දුරකථන බැටරි දින ගණනාවක් භාවිතයට ගෙන්දගම්

Posted by

දුරකථන බැටරි දින ගණනාවක් භාවිතයට ගෙන්දගම් මඟපාදයි

උදේට ජංගම දුරකථනයේ බැටරිය ආරෝපණය කර (චාජ් කර) හවස් වෙද්දි බැස ගොස් ඇත්නම් එය කොයිතරම් හිත කලකිරවන්නක්ද? ඒත් බොහෝ දෙනෙකු දිනපතා වාගෙ අත්දකින කටුක යථාර්ථය එයයි. කලක් පවතින බැටරියක් අපේ දුරකථනයටත් ඇත්නම් යනුවෙන් සිතෙන්නේ එවිටය. ඉතින් මීට පිළියම කුමක්ද? ආරෝපනය කල පවතින බැටඉයක් යන්න පැහැදිලියි.

අතිශය ඉහල විභවයක් සහිත ලීතියම් – සල්ෆර් (ගෙන්දගම්) වඩාත් ලාභදායී විදුලි මෝටර්රිය භාවිතයට සහ ජාලක බලශක්ති ගබඩා කිරීමට මග පාදනු ඇති බව විශ්වාස කෙරේ. පරිසර හිතකාමී මෝටර් රිය භාවිතයේදී දැනට මුහුණපාන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ද බැටරියක ආරෝපණය කලක් තබා ගැනීමට අපහසුවීමයි.

දැන් මෙන්න සුබ ආරංචිය: ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මදෝක්ත් ෂයිබානි සහ ඇගේ සහයන් එක්ව ලිතියම් අයන බැටරිවල ධාරිතාව මෙන් පස් ගුණයක ධාරිතාවයෙන් යුත් බැටරියක් වර්ධනය කිරීමට සමත්ව සිටිති. වර්තමානයේ දී විදුලි මෝටර් රථ සහ බුහුටි දුරකථන (ස්මර්ට්ඵොනෙ) බලගන්වන්නේ මෙකී ලිතියම් අයන බැටරිය. නව බැටරිය ආරෝපණ චක්‍ර දෙසීයකට වැඩි ගණනක් තුළ සියයට අනූ නමයක් කාර්යක්ෂමතාවයක් පවත්වාගෙන යාමට සමත් අතර දුරකථනයකට යොදන මේ ආකාර නව බැටරියක්  දින පහක් තිස්සේ දුරකථනය බල ගැන්වීමට සමත් වෙයි.

ලීතියම් සල්පර් බැටරිවල විභවමය හැකියාවන් ගැන පර්යේෂකයන් දැන සිටියේ බොහෝ කලක පටන් ය. එහෙත් සල්ෆර් ඉලෙක්ට්‍රෝඩයක ධාරිතාව කොපමණ නම් විශාල ද කියතොත් ආරෝපණයේ දී  මෙන්ම විසර්ජනයේ දී එය කැඩී වෙන් වී යා හැකිය. එලෙස සිදුවන්නේ සල්ෆර් ඉලෙක්ට්‍රෝඩ චක්‍රගත වෙද්දි 78% පමණ පරිමාවේ වෙනසක් සිදුවෙමින් ප්‍රසාරණය හා සංකෝචනය වන හෙයිනි.  මේ වෙනස්වීම 8 ගුණයකින්  ලිතියම්-අයන බැටරිය වඩා වැඩිය. ඉලෙක්ට්‍රෝඩය කොටස්වලට කැඩී යාම වළක්වනු පිණිස ෂයිබානි සහ ඇගේ කණ්ඩායම, සල්ෆර් අංශුවලට ප්‍රසාරණය සහ සංකෝචනය සඳහා වැඩි ඉඩකඩක් සපයා දුන්හ. ඝන ජාලයක් ගොඩ නගනවාට  වඩා  අංශු අතර යා කිරීම්(පාලම්) පෙළක් නිර්මාණය කරනු පිණිස ඔවුහු පොලිමර් (බහු අවයවයක්) යොදා ගත්හ. විශාල ශක්ති ප්‍රමාණයක් විසර්ජනය කිරීමෙහි හැකියාව සමග බිඳි යාමකට බැටරියේ ඇති ප්‍රතිරෝධය තුලනය කිරීමට මෙමගින් අවස්ථාව ලැබේ.

විදුලි මෝටර් රථ සහ ජාලක ශක්ති ගබඩා කිරීම සඳහා වන බැටරිවල පිරිවැය අඩු කිරීමට මෙම ලීතියම් සල්ෆර් බැටරි වලට හැකිවෙතැයි ෂයිබානි කියා සිටියි. මන්ද කීවොත් සල්ෆර් (ගෙන්දගම්) බහුලව තිබෙන අතර මිල ද අතිශය අඩුවීමයි. ඕස්ට්‍රේලියාව තුළ මෙම බැටරි වාණිජ මට්ටමින් නිපදවීමේ අරමුණ ඇතිව පර්යේෂකයෝ මුලාකෘති බැටරි තවදුරටත් පරීක්ෂා කිරීමට අදහස් කරති.

 

New Scientist(11th January, 2020)  හී පළ වූ Sulphur could make
phone batteries that last for days    නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.