
සීනි ගැනීමෙන් වැළකී සිටීම – ඔව් කැලරි නොවෙයි සීනි, තරබාරු හෙවත් ස්ඵුල ළමුන් අතරේ හෘදයාබාධ වැළඳීමේ අවදානම අඩුකිරීමට මූලික වන සාධකය ලෙස නව අධ්‍යයනයක් සඳහන් කරයි. පර්යේෂකයන්ට පෙනී ගිය කාරණයක් වූයේ ළමුන් සීනි ආහාරයට ගැනීම සීමා කළ විට ඔවුන්ගේ ට‍්‍රයිග්ලිසරයඞ් මට්ටම් (එක්තරා රුධිර මේදයක් හෝ ලිපිඩ) මෙන්ම හෘදයාබාධයන් සම්බන්ධකර සැළකෙන ApoC-III යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රෝටීනයක මට්ටම ද යහපත් අතට පත්වන බවයි.
“මේ දරුවන්ගේ රුධිර ලිපිඩ ප‍්‍රතිචාරය නම් පුදුම එළවන සුළුයි. එමෙන්ම එය කැලරිවලට හෝ බරෙහි වෙනසකට සම්බන්ධ නැහැ” යයි මෙම අධ්‍යයනයේ දෙවැනි කර්තෘ වෛද්‍ය රොබට් ලස්ටිග් පවසයි. ඔහු සැන් ප‍්‍රැන්සිස්කෝ නුවර, UCSF Benioff ළමා රෝහල් ළමා අන්ෆෝසර්ග විද්‍යාඥයෙක්. “කෑම අඩුවෙන් කෑමෙන් පමණක් මේ සා මට්ටමක ප්‍රෝටීන හා ලිපිඩ අඩුකර ගැනීමට නම් රෝගියෙකු තම ශරීරයේ බර පහෙන් එකකින් අඩුකර ගත යුතු වෙනවා” ලස්ටිග් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම අධ්‍යයනයට අධික රුධිර පීඩනය, ඉහළ ට‍්‍රයිග්ල්සරයිඩ් මට්ටමක් හෝ මේදමය අක්මාව වැනි නිදන්ගත රෝගාබාධ අඩුතරමින් එකක්වත් සහිත වයස අවුරුදු 9 සිට 18 දක්වා ස්ථුල ළමයි 43ක් සහභාගි කරගනු ලැබුහ. ළමයි සියලූ දෙනාම කළු ජාතික හෝ ස්පාඤ්ඤ සම්වයක් සහිත අයයි. සාමාන්‍ය පරිවෘත්තිය(normal metabolism) බාධා කරවන රෝගාබාධ සම්බන්ධයෙන් මේ කණ්ඩායම් වැඩි අවදානමකින් යුක්ත බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබුණි. දින නවයක් තිස්සේ මේ ළමුන්ට සාමාන්‍යයෙන් ඔවුන් කන බොන දේ කෑමට බීමට ලැබුණ ද එක ව්‍යාතිරේකයක් නැතහොත් සිමාකිරීමක් පමණක් තිබිණ: සීනි යෙදූ යෝගට් සහ කේක් වැනි සීනි සහිත ආහාර, වළලූ පාන් සහ පිට්සා වැනි පිෂ්ටමය ආහාර මගින් ආදේශ කරනු ලැබීය.

සමස්තයක් වශයෙන් ගත් කල ළමුන්ගේ මුළු කැලරි ප‍්‍රමාණයෙන් ප්‍රතිශතයක් හැටියට ආහාරමය සීනි සියයට 28 සිට 10 දක්වා ද, ඔවුන්ගේ මුළු කැලරි ප‍්‍රමාණයෙන් පෘක්ටෝස් (fructose පලතුරුවල ඇති සිනි) සියයට 12 සිට 4 දක්වා ද පහළ වැටී ඇති බව පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.
අධ්‍යයනයට ගත වූ කාලයට පෙර සහ පසුව ලබා ගත් රුධිර පරීක්ෂණ ළමුන් සීනි ආහාරයට එක් කිරීම කපා හැරීමෙන් ට‍්‍රයිග්ල්සරයිඩ්වල සියයට 33ක පහළ වැටීමක් ද ApoC-III වල සියයට 49ක පහළ වැටීමක්ද පෙන්නුම් කළේය. අධ්‍යයනයේ ප‍්‍රමුඛ කර්තෘ ඇලෙජන්ද්‍රෝ ගුග්ලියුචි මෙසේ කියයි: ‘LDL හෙවත් ‘නරක’ කොලෙස්ටරෝල් අඩු කිරීමේ දී ස්ටැටින්(statins) වර්ග කාර්යක්ෂමව එය ඉටු කරනවා තමයි. ඒත් ඒවා හෘදය රෝග අවදානම අඩුකරන්නේ සියයට 50කින් පමණය. අනෙක් ‘දුෂ්ටයා’ තමයි රුධිර ලිපිඩ යිග්ල්සරයිඞ් සහ ඒ හා සම්බන්ධ ApoC-III ප්‍රෝටීනය’ මහාචාර්ය ගුග්ලියුචි කැලෆෝනියා ටුවෝරෝ විශ්වවිද්‍යාලයේ අස්ථිවේද වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ පිළිබඳ සහකාර පීඨාධිපතිය. හුදෙක් සීනි පරිභෝජනය අඩුකිරීමෙන් මේ ප‍්‍රධාන සාධක දෙකෙන් ඇතිවන අවදානම සියයට 30කින් සහ 50කින් ඉතා සාර්ථකව අඩුවන්නේ යයි නව අධ්‍යයනයෙන් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. තව ද හෘද රෝගවලට සම්බන්ධ යයි සැලකෙන කුඩා ඝන LDL ද පහව යන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. සරලව දක්වන්නේ නම් සීනිවලින් ලැබෙන කැලරි අනෙකුත් කැලරිවලට වඩා පැහැදිලිවම වෙනස් යයි පර්යේෂකයෝ සඳහන් කරති.

“සිනි සුවිශේෂී අන්දමින් අක්මාවේදී මේදය බවට පරිවෘත්තිය වෙනවා. එය රුධිර ධාරාව තුල මේදය එකතුවීමට මග පාදන්නේ හෘදරෝගාබාධවලට තුඩු දෙමිනුයි. අප කැලරි වර්ගය කුමක්ද යන්න සහ ඒවා පරිවෘත්තීය සකස්වන්නේ කෙලෙසද යන්න ගැන නොතකා මුළු කැලරි ප‍්‍රමාණය ගැනම අවධානය යොමු කර සිටින තාක් කල් ස්ථුලතාව, දියවැඩියාව සහ හෘදරෝග වසංගතකාරව දිගටම පවතීවි” යයි ලස්ටිග් පැහැදිලි කරයි.
අධ්‍යයනයේ සොයා ගැනීම් Atherosclerosis සඟරාවේ මාර්ගගතව පළ කෙරිණ.
WebMD News හි පළවූ Cutting Down on Sweets Can Help Kids’ Hearts යන ලිපිය ඇසුරෙනි




ප්‍රතිචාරයක් ලබාදෙන්න