මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

දෙවියන් යනු භක්තිවන්තයින් විසින් විශ්වයේ මැවුම්කරු සහ විශ්වයේ පාලකයා ලෙස ප්‍රතිගෘහිත හෙවත් අවිවාදයෙන් පිළිගත් සුපිරිවතාය. ආගම් බොහොමයකම එක්කෝ එක් තනි දෙවියෙකු (ඒකදෙවවාදය) හෝ දෙවිවරු ගණනාවක්ම(බහුදේවවාදය) ඇතත් බුද්ධාගමෙහි සහ ලේයොට්සේ නම් ශාස්තෘවරයාගේ ධර්මය වන ටාඕවාදයෙහි දෙවිවරුන් නැත.
බහුදේවවාදී ආගම්වලට හින්දු ධර්මය මෙන්ම පුරාතන ග්‍රීක හා රෝම ආගම් ද ඇතුළු වුවත් ඒවායේ සර්වදේව මණ්‌ඩලය පවා ධුරාවාලිගතය. නිදසුනක් ගතහොත් හින්දු ධර්මයෙහි උත්තරීතර ආත්මය මෙන්ම පරම යථාර්ථය වනුයේ බ්‍රාහ්මන් ය. බ්‍රාහ්මන් ක්‍රියා කරන්නේ බ්‍රහ්ම(මැවුම්කරු), විෂ්ණු( ආරක්ෂකයා) සහ ශිව(නාශකයා) යන ත්‍රිකය හෙවත් ත්‍රිසංයුජය(triad) හරහාය; ඊට අමතරව නොයෙකුත් වෙනත් දෙවිවරු ද ඇත. ඉන් සමහරෙකු උසස් දෙවිවරුන්ගේ ආවිර්භාවනයන්‍ය(ප්‍රකටවිම්ය – manifestations).

ප්‍රථම ඒකදේවවාදී ආගම වුයේ යුදෙව් ආගමය; මැද පෙරදිගම පහල වූ ක්‍රිස්තියානිය සහ ඉස්ලාම් ආගම ද ඒ සම්ප්‍රදායෙහිම ලැගුම් ගත්තේය. ක්‍රිස්තියානි ආගමෙහි දෙවියන් පරිකල්පනය කර ඇත්තේ ත්‍රිත්වයක් ලෙසිනි. ත්‍රිත්වය සමන්විත වන්නේ දෙවියන්, දේව පුත්‍රයා සහ ශුද්ධ ආත්මය ලෙසිනි. දෙවියන් ගැනෙන්නේ සර්ව බලධාරී(omnipotent), සර්වාඥ(omniscient ) සහ මහා කාරුණික(benevolent ) යනුවෙනි. දෙවියන් භාවිෂ්‍යත්වන්නේ(හෙළිදරව් වෙන්නේ) බයිබලය. කුරානය සහ හීබ්රූ ධර්ම පුස්තක වැනි ශුද්ධ ලියවිලි තුළිනුයි.
බොහෝ ආගම්වලට අනුව දෙවියන් ලෝකය මැව්වා පමණක් නොව එහි කටයුතු වලට සක්‍රියව සම්බන්ධය. මේ තත්ත්වය හැඳින්වෙන්නේ දේවවාදය යනුවෙනි. දේවවාදීන් අදහන්නේ දෙවියන් අතිරෝහනික(transcendent = සිය මැවීමට ඉහලින් හා ඔබ්බෙන්, කාලය හා අවකාශයට බාහිරව පැවතීම) මෙන්ම ඒ එක්කම අන්තරස්ථ(immanent = සිය මැවිමෙහි සෑම අංශයක් සමගම සක්‍රියව එක්වීම මෙන්ම ඒ හා සම්බන්ධවීම) බවයි. මිට විසංසන්දනාත්මකව, දහ අටවෙනි සියවසේ ප්‍රබුද්ධ සමයේ බුද්ධිවාදී චින්තකයන් බොහෝදෙනෙකු අනුදත් ස්ථාවරයක් වූ දේවදෘෂ්ටිය(deism) මගින් කියාපාන්නේ දෙවියන් විශ්වයේ අත්‍යවශ්‍ය මුල හේතුව වූ(first cause) බවයි.

මිට වෙනස් පර්යාලෝකයක් සර්වදේවවාදයෙහි(pantheism) දැක ගත හැක. සර්වදේවවාදය දක්වන්නේ අතිරෝහනික හෙවත් සියල්ල අභිබවා යන දෙවියෙකු නොමැති බවයි. සෑම මනුෂ්‍යයෙකුම ඇතුළුව විශ්වයේ ඇති සෑම දෙයකම දෙවියන් දැක ගත හැකිය. සර්වදේවවාදය බැරුක් ස්පිනෝසා (1632 – 77) වැනි දාර්ශනිකයන් මෙන්ම විලියම් වර්ඩ්ස්වර්ත් වැනි රෝමැන්ටික කවියන් අනුදක්නේ වී නමුත් එය බටහිර ආගම් අතර එතරම් පිළිගැනීමකට ලක්නොවිය.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ God කොටස ඇසුරෙනි




ප්‍රතිචාරයක් ලබාදෙන්න