මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
ව්‍යස්ථාමය චින්තන බොහොමයක පිටුපස ඇත්තේ සමාජ ගිවිසුම පිළිබඳ අදහසයි. සමාජ ගිවිසුමේ දී ජනතාව ඔවුන්ගේ නිදහස සහ ස්වාධිපත්‍යය රජයකට පවරාදෙති. රජයේ කාර්ය භාරය වනුයේ නීතියේ ආධිපත්‍ය හරහා සමාජ පර්යාය හෙවත් සමාජ ක්‍රමය (social order) ස්ථාපිත කර පවත්වාගෙන යාමයි.
ඉංග්‍රීසි ජාතික දර්ශනවාදියෙකු වන තෝමස් හොබ්ස් සමාජ ගිවිසුම පිළිබඳ සිය අනුවාදය වැඩි දියුණු කළේ එංගලන්ත සිවිල් යුද්ධයේ අවුල් වියවුල් මධ්‍යයේය. 1651 දී පළවූ ඔහුගේ Leviathan නම් සංග්‍රහයේ හොබ්ස් ස්වභාවිකව, පාලනයකින් තොරව ගතකරන මිනිස් ජීවිතය හොබ්ස් විශ්තර කරන්නේ “හුදකලාවූ, දුප්පත්, දුෂ්ට, ප්‍රචණ්ඩකාරී සහ කෙටි” එකක් හැටියටය. මිනිසුන්ට සාමයෙන් එකට ජීවත් විය හැක්කේ පරමාධිපත්‍යයකට කිකරුව සිටීමට ඔවුන් එකඟ වන්නේ නම් පමණක් බව හොබ්ස් විශ්වාස කළේය.
![]()
එම සියවසේම, එනම් 17 වැනි සියවසේ දීම තවත් ඉංග්‍රීසි ජාතික දර්ශනවාදියෙකු වූ ජෝන් ලොක් සිය රජය පිලිබඳ දෙවැනි සංග්‍රහයෙන්(Second Treatise on Government) පරමවාදය(absolutism) ප්‍රතික්ෂේප කළේය. එය ලියැවුණේ ‘උත්කෘෂ්ට විප්ලවය’ නමින් දැක්වෙන සිද්ධිය පසුවෙනවාත් සමගය. මෙහිදී පරමවාදී නැඹුරුවක් සහිත එක් රජෙකු(II ජේම්ස්) බලයෙන් පහ කර ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කිරීමට පොරොන්දුවූ තවකෙකු( III විලියම්) බලයට පත්කර ගැණින.
නීත්‍යානුකුල රජයක් පැවතිය හැක්කේ, එයට පාලිතයන්ගේ අනුමැතිය ඇත්නම් පමණකැයි යනුවෙන් ලොක් තර්ක කළේය. පාලිතයන්, (තමන්ව) පාලනය කිරීමේ අයිතිය පැවරීමට එකඟවීමේදී තමන්ගේ ‘ස්වභාවික අයිතීන්’ (පාලකයන්ගේ) යටතට පමුණුවන නමුදු ඊට ප්‍රතිචාර වශයෙන් පාලිතයන්ට යම් සිවිල් අයිතිවාසිකම් හිමිවේ. මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කර දීමට රජය අපොහොසත්වන්නේ නම් එමෙන්ම පාලනය තවදුරටත් ගෙනයන්නේ පාලිතයන්ගේ හිතසුව පිණිස නොවන්නේ නම් (තමන්ගේ) රජය වෙනස් කිරීමේ අයිතිය ජනතාව සතුය. මේ රැඩිකල් අදහස 1776 අමරිකානු විප්ලවය මෙහයවූවන් මත දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් වූවකි.


තුන්වැනි අනුවාදයක් ද ඇත. 1789 ප්‍රංශ විප්ලවය කෙරෙහි බලපෑ මෙම අනුවාදය වනුයේ ප්‍රංශ ජාතික දර්ශනවාදියෙකු වන ජීන් ජාක් රූසෝ විසින් The Social Contract (1762) හි දක්වන ලද්දයි. පුරවැසියන් නීතියෙන් බැඳි සිටින්නේ එම නීති පැනවීමේ ක්‍රියාදාමයෙදී ඔවුනටද කාර්ය භාරයක් ඇති නම් පමණක්ය යන මතයේ පිහිටා රූසෝ ‘මහජන ස්වාධිපත්‍යය'(popular sovereignty) යන අදහස වැඩි දියුණු කළේය. රජය සැමවිටම මහා සම්මතයට හෙවත් පොදු අධිෂ්ඨානයට(general will) අනුකුල විය යුතුය. පුද්ගලයා ඊට යටත්ය. පසුකලෙක රූසෝගේ අනුවාදය, සර්වාධිකාරී නැතිනම් ඒකාධිපතිවාදී ප්‍රවණතවන් ඇති අයවලුන් විශේෂයෙන්ම වාමාංශික කොටස් විසින් ‘කොල්ලකනු’ ලද්දේය. ඒ, පෞද්ගලික නිදහස මැඩපැවැත්වීම සාධාරණීකරණය කරනු පිණිසය.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන The social contract ටස ඇසුරෙනි




ප්‍රතිචාරයක් ලබාදෙන්න