බල්ලන්ට කොවිඩ් ඉවකර දැනගත හැකිද? විද්‍යාව පවසන දෑ මෙන්න:
කොරෝනා වයිරස් ආසාදන කැපී පෙනෙන නිරවද්‍යතාවයකින් හඳුනාගැනීමේ හැකියාව සුනඛයින්ට ඇති බව පෙනී යන නමුත් පර්යේෂකයන් පවසන්නේ ප්‍රවේශය ඉදිරියට ගෙනයාමට පෙර මහා පරිමාණ අධ්‍යයන සිදු කළ යුතු බවයි.
Asher මදක් ඔල්මාද ගතියෙන් යුක්තයි; Storm අව්ව තපින්න කැමතියි; Maple හැමවිටම මොළය භාවිත කරලා වැඩකරනවා. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා තිදෙනාටම දායක විය හැකි නමුත් ඔවුන් විද්‍යාඥයන්වත් දේශපාලඥයන්වත් නොවෙයි. තිදෙනාම සුනඛයන්ය. මේ හැකියාව හැබැයි මේ තිදෙනාටම සීමා වී නැහ.

කොවිඩ්-19 ආසාදන හඳුනා ගැනීම සඳහා ලොව පුරා සුනඛයින් පුහුණු කරනු ලබන අතර, සුනඛ පුහුණුකරුවන් කියා සිටින්නේ මේ ව්‍යායාමය ඔස්සේ අසාමාන්‍ය ප්‍රතිඵල ලැබෙන බවයි – – සමහර අවස්ථාවලදී සුනඛයින්ට වෛරසය සම්පූර්ණ නිරවද්‍යතාවයකින් හඳුනාගත හැකිවූ බවයි ඔවුන් පවසන්නේ. මෙම වෑයම හා සමඟ සම්බන්ධ වූ විද්‍යාඥයින් යෝජනා කරන්නේ වසංගතය පාලනය කිරීමේ දී සුනඛයින්ට උපකාරී වීමට හැකි වනු ඇති බැවින් පැයකට සිය ගණනක් පිරිසක් පරීක්‍ෂා කිරීමට අවශ්ය වන ගුවන් තොටුපලවල් හෝ ක්‍රීඩාංගන වැනි කාර්යබහුල ස්ථානවල දී, පොලිමරේස් දාම ප්‍රතික්‍රියා හෙවත් PCR ආර්එන්ඒ-විස්තාරණ තාක්‍ෂණය (RNA-amplification technique PCR) වැනි සාම්ප්‍රදායික පරීක්ෂණ ක්‍රමවලට වඩා මෙය ලාභදායී විය හැකි බවයි.
.එහෙත් මේ සම්බන්ධ සොයාගැනීම්වලින් බොහොමයක් තවමත් සමපදස්ථයන් (peers) සමාලෝචනය කර හෝ ප්‍රකාශයට පත් කර නොමැති අතර, තවම විද්‍යාත්මක ප්‍රජාවගේ පුළුල් ඇගැයීම්වලට ලක් කිරීම දුෂ්කර කරය. වඩාත් සාම්ප්‍රදායික වෛරස් පරීක්ෂණ වල යෙදෙන පර්යේෂකයන් පවසන්නේ සුනඛයන් යොදාගෙන කරන පරීක්ෂණවල ආරම්භක ප්‍රතිඵල කුතුහලය දනවනසුළු බවත් යම් ආකාරයකට බලාපොරොත්ටු දනවන සුළු බවත්ය. කෙසේ නමුත් සමහරු ප්‍රශ්න කර සිටින්නේ පරික්ෂන වලදී සතුන්ගේ කාර්යභාරය අර්ථවත් බලපෑමක් ඇති කිරීමට ඉඩ සලසන මට්ටමකට මෙම ක්‍රියාවලිය ප්‍රසාරනය කළ හැකිද යන්නයි.
“PCR යන්ත්‍රයක් වෙනුවට සුන්ඛයන් ආදේශ කළ හැකි යැයි කවුරුවත් කියන්නේ නෑ. නමුත් ඔවුන් යොදා කරන මෙම පරික්ෂණවලින් හොඳ ප්‍රතිඵල ලබා දිය හැකියි ” යනුවෙන් ජර්මනියේ, හැනෝවර් පශු වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය ස්නායු විශේෂඥ හොල්ගර් වොල්ක් පවසයි.
පුදුම දක්ෂකම
ඉව කිරීමට සුනඛයින් සතුව ඇති මෙම සුපිරි හැකියාවෙන් මිනිස්සුන දශක ගණනාවක් තිස්සේ ප්‍රයෝජන ගනිමින් සිටිති . මිනිසුන් සතු මිලියන 5 ක් හෝ මිලියන 6 ක් වන ගන්ධ ප්‍රතිග්‍රාහක(scent receptors) සමඟ සසඳන විට බල්ලන්ගේ නාසයෙහි ප්‍රතිග්‍රාහක මිලියන 300 ක් ඇත. මිනිසුන්ට හඳුනා ගත නොහැකි ඉතා කුඩා ගන්ධයන් පවා එමඟින් හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වේ.


ඉව ඇල්ලිමට යොදන බල්ලන් දැනටමත් ගුවන් තොටුපලවල හුරුපුරුදු දසුනක් වන අතර එහිදී ඔවුන් ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පිණිස සිරිතක් වශයෙන් යොදා ගැනේ. සමහර පිළිකා සහ මැලේරියාව හඳුනා ගැනීමට ද විද්‍යාඥයන් විසින් සුනඛයින් පුහුණු කර ඇති නමුත් සතුන් තවම පුරුද්දක් ලෙස මේ සඳහා භාවිතා නොකරේ.

සුනඛයන් ඉව කර බැලීමෙන් මෙය සිදු කරන්නේ කෙසේදැයි පර්යේෂකයෝ නිශ්චිතවම නොදනිති, නමුත් බොහෝ අය සැක කරන්නේ මෙම රෝගාබාධ මිනිස් සිරුරට වෙනස් වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) රටාවක් ගෙන දීමට හේතු වන බවයි. මෙම අණු පහසුවෙන් වාෂ්ප වීමෙන් සුනඛයින්ට ලබා ගත හැකි සුවඳ නිර්මාණය කරතියි විශ්වාස කෙරේ. කොවිඩ් නොවන වෛරස් සම්බන්ධව කලින් සිදු කළ ක්‍රියාකාරකම්වලින් හැඟී ගොස් ඇත්තේ වෛරස් ආසාදනයෙන් ශරීරය තුළ මෙවන් ප්‍රතිචාර මතු විය හැකි බවයි. මෙ අනුව, පරීක්ෂක සුනඛයන් යොද ගනිමින් වසංගතයේ මුල් අවධියේදී කොවිඩ්-19 වෙත අවධානය යොමු කෙරින. අනතුරුව, විවිධ සාම්පල වල සුවඳ, (බොහෝ විට මේවා දහඩිය සාම්පල විය), විෂබීජහරණය කළ බහාලුම්වල තබා ඒවා ඉව කළ විට බිම වාඩි වී සිටීමෙන් හෝ බිම හෑරීමෙන් ආසාදනය වීමේ සලකුනු හඳුනාගැනීමට ඔවුන් පුහුණු කර ඇත.
අත් හදාබැලීමෙ පදනමින් එක්සත් අරාබි එමීර් රාජ්යයේ, ෆින්ලන්තයේ සහ ලෙබනනයේ ගුවන්තොටුපලවල මගීන්ගෙන් දහඩිය සාම්පල හරහා කොවිඩ්-19 හඳුනා ගැනීමට බල්ලන් යොදා ගැනු ලැබීය; සාම්ප්‍රදායික පරීක්ෂණවලට හා සංසන්දනය කරමින් මේවා පරීක්ෂා කරනු ලැබේ. ඉදිරිපත් වී ඇති දත්ත වලට අනුව, සාම්ප්‍රදායික පරීක්ෂණ මගින් වෛරසය හඳුනා ගැනීමට දින කිහිපයකට පෙර ෆින්ලන්තයේ සහ ලෙබනනයේ සුනඛයන් ඉව්කර වෛරසය හඳුනාගෙන ඇති අතර, ඉන් ගම්‍යවෙන්නේ රෝග ලක්ෂණ ආරම්භ වීමට පෙර දී පවා සුනඛයන්ට මේ ආකාරයෙන් ආසාදන හඳුනාගත හැකි බවයි.
බේරූට්හි ශාන්ත ජෝශප් විශ්ව විද්යාලයේ ශල්‍ය වෛද්යවරයකු හා පර්යේෂකයෙකු වන රියාඩ් සර්කිස් සුනඛයන් 18 දෙනෙකු පුහුණු කළ ප්රංශ-ලෙබනන් ව්යාපෘතියක කොටස්කරුවෙකි. මේ යටතේ ලෙබනන ගුවන් තොටුපල පරීක්ෂාවේ දී . බල්ලන් යොදාගෙන මගීන් 1,680 ක් පරීක්ෂාවට ලක් කෙරිණ. මෙහි දී සුනඛයන් විසින් කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගනු ලබූ 158 ක් කු ඵ්CR පරීක්ෂණ මගින් ද සනාථ කෙරිණ. ප්රකාශයට පත් නොකළ ප්රති ල අනුව ධනාත්මක යයි හඳුනාගනු ලැබූ සිද්ධීන්ගෙන් 92% ක් සහ සෘණාත්මක ලෙස 100% නිරවද්යතාවයක් වශයෙන් මෙය දැක්වේ. සුනඛයන් යොදා ගනිමින් පාසැල්, බැංකු, සාප්පු සංකීර්ණ සහ බන්ධනාගාරවල ආසාදිතයන් සෙවීම සම්බන්ධයෙන් සොය බැලීමට ආරාධනා ලබා ඇති සර්කිස් පවසන්නේ ““මෙය ඉතා නිවැරදි, ශක්‍යතාවකින් යුතු මෙන්ම ලාභදායි සහ වෙනත් තැන්වල ද ක්‍රියාත්මක කළ හැක්කක්”යනුවෙනි.
සීමිත විද්‍යාගාර පහසුකම් ඇති අඩු ආදායම්ලාභී රටවලට මෙම ප්‍රවේශයෙන් විශේෂයෙන් ප්‍රයෝජන ගත හැකි බව ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්ව විද්‍යාල රෝහල්වල වෛරස් විද්‍යාඥ ඉසබෙලා එකර්ල් පවසයි.

නියැදි ප්රමාණවත් ද?
කෙසේවෙතත්, කොවිඩ්-19 ඉව කිරීමේදී සුනඛයන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රකාශිත සඟරා ලිපි ඇත්තේ එකක් පමාණකි; ඒ වොල්ක්ස් ගේ කණ්ඩයම විසිනි. ඔහු එය විස්තර කරයන්නේ නියමු අධ්‍යයනයක් ලෙසය. ඊට, රෝගීන් ස්වල්ප දෙනෙකුගෙන් සාම්පල පමණක් භාවිත කර ඇති බවයි විචාරකයින් පවසන්නේ.
සුනඛයන් යොදා කොවිඩ්-19 ආසාදිතයන් ගැන පරීක්ෂන වල යෙදී සිටින ෆිලඩෙල්ෆියා හි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ සින්තියා ඔටෝ කියා සිටින අන්දමට මෙකී පුහුණුකළ සුනඛයන්ට කොවිඩ්-19 වැළදුණු සහ නොවැළදුණු අයගේ මුත්‍රා හෝ දහඩිය සාම්පල ඉව කිරීමෙන් වෙනස හඳුනා ගත හැකිය. එහෙත් ඇගේ පර්යේෂන ගැනද විස්තර ප්‍රකාශයට පත් කොට නැත. ප්‍රංශයේ සහ ඇ.එ.ජ යේ පර්යේෂක කණ්ඩායම් මේ ගැන සොය බලමින් සිටිය ද ඔවුන් ගේ නියැදි ද කුඩා ඒවාය.
බෝවන රෝග පර්යේෂකයෙකු හා සුනඛ පුහුණුකරන්නෙකු වන, ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ වන ජේම්ස් ලෝගන් මෙලෙස පවසයි: “කුඩා දත්ත කට්ටල පමණක් අතැතිව ලොකු සාර්ථකත්වයන් ගැන කියාපෑමට ඉක්මන් නොවීමට අප වගබලා ගන්න එක වැදගත් “
nature.com හී පළවූ Can dogs smell COVID? Here’s what the science says යන ලිපිය ඇසුරෙනි.