විදු නැන නුවණ – Science Literacy for All

රසායනික මූලද්‍රව්‍ය

රසායනික මූලද්‍රව්‍ය යනු,  පරමාණුක න්‍යෂ්ටියෙහි (atomic nucleus) එකම ප්‍රෝටෝන (protons) සංඛ්‍යාවක් (පරමාණුක ක‍්‍රමංකය ) සහිත තනි තනි පරමාණුවලින් සමන්විත වන්නා වූ ස්වභාවයෙහි (in nature) දැකිය හැකි වඩාත්ම සරල ද්‍රව්‍යයයි. මේ සෑම න්‍යෂ්ටියක්ම ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන කවචයකින් හෙවත් කබොල්ලකින් වටවී තිබේ. සිරිතක් ලෙස මේ ඉලෙක්ට්‍රෝන කවච,  ධන න්‍යෂ්ටීය ආරෝපිත මගින් එකිනෙක මකා දැමෙන හෙයින් පරමාණුව සමස්තයක් වශයෙන් උදාසීන හෙවත් නිෂ්කී‍්‍රය වේ.

r1274104_17194158

සෑම මූලද්‍රව්‍යයකටම සම්මත රසායනික සංකේතයක් ඇත. උදාහරණයක් දක්වන්නේ නම් හයිඩ‍්‍රජන් මූලද්‍රව්‍යය සඳහා සංකේතය H ය . එමෙන්ම යකඩ සඳහා සංකේතය Fe ය. මූල ද්‍රව්‍ය අතරින් වඩාත්ම සැහැල්ලූ මූලද්‍රව්‍යය,  හයිඩ‍්‍රජන්ය. එය සමන්විත වන්නේ හුදු ඒත් ප්‍රෝටෝනයක් සහ එක් ඉලෙක්ට්‍රෝනයකින් පමණකි. තවද පරමාණුක ක‍්‍රමාංක 92 දරන යුරේනියම්වලට වඩා බැර (heavier) මූලද්‍රව්‍ය සියල්ල අස්ථායිවන අතර සීස‍්‍රයෙන්  විකිරණශීලී  ක්ෂයවීමට(radioactive decay)  භාජනය වේ.

 

ආවර්තිතා චක‍්‍රය හෙවත් වගුව (periodic table),  පුනරාවර්තිත  අභිනතීන් හුවා දක්වන පේළි මගින් රසායනික මූලද්‍රව්‍ය ප‍්‍රදර්ශනය කරයි. වමේ සිට දකුණට යද්දී පරමාණුක ක‍්‍රමාංකය වැඩි වන අතර එක් එක් තීරුවෙහි ඇති මූලද්‍රව්‍යවල ගුණ (ගුණාංග) එක සමානය.

නිදසුනක් ලෙස බලතහොත්, ඈත දකුණේ තීරුවේ නියොන් (neon) සහ ආගන්(argon) අන්තර්ගතය.  මේවා පහසුවෙන් සංයෝග නොසාදන නිෂ්කී‍්‍රය වායූන්ය(inert gases). ඊට හේතුව වන්නේ, රසායනික ගුණයෙහි ප‍්‍රධාන සාධකයක් වන බාහිර ඉලෙක්ට්‍රෝන එකම වින්‍යාසයක් ඒවායේ තිබීමයි.

sr1

සංයෝග සහ ද්‍රවණ

transition-metal-compound-solutions-andrew-lambert-photography

එකිනෙකට වෙනස් මූලද්‍රව්‍යවල පරමාණු, සංයෝග සෑදීම පිණිස රසායනික ප‍්‍රතිචාරයන් තුළ එකට එක්විය හැකිය. සුලබ නිදසුනක් දක්වතොත් ජලය(H2O)  සෑදීම පිණිස හයිඩ‍්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍ය පඵ‍්‍රතිචාර දක්වයි.  සාමාන්‍යයෙන් සංයෝගවල ගුණ, ඒවායේ අඩංගු මූල ද්‍රව්‍යවල ගුණවලට වඩා බොහෝ සේ වෙනස්ය. නිදසුනක් දක්වතොත්, කාමර උෂ්ණත්වයේදී හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් වායු වන අතර ඒවායින් සමන්විත ජලය ද්‍රවයකි.

සංයෝගවල සෑමවිටම ඇත්තේ පරමාණුවල තිර අනුපාතයකි.  ඒවා, රසායන බන්ධන නොවෙනස් සැකසුමක් ලෙස එකට එක්වී පවතී. ඒවා මූලද්‍රව්‍ය ලෙස වෙන් කිරීමට හැකිවන්නේ රසායනික ප‍්‍රතිකි‍්‍රයාවලින් පමණකි. (රසායනික) සංයෝග මෙන් නොව මිශ‍්‍රනවල රසායනිකව එකට එක් නොවන අතර සාමාන්‍යයෙන් පෙරීම හෝ වාෂ්පීභවනය වැනි සරල යාන්ති‍්‍රක ක‍්‍රම මගින් වෙන් කළ හැකි ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත වේ.

මිශ‍්‍රන අතරට වානේ (යකඩ සහ කාබන්) වැනි මිශ‍්‍ර ලෝහ ද (alloys),  ලූණු දියවූ ජලය වැනි ද්‍රාවණ ද ඇතුළත් වෙයි. කලීල(Colloids) යනු ඉමල්ෂන් තීන්ත වැනි (තෛලෝද වැනි) ඒකාකාරව විසිරුණු අංශු සහිත ද්‍රව්‍යයයි. අවලම්බිතයන්(suspensions) යනු තරල විශේෂයකි. තරලයෙන් පිටත ක‍්‍රමයෙන් තැන්පත්වීමට තරම් විශාල ඝන අංශු එහි අඩංගු ය.

last

  1.  ජලය ද්‍රාවකය(solvent). හා සංසන්දනය කිරීමේ දී තනුක කොපර් සල්ෆේට් ද්‍රාවනයක අඩංගු වන්නේ සාපේක්ෂව අඩු ද්‍රාවිත කොපර් සල්ෆේට් අණු ප‍්‍රමාණයකි(ද්‍රාව්‍යය =solute)
  2. තවත් කොපර් සල්ෆේට් එකතු කරන විට ද්‍රාවනය එන්ට එන්ටම සාන්ද්‍රනය වේ.
  3. අන්තිමේදී, ද්‍රාවකයට තවදුරටත් ද්‍රාව්‍යය රඳවා ගත නොහෙන අතර එය සන්තෘප්ත යයි කියනු ලැබේ.

 

Science in Seconds (Quercus, 2013) යන ග්‍රන්ථයේ Chemical elements  සහ Solutions and compounds යන කොටස් ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: