අපේ වගේම බල්ලන්ගේ, බළලුන්ගෙත් ‘කිරි දත්’ හැළෙනවාද ?

Posted by

අපේ වගේම බල්ලන්ගේ, බළලුන්ගෙත් ‘කිරි දත්’ හැළෙනවාද ?

කෙටි පිළිතුර ‘ඔව්’ යන්නයි.

ඊට කලින් අහන්න ඕනෑ තවත් ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා. ඒ තමයි, බළලුන්ට හා බල්ලන්ට ‘කිරි දත්’ තියෙනවාද කියන එක,

බල්ලන්ට හා බළලුන්ට මිනිසුන්ට මෙන් දත් කට්ටල දෙකක් තියෙනවා.  බලු පැටවුන්ට ළදරු දත් හෙවත් ‘කිරි දත්’ 28 ක් සහ වැඩිහිටි අවධියේ දී දත් 42 ක් ද  තියනවා. පූස් පැටවුන්ට ළදරු දත් 26 ක් සහ වැඩිහිටි බවට පත්වුනහම  දත් 30 ක් ලෙසයි දත් තියෙන්නේ. සංසන්දනය සඳහා දක්වතොත් මිනිසුන්ට ළදරු දත් 20 ක් සහ වැඩිහිටිබවට පත් වුනහම  (සාමාන්‍යයෙන්)  දත් 32 ක් තිබෙන බව අපි දන්නවා.  

බළල් පැටවෙකු නම් ඉපදුනාට පස්සේ සති දෙකත් සති හතර අතර කාලයකදී ද, බලු පටවෙකු නම් සති තුණක හතරක කාලයකින් ද පතනශීල හෙවත් ප්‍රාථමික දත් ලෙසද හඳුන්වනු ලැබෙන ළදරු දත් හට ගන්නවා. මෙම දත් සාමාන්‍යයෙන් කුඩා, සිහින් සහ වඩාත් බිඳෙන සුළු ලෙස පෙනේ. සති අටක් පමණ වෙන කොට මුඛයේ මෙම කිරි දත් සියල්ල දැක බලා ගන්නට පුළුවනි.

දැන් ආයෙත් අර ප්‍රශ්නයට බභිමු: අපේ වගේම බල්ලන්ගේ, බළලුන්ගෙත් ‘කිරි දත්’ හැළෙනවාද ?

මිනිස් අපේ බාල වියේ දී  මෙන් බලු පැටවුන්ට හා පූස් පැටවුන්ට ළදරු දත් පිහිටනවා. අපි ඒවා හඳුන්වන්නේ “පතනශීල”( “deciduous”)  හෝ තාවකාලික දත් ලෙසයි.

බලු පැටවුන් සහ පූස් පැටවුන් දත් නොමැතිව උපත ලැබුවද මාස දෙක වන විට සම්පූර්ණ දත් කට්ටලයක් ඇති බව දැකගන්න පුළුවන්. බලු පැටවුන් සහ පූස් පැටවුන් මාස හයක් පමණ වන විට මේවා වැටී වැඩිහිටි දත් මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. බලු පැටියෙකුගේ හෝ පූස් පැටියෙකුගේ දතක් හැලී ඇත්දැයි ඔබට බොහෝ විට කිව නොහැකියි.  ඒ මොකද දන්නවා ද ? බොහෝ විට එම කිරි දත්  ආහාර මත  වැටෙනවා,  නැතහොත් ඔබේ    සුරතලාම  ඒවා ගිල ගිල දමනවා පවා වෙන්න පුළුවන්.

Curious Kids: Do cats and dogs lose baby teeth like people do? සඳහා පින්තුර ප්‍රතිඵල
නරක්වූ රදනක දතක්

ඔවුන්ගේ දත් අපේ දත් වල හැඩයට වඩා වෙනස් ය. අප මෙන් නොව, බල්ලන් හා බළලුන් සතුව ඉතා දිග රදනක දත්(canine teeth) ඇති අතර ඒවා තරමක් දළ(fangs)  මෙන් පෙනේ.

විදුරුමස් වලට ඉහළින් ඔබට දැකිය හැකි දතෙහි කොටස කිරීටය(crown) ලෙස හැඳින්වේ. නමුත් සෑම දතකටම අවම වශයෙන් එක් මූලයක්වත් ඇත – එනම්,  විදුරුමස් වලට පහළින් ව්‍යාප්තවෙන කොටසයි.. මෙය දතෙහි කිරීටය  තරම් විශාල විය හැකිය, සමහර විට ඊටත් වඩා විශාල වෙන්න පුළුවන්.

දන්ත වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරු සිය  රෝගී සතුන්ගේ දත්  එක්ස් කිරණ  (X-rays) පරීක්ෂාවට  ලක් කරන්නේ දත් මුල් සෞඛ්‍ය සම්පන්නද, නැතිනම් අමතර මූලයන් තිබේද, නැතිනම් දත් ඉවත් කළ යුතුද යන්න සොයා බලන්නයි.  බල්ලන් සහ බළලුන්ගේ දත් නිරෝගීව තබා ගැනීම සඳහා  පශූ වෛද්‍යවරයෙකු ලවා  නිතිපතා සිදුකෙරෙන  දන්ත පරීක්ෂාව වැදගත් වෙනවා.

ඒවා තාවකාලික විය හැකි නමුත් බලු පැටවුන්ගේ හා පූස් පැටවුන්ගේ ‘කිරි දත්’ තියුණු විය හැකිය, එබැවින්  කුඩා ඔබ සුරතල් බලු හෝ බළල් පැටියාට වඩාත් ළං වෙලා ඒවා  බැලීමට උත්සාහ දරන එක නම්  නිර්දේශ කරන්න අමාරුයි.  ඊළඟ වතාවේ ඔබේ සුරතලා පරීක්ෂා කිරීම සඳහා පශු වෛද්‍යවරයා වෙත යන විට, පශු වෛද්‍යවරයාට ඔබේ සුරතලාගේ මුඛය ප්‍රවේශමෙන් විවෘත කර දත් පෙන්විය හැකියි.

බලු පැටවුන්ගේ හා පූස් පැටවුන්ගේ වැඩිහිටි දත ඉස්මතු වීමට පෙර සමහර විට ළදරු දතක් වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙයින් අදහස් කරන්නේ දත් දෙකක් මුඛයේ එකම තැන තදට තදේ කොහොමහරි එකවර මතුවෙන්න ‘තරඟ’ කරන බවකුයි. (අනුරූප වැඩිහිටි දත පැමිණෙන විට ළදරු දත සැමවිටම වැටෙන්නේ නැත, මෙය වැඩිහිටි දත් නිසි ලෙස පෙළගැස්වීම දුෂ්කර කරයි) . එය දත් දෙක අතර ආහාර හිරවීම වැනි  හේතු හන්දා වේදනාව හා වෙනත් ගැටළු ඇති වෙන්න පුළුවනි. එය ඇත්තෙන්ම සුරතලාගේ කටෙන් දුර්ගන්ධයක් ඒමට පවා හේතු විය හැකිය. ඒක නිසා සමහර විට පශු වෛද්‍යවරුන්ට සුරතලාගේ කට ඇතුලෙම ඉන්න හදන ඒ මුරන්ඩු ‘කිරි දත’ ඉවත්  කරන්න සිද්ද වෙන්න පුළුවන්.  සාමාන්‍යයෙන්, එවැනි ‘මුරණ්ඩු’ කිරි  දතක් සඳහා වඩාත් යෝග්‍ය  ප්‍රතිකාරය වන්නේ සුරතලා නිර්වින්දනය යටතේ සිටින අතරතුර පශු වෛද්‍යවරයෙකු විසින් එය ඉවත් කරනු ලැබීමයි. සාමාන්‍යයෙන්  හැලෙන්නේ නැතිව කටේ රැඳී සිටීමට හදන එම ‘කිරි දත්’ සාපේක්ෂව ඉක්මණින් ඉවත් කළ හොත්, වැඩිහිටි දත සාමාන්‍යය ආකාරයට වර්ධනය වන අතර කිසිදු ගැටළුවක් නොමැතිව නිසි පරිදි ස්ථානගත වේ.

බලු පැටවුන් සහ පූස් පැටවුන් දත් මදින්නේ නැත. දත් පිරිසිදුව තබා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමයි. නිතිපතා දන්ත පරීක්ෂාව ද වැදගත් ය. සමහර සුරතල් සතුන් ඔවුන්ගේ අයිතිකරුවන්ට දත් පිරිසිදු කිරීමට ඉඩ දෙන්නත් පුළුවන් කම තියනවා.  නමුත් මෙය කළ යුත්තේ වැඩිහිටියෙකු විසින් පමනයි. මොකද,  සෑම බල්ලෙක්ම හා බළලෙක්ම දත් පිරිසිදු කර ගැනීමට ලොකු කැමැත්තක් නැහනේ.

ඔවුන්ට මිනිස්  භාවිත කරන දන්තාලේප භාවිතා කළ නොහැක්කේ එය කෙළ ගැසීමට බල්ලන්, බලලුන් දන්නවා යැ?  ඒ වෙනුවට, බල්ලන් සහ බළලුන් සඳහා පමණක් සාදන ලද විශේෂ දන්තාලේපයක් ඇත – එය මස් රසයෙන් යුක්ත වේ.

(අතිරේක කරුණු https://www.embracepetinsurance.com/waterbowl/article/baby-teeth-vs-adult-teeth-in-cats-and-dogs
වෙබ් අඩවියෙන්)

Curious Kids(The conversation) හී පළවන Do cats and dogs lose baby teeth like people do? යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.