විදු නැන නුවණ – Science Literacy for All

මැලේරියාව ජිවිත වනසයි

මැලේරියාව පාලනය සඳහා ගන්නා ජාත්‍යාන්තර ප්‍රයත්නවලින් උගත හැකි පාඩම්

මැලේරියාව නිසා මින් මතුවට ඇමරිකා එක්සත් ජනපදයේ කිසිවෙකු  මිය නොයෑම සහතික කරනු වස් ක‍්‍රමවේදයක්  ඒ රට සොයාගෙන වසර 65 ක් ඉක්ම ගොස්ය. යුද  ප‍්‍රදේශවල මැලේරියාව පාලනය සඳහා 1942 පිහිටුවා ගත්  කාර්යාලය අනුගමනය කළ උපාය මාර්ගවලට සහ 1946 වසරේ දී ආරම්භ කළ බෝවෙන රෝග මධ්‍යස්ථානයට (Communicable Disease Center. දැන් රෝග පාලනය හා වැළැක්වීමේ එ.ජ. මධ්‍යස්ථාන U.S. Centers for Disease Control and Prevention- CDC) ස්තුතිවන්නට 1951 දී මැලේරියා රෝගය එරටින් තුරන් කෙරිණ. අපි‍්‍රකාවටම ආවේනිකවූ  ආයතනයක් එනම්, රෝග පාලනය හා වැළැක්වීමේ අපි‍්‍රකානු මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention – Africa CDC) ලෙස සැලසුම් කෙරෙන්නේ 2013 වසරේදීය. අනතුරුව, ඉතිහාසයේ දරුණුතම ඉබෝලා ව්‍යසනය ඊළඟ වසරේ දී හට ගැනීමෙන් පසුව එය නිල ගත කෙරිණ. රෝග පාලනය හා වැළැක්වීමේ අපි‍්‍රකානු  මධ්‍යස්ථාන(Africa CDC) මේ වසරේ ජනවාරියේ දී නිලවශයෙන් දියත් කෙරුණි.

බෝවෙන රෝගවලින් ආරක්ෂිත හා සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීම පිණිස රටවල්වල විභවයන් ගොඩනැඟීමේ අරමුණ ඇතිව වර්ධනය වන හවුල් කටයුත්තක් ලෙස මෙය දැක්විය හැකිය. රෝග පාලනය හා වැළැක්වීමේ අපි‍්‍රකානු මධ්‍යස්ථාන හෙවත් සිය CDCය පිහිටුවා ගැනීම, ඇමරිකානුවන් ප‍්‍රමුඛ කටයුත්තක් කරගත් ආකාරයටම අපි‍්‍රකානු ආයතනය වර්ධනය කිරීමට ඊට අරමුදල් සැපයීම සහතික කිරීම අපි‍්‍රකානුවන් සිය වගකීම බවට පත්කර ගත යුතුය. ඒ ලෙඩරෝග, අපි‍්‍රකානුවන්ගේ සමාජ ආර්ථික පර්වර්තනය තවදුරටත් වෙනස්වීම වළක්වාගැනීමේ අරමුණෙනි. ඉබෝලා බොහෝ දෙනෙකුට බිය දනවන්නකි. එහෙත් මැලේරියාව වඩාත් ව්‍යසනකාරී රෝගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලූත්ම වාර්තා පෙන්නුම් කරන්නේ 2015 වර්ෂයේදී මැලේසරියාවෙන් හාර ලක්ෂයකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි. ඉන් 92%ක්ම සහරාවෙන් දකුණේ පිහිටි අපි‍්‍රකානු රටවල්වලය. තවත් ආකාරයකට දක්වන්නේ නම් ලොව මැලේරියා රෝගීන්ගෙන් 47%ක්ම වාර්තා වෙන්නේ අපි‍්‍රකානු රටවල් හයකිනි.

විවිධ ආයතනවල අත්දැකීම් විමසා බලද්දී පෙනී යන්නේ මැලේරියාව අවසන් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන පෙළේ බලපෑමක් ඇති කිරීමට නම් ප‍්‍රමුඛතා තුනක් ඇති බවයි. ඉන් පළමුවැන්න වන්නේ, දැනුවත් තීන්දු තීරණ ගනු වස් අපි‍්‍රකාව පුරාවටම ප‍්‍රජාවන්ගෙන් තථ්‍යකාල දත්ත(real-time data) එක් රැස් කිරීම පිණිස යාන්ත‍්‍රණ ගොඩනගා ශක්තිමත් කළ යුතු බව යන්නයි. ජංගම දුරකතන භාවිතය ව්‍යාප්ත කිරීම මේ සම්බන්ධයෙන් වැදගත් ක‍්‍රමයකි. මන්ද හදිසි ව්‍යසන වළක්වා ගැනීම හා පාලනය කරගැනීම පිණිස ඉලක්කගත මැදිහත්වීම් සඳහා ජනතාව හා ඔවුන්ගේ සෞඛ්‍යමය දත්ත එක් කිරීමට ජංගම දුරකථනවලට හැකියාව ඇති හෙයිනි. සංගත දත්ත එක්රැස් කිරීම, බෙදාහැරීම සහ අර්ථ නිරූපණය සහතික කරනු වස් අපි‍්‍රකානු CDC ආයතනය සහ එහි කලාපීය සහයෝගීතා කේන්ද්‍ර සංක‍්‍රමණය මෙහෙය විය යුතුය.

දෙවැන්න අපි‍්‍රකානු CDC ආයතනයේ නඩත්තුව සඳහා අවශ්‍ය සම්පත් සපයා දිය යුතුය.  ඉබෝලා ව්‍යසනය කේන්ද්‍රගත වූ සියරාලියොන්, ගිනියාව සහ ලයිබීරියාවට එම රෝගය නිසා දැරීමට සිදු වූ ආර්ථික පිරිවැය ඇ.එ.ජ. ඩොලර් බිලියන 4 කි. ඉබෝලාව සදහටම තුරන් කිරීමේ වෑයම වෙනුවෙන් අපි‍්‍රකාවේ පෞද්ගලික අංශය ඩොලර් මිලියන 34ක් එකතු කළේය. අපි‍්‍රකානු CDC වෑයම සාර්ථක වීමට නම් මේ ගම්‍යතාව ඉදිරියට ගෙන යා යුතු වේ. සමහර අපි‍්‍රකානු රටවල් මෙන්ම ලොව පුරා සමාන සෞඛ්‍ය සංවිධාන CDC දියත් කිරීම සඳහා මුලික සම්පත් සපයා ඇති නමුත් එය ප‍්‍රමානවත්ව නැත. ආර්ථික සංවර්ධන කාර්යයේ දී අපි‍්‍රකාව සුරක්ෂිත හා බලවත් කිරීමට නම් ඉදිරි වසරතුළ තවත් ඩොලර් මිලියන 34 ක් සොයා ගැනීම අපි‍්‍රකානුවන්ගේ වගකීමයි.

තුන්වැන්න මැලේරියාව අවසන් කිරීම සඳහා වෙනත් ආකාරවලින්ද ආයෝජනය කළ යුතුය. පෞද්ගලික අංශය සහ ඉන් නිර්මිතවන  මධ්‍යම පංතිය  මේ රෝගය සදහටම තුරන් කිරීම සඳහා ප‍්‍රධාන සාධකයකි. අරමුදල් සම්පූර්ණයෙන් සපයා ඇති එමෙන්ම සම්පූර්ණ කි‍්‍රයාකාරිත්ව තත්ත්වයන් යුතු අපි‍්‍රකානු CDC යක් නොමැතිව මෙය අත්පත්කර ගැනීම අපහසුය.

මෑතකදී සම්පත් මෙන්ම දේශපාලන අධිෂ්ඨානය සහ ප‍්‍රජාවගේ කැපවීම වැඩිකිරීමෙන් දැනටමත් යම් ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර ඇත. නිදසුනකට බාහිර රෝග අංශයට දැන් පැමිණෙන සංඛ්‍යාවෙන් මැලේරියාවට අදාළ සංඛ්‍යාව 3.3කි. වසර 15 කට පෙර එය 36%ක් විය. මේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන්නේ එම කි‍්‍රයාමාර්ගවලට මැලේරියාව තුරන් කිරීමටත් අනතුරුව මුලිනුපුටා දැමීමටත් විභවයක් පවතින බවයි. එහෙත් එය සාර්ථක කර ගත හැක්කේ වඩාත් බලගතු දත්ත සහ සාක්ෂි මගින් සහාය ලබන කලාපීය හා ගෝලීය ප‍්‍රයත්න තුළිනි.

අපි‍්‍රකාවේ ජන ගහන වර්ධනයට අනුකූලවන ආකාරයට එහි ආර්ථිකය පරිවර්තනය කිරීමේ හැකියාව කෙරෙහි මැලේරියාව සහ අනෙකුත් වළක්වා ගත හැකි රෝග තවදුරටත් අභියෝගයක්ව පවතී. ඇමරිකා එක්සත් ජනපදය තුළ බලවත් එමෙන්ම විශ්වාසය තැබිය හැකිය හැකි ආයතනයක් ස්ථාපිත කිරීමෙහිලා මැලේරියාව තුරන් කිරීම, මෙහෙයුම් බලයක් හෙවත් ගාමක බලයක් විය. අපි‍්‍රකාවට ද එම ප‍්‍රාර්ථනය පූරණය කිරීමට — වඩාත් යෝග්‍ය පරිදි 2030 වන විට ප‍්‍රාර්ථනය පූරණය කිරීමට දැන් අවස්ථාවක්ද උදාවී ඇත. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රගතිය  ඇගැයීම වස්  එම වර්ෂයේදී ලෝකයේ රටවල් එක්රැස්වීමට නියමිතයි. ඒ අතරවාරයේ අපි‍්‍රකාවේ බොහෝ ජීවිත ගලවා ගැනීමට අපි‍්‍රකානු CDCය  හරහා දැන් අවස්ථාව සැලසී ඇත.

Scientific American 2017 September කලාපයෙහි  Africa’s CDC Can End Malaria යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: