ජල හිඟය: නැවුම් ජලය සහ ජල චක්‍රය

Posted by

පිරිසිදු(නැවුම්) ජලය සම්න්විතවන්නේ කුමකින්ද?

මෙයම ‘පිරිසිදු ජලයෙහි සංයුතිය කුමක්ද?’ යනුවෙනුත් අහන්න පුළුවන්.

සරලව පවසනවා නම්, පිරිසුදු ජලය යනු ද්‍රාවණය වුණු(dissolved)  ලවණ සහ ද්‍රාවණය වුණු ඝන ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් හෝ කොහොමටවත් නොමැති  ජලයයි. මෙය(ලෝකයේ තිබෙන සමස්ත ජලයෙන්) මුහුදු හෝ  සාගර ජලය මෙන්ම කිවුල් දිය ද ඇතුළත් නොවී ඉතිරිව තිබෙන ජලය වේ. මුළු ලොව පුරාවට  ග්ලැසියර ලෙස, අයිස් තලා ලෙස, ඇල දොල සහ ගංගා මෙන්ම අයිස් කුට්ටි ලෙස ජලය විවිධ ස්වරූපයෙන් පවතිනවා.   ඒ විතරක් නොව, ඒ ඒ භූගෝලීය ප්‍රදේශයන්හී  පවතින ජලය ප්‍රමාණයන් එකිනෙකට වෙනස් විය හැකියි.

පිරිසුදු ජලය, නිසලව පවතින්නක් හෝ  වේගයෙන් ගලායන ජලය වෙන්නට පුළුවනි. නිසල පිරිසිදු ජලය “රැඳී පද්ධති”(lentic systems) ලෙස හැඳින්වේ. ඒ වගේම ගලන පිරිසිදු ජලය “ගලන පද්ධති”(lotic systems)  ලෙස හැඳින්වේ. ඉතිරි නැවුම් ජලය,  ජලධාරවල ඇති භූගතජලය හෝ භූගත ඇළදොළ ජලය ලෙස ලබා ගන්නට පුළුවන.

සමස්ත පිරිසුදු ජලය කොහෙන්ද එන්නේ?

දැන් අපි ‘පිරිසිදු ජලයෙහි සංයුතිය දන්නා නිසා ඊළඟට මතුවෙන ප්‍රශ්නය තමයි එම ජලය අපට එන්නේ කොයිබින්ද යන්න.

පිරිසුදු ජලය එන්නේ වායුගෝලයේ වර්ෂණයෙන් ය, බොහෝ විට ඒවා වැස්ස, මීදුම සහ හිම යන ස්වරූප ගන්නවා. ඒවා ඔය මොන ස්වරූපයෙන් වුණත් ඇද වැටුණු පසු, හෙවත්  පතනය වුණායින් පසු ඒවා කඳු වල ඉඳන් පහත් බිම්  දක්වා ඇදහැළෙන   ඇළ දොළ සහ ගංගාවලට ගලාවිත් එක්වෙයි. අවසානයේ එම ජලයේ ගමන නිම වන්නේ මුහුදට හෝ සාගරයට එකතු වීමෙන්. වායුගෝලයේ ඇති ජලයෙන්  විශාල  ප්‍රමාණයක් අවසානයේ ජලදේහ වලට එකතු වෙන නිසා, වායු දූෂණයෙන්  වායුගෝලයට එක එක  රසායන එකතුවෙන එක ගැන අප ඉතා විමසිල්ලෙන්,  අවබෝධයෙන් සිටීම වැදගත්ය.( රසානික සහිතව තෙත් හො වියළි ස්වරූපයෙන් වායුගෝලයේ සිට ඇදවැටෙන අම්ල වැසි(acid rain) මෙයට හොඳ උදාහරනයක්. අම්ල වැසි ගැන විස්තරයක්  මෙතැනින් කියවන්න)

අදාළ රූපය

එහෙම වුනත්, මුලින්ම කොහොමද වායු ගෝලයට ජලය එක්වෙන්නේ කියන කාරණාව දැනකියා ගන්න ඕනනේ.  මෙය ජල චක්‍රය කියන ආකෘතියෙන් අපට පැහැදිලි කරන්නට පුළුවනි.

ජල චක්‍රය

ජලය කියන්නේ පුනර්ජනනීය සම්පතක්. සරලව දක්වන්නේ නම් ජලයෙහි ‘චක්‍රය’ කියන්නේ පොළවෙහි සිට සංසරණය වෙමින් වායුගෝලය දක්වා සහ යළි පොළවට ඒමේ ජලයෙහි ගමන් මගයි. මේ චක්‍රය ක්‍රියා කරන හැටි අපි පහත දැක්වෙන රූප සටහන මගින් පැහැදිලි කර ගැනීමට තැත් කරමු.

උගෙන ගැනීමේ පහසුව තකා අප මේ චක්‍රය වර්ෂණයෙන් පටන් ගනිමු. මේ තමයි  ඉතා කුඩා කුඩා ජල බිඳිති ලෙස පටන් ගෙන  ඉන් පසුව වඩාත් විශාල බිඳු බවට පත්ව, ආකාශයෙන්(වායුගෝලයෙන්) හිම, වර්ෂාව සහ තුෂාර ලෙස ඇදහැලෙන ජලය.  වර්ෂණය. අපධාවය (run-off= මතුපිට ගලන ජලය. දියදෝරය, අතිරික්තය ලෙසද දැක්වේ) නිර්මානය කරන අතර ගලන ජලයට එක්වෙමින් ගංගා, ඇලදොල, විල්, කලපු සහ මුහුදු වෙතින් අවසන්වේ.

ඉන් ජලය සමහරක් වෑස්සී (පස හරහා කාන්දුවී) භූගත ජලයට එක්වෙයි.

මතුපිට එකතු වන ජලය අනතුරුව වාෂ්පීකරනයවී(වායු බවටපත්වී)වායුගෝලයේ ජල වාෂ්ප බවට පත්වේ.

ඝනීභවනය  සිදුවීමෙන් සහ එමගින් ජල වාෂ්ප වර්ෂාව දරා සිටින වලාකුළු බවට පරිවර්තනය වෙනවා. මෙයට අමතරව, ශාක ද තෙතමනය අවශෝෂණය කරගන්නා අතර පත්‍ර හරහා වායුගෝලය වෙත වාෂ්පීකරණ වී යයි.  මේකෙන් අපට තේරුම් ගන්න පුළුවන් කුමක් ද? ජල කඳන් වඩාත් තිබෙන ප්‍රදේශ සහ තුරුලතා ආදිය ගහන ප්‍රදේශවලින් වැඩියෙන් වාෂ්පීකරණය සිදුවන අතර වැසි දරන වලාකුළු වැඩියෙන් තිබීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්.

එහෙම ඇතිවන වැසි දරන වලාකුළු වර්ෂණය ආකාරයෙන් ජලය මුදා හරින අතර ඔන්න දැන් යළිත් ජල චක්‍රය ආරම්භවෙනවා.

 

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ What makes up Freshwater?  සහ The Water Cycle  යන කොටස  ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:

චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.