විදු නැන නුවණ – Science Literacy for All

ලෝකයේ පැතැලි බවට තවමත් ඉදිරිපත් කෙරෙන මතය

බැලු බැල්මටම විකාර අදහසක් ලෙස පෙනී ගියත් මෙවන් මත කොපමන අප අතර සංසරනය වේද? කොපමණ දැඩිව පිළිගැනීමට ලක්වේද?

ලෝකයේ පැතලියි කියලා ඔබ පිළිගන්නවාද? පිළිතුර නැත යන්න නිසැකවම අපට කිව හැකියි? එහෙත් පැතලි පෘථිවි සංගමය(Flat Earth Society) කියා සිටින්නේ පෘථිවිය පැතිලියි යනුවෙනුයි. පෘථිවිය, ගෝලයක් ආකාරයෙන්  දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ඇතුළුව එම පැතලි පෘථිවි මතයට පටහැනි සාක්ෂි කන්දරාවක් තිබුණේ වී නමුත් මේ  සංගමයේ සාමාජිකයන් කියා සිටින්නේ,  අප ඒ මත ඇවිදගෙන යන විට අපට පෙනෙන දැනෙන අන්දමටම පෘථිවිය පැතලි බවයි. එතකොට ඊට පටහැනිව තිබෙන සාක්ෂි සම්භාරය?

මේ සංගමයේ අය කියා සිටින්නේ එම සාක්ෂි නාසා ආයතනය හා රජයේ වෙනත් නියෝජිත ආයතන හා එක්ව ගෙනෙන ලද ‘රවුම් පෘථිවි’ කුමන්ත‍්‍රණයේ කොටසක් බවයි. පැතලි පෘථිවි සංගමයේ නායකත්වය දක්වන අන්දමට 2005 වසරේ සිට සෑම වසරක් පාසාම 200ක් පමණ දෙනා(බහුතරය ඇමරිකානුවන් සහ බ්‍රිතාඥ ජාතිකයන්) සංගමයේ සාමාජිකත්වය ලබා ගනීති. මේ සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව, ඉදිරිපත් කරන තර්ක විතර්ක හා ඔවුන්ගේ අප‍්‍රතිහත ධෛර්යය සලකන විට අපට කල්පනා කරන්න තියෙන්නේ මොවුන් ලෝකය පැතැලි යයි අවංකවම විශ්වාස කරන බවයි. මේ 21 වැනි සියවසේ ඔය මත අපට බරපතළ ලෙස සැලකිය හැකිද? එහෙම නම් ඊට අදාළව මනෝ විද්‍යානුකුලව එවැන්නක් ඇතිවිය හැකිද?

පැතැලි පෘථිවි න්‍යාය (flat earth theory) පැතලි පෘථිවි මතධාරීන්ගේ ප‍්‍රධාන න්‍යායයෙන් කියැවෙන්නේ පෘථිවියේ ආක්ටික් කවය මැද කරගත් තැටියක් බවයි. එහි ගැට්ටේ ඇති අඩි 150 ක් උස  අයිස් පවුර ඇන්ටාක්ටිකාවයි. ඉතින් එහෙනම්? එතකොට පෘථිවියේ දහවල-රෑ චක‍්‍රය ගැන දක්වන්නේ කෙබඳු අදහසක්ද? සැතපුම් 32 ක් වන ඉර සහ සඳ  පෘථිවියේ තලයට වඩා සැතපුම් 3000ක් උඩින් වක‍්‍රාකාරව ගමන් කරන ගෝලය.(තරු ගමන් කරන්නේ තැතැපුම් 3100ක් උඩ තලයකය) පැය 24 ක චක‍්‍රයක මේ ගෝල පෘතිවියේ විවිධ කොටස් ආලෝකමත් කරයි. තවද පෘථිවියේ ගුරුත්වය මායාවකි. වස්තූන් පහළට ත්වරණය වන්නේ නැත. ඒ වෙනුවට පෘථිවිය තැටිය උඩටත් ත්වරණය වේ. මීට මග පාදන්නේ අඥාත ශක්තිය කියන ගුප්ත බලයයි.

ඇපලෝ 17 ලබාගත් අනුරුපයක්

පෘතිවිය තැටියට යටින් ඇත්තේ කුමක් දැයි යන්න අවිනිශ්චිත නමුත්  මේ න්‍යායවාදීන් බොහොමයක් විස්වාශ කරන්නේ පෘථිවි අභ්‍යන්තරය ‘පාෂාණ’ වලින් සමන්විත වන බවයි. පැතලි පෘථිවි වාදීන් තම මතයට පටහැනි, ඊට විරුද්ධ  සාක්ෂි සම්බන්ධයෙන් පළකරන න්‍යායක් ඇත. ඒ කුමන්ත‍්‍රණ න්‍යායයි. පෘථිවිගෝලයේ ඡයාරූප ෆොටෝෂොප් මෘදුකාංග යොදා සාදා ගත් ඒවාය. ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය(GPS) යනු අහස් යානා නියමුවන් තැටියක් වටා චක‍්‍රාකාරව ගමන් කරද්දී ඔවුන් ගෝලාකාර වස්තුවක් වටා ඍජු රේඛාවක ගමන් කරන බව හැඟවීම පිණිස වංචා සහගත ලෙස හසුරුවා තිබෙන්නෙකි. පෘථිවියේ හැඩය සෑදීමට ලෝකයේ රජයන් උත්සාහ කරන්නේ මන්දැයි (ඔවුන්ට) නිශ්චිතවම කිව නොහැක. ඊට ආර්ථික සාධක බලපාන බවයි ඔවුන්ගේ අදහස. කෙටියෙන් දක්වතොත් අභ්‍යවකාශ වැඩසටහවන් ඇත්තටම කි‍්‍රයාත්මක කරනවාට වඩා එවැන්නක් ඇති බව (බොරුවට) ඇඟවීම තර්කානුකූලව ගත් විට වඩාත් ලාභදායකය.

 

ඉතින්, මේ න්‍යායන් පිළිගන්නේ ඇත්තටම කව්ද?  පෘථිවිය  පැතලි යයි විශ්වාස කරන්නේ හුදෙක් ලෝකයේ අහුමුළුවල කොන්වී සැඟවී සිටින්නෝම  නොවෙති. නමගිය නැතිනම් ප්‍රකට පුද්ගලයෝ ගණනාවක්ම මේ ගැන සිය හඬ නගති. රැප් ගායක බොබී රේ සිමන්ස් (කනිෂ්ඨ) එහි ප‍්‍රබල මතධාරියෙකි. තවත් එවැන්නෝ බොහෝය. සමහරු ගෝලීය  ති‍්‍රකෝණමිතිය (Spherical Trigonometry) වැනි ප‍්‍රධාන ධාරාවේ විද්‍යා ක‍්‍රමද යොදා ගනු ලැබේ. මීට අමතරව විකල්ප විද්‍යාත්මක ක‍්‍රමද භාවිත කරති. ‘පරීක්ෂාකර ඉදිරියට යන ක‍්‍රමය’  ඉන් කැපී පෙනෙන එකකි. “පුළුල් වශයෙන් ගතහොත්, මේ ක‍්‍රමයෙන් අවධානය යොමු කරන්නේ අනුභූතිවාදය (empiricism) හා හේතුවාදය (rationalism) ප‍්‍රතිසන්ධානගත කිරීම මෙන්ම අනුභූතවාදී දත්ත පදනම් කරගෙන තර්කානුකූල නිගමනවලට එළඹීම කෙරෙහිය” යයි පැතලි පෘථිවි සංගමයේ උප සභාපති අයර්ලන්ත ජාතික මයිකල් විලිමෝර් පවසයි. පෘතිවිය පැතලිය යන ඉන්ද්‍රයාවබෝධය මග පෙන්වනු ලබන්නේ එය ඇත්තටම පැතලිය යන නිගමනයටයි. සෙසු සියල්ල එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වන්නේ කෙසේද යන්නට ඇති යුක්තියුක්ත  ප‍්‍රතිපාදනයි. “විද්‍යාත්මක ක‍්‍රමයේ විවේචනයක් ලෙස හෝ ආධුනිකයන්ට පුද්ගලමාත්‍රවාදය(solipsism) ලෙස ගත්තත් මෙය එක්තරා අන්දමක ඥාන විභාගයක් හැටියට දකින්න පුළුවනි” යයි විල්මොර්කියයි.

 

පුදුමය වන්නේ විල්මෝර් මෙන්ම මේ සංගමයේ සභාපති ඩැනියෙල් ෂෙන්ටන් ගෝලීය උණුසුම් වීම ගැන ඇති සාක්ෂි බොහොමයක්ම නාසා මගින් එක් රැස් කළ දත්ත වලින් ලබා ගෙන ඇත යන්න නොසලකා (එම සාක්ෂි) පිළිගැනීමයි. තවද ඔවුහු පරිණාමවාදය මෙන්ම විද්‍යාවේ ප‍්‍රධාන ධාරාවේ පිළිවෙත්  පිළිගනියි. මොවුන්ගේ විශ්වාස පද්ධතිය කිසිතේත් පිළිගත නොහැකි බව පෙනී ගියත් ඒවා ඇත්තටම විශේෂඥයන්ව පුදුමයට පත් නොකරයි.

 

එක්සත් රාජධානියේ කෙන්ට් සරසවියේ මනෝ විද්‍යාඥ කැරෙන් ඩග්ලස් කුමන්ත‍්‍රණ න්‍යායෙහි  පිටුපස තිබෙන විද්‍යාව ගැන හදාරන්නියකි. ඇය කියා සිටින්නේ ඇය අධ්‍යයනය කරන අනෙකුත් කුමන්ත‍්‍රණ න්‍යායයන් සහ පැතලි පෘථිවි විශ්වාස සංකල්පය එකට ගැලපෙන බවයි. “පොදුවේ ගත්තාහම මේ අය විශ්වාස කරනවා පෘථිවිය පැතලියි කියලා. වෙන හේතුවක් නිසා නොවෙයි ඔවුන් මෙය ඉදිරිපත් කරන්නේ” ඇය පෙන්වා දෙයි. ඩග්ලස් දක්වන අන්දමට සෑම කුමන්ත‍්‍රණ න්‍යායකම මූලික නැඹුරුවක් නැතිනම් අවධානයක් තිබේ. එනම් වැදගත්  ප‍්‍රශ්නයක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් විකල්ප න්‍යායක් ඒවායින් ඉදිරිපත් කෙරෙන අතර (ඔවුන් සිතන ආකාරයට) එම ‘සැබෑ’ සිද්ධිය කිසිවෙකු විසින් වසන් කිරිමට උත්සාහ කරනු ලබන්නේ මන්ද යන්න ගැන ඔවුහු බොහෝ විට අවිනිශ්චිත පැහැදිලි කිරීමක් ගොඩ නගති. “විශාල සිද්ධියක් ගැන ඔවුන් බොහෝ විට පැහැදිලි කිරීම කළ ද ඒවායේ විස්තර අඩංගු නෑ. මේ අවිනිහ්චිත බව තමයි ඒ න්‍යායවලට ආකර්සණය කර ගැනීමට තිබෙන හයිය” ඩග්ලස් කියා සිටියි.

“කුමන්ත‍්‍රණ න්‍යායවාදීන් තමන් ගෙනහැර පාන  කතාවට දැඩි ස්ථාවර ස්වරූපයකින්   එක්වී සිටිනවා.  එම ස්ථිරසාර ස්වරුපයම ඔවුන්ගේ කතාවට  විශේෂ ආකර්ෂණයක් කාවද්දනවා.  පෘතිවිය ගෝලාකාරයයි පිළිගන්නා බහුතරය වන අප අතර කවුරුත් ඒ බව ඔප්පු කරන්න ඉදිරිපත් වෙනවාද? නැහැනේ. ඒත් පැතලි පෘථිවි මතධාරීන් තම මතය තදින් ප‍්‍රකාශ කරනවා. සුළුතරයක අදහස බුද්ධිමත්, මනාව දැනුවත් ආකාරයකට ඉදිරිපත් කරන විට එමෙන්ම මත යෝජකයන් සිය ස්තාවරයේ තදින් එල්බගෙන සිටින විට ඔවුන් ගෙන එන බලපෑම ඉහළය. එය අප හඳුන්වනු ලබන්නේ  ‘සුළුතර බලය පෑම’ යනුවෙන්” ‘

ඩග්ලස් කියයි.

ජෝන් එෆ්. කෙනඩි ඝාතන කුමන්ත‍්‍රණයේ සිට 9/11 සිද්ධිය රට තුළම සිදුකළ කුමන්ත‍්‍රණයක් යන්න දක්වා ‘කුමන්ත්‍රණ’ අතුරෙන්  අඩුම ගානේ එක කුමන්ත‍්‍රණයක්වත් ඇමරිකානුවන් අඩක්ම පිළිගන්නා බව චිකාගෝ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥයන් දෙදෙනෙකු වන එරික් ඔලිවර් සහ ටොම් වුඞ් සිදු කළ අධ්‍යයනයකින් හෙළි විය. මෙහි ප‍්‍රතිඵලය 2014 මාර්තු 05දා මාර්ග ගතව පළ විණ. “ප‍්‍රමුඛ සංස්කෘතික ආඛ්‍යානයකට ඍජුවම පටහැනිවන බොහෝ මත පිළිගැනීමට වැඩිදෙනා කැමතියි” ඔලිවර් කියයි, “නොදන්නා ගුප්ත, බලවේග කි‍්‍රයාත්මක වන බව සිතා ගැනීමට මානවයන් සතු ප්‍රවණතාවය තුළින් කුමන්ත‍්‍රණ අදහස්වලට මුල පිරෙනවා”.

 

කෙසේ වෙතත් එම දැක්වූ චිත‍්‍රයට පෘතිවි පැතලි චින්තනයෙන් පහසුවෙන්ම ඇතුල්කර ගන්න බැහැ. කුමන්ත‍්‍රණ න්‍යායවාදීන් බොහොමයක් අන්තවාදී න්‍යායන් ඇතැම්විට එකිනෙකට පරස්පර න්‍යායයන් පවා පිළිගනිති. ඒත් පැතලි පෘථිවි මතධාරින්  එල්ලීගෙන ඉන්නේ පෘථිතියේ හැඩය පිළිබඳ (වෙනස්) මතයක පමණි. ඒත් සෙසු කුමන්ත‍්‍රණ න්‍යායවාදීහු හඳුනානොගත් පියාසර වස්තු(UFOs), අවතාර හොල්මන්, යක්ෂයා හෝ වෙනත් අදිසි බලයන් ගැන විශ්වාසය තබති.  එසේ නම් මේවා ගැන විශ්වාසය තබන තවත් බොහෝමයක් ඇමරිකානුවන් හා පැතලි පෘථිවි න්‍යාවාදීන් අතර පැහැදිලි වෙනසක් ඇත.

 

Live Science හි පළවූ Are Flat-Earther’s Being Serious? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: