ඔබේ මොළය යථාර්ථය නිර්මාණය කරන හැටි
ලෝකය වෙත යොමුවුණු කවුළුව තමයි ඔබේ ඉන්ද්‍රියන්. ඔබට බාගදා හිතෙන්න පුළුවන් ඔබේ ඉන්ද්‍රියයන් එම කාර්යය හොඳින් ඉටු කරමින් යථාර්ථය නිවැරදි ආකාරයට පෙන්නුම් කරනවා කියා. එහෙම හිතලා බොරුවට ඔබ ඔබවම රවටා ගන්න එපා!
වඩාත්ම මූලික, එමෙන්ම වඩාත්ම වැදගත් යයි තර්ක කළ හැකි මොළයේ කාර්ය භාරය වනුයේ පිටත ලෝකයෙන් තොරතුරු ගෙන යථාර්ථයේ අභ්‍යන්තර නිරූපණයක් නිර්මාණය කිරීම පිණිස එම තොරතුරු සැකසීම්යි. ඓන්ද්‍රීය සංජානන අධ්‍යයනය, ස්නායු විද්‍යාවේ වඩාත්ම පැරණිතම අංගයන්ගෙන් එකක්. ඒත් එය තවමත් වඩාත්ම පුදුමය දනවන අංශයක් වශයෙන් පවතිනවා. සාමාන්‍ය ඥානය නැතිනම් සාමාන්‍ය බුද්ධිය යොදාගෙන සිදු කරනු ලබන උපකල්පනයන් බොහෝමයක් බොරු(සාවද්‍ය) බවට පත්වෙයි. ඔබට අඩු තරමින් ඉන්ද්‍රියයන් විසි දෙකක් තිබෙන බව ඔබ දැන සිටියාද? එහෙමත් නැතිනම් ඔබ බොහෝවිට අන්ධ බවත්, ඔබ දකින්නේ මොලය මගින් හිස්තැන් පිරවීම නිසා දකින්න ලැබෙන දේ බවත් දැනසිටියාද? එහෙමත් නැතිනම් මොළය යනු ඇත්තටම, ඊළඟට සිදු වෙන්න යන්නේ මොකද්ද කියලා අනුමානයන් කරන්න පුළුවන් පුරෝකතන යන්ත්‍රයක් ද? ඔබේ ඔළුගෙඩියට පිටතින් ඇති ලෝකයේ නිවැරදි චිත්‍රයක් හසුකරගන්නවා වෙනුවට සංජානනය වැඩිකොටම සිදුකරනු ලබන්නේ මොළය මගිනි.
අපේ ඇස් යොමු වෙද්දී අප අඛණ්ඩ පුළුල් තිර චිත්‍රපටයක් නරඹනවා වැනි යයි අපට දැනුනත් වැඩි වේලාවක් තුළ සිදු සිදුවන්නේ දෘශ්‍ය ක්ෂේත්‍රයෙන් ඉතා කුඩා කොටසකින් අපේ ඇස් වලින් තොරතුරු එකතු කර ගනිමින් සිටීම පමණයි. අපේ ඇස පිටුපසට වෙන්න තියෙනවා කූපය(fovea) යනුවෙන් දැක්වෙන ඝනව අසුරන ලද ප්‍රකාශ ප්‍රතිග්‍රාහකවලින් සමන්විත අණ්ඩයක්. මේ තමයි රෙටිනාවේ ප්‍රශස්තම ස්ථානය. අප බොහෝවිට විට අපට ඇතැයි උපකල්පනය කරන මනා විස්තරාත්මකව සහ පූර්ණ ලෙස වර්ණවත්ව දැකීමේ හැකියාව තිබෙන එකම කොටස එයයි. මේ කුඩා ස්ථානය — සංසන්දනාත්මක දක්වනවා නම් සමස්ත ආකාශය තුළ චන්ද්‍රයාගේ ප්‍රමාණයට වඩා විශාල නොවන — තරම් තැනක් අපගේ දෘශ්‍ය ක්ෂේත්‍රයෙහි ආවරණය වන මෙම කුඩා ස්ථානය තමයි මොළයේ දළ දෘශ්‍ය තොරතුරු සියල්ලෙහිම පාහේ මූලය. අපට මේ පුළුල් චිත්‍රය දැකීමට හැකි වෙන හේතුව තමයි අපේ ඇස් තත්පරයකින් ඉතා සුළු කොටසක් එක තැන නතර වෙමින් (ප්‍රතිෂ්ඨාපනයවෙමින්) නැවත නිරතුරුව එහාමෙහා යාම යි. මෙකී ගැස්සෙන සුළු චලනයන් හඳුන්වනු ලබන්නේ ‘ධ්‍රැත‘(saccades) ලෙසය. අපි තත්පරයකට, එකක් මයික්‍රෝ තත්පර 20 සිට 200 දක්වා පවතින ධ්‍රැතයන් තුනක් පමණ සිදුකරන්නෙමු. ප්‍රායෝගික වශයෙන් ගතහොත්, ධ්‍රැත සිදුවෙද්දී අප සපල ලෙස අන්ධයි. ධ්‍රැතයකදී හසු කරගන්නා තොරතුරු සැකසීමට මොළය මහන්සියක් ගන්නේ නැත. මන්ද, වැදගත් යමක් හසුකර ගැනීමට නොහැකි තරම් වේගයෙන් ඇස් චලනය වන හෙයිනි. නිදසුනකින් දක්වන්නේනම් හරියට පටු කදම්භයක් සහිත විටින් විට නිවි නිවි පත්තු වෙන පන්දමක් සහිතව අඳුරේ අතපත ගාමින් සිටිනවා වැනිය. සාමාන්‍යයෙන් අපට ධ්‍රැත නොපෙනුනත් ඒවා ක්‍රියාත්මක වනවා තේරුම්ග ගත හැකිය. කැඩපතකට මුහුණ ඉතා සමීප කර එක් කළු ඉංගිරියාවකින් අනෙකට ලෙස එහාටත් මෙහාටත් අවධානය යොමු කරන්න. කොපමණ උත්සාහ කලත් ඔබේ ඇස් චලනය වනු දැකගත නො නොහැකි බව එවිට ඔබටම වැටහේවි. එහෙත් ඔබ දෙස බලා සිටින වෙන කෙනෙකුට එය දැකිය හැකිය. මෙයට හේතුව එම චලනය ධ්‍රැතයක් වීම නිසා මොළය එයට අවධානය යොමු නො නොකිරීමයි. දැන් ඔබේ දෘශ්‍ය ක්ෂේත්‍රයේ කොන්වල තැන් දෙකක් තෝරා ඔබේ දෘෂ්ටිය එහාට මෙහාට යවන්න. ඔබට ඉතා ක්ෂණිකව අඳුරක් ඇතිවී නැතිවී වනු දැකිය හැකි වේ. මේ තමයි ඔබේ දෘශ්‍ය බාහිකය සටහන් කර ගැනීම.
කාලය හිටි තැන නැවතීම
ඔබේ මොළය ඒ ආකාර අසම්පූර්ණ තොරතුරු එක් අඛණ්ඩ චිත්‍රපටයක් බවට පෙරලෙන්නේ කෙසේ ද යන්න අභිරහසකි. බාගදා පෙර ප්‍රතිෂ්ඨාපනයන්ගේ තොරතුරු ස්මරණය තුළ රඳවාගෙන මේ දැන් මේ මොහොතට එක් කරනවා විය හැකියි. ඔබට, හිටි තැන නැවතුණු කාලය පිළිබඳ මායාවෙන් මේ ගැන අදහසක් ගත හැකිය. ඔබ ඔරලෝසුවක් දෙස බලන විට තත්පර කටුව ක්ෂණිකව නැවතී තිබුණාක් මෙන් පෙනී නැවතත් ගමන් කරනු දැකීමට පුළුවන.මෙය සිදුවන්නේ මෙහෙමයි. ධ්‍රැතයේ දී ඔබේ මොළය තාවකාලිකව අක්‍රීය වීමට හිලව් වශයෙන් ඔබේ මොළය අතීතානුයෝගීව අනුමානයක් කරමින් එය කලින් දැක ගන්නට ඇති දේ මිලි තත්පර 100 ක හෝ එපමණ වැනි කාලයක අන්ධභාවය ආපස්සට ගොස් පුරවයි. ඔබේ ඇස් ඔරලෝසුව වෙත ගැසුනේ තත්පර කටුව චලනය වීමෙන් පසුව නම්, ධ්‍රැතයේ දී ද තත්පර කටුව එලෙස චලනය වුණේ යැයි ඔබේ මොළය උපකල්පනය කරයි. එවිට ‘තත්පරය‘ තවත් සියයට ද දහයක පමණ වේලාවක් වැඩිපුර පවතින්නේ ඔබට එය දැනගැනීමට තරම් ප්‍රමාණවත් අයුරෙනි.
මේ අනුමාන කිරීම දෘෂ්ටියට පමණක් සීමා වී නැහැ. අපේ ශ්‍රවණ පද්ධතිය ද එවැනි හිඩැස් හා අඩු අඩුපාඩු වලින් පිරී ඇත. ශ්‍රවණයේදී මොළය ඒවා හරි ගස්වයි. වෙනත් අය කතා කරනදේ නොපැහැදිලි හෝ විකෘතිවන අවස්ථා අපට දැනුනත් කිව්වේ කුමක් දැයි අපට වටහා ගත හැකිය. මෙය සිදුවන්නේ ශබ්දාක්‍රමය ප්‍රතිසාධනය ලෙස දැක්වෙන ප්‍රපංචය හේතුවෙනි.
ආගන්තුක කථනය
sine-wave speech
විකෘති කළ, අපැහැදිලි ශබ්දවලින් අර්ථය උකහා ගැනීමට මොළයට ඇති හැකියාව විදහා දැක්වෙන එක් අවස්ථාවක් තමයි සංශ්ලේෂිත කථන ස්වරූපයක් වන සයින තරංග කථනය(sine-wave speech). ඔබ සයින තරංගමය වාක්‍යයකට මුලින් ඇහුම්කන් දෙන විට ඔබට එය, හරියට සියුරුවන් බෑමක් හෝ කුරුලු ගීතයකට මදක් හුරු ආගන්තුක සහ තේරුම්ක් නැති එකක් ලෙස ඇසෙයි. එහෙත් ඔබ එම වාක්‍යයම සමාන්‍යයෙන් කතා කරන විලාසයෙන්න් මුලින් අසා සිට අනතුරුව එහිම සයින තරංග ස්වරූපයට ඇහුම්කන් දෙන විට ය මනාව පැහැදිලි වේ. මෙය මේ ආකාරයෙන්යට සිදුවන්නේ, කථනයට ප්‍රතිචාර දක්වන පරිපථ මොළයේ ඇතත් එයට (මොළයට) කථන භාෂාව හඳුනා ගැනීමට නොහැකි වුවහොත් එම පරිපථ ක්‍රියාත්මකවීම ආරම්භ නොකරන හෙයිනි. සයින තරංග කථනය මෙම පරිපථ පණගැන්වීමට තරම් සැබෑ කථනයකට සමාන කමක් දක්වන්නේ නැත. එහෙත් ඒක කථනයක් බව දැන්ගත් විට ඒවා වහා ක්‍රියාත්මක වේ.
මේ සියල්ලෙන්ම ම කියවෙන්නේ එක දෙයයි: ඔබේ අභ්‍යන්තර නිරූපණය හෙවත් අර්ථ කථනය සැබෑ යථාර්ථයට සමානකමක් දක්වන්නේ යාන්තමිනි: එය වඩාත් ළංවන්නේ භ්‍රාන්තියටයි(hallucination). (භ්‍රාන්තිය : සැබවින්ම නොපවතින දෙයක් පිළිබඳ සන්නිවේදනය)
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදය ඇසුරෙනි