සංජානනය: දෘෂ්ටි ව්‍යාකූලතාව

Posted by

දෘෂ්ටි ව්‍යාකූලතාව

අපගේ දෘෂ්ටි පද්ධතිය විශේෂිත ප්‍රදේශ ගණනාවකට බෙදී ඇත. අපි කවදා හෝ දුටු යම් යම් වස්තු ඒ ඒ විලස වෙන වෙනම  ස්මරණයේ තබා ගන්නවාට වඩා, අපේ මොළ, කුඩා තැනුම් ඒකක පෙළකින් වස්තු නිර්මාණය කර එම කුඩා කොටස් ගලපන ආකාරය  මනසින් සිතියම් ගතකරයි. දෘෂ්ටිමය අසංඥතාව(= visual agnosia, පසුගිය සතියේ ලිපිය බලන්න) සහිත එක් පුද්ගලයෙකුහට ත්‍රිමාන වස්තු දකින්නට සලස්වනු ලැබීය. එක් එක් වස්තුව සෑදී තිබුණේ සරල ජ්‍යාමිතික හැඩ තල දෙකකිනි. ඉන් අනතුරුව පසු වෙලාවක ඔහුට මෙම අනුරූප පෙළක්ම පෙන්වනු ලැබීය. ඒවා අතරතුරට අළුත් වස්තු කිහිපයක්ද එක් කෙරින. එවන් වස්තු මීට පෙර දැක ඇද්දැයි ඔහුගෙන් විමසනු ලැබීය. සාමාන්‍ය පෙනීම ඇති පුද්ගලයෝ මෙහිදී සියයට සියයක් නිවැරදි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්හ. එහෙත් මෙම පුද්ගලයා අතින්,  (පර්යේෂකයන්ට) තේරුම් ගැනීමට අපහසු වැරදි කීපයක් ම සිදුවිය. යම් වස්තුවක්, එහි අළුතින්  කොටසක් ගැබ්ව තිබුණේ නම්  මීට පෙර ඔහු නොදැක සිටි බව ඔහු දැන සිටියේය. එහෙත් හුරුපුරුදු කොටස් වෙනත් ආකාරයකට තබා තිබූ අවස්ථාවේ ඔහු අවුලට පත් විය.

වස්තුවකට කළ හැක්කේ කුමක්දැයි තේරුම් ගැනීමේදී මොළය ක්‍රියා කරන්නේ කෙසේ දැ යි අනෙකුත් අසංඥතා රෝග තත්ත්වයන් මගින් හෙළි කෙරිණ. අසංඥතාවයෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන්ට වස්තු භාවිත කළ හැකි නමුත් සවිඥානකව ඒවා විස්තර කළ නොහේ. තවත් සමහර පුද්ගලයන්ට වස්තුන් විස්තර කළ හැකි වුවත් ඒවා පහසුවෙන් භාවිතා කළ නොහැකි විය. මේ කුසලතා දෙක ඒ කියන්නේ වස්තු විස්තර කිරීම සහ ඒවා භාවිතා කිරීම යන කුසලතා දෙක ගැන ක්‍රියා කෙරුණේ දෘෂ්ටි බාහිකයේ (visual cortex) වෙනත් කොටස් දෙකකදී බව මොළ අනුරූප මගින් දැක්විණ. වස්තුවක් කුමක්දැයි ප්‍රජානන පිණිස එක් ගමන් මඟක් අවශ්‍ය වේ.  (මෙය හඳුන්වනු ලබන්නේ ප්‍රජානන ක්‍රියාකාරී පද්ධති ලෙසිනි) තවත් එකකින් සලකා බැලූණේ (කුමකින්ද – කොයිබද පද්ධතිය) වස්තුවක භෞතික පිහිටීම වන අතර ඉන් අපේ සිරුරු චලනයට මාර්ගෝපදේශ සැපයිණ.

මේවා තවත් කොටස් ලෙස බෙදා වෙන්කළ හැකිය.  මොළ පරිලෝකන(scans) දක්වන්නේ හැඩය, වයනය(texture) සහ වර්ණය  යන සියල්ල තනි හුදකලා කලාපවලදී පිරිසැකසෙන බවයි. ඇත්ත වශයෙන්ම ස්නායු විද්‍යාඥයන් වඩාත් සූක්ෂමව සොයා බලත්ම, බලත්ම ඒවා අපේ දෘෂ්ටි පද්ධතිය පෙනෙන්නේ  වාඩාත්ම මොඩියුල(නිදහස් ඒකකවලින් සැදි) ආකාරයටය. එසේ වුවද,  එක අතකින් කොටස් සහ  අංග ලක්ෂණ එකතුවක් ලෙස අපේ මොළ මගින් වස්තූන් පිරිසැකසුම් කරනු ලබද්දී ඒවා මූට්ටු නොමැති හෙවත් අඛණ්ඩ  සමස්තයක් ලෙස අපි ඒවා අත් දකින්නෙමු. අප සවිඥානකව යම් දෙයක් දකින විට මෙකී විසම කොටස් සියල්ල මූට්ටු නොමැතිව එකට සම්බන්ධ වේ. ඇපල් ගෙඩියක් දුටු සැනින්, ඇපල් ගෙඩියක් යනු සුමුදු, කොළ පැහැති රවුම් දෙයක් බව අප දැනගන්නේ මේ ආකාරයට. මොළය මෙය සාර්ථකව ඉටුකරගන්නේ  වස්තුවක එකිනෙකට වෙනත් කොටස් සියල්ල එකට එක්කිරීමෙනි.  සමහරවිට මොළයේම වෙනස් කොටසකදී මේ සිදු වනවා විය හැකිය. එහිදී වැදගත්ම කාරණාව වන්නේ අනුරූපයක් අපේ සවිඥානයට නැගෙන්නෙ මේ සබැඳියාව ගොඩ ගොඩ නැගීමෙන් පසුව බව වීමයි.

ඒ සඳහා සාක්ෂි ලැබෙන්නේ සමගාමීඅසංඥතාව(simultanagnosia) නම්  රෝගයෙන් පෙළෙන අයගෙනි.  සමගාමී අසංඥතාව යනු යම් දසුනක ඇති වස්තූන්    අඛ්ස්ණ්ඩ සමස්තයක් ලෙස නොව වෙන වෙනම සංජානනය කරනු ලබන එකට නොඇලුණු ලෝකයක් අත්දකින පුද්ගලයන් පෙළෙන දෘෂ්ටිමය අසංඥතා වර්ගයකි. මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන අයකු කෑම මේසෙක වාඩි වූ විට අනෙකුත් සියල්ල බොඳ වී හැදි පමණක් දැකීම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙවැනි පුද්ගලයෝ, දෘෂ්ටිමය මංපෙත් වලින් එන තොරතුරු එකට බැඳීමටත් එය අපගේ සවිඥානයට ගෙන ඒමටත් අවශ්‍ය වන මොළයේ පිටුපස පාර්ශ්වික ඛ්ණ්ඩිකාවට(posterior parietal lobe) හානි පැමිණීමේ ප්‍රවණතාවයෙන් යුක්ත අයවෙති. ලෝකය  තේරුම් බේරුම් කරගන්නා මේ අමුතු ආකාරයේ පුද්ගලයන් ගැන අධ්‍යයනය කිරීම, අපි දකින දේ මනස මගින්  තෝරා බේරා ගනු ලබන්නේ කෙසේද යන්න ගැන අදහසක් අපට ගෙන එනවා පමණක් නොව නූතන ස්නායුවිද්‍යාවේ වඩාත්ම මනබඳින අභිරහස් විසඳා ගැනීමට අපට උපකාර වීමටද හැකියි: එනම් ‘වත්මන් මොහොත’ ලෙස  අප විසින් සලකනු ලබන,  ගලායන සවිඤ්ඥානමය අත්දැකීමක් ලෙස අප සියලු සංවේදන අත්දැකීම් සියල්ල මොළය මගින්  එකට බැඳ තබනු ලබන්නේ නේ කෙසේද යන්නයි.

posterior parietal lobe

බිරිඳ තොප්පියක් ලෙස වැරදියට වටහා ගත් පිරිමියෙක්!

‘ඔහු සිය අත දිගු කොට සිය බිරිඳගේ හිස අල්ලා ඔසවා තම  හිස මත පැළඳ ගැනීමට උත්සාහ දැරීය. පෙනී යන ලෙසට නම්  ඔහු සිය බිරිඳව තොප්පියක් හැටියට වැරදි යට  දැකලා තියෙනවා. ස්නායුවේදී ඔලිවර් සැක් ගේ  මේ විස්තරය උපුටා ගෙන ඇත්තේ  පුදුම එළවනසුළු ස්නායු ආබාධ පිළිබඳ ඔහුගේ සුප්‍රකට ග්‍රන්ථයෙහි නමට මග පෑදූ  Dr. P නැමැති සිය රෝගියා ගැනයි. ඉතා දියුණු මනසක් තිබුණද ඔහුගේ දෘෂ්ටියෙහි යම් අඩුපාඩු ඇති වූයේ ටියුමරයක් හෝ මොළයේ දෘෂ්ටිමය කොට්ඨාශයේ හායනයක් හෙවත් පරිහානියක් හේතුවෙනි. වෘත්තියෙන් සංගීතඥයෙක් වූ Dr. P ට සම්පූර්ණ චිත්‍රය දැකීමේ හැකියාව අහිමි වී තිබුණි මලක් හඳුනා ගැනීමට ඔහු අපොහොසත් වූ ඔහු මලක් යන්න විස්තර කරන්නේ ‘රේඛීය කොළ පැහැ ඈදුමක’ සාමාන්‍ය සංචලිත රතු ස්වරූපයක් හැටියටය. ඔහුට, ඔහුගේ මුහුණෙන් හෝ වෙනත් සිය පවුලේ අයගේ මුහුණ තබා   ඔහුවමත් පවා හඳුනා ගැනීමට  නොහැකිය. එසේ වූව ද හෙතෙම අප්‍රානික  දේවල් තුළ මුහුණු දැක්කේය. වීදි ජලනළ මීටර හෝ රථගාල් මීටර ඔහු දුටුවේ ළමුන් ලෙසය.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.