රඳා පවතී.

images (3)කොයි අතින් බැලුවත්, පරාග ඩිම්බ වෙත යොමුවන වඩාත් ම ප්‍රචලිත ක්‍රමය වන්නේ සතුන්ගේ ආධාරය ඇතිව සිදුවන්නා වූ පරාගණය යි. (ජෛවී පරාගණය) ශාක හා එකිනෙක එක් වී කෘමි විශේෂ බොහොමයක් ම පරාග රැගෙන යාම සඳහා සුවිශේෂී වූ ව්‍යුහයන් අනුවර්තනය කරගෙන ඇත. මී මැස්සන්ගේ ශරීරවල පරාග හසුකර ගන්නා කෙඳි, ඔවුන්ගේ පිටුපස පාදවල ‘ පරාග පැසි’ (pollen baskets ) ආකාරයට විශේෂීකරණය වී ඇති ආකාරය සලකා බලන්න. ශාක හා සත්වයන් අතරේ මෙකී සහපරිණාමය (coevolution) පරාග ප්‍රවාහනය කිරීමේ වඩාත් කාර්යක්ෂම එමෙන් ම වඩාත් නිශ්චිත ක්‍රම නිර්මාණයට තුඩු දී ඇත. මෙහි තේරුම වන්නේ ශාකයට වඩාත් අඩුවෙන් පරාග නිපදවීමට හැකියාව ලැබීම යන්නය.

මෙම සහයෝගීතාවයෙන් කෘමීන්ට ද වාසි සැලසේ. ඒ, ආහාර සහ අනෙකුත් ප්‍රතිලාභ තකා පුෂ්ප යොදා ගැනීමෙනි. තමන්ට සහ තම ජනිතයන්ට, සතුන් මගින් පරාගණය වනු ලැබු පුෂ්පයන්, සීනි පෝෂිත මධු මකරන්ද ය ද, ප්‍රෝටීන බහුල පරාග ද, මේද තෛල සහ අනෙකුක් ප්‍රතිලාභ පරාගණයෙහි යෙදෙන්නන්ට නිපදවා දෙයි. ශාක සහ පරාගණයෙහි යෙදෙන්නන් වසර මිලියන ගණනක් මුළුල්ලේ දෙපාර්ශයටම වාසි සලසන ජය-ජය සම්බන්ධතාව, සහපරිණාමය කරගෙන ඇත. ස්මිත්සෝනියානු ආයතනයේ පාෂාණිධාතු ජෛවිද්‍යාඥ ආචාර්ය කොන්රඞ් ලැබෙන්දියේරා කෘමීන් මගින් සිදුවන පරාගණයෙහි පරිණාමය හදාරමින් සිටියි. කේතුධර වැනි පුරාතණ විවෘත බීජක (gymnosperms) මෙයට වසර මිලියන සියයකට වැඩි කාලයකට පෙර පරාගණය වී ඇත්තේ scorpionflies  යන නමින් හැඳින්වෙන මෙකොප්ටෙරා කෘමීන් විසින් බව ඔහු සොයා ගෙන ඇත. මෙකී මැසි වර්ගයේ දිග නළ හැඩැති මුඛ කොටස් ශාකයේ පුනීල හැඩ ගත් නාළිකාවලට   ගැලපෙන ආකාරයට අනුගත වී ඇති බවත් පෙනී යයි.

පරාගණයෙහි යෙදෙන්නන් ආකර්ෂණය සඳහා යෙදෙන උපාය මාර්ග ගැන තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

 

Smithsonian National Museum of Natural History හි  Pollinators ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: