මිනිසුන් එක එක ප්‍රමාණයට වර්ධනය වන්නේ ඇයි?

Posted by
මිනිසුන් එක එක ප්‍රමාණයට වර්ධනය වන්නේ ඇයි?

අද අප අහන මේ ප්‍රශ්නයම, මීට වසර 150කට පමණ පෙර අහපු  ඉංග්‍රීසි ජාතික පුද්ගලයෙක් සිටියේය. මේ ගැන දඩි කුතුහලයක් දැක්වූ ඔහු නමින් (ශ්‍රීමත්) ෆ්‍රැන්සිස් ගාල්ටන් වේ.

එක දවසක්, ශ්‍රීමත් ෆ්‍රැන්සිස්  ඔහුගේ මිතුරන් දිහා බොහොම උනන්දුවෙන්  බලාගෙන හිටියා. ඔහොම බලන් ඉන්න කොට  එයාට වැටහී ගියා  බෝහොම  උස සිරුරු තියෙන යහළුවන්ට  උස ශරීර ඇති දෙමාපියන් හා බොහෝම මිටි වූ  යහළුවන්හට මිටි සිරුරු ඇති දෙමාපියන් සිටිනා බව. මෙලෙස එය (මිනිසුන් එක එක ප්‍රමාණයට වර්ධනයවීම) සිදූවන්නේ ඇයි දැයි සොයා බැලීමට යම් ආකාරයක පරීක්ෂණ සිදුකල විද්‍යාඥයන් අතරින් පලමු පුද්ගලයා, ෆ්‍රැන්සිස් ගාල්ටන් තමයි. ඔහූ විසින් සොයා ගනු ලැබු දෑ ඔහූ ග්‍රන්ථයක් ලෙස පළ කලා. එසේවුවත්, ඔහූ සොයාගත්  සෑම  අදහසක්ම නිවැරැදි නොවේ. ඔහු විසින් ඉදිරිපත් කල ඇතැම් අදහස් සහමුලින්ම සාවද්‍යයයි. නමුත් , වර්තමානයේ දී අප හදුන්වනු ලබන “ප්‍රවේණි විද්‍යාව” (genetics) නැතහොත් ජාන විද්‍යාව (the science of genes) සදහා ආරම්භයක් නිර්මාණය කරනු ලැබුවේ ඔහු විසිනුයි. මේ කතාවේ අරුත නැතිනම් මේ කාරණය අපි  තවදුරටත් පැහැදිලි කර ගමුකෝ.

අදාළ රූපය

දරුවන් සහ දෙමාපියන්

දුඹුරු පැහැති හිසකෙස් සහිත දරුවන් හට බොහෝවිට එලෙසම දුඹුරු පැහැ හිසකෙස් සහිත දෙමාපියන් ඉන්නා බව අපට පෙණි ගොස් තියනවා. දක්ෂ ධාවකයන්ගේ දෙමාපියෝ ද හොඳ ධාවකයන්.  අපි හොයලා බැලුවොත්  මදක් කුලෑටි ගති සහිත දරුවන් හට ඉන්නේ  මදක් කුලෑටිකමින් යුතු දෙමාපියන් බව පෙණි යා හැකියි. දෙමාපියන් සහ දරුවන් වගේම එක පවුලේ  සහෝදර  සහෝදරියන්ද එසේ  එක සමාන වෙන්න පුළුවනි.

ඔබට,  ඔබගේ සහෝදරයා හෝ සහෝදරියගේ වගේපෙනුම තිබේද? ඔබට කවුරු හරි  වැඩිහිටියෙකු කියා  තිබෙනවා ද ” අනේ, ඔයා නම් ඔයාගේ අම්මා වගේමයි (හෝ තාත්තා වගේමයි) !” කියලා?

මේ සියල්ලම පසුපස තියෙන්නේ  DNA කියන දේ බව ඔබට සිතුනාද?. DNA කියන්නේ “deoxyribonucleic acid” (ඩීඔක්සීරයිබෝ න්‍යාෂ්ටික අම්ලය) යන්න කෙටියෙන් දැක්වීමක්. හැබයි ඉතින් ඒකට ඔය දිග හෑල්ල කියවන්න  කරදර වෙනවාට වඩා, හැමෝම හදුන්වනු ලබන ආකාරයට අපිත්  DNA කියලාම කියමුකෝ.

සෑම මනුෂ්‍යයෙකුටම ඉතාමත් සුවිශේෂී කේතයක්(Code) තියෙනවා. සෑම මනුෂ්‍යයෙකුම   ඉතාමත් සුවිශේෂී කේතයක් සහිත තොරතුරු අඩංගු ‘පොත් පිංච’කට උරුමකම් කියනවා. හිතලා බලුවොත් අපි හමෝම ඇත්තටම මෙවැනි තොරතුරු අඩංගු  පොත් ට්‍රිලියනක් පමණ දරාගෙන,  උසුලාගෙන  යනු ලබනවා. එම සෑම පොතක්ම, එක සමාන විශේෂ කේතයකින් රචනා කරලා තියෙන්නේ. DNA නම් වු එම කේතය, අක්ෂර සතරකින් එනම් A, C, T,  සහ G වලින් නිර්මාණය වී ඇත. මෙය සරල ලෙස පෙනුණත්, ඉතා නිපුණත්වයකින් යුතුව සකස් කළ එකක්.

අපගේ දෑස් වලින් මෙම කේතය කියවීම අපහසු වූවත්, අපගේ ශරීරයට මෙය (මෙම කියවීම්) සිදුකල හැකියි. මෙම කේතය මගින් අපගේ ශරීරය කුමක් සිදුකල යුතුද යන්න සහ කෙසේ සිටිය යුතුද යන්න පවසනු ලබනවා. නිදසුනක් ලෙස, එම කේතය මගින් අපගේ හිස්කෙස් බොකුටුවට(curly) හෝ සිහින් සෘජුව( straight) වර්ධනය විය යුතු ආකාරය හෝ අපගේ දෑස්, දුඹුරු හෝ නිල් පැහැ ලෙස නිර්මාණය විය යුතු ආකාරය පවසයි. එලෙසම, කොතෙක් වර්ධනය වියයුතු ද සහ  වර්ධනය කෙදින නතර වියයුතු ද යන්න පවසනු ලබයි. ඇතැම් පුද්ගලයන් හට තම ශරීරය උසට වර්ධනය වන ලෙසට පවසන  කේතයක් සහිත තොරතුරු සංග්‍රහයක් පවතින අතර තවත් අනෙක් පුද්ගලයන් හට තම ශරීරයන් කුඩා ප්‍රමාණයට වර්ධනය වීම සදහා කේතයක් පවතියි.

 

එම DNA  කේතය, ඔබගේ සර්වසම නිවුන්(identical twin ) සොහොයුරා හෝ සොහොයුරියට හැරුණු කොට, සෑම පුද්ගලයෙකුටම අනන්‍ය බව ඔබ දැන සිටියා ද? මින් අදහස් වන්නේ,  ඔබගේ කේතය හා සමානවන කේතයක් සහිත මෙලොව කිසිවෙකු නොසිටින බවයි. (DNA පරීක්ෂණ ගැන දැන් දැන් නිතර අහන්නට ලැබෙනවා. DNA  කේතය සෑම පුද්ගලයෙකුටම අනන්‍යය කියන කාරණාව ඊට සම්බන්ධයි. ඒ කොහොමද කියන එක ඔබත් හිතලා බලන්න — සංස්කාරක). ඔබගේ සර්වසම නිවුන් සොහොයුරා හට පමණක් ඔබගේ DNA හා සමානව කේතය පවති.

ඔබගේ කේතය ඔබගේ ජිව විද්‍යාත්මක දෙමාපියන්ගේ( biological parents) කේත සමග බෙහෙවින් සමානය. මීට හේතුව නම් ඔවුනගේ කේතය ඔබට දායාද කර තිබීමයි.  ඔබ ඔබගේ  DNA   කේතයෙන් අඩක් ඔබගේ මව සහ අඩක් ඔබගේ පියා සමග බෙදාගනු ලබනවා. ඔබ, දරුකමට හදා වඩා ගත් අයෙකු නම් — හෝ ඔබගේ දෙමාපියන්, පරිත්‍යාග කළ දායක ඩිම්බ හෝ ශුක්‍රාණු  භාවිතා කරන ලද නම් —  ඔබ, ඔබගේ DNA කේතයෙන් අඩක් ඔබව නිර්මාණයට දායක වූ ඩිම්බය සහ ශුක්‍රාණුව ප්‍රදානය කළ අය සමග බෙදා ගනු ලබයි.

එමනිසා,  ඔබගේ වර්ධනය කොතෙක් සිදුවිය යුතු ද යන්න දන්වන ඔබගේ කේතය, කොතෙක් වර්ධනය සිදුවිය යුතු යයි දන්වන ජීව විද්‍යාත්මක දෙමාපියන්ගේ  කේතයට සමානයි.

අපගේ DNA කේතය, අපගේ ජීව විද්‍යාත්මක දෙමාපියනගේ DNA කේතයට බෙහෙවින් සමාන වූවත්, අප සැවෝමගෙ වර්ධනය (දෙමාපියන්ට වඩා) ස්වල්ප වශයෙන් වෙනස් ය. මෙයට හේතුව නම්,  ඔබගේම සුවිශේෂී අත්දැකීම් වේ.

අත්දැකීම් යනු මනුෂ්‍යයාගේම එක් අංගයකි

සෑම මනුෂ්‍යකූම හට අත්දැකීම් ඇත. අත්දැකීමක් යනු අප විසින් සිදුකඅරණු ලබන  යම් දෙයක් හෝ අප හට සිදු වූ යම් සිදුවීමක් වේ. ආහාර ගැනීම ඔන්න එක  අත්දැකීමක්. සමහරක් (වෙනත් අය සමග) අත්දැකීම් අප බෙදා හදා ගන්න ඒවා.  අනෙකුත් ඒවා අප විසින්ම අත්දකිනු ලබනවා. අපගේ ශරීරයට , අපගේ තොරතුරු පොත්පිංචෙ හි අඩංගු කේතයන් අනුව ක්‍රියා කිරීම සදහා ශක්තිය අවශ්‍ය වේ. ශක්තිය පැමිණෙන්නේ අප ගනු ලබන ආහාර, විශේෂයෙන් ම සෞඛ්‍යසම්පන්න ආහාර මගිනි. අප ආහාර ලබා නොගතහොත් අපගේ වර්ධනය වීමක් සිදු නොවේ.

අදාළ රූපය

කේතයන් සහිත තොරතුරු ඇතුලත් පොත්පිංච හි සදහන් කේතය,   වර්ධනය වෙන්නැයි  ශරීරයට පැවසුවද , එසේ ශක්තිය නොලැබුනහොත් ශරීරයේ වර්ධනය වීමක් සිදුනොවේ. ඇතැම් ළමයි තම ශරීරය වර්ධනය වීමට ආහාර බොහෝ ප්‍රමාණයක් ලබාගනිති. අනෙක් ළමයි ප්‍රමාණවත් තරම් හෝ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා නොගනිති.

රෝගාතුර වීම යනු ද අත්දැකීමකි. ඇතැම් රෝගයන් මගින් ඔබගේ වර්ධනය විම අඩුකරයි. වර්තමානයේ ජීවත්වන අප අතීතයේ මිනිසුන්ට වඩා  රෝගාතුර වන්නේ අඩුවෙනි. ඒ අතර බොහෝ කලකට පෙර ජීවත් වූ මිනිසුන් ට වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගනී. බොහෝ කලකට පෙර ජීවත් වූ මිනිසුන්ට වඩා වර්තමානයේ අප තරමක් උස වනුයේ එමනිසයි.

එබැවින් අපගේ DNA කේතය සහ අපගේ  අත්දැකීම් යන කරුණු දෙකම  අපගේ වර්ධනය යම් ප්‍රමාණයක් දක්වා සිදුවිය යුතු ද යන්න තිරනය  කිරීමට හේතු වෙනවා. ඉතින් අර මුලින්  අහපු ප්‍රශ්නයට පිළිතුර දැන් පැහැදිලියි නේද?

 

Curious Kids(The conversation) හී Why do people grow to certain sizes? යන කොටස ඇසුරෙන් පරිවර්තන කර  සකස් කළේ:

අරුණි වන්නිආරච්චි (Thathu Creators)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.