ඇමරිකාවේ විද්‍යාභිවර්ධන සංගමය මගිනි
ප්‍රශ්නය: පරිණාමය කියන්නේ කුමක්ද?
පිළිතුර: පරිණාමය කියන්නේ මනාව පරීක්ෂාවට ලක් වූ, ඉතා පුළුල් ආකාර යේ පැහැදිලි කිරීමක්. මෙයට වසර බිලියන 4කට පමන ආසන්න කාලයක පැවැති සරලතම තනි සෛල ජීවීන්ගෙන් පටන්ගත් පොදු පූර්වජයන්ගෙන් පැවත එන වර්තමානයේ මහපොළොව මත දැකිය හැකි ජීව ස්වරූප හටගත්තේ කෙසේද යන්න ඉන් විස්තර කෙරේ. අප අවට ලෝකයේ දැකිය හැකි අනේක වූ සජීවීන්ගේ සමානතා මෙන්ම වෙනස්කම් පැහැදිලි කරගැනීමට ද පරිණාමය අපට උපකාරී වේ. ගහන අතර ජන්මයෙන් උරුම කරගන්නා වෙනස්කම් එක් පරපුරකින් ඊළඟ පරපුරට පැවරෙන විට පරිණාමයය සිදුවේ. අහඹු විකෘතියකින් වේවා එසේ නැතිනම් ලිංගික ප්‍රජානනයේ දී සිදුවන ජාන කලවම් වීම හේතුවෙන් වේවා ඇතිවනම් ජාන විචල්‍යයක් හෙවත් වෙනස්කම් පරිණාමය විපර්යාසයන්ට පසුබිම තනයි. මෙම විපර්යාසයන් පණගන්වනු ලබන්නේ ස්වභාවික වර්ණය වැනි බලවේගයක් මඟිනි. ස්වභාවික වරණය ගන තව යමක් පවසන්නේ නම් වාසිදායක ගුණාංගයන් සහිත ජීවීන්ට යහතින් ජීවත්වීම සඳහා හැකියාව ඇති අතර අනාගත පරපුර සඳහා ජාන පැවරීමට හැකියා වෙන්ද යුක්තයි. වාසිදායක ගුණාංග මදක් තව විස්තර කරන්නේ නම් සිය විලෝපියන් (ගොදුරු අරගන්නා සතුන්)ගෙන් බේරීම පිණිස ඔවුන්ගෙන් සැඟවී සිටීමට උපකාරී වන්නාවු, කෘමීන් අතර දක්නට ලැබෙන වර්ණ විචල්‍යනයන් දැක්විය හැකියි.
අවසාන වශයෙන් ගහනයන් ඇතුලත පරිණාමයේ වෙනස්කම් මෙන්ම පොදු පූර්වජයකුගෙන් පරම්පරා ගණනාවකට පසු අලුත් විශේෂයක් හටගන්නා වූ විශාල පරිමාණයේ වෙනස්කම්ද පරිණාමය මගින් පැහැදිලි කිරීම්ට හැකිය.
ප්‍රශ්නය සබුද්ධිමත් පිරිමැවුම(intelligent design – ID) යනු කුමක්ද?
පිළිතුර: විශ්වයේ ඉතිහාසය සහ ජීවයේ ඉටි ඉතිහාසය ගැන කියාපාන උපකල්පන දෙකකින් සබුද්ධිමත් පිරිමැවුම සමන්විත් වේ. ඉන් පළමුවැන්න: ස්වභාවධර්මයේ ඇතැම් ව්‍යුහයන් හෝ ක්‍රියාදාමයන් “අනූනනීය(අඩුකළ නොහැකි) සංකීර්ණතාවකින්” (“irreducible complexity”) යුක්තය එමෙන්ම (එහෙයින්) ඒවා දිගු කාල පරිච්ඡේද තුළ සිදුවන කුඩා වෙනස්කම් මඟින් හට ගැනීමට නොහැකිය යන්නයි. දෙවැන්න ස්වභාව ධර්මයේ ඇතැම් ව්‍යුහයන් හෝ ක්‍රියාදාමයන් සංකීර්ණ විශේෂිත තොරතුරු වල ප්‍රකාශනයකය, (එහෙයින්) බුද්ධිමත් ඒජන්තයෙකු ගේ නිර්මාපකයෙකු මගින් පමණක් විය හැකිය.
ප්‍රශ්නය: සබුද්ධිමත් පිරිමැවුම යන්නට විද්‍යාත්මක පදනමක් තිබේද?
පිළිතුර: නැත. කිට්ස්මිලර් එරෙහි ඩෝවර් දිස්ත්‍රික් පාසල් පරිපාලය (Kitzmiller versus the Dover School District) නඩු විභාගයේදී විනිසුරු ජෝන් බී ජෝන්ස් 2005 දෙසැම්බරයේ නඩු තීන්දුවක් දෙමින් තීන්දු කළේ සබුද්ධිමත් පිරිමැවුම පදනම්ව ඇත්තේ ආගම මත මිස විද්‍යාව මත නොවන බවයි. නඩුවිභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂි අනුව පැහැදිලි වූයේ සබුද්ධිමත් පිරිමැවුම යනු හුදෙක් මැවුම්වාදයේම ම උරුමයකට වැඩියමක් නොවන බවයි. එපමණක්ද නොව ස්වභාවධර්මයට පිටතින් ඉඳිමින් ආරම්භයේ සිට හෝ විටින් විට අප අවට ඇති ලෝකයට පිරිමැවුම් එකතු කරන්නා වූ පිරිමැවුම්කරුවෙකු ඇතැයි මේ සංකල්පය මගින් අවශ්‍යයෙන්ම පූර්ව කල්පනය කරන බව බොහෝ විද්‍යාඥයෝ නිරීක්ෂණය කරති. කෙසේ වෙතත් බුද්ධිමත් පිරිමැවුම්කරුවෙකු සිටී ද නැද්ද යන්න ආගමික විෂයට අදාළ වන්නකි. එය විද්‍යාත්මකව පරීක්ෂාවකට ලක් කල හැක්කක් නොවේ.
ප්‍රශ්නය: ආගම් හා විද්‍යාව එකිනෙකට විරුද්ධ ද?
පිළිතුර: නැැත. විද්‍යාව සබුද්ධිමත් පිරිමැවුම්කරුවෙකු සම්බන්ධයෙන් යම් ආස්ථානයක් නොදරයි. එම සංකල්පය ආගමික විශ්වාසය ට අදාළ වූවකි. විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් ගත්කල පරීක්ෂාවට ලක් කළ නොහැක්කකි. විද්‍යාව සහ ආගම ලෝකය සම්බන්ධයෙන් අසා සිටින්නේ එකිනෙකට වෙනස් ප්‍රශ්නය. වතිකානු නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ, පූජ්‍ය ජෝර්ජ් කොයින් ගේ සිට ඇමරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ ජාතික මානව ජිනෝම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රැන්සිස් කොලින්ස් දක්වා තනි තනි විද්‍යාඥයන් දැඩි ආගමික භක්තිකයකින් යුතු අය වනවන අතර දෙවියන් ගැන විශ්වාසය තැබීමත් පරිණාමය ගැන සමකාලීන සිද්ධාන්ත පිළිගැනීමත් අතර පරස්පරයක් නොදනිති. ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක ගවේෂණය සහ ආගමික විශ්වාසයන් යනු පූර්ණ, සමබර ජීවිතයක එකිනෙකට අනුපූරක අංගෝපාංග බව බොහෝ ආගමික නායකයෝ මෙන්ම විද්‍යාඥයෝ ද පිළිගනිති
ප්‍රශ්නය: පරිණානාමය පිළිබඳ අපේ අවබෝධයෙහි ‘හිඩැස්’ තිබේ ද?
පිළිතුර: නැත. සබුද්ධිමත් පිරිමැවුම් පක්ෂපාතිකයන් දක්වන අර්ථයයෙන් නම් නැත. පරිණාමීය ක්‍රියාදාමයේ යම් සුවිශේෂී මංපෙත් සහ විවිධ විශේෂ එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන ජීව විද්‍යාවෙ තවමත් බොහෝ ගැටළු ඇති බව පැහැදිලිය. එසේ වුවද මෙම ගැටළු, චාල්ස් ඩාවින්ගේ මූලික න්‍යාය වන ‘පැවතඒම මගින් විකරණය(වෙනස්වීම)‘ යන්න හෝ එමෙන්ම ප්‍රවේණි විද්‍යාවේ ඒකාබද්ධ කර ඇති සහ එහි සහයෝගය පලවන එම සිද්ධාන්තයන්ගේ වර්තමාන ස්වරූපය අවලංගු කරන්නේ හෝ අභියෝගයට ලක්කරන්නේවත් නැත. ගැටලු ගැන සැලකිල්ල යොමු කිරීමට හා ඒවා විසඳන ආකාරයන් ගැන යොමු කිරීමටත් මගපාදන සංකල්පමය රාමුව සමකාලීන පරිණාමයේ සිද්ධාන්තයන් ගෙන් සැපයේ.
විද්‍යාඥයන් නිරතුරුව ස්වභාවධර්මයේ අභිරහස් විසඳමින් සිටින අද අපට ‘අනූනනීය සංකීර්ණතාව‘ ලෙස සැලකෙන දේ ඉක්මනින්ම හෙට දිනයේ පැහැදිලි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බවට පත්විය හැකිය.
ප්‍රශ්නය: සබුද්ධිමත් පිරි නිමාව ගැන උගෙනීමට සිසුන්ට අයිතියක් නැද්ද?
පිළිතුර: සම්පූර්ණයෙන්ම ඇත. ලෝකාන්වේක්ෂණය(world view), දර්ශනය, ආගම හෝ සමකාලීන තොරතුරු ගැන සොයාබලන පාඨමාලාවලදි සබුද්ධිමත් පිරිනිමැවුම් වැනි සංකල්ප ගැන සාකච්ඡා පැවතීම සහමුලින් යෝග්‍යයයි ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය හා අනෙකුත් අංශ අදහස් කරයි. එහෙත් එය කළ යුත්තේ විද්‍යාව උගන්වන පන්ති කාමරය තුළ නොවේ. විද්‍යාත්මක නොවන අදහස්, විද්‍යාව සමඟ එකට උගැන්වීමෙන් විද්‍යාවේ ස්වභාවය පිළිබඳව සිසුන් අවුල්ට පත් විය හැකිය.
American Association for the Advancement of Science (AAAS) මගින් මාර්ග ගතව පළකර ඇති Questions and Answers on Evolution ලිපිය අසුරෙනි