රසායන විද්‍යාව ගැන හැදෑරීම අප කාටත් යෝග්‍යයි

අප අවට ලෝකයේ බොහෝ විපර්යාසයන් මධ්‍යයෙහි ඇත්තේ රසායන විද්‍යාවයි. එමෙන්ම, පදාර්ථ හෙවත් ද්‍රව්‍යවල අප දකින ගුණාංග අසීමිත සංඛ්‍යාවක් ඇති කරන්නේ ද එමගිනි. මෙකී විපර්යාසයන් හා ගුණාංග හටගන්නේ කෙසේ දැයි වටහා ගැනීමට නම් අපේ එදිනෙදා නිරීක්ෂණයන්ගේ මතුපිට හරහා අභ්‍යන්තරයට ගොස් සොයා බැලිය යුතු වේ.
රසායන විද්‍යාවේ පරමාණුක සහ අණුක පර්යාලෝකය
රසායන විද්‍යාව යනු පදාර්ථයේ ගුණාංග සහ හැසිරීම අධ්‍යයනය හෙවත් හැදෑරීමයි. පදාර්ථ යනු විශ්වයේ භෞතික ද්‍රව්‍යයයි ; එය, ස්කන්ධයක් ඇති අවකාශයක් පුරවන ඕනෑම දෙයකි. ගුණාංගයක් යනු කිසියම් එක්තරා ද්‍රව්‍ය වර්ගයක් හඳුනා ගැනීමට හා එය අනෙක් වර්ගවල ද්‍රව්‍ය වලින් වෙන් කොට හඳුනා ගැනීමට අපට ඉඩ සලසන එහි ලාක්ෂණිකයි. ඔබ මෙම ලිපිය කියවන පරිගණකය, ඔබේ සිරුර, ඔබ ආශ්වාස කරන වාතය එමෙන්ම ඔබ දැන් ඇඳ සිටින ඇඳුම් ආදී සියල්ල පදාර්ථයට නිදසුන්ය. අපේ ලෝකය තුළ පදාර්ථ ගතහොත් අතිශය විශාල විවිධත්වයක පදාර්ථ අපට නිරීක්ෂණය කළ හැක. එසේ වතුදු, අප්‍රමාණ අත්හදා බැලීම් වලින් පෙන්නුම් කරන්නේ, සියළුම ද්‍රව්‍ය100 ක් පමණවන මූල ද්‍රව්‍ය ලෙස හඳුනනු ලබන වස්තූන්ගේ සංයෝජන මගින් සමන්විත වන බවයි. පදාර්ථයෙහි ගුණයන් එහි සංයුතියට සම්බන්ධ කිරීම, ඒ කියන්නේ එහි අඩංගු සුවිශේෂී මූල ද්‍රව්‍යයන්ට සම්බන්ධ කිරීම රසායන විද්‍යාව හැදෑරීමේ දී වැදගත් වේ.
පරමාණු ලෙස සලකමින් පදාර්ථයෙහි ඇති ගුණාංග අවබෝධ කර ගැනීමට අවශ්‍ය පසුබිම ද රසායන විද්‍යාවෙන් සැපයේ. පරමාණු කියන්නේ අතිශයම කුඩා, පදාර්ථයෙහි තැනුම් ඒකකයි. සෑම මූලද්‍රව්‍යයක්ම සුවිශේෂී පරමාණු වලින් සමන්විතයි. පදාර්ථවල ගුණාංග එහි සංයුතියට(composition) එමෙන්ම පරමාණු සැළසුම් වී ඇති ආකාරයට (ව්‍යුහයට = structure) යන දෙකටම සම්බන්ධ බව රසායන විද්‍යාව හැදෑරීමේ දී අපට දැන ගන්නට හැකිවේ.
අණු තුළ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් සුවිශේෂ හැඩ මගින් එක්කාසු කෙරේ. ඇතැම් රසායන විද්‍යා පෙළපොත්වල මේ පරමාණු එක් වී ඇති ආකාරය වර්ණ කළ ගෝල මගින් දැක්වේ. (1. චිත්‍රය බලන්න) විවිධ මූල ද්‍රව්‍යවල පරමාණු අතර වෙනස්කම් වෙන් කොට හඳුනා ගැනීමේ පහසු මගක් වර්ණවලින් සැපයේ. නිදසුනක් ලෙස (චිත්රයෙහි දක්වා ඇති) එතනෝල් වල අණු හා එතිලීන් ග්ලයිකොල් අණුවල වෙනස් සංයුතීන් හා ව්‍යුහයන් ඇති බව පෙනී යනු ඇත. එතනෝල් වල එක් ඔක්සිජන් පරමාණුවක් අඩංගුය. එය එක් රතු ගෝලයකින් දක්වා ඇත. මීට විසංසන්දනාත්මකව, එතිලීන් ග්ලයිකොල් වල ඔක්සිජන් පරමාණු දෙකක් අඩංගුය.
අණුවල සංයුතියෙහි හා ව්‍යුහයෙහි සුළු යයි පෙනී යන වෙනස්කම්වලින් පවා ගුණාංග වල මහත් වෙනස්කම් ඇති කළ හැකිය. නිදසුනක් ලෙස චිත්රයේ එතනෝල් සහ එතිලීන් ග්ලයිකොල් සංසන්දනය කරමු. එතනෝල් බියර් සහ වයින් වැනි බීම වල ඇති මධ්‍යසාරයයි. එසේ වුවද එතිලීන් ග්ලයිකොල් යනු මෝටර් රථ ප්‍රති-හිමායකයක් (antifreeze) ලෙස යොදා ගන්නා දුස්ස්රාවී ද්‍රවයකි(viscous liquid). මේ ද්‍රව්‍ය දෙකෙහි ගුණාංග ආකාර බොහොමයකින් එකිනෙකට වෙනස් වන්නා සේම ඒවායේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් ද එලෙසම වෙනස් වේ. එතනෝල් ලොව පුරා පරිභෝජනය කෙරෙන(බිමට ගන්නා) නමුත් එතිලීන් ග්ලයිකොල් කිසි දිනක පානය නොකළ යුතුය. මන්ද එය විෂ සහිත හෙයිනි. රසායනඥයන් මුහුණ පාන එක් අභියෝගයක් වන්නේ, (එකිනෙකින්) වෙනස් ගුණාංග සහිත නව ද්‍රව්‍යයක් නිපදවමින් පාලිත (පාලනය කරන ලද) ආකාරයට අණුවල සංයුතිය හෝ ව්‍යුහය වෙනස් කිරීමයි. නිදසුනක් දක්වන්නේ නම් (චිත්රයේ දක්වා ඇති) සුලබව භාවිතා කරන ඖෂධයක් වන ඇස්පිරින් මුල් වරට 1897 දී සංස්ලේෂණය කරන ලද්දේ, වේදනාව සමනය කිරීම පිණිස බොහෝ කලක් මුළුල්ලේ භාවිතා කළ විලෝ ගසෙහි පොත්තෙන් නිස්සාරණය කරගත් (extracted) ස්වභාවික නිෂ්පාදනයක් වැඩි දියුණු කිරීමේ සාර්ථක ප්රයත්නයක යෙදෙමිනි.
අපට නිරීක්ෂණය කළ හැකි ලෝකයේ සෑම විපර්යාසයකම — වතුර නැටීමේ සිට ආක්රමණික වෛරසයකට එරෙහිව අපේ ශරීර සටන් කිරීමේ දී හටගන්නා වෙනස්කම් දක්වා වෙනස්කමකම — පදනම ලෙස ලෝකයේ ඇත්තේ පරමාණු සහ අණුය. එ අනුව, අප රසායන විද්‍යා ගැන හදාරමින් ඉදිරියට යද්දී, අප විෂය පථ නැතිනම් ‘රාජධානි’ දෙකක් ගැන සිතමින් පසුවන බව පෙනී යනු ඇත : සාමාන්‍ය ප්‍රමාණයේ වස්තුවල මහේක්ෂ රාජධානියයි(macroscopic realm);සහ අනෙක, පරමාණු හා අණුවල උප අන්වීක්ෂ(submicroscopic = සාමාන්‍ය අන්වීක්ෂයකට නොපෙනෙන තරම් කුඩා) රාජධානිය යනුවෙනි. අපි අපේ නිරීක්ෂණ සිදු කරන්නේ මහේක්ෂ රාජධානිය තුළය. එහෙත් ඒ ලෝකය තේරුම් ගැනීමට නම් අප උප අන්වීක්ෂ මට්ටමේ දී පරමාණු සහ අණු හැසිරෙන ආකාරය සිහියට නගා ගත යුතුය. රසායන විද්‍යාව යනු පරමාණු හා අණුවල ගුණාංග හා චර්යාව හැදෑරීමෙන් පදාර්ථයේ ගුණාංග සහ චර්යාව අවබෝධ කර ගැනීමට උත්සාහ දරණ විද්‍යාවයි.
රසායන විද්‍යාව හැදෑරිය යුත්තේ ඇයි ?
සෞඛ්‍ය සත්කාරක සේවා වැඩි දියුණුව, ස්වභාවික සම්පත් සංරක්ෂණය, පරිසරය සුරැකීම සහ සමාජය පවත්වාගෙන යාමට අවශ්‍ය බලශක්ති අවශ්‍යතා සපුරාලීම වැනි පොදුජන ඕනෑකම් බොහොමයක කේන්ද්‍රය ආසන්නයේ ඇත්තේ රසායන විද්‍යාවයි. රසායන විද්‍යාව උපයෝගී කර ගනිමින් අපි, ඖෂධ, පොහොර සහ පලිබෝධ නාශක, ප්ලාස්ටික්, සූර්ය කෝෂ, LED හා ගොඩනැගිලි ද්‍රව්‍යය සොයා ගනිමින් ද එමෙන්ම ඒවා අඛණ්ඩව වැඩි දියුණු කර ගනිමින් ද සිටින්නෙමු. තවද ඇතැම් රසායන අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද හානිකර බව ද අප විසින් සොයාගෙන තිබේ. මෙයින් තේරුම් යන්නේ, අපට කටයුතු කිරීමට සිදුවන ද්‍රව්‍ය ආරක්ෂා සහිත බව අප තහවුරු කර ගත යුතු බවයි. රසායනික භාවිතය සම්බන්ධයෙන් තුලිත ආකල්පයක් දැරීම පිණිස රට වැසියෙකු මෙන්ම පාරිභෝගිකයෙකු ලෙස රසායන වල ධනාත්මක මෙන්ම සෘණාත්මක බලපෑම් ගැන අවබෝධයක් ලබා ගැනීම තමන්ගේම යහපතට හේතු වෙයි. ඔබ විෂයක් ලෙස රසායන විද්‍යාව හදාරනවා විය හැකියි. ඔබ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධියකට පෙනී සිටිනවා වෙන්නට පුළුවන. නොඑසේ නම් ඔබ ජීව විද්‍යාව, ඉංජිනේරූ විද්‍යාව, ඖෂධ වේදය, කෘෂි කර්මාන්තය, භූ විද්‍යාව හෝ වෙනත් ක්ෂේත්රයක අධ්‍යයන කටයුතු වල යෙදෙනවා විය හැකිය. විද්‍යාවට අදාළ ක්ෂේත්‍ර බොහොමයක පාලන මූලික සිද්ධාන්ත අවබෝධ කර ගැනීමට රසායන විද්‍යාව කේන්ද්‍රීයයි. නිදසුනක් ලෙස භෞතික ලෝකය සමග අපේ අන්තර් ක්‍රියා අප අපට ඇති ද්‍රව්‍ය පිළිබඳව මූලික ප්‍රශ්න මතු කරයි. නූතන ජීවිතයේ අංග කිහිපයකට රසායන විද්‍යාව කේන්ද්‍රීය වන්නේ කෙසේ ද යන්න 2 චිත්රයෙන් තරමක් හෝ පැහැදිලි වේ යයි සිතමු.
CHEMISTRY : The Central Science 14th Edition ග්රන්ථයෙහි Why study Chemistry කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න