දුරවේදනය හෙවත් ටෙලිපති සැබෑවක් ද?

Posted by

දුරවේදනය හෙවත් ටෙලිපති සැබෑවක් ද?

ඔබ කවදා හෝ වෙනත් පුද්ගලයෙකු දෙස බලා ඔවුන් සිතන දේ දැනගැනීමට සමත්ව තිබේද? සමහර විට ඒ පුද්ගලයා පවුලේ සාමාජිකයෙකු හෝ සමීප මිතුරෙකු විය හැකිය; එහෙමත් නැතිනම් ඔබේ ගුරුවරයා හෝ පුහුණුකරු විය හැකිය. එම පුද්ගලයා දෙස එක් බැල්මක් හෙළූ පමණින් ඒ අය ඊළඟට පවසන දේ හරියටම  කියන්නට ඔබට පුළුවන් වන්නට ඇත.

බොහෝ දෙනෙකුට මෙම අත්දැකීම, මෙම අනුභූතිය ලැබී තිබේ. බොහෝ විට, එවැන්නක් ඇතිවන්නේ වෙනත් පුද්ගලයෙකු සමඟ වැඩි කාලයක් ගත කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි.. පැය ගණනක් කතා කිරීම, සෙල්ලම් කිරීම හෝ එකට ඉගෙනීමෙන් පසු මිනිසුන් එකිනෙකා හොඳින් හඳුනා ගනිති. ඔවුන් සමහර විට එකිනෙකාගේ මනස කියවන බවක් පෙනෙන්නට තිබීම ඇත්තටම පුදුමයක් නොවේ.

නිතර නිතර මෙය ඔබට අත්දකින්න සිදුවුවහොත්, ඔබ ඔන්න පුදුම වීමට පටන් ගන්නට හැකිය. අනු‍ඟේ සිත් කියවීම සඳහා ඔබේ මනසට  විශේෂ හැකියාවක් තිබිය හැකිද? ඔබට එවැනි ‘බලයක්’ තිබිය හැකිද? ඇතැම් අවස්ථාවල පරචිත්ත විජානනය ලෙස ද දැක්වෙනදුරවේදනය හෙවත් ටෙලිපති කියන්නේ ඒකට ද?

ටෙලිපති යනු මනස පමණක් භාවිතා කරමින් සන්නිවේදනය කිරීමේ හැකියාවයි. එය සිදු විය හැක්කක් යැයි ඔබ විශ්වාස කරනවාද? ඔබටත් අනුමාන කළ හැකි පරිදි  මෙම මාතෘකාව ගැන් අප අතරේ මත එකඟත්වයක් නැත.  බොහෝ අය පවසන්නේ ටෙලිපති අයත් වන්නේ විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ පමණක් බවයි. තවත් සමහරු කියා සිටින්නේ ටෙලිපති හෙවත් දුරවේදනය සඳහා ඇතැමුන්ට විශේෂ හැකියාවක් ඇති බවයි.

ටෙලිපති සත්‍ය බව ඔප්පු කිරීමට බොහෝ අය උත්සාහ දරා ඇත. මෙම උත්සාහයන් බොහොමයකට (ජර්මානු භාෂාවෙන්, “සමස්ත ක්ෂේත්‍රය” යන අර්ථය ඇති) ganzfeld අත්හදා බැලීම ඇතුළත් වේ. මෙම පරීක්ෂණයේදී එක් පුද්ගලයෙකු මිනිත්තු කිහිපයක් දෘශ්‍ය උත්තේජනයෙන් ඈත් කර තබනු ලැබේ. තවත් පුද්ගලයෙකු මනස හරහා හෙවත් මනස උපයෝගී කරගනිමින් (එකී පුද්ගලයාට) තොරතුරු යැවීමට උත්සාහ කරයි. සමහර විට, ගන්ස්ෆෙල්ඩ් අත්හදා බැලීමට උත්සාහ කරන පුද්ගලයින්ට මායාවන් හෙවත් භ්‍රාන්තිය ඇතිවේ.. කෙසේ වෙතත්, ටෙලිපති සත්‍ය බවට සැකයෙන් ඔබ්බට කිසිවක් ඔප්පු වී නොමැත.

කෙසේවෙතත්, මෑත වසරවලදී විද්‍යාඥයෝ ටෙලිපති ප්‍රතිකාර ලබා ගත හැකි වෙනත් ක්‍රම පිළිබඳව සොයා බලමින් සිටිති.මෙහිදී ඔවුන් උත්සාහ දරන්නේ නවීන තාක්‍ෂණය යොදා ගනිමින් එසේ කිරීමට හැකිදයි සොයා බැලීමටය. 2014 දී එක පර්යේෂකයන් කණ්ඩායමක් සාර්ථක වූ බව ඔප්පු වූ එවැනි එක් අත්හදා බැලීමක්  සිදු කළහ

මෙම අත්හදා බැලීම ක්‍රියාත්මක වූයේ කෙසේද? පළමුව, එක් පුද්ගලයෙකු (යවන්නා) යැවිය යුතු පණිවිඩය තීරණය කළේය. මෙම අවස්ථාවේ දී, පර්යේෂකයෝ “Hola” සහ “Ciao” (ආචාර කිරීම සහ සමුගැනීම) යන වචන තෝරා ගත්හ. මේ පද ද්විමය)binary( භාෂාවට එනම් පරිගනක යොදා ගන්නා භාෂාවට ඇතුළත් කරණු ලැබීය. එයින් අදහස් කළේ එක් එක් වචනය අක්ෂර සඳහා එක  සහ බිංදුව(ශුන්‍ය) සරණියක් භාවිතා කිරීමයි. ඉන්දියාවේ සිටි යවන්නා මෙම ද්විමය පණිවිඩය ඔවුගේ හිස්කබලට සවි කර ඇති EEG (විද්‍යුත් බාහික රේඛයේ) සංවේදක වෙත සන්නිවේදනය කළේය.

The Ganzfeld experience—A stably inducible altered state of consciousness:  Effects of different auditory homogenizations - Schmidt - 2019 - PsyCh  Journal - Wiley Online Library

පසුව මේ සංවේදක මගින් අන්තර්ජාලය හරහා පණිවිඩය ප්‍රංශයේ විශේෂ ශීර්ෂ උපකරණ(headset) තුනකට යවන ලදි. TMS headset හෙඩ්සෙට් ලෙස හඳුන්වන ඒවා මොළයේ නියුරෝන උත්තේජනය කරයි. සෑම හෙඩ්සෙට් එකක්ම වෙනත් පුද්ගලයෙකු (ග්‍රාහකයා) විසින් පැළඳ සිටිනු ලැබීය. හෙඩ්සෙට් මඟින් ආලෝක ජ්වලන දැකීමට සලස්වනු ලැබූ අතර, ඒ සෑම එකක්ම දැවුණේ එකක හෝ ශුන්‍ය ලෙසිනි. අවසාන වශයෙන්, ග්‍රාහකයෝ පණිවිඩය පරිවර්තනය කළහ. සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා මිනිත්තු 70 ක් පමණ ගත විය.

ඉතින්, ටෙලිපති කියන්නේ ඇත්ත දෙයක් ද? එක් අර්ථයකින් ගත් විට, ‘ඔව්’ යයි කිව හැක. නමුත් එය කළ හැක්කේ තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් මිස විශේෂ හැකියාවක් නිසාවෙන් නොවේ. ස්වාභාවිකව සිදු කරන්නේ යයි කියන ටෙලිපති සම්බන්ධයෙන් ගත් කල, අපි කිසි විටෙකත් සත්‍යය නොදැනෙන්නට පුළුවණ.  එවැන්නක් පවතින බව පැවැත්ම පෙන්වා දීමට අදටත් ස්ථිර සාක්ෂි නොමැත.

ටෙලිපති වැනි ක්ෂේත්ර ගැන සොයා බැලීම පිණිස වෙනමම අධ්යයන අංශයක් තිබෙන බව ඔබත් දන්නෙහි ද?  එය පාරමනෝ විද්‍යාව(parapsychology)  ලෙස හැඳින්වේ. ඒ ගැන අපි තවත් දවසක thathu.com ලිපියකින් කියවමු.

Wonderpolis හි පළවන  Is Telepathy Real? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.