දශකයකදී පමණ පෘථිවි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ක් පමණ ඉහළ යා හැකි බවට අනතුරු හැඟවේ.
දශකයකදී පමණ පෘථිවි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ක් පමණ ඉහළ යා හැකි බවට දේශගුණ විපර්යාස පිළිබඳ වු අන්තර් රාජ්ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) අනතුරු හැඟවේ. එහෙත්, වඩාත්ම වැදගත්වන්නේ ගෝලීය උෂ්ණත්වයෙහි ඕනෑම ඉහළ යාමක් සීමා කිරීමයි.
දේශගුණ විපර්යාස පිළිබඳ වු අන්තර් රාජ්ය මණ්ඩලය (IPCC) වාර්තාව ඊයේ (අගෝස්තු 9 සඳුදා) නිකුත් කෙරිණ. එහි සඳහන් සිත් සසල කරවන සියලු ප්රවෘත්ති අතුරෙන් එක් අනතුරු ඇඟවීමක් නියත වශයෙන්ම වැඩිම සිරස්තල සංඛ්‍යාවක් ජනනය කිරීමට මග පාදනු ඇත: එනම් කොයි අන්දමින් බැලුවත්, 2030 මුල වන විට පෘථිවි උෂ්ණත්වය තීරණාත්මක සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ක් කරා ළඟා වීමට ඉඩ තිබීමයි.
අප ඉදිරියට එන දශකවල දී කාබන් ඩයොක්සයිඩ්(CO₂) සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචනය දැඩිව කප්පාදු කරන්නේ නම් මිස, මෙම සියවසේ දී ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ත් සහ ඉන් අනතුරුව එන්ටිග්‍රේඩ් අංශක 2.0 ත් ඉක්මවා යනු ඇතැයි IPCC වාර්තාව පැහැදිලිව දක්වයි. දැනටමත්, දේශගුණික විපර්යාස සහ එහි ප්‍රතිවිපාක දැනෙමින් තිබේ. සෙන්ටිග්‍රේඩ් අංශක1.5ට ඔබ්බෙන් ගිය විට තත්ත්වය වේගයෙන් පිරිහීමට ඉඩ ඇත. සෙන්ටිග්‍රේඩ් අංශක1.5 පිළිබඳ ගැටලුව ඇතුළුව නවතම IPCC වාර්තාවට දායක වූ දේශගුණික විද්‍යාඥයෝ මේ අනතුරු හඟවීම් සිදුකරති. ඔවුහු, සිරස්තල වලින් ඔබ්බට යමින් අංශක1.5 ඉහළයාම නෛන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමටත් එමෙන්ම, ඇත්තෙන්ම වැදගත් වන්නේ හැකි තරම් ගෝලීය උණුසුම අඩු මට්ටමක පවත්වා ගැනීමය යන්නත් පැහැදිලි කිරීමට ඉදිරිපත් වෙති.

වඩාත් වැදගත්ම ඉලක්කය
2015 පැරිස් ගිවිසුම යටතේ ලෝකයේ ජාතීන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙන්ටිග්‍රේඩ් අංශක 2.0 ට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකිනම් පූර්ව-කාර්මික විප්ලව මට්ටම්වලට සාපේක්ෂවසෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට සීමා කර ගැනීමට එකඟවිය. එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ලෝකය අත්පත් කරගත් ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා ගෝලීය වශයෙන් සිදු කීන ප්‍රථම තක්සේරුව 2023 දී සිදුකිරීමට් නියමිතයි. ගෝලීය උණුසුම ඉහළ යාම මේ වන විට ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කිරීමට එක් හේතුවක් එයයි.
IPCC හි නවතම සොයා ගැනීම් දක්වන්නේ 2030 ගණන්වල මුල වෙද්දී ඉහළම විමෝචන අවස්ථාව හැරුණු විට සලකා බැලූ සියලුම වායු විමෝචන අවස්ථාවලදී එක්කෝ 1.5 සීමාවට ළඟාවීම හෝ නැතිනම් එය ඉක්මවායාම සිදුවනු ඇති බවයි. ඉහළම විමෝචන අවස්ථාව ඊටත් වඩා කලින් එළඹීමටත් ඉඩ ඇත. එහෙත් සියළු බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. වාර්තාවේ සලකා බැලෙන -නිල වශයෙන් “SSP1-1.9” ලෙස වාර්තාවේ දැක්වෙන- ඉතා අඩු විමෝචන අවස්ථාවකදී දශක කිහිපයක් තිස්සේ පෘථිවිය 1.5 සීමාව කරා ළඟා වූව ද, උනුසුම් වීම නමුත් සියවස අවසානය වන විට එය පහළට වැටේ.
මෙම කරුණ වැදගත් ය. අපට විමෝචන වේගයෙන් ශුද්ධ ශුන්ය මට්ටම දක්වා කපා හැරිය හැකි නම් ගෝලීය උණුසුම්වීම මෙම සියවසේ 1.5ට වඩා පහතට තබාගැනීමට තවමත් හැකියාව ඇත්තෙය. ඒ හැර සෙසු සියළුම විකල්ප මග පාදන්නේ 1.5 මට්ටමට ළඟාවීමෙන් පසු තවදුරටත් ගෝලීය උණුසුම ඉහළ යාමටයි. ඉතින්,1.5 මට්ටම පවත්වා ගෙන යාමට නොහැකි නම් ඊළඟ ඉලක්කය විය යුත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 1.6කට, අනතුරුව 1.7කට ආදී වශ්යෙන් සීමා කිරීමය. උණුසුම් වීම හැකි තාක් දුරට අවම මට්ටමකටම සීමා කිරීම වැදගත්ම ඉලක්කයයි. අප විසින් වළක්වා ගනු ලබන සෑම උණුසුම් තත්ත්‍වයක්ම අප මුහුණ දෙන දේශගුණික අවදානම අඩු කරයි.
සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 උනුසුම් වීම මනින්නේ කෙසේ ද?
පූර්ව කාර්මික යුගයේ සිට පෘථිවිය උනුසුම්වීම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට ළඟාවී ඇත යන ප්‍රකාශය(එසේ වූ) එක් වසරකින් පසුව හෝ (එසේ වූ) එක් ස්ථානයකින් හෝ පසුව සිදු කරන්නේ නොවේ. පද්ධතියේ ස්වාභාවික විචල්‍යතාවයන් සැලකිල්ලට ගනු වස්, වසර 20 ක් තුළ ගෝලීය සාමාන්‍යයක් ලෙස උණුසුම මනිනු ලැබේ. ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය නිල වශයෙන් 1.5වීමට පෙර වසර කිහිපයක්ම තුළ එම සීමාව ඉක්මවනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. ඇත්ත වශයෙන්ම, 2015-16 එල්නිනෝ හි උච්චතම අවධියේදී එක් එක් මාස තුළ ගෝලීය උෂ්ණත්වය1.5 සීමාව ඉක්මවා ගියේය.
කාර්මික යුගය මෙන්ම ඒ හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය 1700 ගණන් වල ආරම්භ විය. නමුත් 19 වන සියවසේ මැද භාගයට පෙර යුරෝපයෙන් පිටත භූමි බාගයන්හි නිරීක්ෂිත කළ දේශගුණික දත්ත නොමැත. ඉතින්, පූර්ව කාර්මික තත්ත්වයන් තක්සේරු කිරීම සඳහා1850-1900 කාලය භාවිතා කරනු ලැබේ. දේශගුණික දත්ත ඇතුළත් නොමැති කාල සීමාවේ දී සියවස හෝ එපමණ කාලයක දී උෂ්ණත්වය+0.3 සිට -0.1 දක්වා වෙනසක් සිදුවන්නට ඇතැයි IPCCය ඇස්තමේන්තු කරයි.
නවතම IPCC සොයාගැනීම් වලට අනුව, පසුගිය දශකය තුළ පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික පාදක රේඛා මට්ටමට වඩා1.09℃ උනුසුම් විය. පැහැදිලිවම, 1.5℃ උනුසුම් වීම දක්වා යාමට මෙය බොහෝ දුරට මග පාදන්නකි. IPCC පවසන්නේ මෙම උණුසුම නිශ්චිතවම මිනිසුන්ගේ ක්‍රියා කාරකම්වල බලපෑමේ ප්‍රතිඵලයක් බවයි.

නව විද්‍යාව
IPCC හි නවතම තක්සේරුව දැනුම් දීම පිණිස නව නිපැයුම් කිහිපයක් උපකාරී වී තිබේ. ප්‍රථම වතාවට, IPCC අනාගත ගෝලීය උෂ්ණත්ව විපර්යාසයන් පිළිබඳ ඇස්තමේන්තුව සාධක තුනක් මත පදනම් වේ. පළමුවැන්න නම් “හවුල් සමාජ-ආර්ථික මාවත්” හෙවත් නව අවස්ථා උපයෝගී කරගනිමින් සිදු කෙරෙන ප්‍රක්ෂේපණයි. එක් එක් සෑම මාවතකටම අදාලව ගෝලීය සමාජයට හා ආර්ථිකයට ගත හැකි විවිධ පරාචක්‍රයන් සහ එයින් ඇති වන විමෝචනයන් ගැන සඳහන් වේ.
බොහෝ ගෝලීය විද්‍යාත්මක ප්‍රයත්නයනයන්ගේ ප්‍රතිඵලයක් හැටියට දේශගුණික ආකෘති පරාසයක් එක් එක් මාවතට ප්‍රතිචාර වශයෙන් දේශගුණික විපර්යාස අනුකරණය කිරීමට හෙවත් විඩම්භනයට(simulation)භාවිතා කෙරේ. දෙවැන්න, නිරීක්ෂණය කරන ලද දේශගුණික දත්ත වලට අනුකූලව දේශගුණික ආකෘති සත්‍යාපනය කෙරේ. දේශගුණික ආකෘති අත්‍යවශ්‍ය මෙවලම් වන නමුත් ඒවා සෑම විටම ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුය. ඒවායේ ප්‍රතිඵල වෙනත් ආකාරයේ සාක්ෂි හා පෙළ ගැස්වීමට නවතම මාදිලියේ හෙවත් වටයේ දේශගුණික ආකෘති සම්බන්ධයෙන් නිරීක්ෂන පිළිබඳ දැනුවත් කිරීම විශේෂයෙන් අවශය.
තෙවනුව, IPCC විසින් “දේශගුණික සංවේදීතාව” එනම්, ගෝලීය CO₂ සාන්ද්‍රණය දෙගුණ කිරීම සඳහා පෘථිවියේ උෂ්ණත්වය කෙතරම් සංවේදීද යන්නපිළිබඳ තක්සේරුවක් භාවිත කරන ලදී. IPCC යෙහි ය සාක්ෂි තක්සේරුව දේශගුණික සංවේදීතාව 2.5℃ සහ 4℃ අතර තබන අතර , 2℃ ට වඩා අඩු හෝ 5℃ වැඩිවීමේ සම්භාවිතාව අඩුය.
මානව වර්ගයා වාසනාවන්ත නම් සහ සත්‍ය දේශගුණික සංවේදීතාව අවම වශයෙන් පිළිගත හැකි පරාසයක පවතී නම්, අවම විමෝචන අවස්ථා යටතේ පෘථිවිය උනුසුම් වීමේ සීමාවට1.5℃ නොපැමිණිය හැකිය (නමුත් තවමත් මධ්‍යම හෝ ඉහළ මට්ටමක පවතී). අප අවාසනාවන්ත නම් සහ දේශගුණික සංවේදීතාව ඉහළ පරාසයක පවතී නම් ශුද්ධ-ශුන්‍ය විමෝචන ඉක්මනින් ළඟා කර ගැනීමේ අවශ්‍යතාවය තවත් වැඩි වේ.
නවතම IPCC වාර්තාවේ පහත දැක්වෙන රූප සටහන මඟින් දැක්වෙන්නේ විවිධ හවුල් සමාජ-ආර්ථික ගමන්මං සහ දේශගුණික සංවේදීතා අගයන් යටතේ ගෝලීය උණුසුම් වීමේ විවිධ මට්ටම් කරා ළඟාවීම සඳහා ඇස්තමේන්තුගත කාල රාමුවයි.

මෙය අපව සිටුවා තබන්නේ කොතැනද?
නවතම IPCC සොයාගැනීම් වලින් තහවුරු වන්නේ පෘථිවිය 2030 ගණන් වල මුල් භාගයේදී 1.5℃ සීමාවේ සිටිනු ඇති බවයි. ඉන් පසුව කුමක් සිදු වේද යන්න අද අපි ගන්නා තීරණ මත රඳා පවතී. ඉදිරි දශක කිහිපය තුළ CO₂ සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචන වල දැඩි හා අඛණ්ඩ අඩු කිරීම් සමඟ උණුසුම්වීමේ සීමාව අපට පමණ තබා ගත හැකිය. ඉන් අනතුරුව එය, සියවස අවසානයේදී එමඑළිපත්තට වඩා අඩු මට්ටමකට ගෙන ආ හැකිය. .
IPCC සොයාගැනීම් කනස්සල්ලට කරුණක් හේතු භූත වනනමුත් අපගේ ගෝලීය දේශගුණික ප්‍රයත්නයන්ගෙන් අවධානය වෙනතකට යොමු නොකළ යුතුය. 1.5℃ සීමාවටඅඩුව සිටීම වැදගත් ය. කොහොමනමුත්, අපි 1.5℃ සීමාව ඉක්මවා ගියත් නැතත් ඇත්තෙන්ම වැදගත් වන්නේ අපට හැකි අවම ගෝලීය උණුසුම පවත්වා ගැනීමයි.
The conversation හී පළවන IPCC says Earth will reach temperature rise of about 1.5℃ in around a decade. But limiting any global warming is what matters most යන ලිපිය අසුරෙනි