විවිධ රටාවන්ට අනුව හැඩ ගැසුණු තරු පොකුරු රාතී‍්‍ර අහසේ දර්ශනය වෙයි. හඳුනා ගැනීමේ හා මතක තබා ගැනීමේ පහසුව තකා පැරන්නන් ඒවා සමග විවිද මනඃකල්පිත සතුන් හා චරිත ඈදා විවිධාකාර මිත්‍යා කතා ගොතා ඇත. අතීතයේ දී මේවා තරු කාණ්ඩ හෙවත් තරු පොකුරු ලෙස හඳුන්වනු ලැබ තිබේ. පසු කාලීනව තාරකා විද්‍යාඥයෝ අහසේ තරු සිතියම් ගත කිරීම අරඹා නම් කරන ලද තරු රටා ඒවාට ඇතුළත් කර ඒවා තරු රාශි නැතහොත් තාරකා මණ්ඩල ලෙසින් නම් කළෝය.
කලක් ගත වෙද්දී ආකාශය තාරකා මණ්ඩල නැතහොත් රාශි වලින් පිරී ගිය අතර රාශි වලට සීමා මායිම් නොතිබු නිසා රාශි කිහිපයකම පවා එකම තරුව ඇතුළත් ව පැවතිණි. අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමය මේ සම්බන්ධව අවධානය යොමු කර, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 1925 දී, නිල වශයෙන් පිළිගත් තරු රාශි 88 ක් හඳුනාගෙන ඒවා සඳහා නිශ්චිත ප‍්‍රදේශ හා විශේෂිත රාශි නාම හඳුන්වා දුන්නේය. එම හඳුන්වාදීමේ දී ඔවුන් රාශී පහසුවෙන් හඳුනා ගැනීම සඳහා රාශී සමග සම්බන්ධ කර තිබූ පුරා වෘත්ත පිළිබඳව සැලකිල්ලක් යොමු නොකරන ලදී. ඇත්තවශයෙන් ම ඔවුන්ගේ මෙම නාමකරණයෙන් පසු මෙම රාශී පෙර මෙන් මනඃකල්පිත සතුන් සමග සහ මනඃකල්පිත චරිත සමග ගැලපුනේ නැත.
අහසේ තරු පිහිටා ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා තාරකා මණ්ඩල නැතහොත් තරු රාශී උපකාරී වනු ඇත. තරු රාශීයකට මනඃකල්පිත සීමාවක් ඇති අතර එම සීමාව ‘‘තිත් යා කිරීම’’ මගින් සිදු කර ඇත. එක් රාශී සීමාවක් තුල පිහිටා ඇති සියළුම තාරකා නම් කරනු ලැබ ඇත්තේ එම රාශීයට දී ඇති නාමයත් සමගිනි. කෙසේ වෙතත් අප සිහි තබා ගත යුත්තේ මේ රාශී ඇත්ත වශයෙන් ම නොපවතින දේවල් බව හා ඒවා අප පෘථිවියේ සිට නිරීක්ෂණය කරන ස්ථාන අනුව පෙනෙන රටාවන් ම පමණක් බවයි. රාශියක විශාල කොටසක් දක්නට ලැබීම අහඹු සිදුවීමක් පමණි. තරු රාශියක පිහිටා ඇති තනි තනි තාරුකා එකිනෙකට ඉතා සමීපව පිහිටා තිබෙන බව අපට පෙනුනත් ඇත්ත වශයෙන් ම ඒවා එකින් එකක් වෙන් වී ඇත්තේ ඉතාමත් ම විශාල දුර ප්‍රමාණවලින් වන අතර ඒවා එකිනෙකක් අතර කිසිම සම්බන්ධයක් ද නොපවතී. උදාහරණයක් ලෙස පහත දැක්වෙන රූපය බලන්න. එය ඔරායන් (අපට වඩා හුරු අන්දමට කීවොත්) මුව සිරස රාශියයි. මෙම රාශියේ පිහිටා ඇති අපට පහසුවෙන් නැරඹිය හැකි තරු, එකිනෙකකට පෘථිවියේ සිට පවතින්නේ බොහෝසෙයින් වෙනස් වූ විවිධ දුර ප්‍රමාණයන්ය.
වර්ෂයේ විවිධ කාල වලදී විවිධ රාශි අහසේ දර්ශනය වෙයි. අප පෘථිවිය මත සිටින ස්ථානය අනුව ද අපට වෙනස් රාශි දර්ශනය වෙයි.
රාශි මුලින් ම හඳුනා ගත්තේ කවු ද?
තරු පිහිටි ස්ථාන මතක තබා ගැනීම සඳහා රාශි උදවු වෙන බව අපි දනිමු. එහෙත් ප‍්‍රශ්නය වන්නේ තරු පිහිටන ස්ථාන මුලින් ම මතක තබා ගත යුතු වූයේ කාට ද? කුමක් සඳහා ද? යන්නයි. එමෙන්ම එසේ කළේ යම් ආගමික වුවමනාවකට ද යන්න විමසා බැලීම වටී. මෙයට පිළිතුර විය හැක්කේ රාශි පිහිටන ස්ථාන මුලින් ම සොයා ගන්නට ඇත්තේ ගොවියන් විය හැකි බවයි.
ලෝකය පුරා ජීවත්ව සිටි ගොවියන් දැන සිටි කරුණක් වූයේ බොහෝ භෝග වර්ග වසන්ත කාලයේ දී වගා කළහොත් හිම වැටෙන කාලයේ දී අස්වනු නෙළා ගත හැකි බවයි. වසරේ විවිධ කාලවලදී විවිධ රාශි දර්ශනය වන නිසා අහසේ යම් යම් කාලවල දී දර්ශනය වන රාශි වලට අනුව ඔවුන් ගත වූ මාස ගණන දැන ගන්නට ඇත. (එකල අවුරුද්දකට නිශ්චිත මාස ක‍්‍රමයක් නොපැවතුණා විය හැකිය) උදාහරණයක් ලෙස උතුරු අර්ධ ගෝලයට වෘශ්චික රාශිය දර්ශනය වන්නේ වසන්ත කාලයේ පමණි. ඉතිහාසඥයින් අනුමාන කරන්නේ රාශි සමග සම්බන්ධ වී ඇති මිත්‍යා කතා නිර්මාණය කරන්නට ඇත්තේ ගොවියන්ට එම රාශි මතක තබා ගැනීමට විය හැකි බවයි. වර්ෂයේ යම් යම් කාල වකවානුවල දර්ශනය වන රාශි නිරීක්ෂණයෙන් ඔවුන් භෝග වගා කළ යුතු කාල වකවානුවත් අස්වනු නෙළා ගතයුතු වකවානුවත් හඳුනා ගන්නට ඇත.
www.astro.wisc.edu/ සහ NASA :Star Child යන වෙබ් අඩවි ඇසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකොන්
88 Officially Recognized Constellations(NASA :Star Child)
Latin Name | English Name or Description |
Andromeda | Princess of Ethiopia |
Antlia | Air pump |
Apus | Bird of Paradise |
Aquarius | Water bearer |
Aquila | Eagle |
Ara | Altar |
Aries | Ram |
Auriga | Charioteer |
Bootes | Herdsman |
Caelum | Graving tool |
Camelopardus | Giraffe |
Cancer | Crab |
Canes Venatici | Hunting dogs |
Canis Major | Big dog |
Canis Minor | Little dog |
Capricornus | Sea goat |
Carina | Keel of Argonauts’ ship |
Cassiopeia | Queen of Ethiopia |
Centaurus | Centaur |
Cephus | King of Ethiopia |
Cetus | Sea monster (whale) |
Chamaeleon | Chameleon |
Circinus | Compasses |
Columba | Dove |
Coma Berenices | Berenice’s hair |
Corona Australis | Southern crown |
Corona Borealis N | orthern crown |
Corvus | Crow |
Crater | Cup |
Crux | Cross (southern) |
Cygnus | Swan |
Delphinus | Porpoise |
Dorado | Swordfish |
Draco | Dragon |
Equuleus | Little horse |
Eridanus | River |
Fornax | Furnace |
Gemini | Twins |
Grus | Crane |
Hercules | Hercules, son of Zeus |
Horologium | Clock |
Hydra | Sea serpent |
Hydrus | Water snake |
Indus | Indian |
Lacerta | Lizard |
Leo | Lion |
Leo Minor | Little lion |
Lepus | Hare |
Libra | Balance |
Lupus | Wolf |
Lynx | Lynx |
Lyra | Lyre or harp |
Mensa | Table mountain |
Microscopium | Microscope |
Monoceros | Unicorn |
Musca | Fly |
Norma | Carpenter’s Level |
Octans | Octant |
Ophiuchus | Holder of serpent |
Orion | Orion, the hunter |
Pavo | Peacock |
Pegasus | Pegasus, the winged horse |
Perseus | Perseus, hero who saved Andromeda |
Phoenix | Phoenix |
Pictor | Easel |
Pisces | Fishes |
Piscis Austrinis | Southern fish |
Puppis | Stern of the Argonauts’ ship |
Pyxis (=Malus) | Compass on the Argonauts’ ship |
Reticulum | Net |
Sagitta | Arrow |
Sagittarius | Archer |
Scorpius | Scorpion |
Sculptor | Sculptor’s tools |
Scutum | Shield |
Serpens | Serpent |
Sextans | Sextant |
Taurus | Bull |
Telescopium | Telescope |
Triangulum | Triangle |
Triangulum Australe | Southern triangle |
Tucana | Toucan |
Ursa Major | Big bear |
Ursa Minor | Little bear |
Vela | Sail of the Argonauts’ ship |
Virgo | Virgin |
Volans | Flying fish |
Vulpecula | Fox |