Covid-19ට එරෙහිව එන්නත් සිතුවාටත් වඩා ආරක්ෂාවක් සපයන  බව අධ්‍යනයකින් හෙළිවෙයි

Posted by

Covid-19 එරෙහිව එන්නත් සිතුවාටත් වඩා ආරක්ෂාවක් සපයන  බව අධ්යනයකින් හෙළිවෙයි

කලින් කොරෝනා  වෛරසයකින් ආසාදනයට ලක්වීමෙන් පසුව ලැබෙනවාට වඩා ප්‍රබල එමෙන්ම වඩාත් විශ්වාසය තැබිය හැකි සුරක්ෂිතභාවයක් කොවිඩ් එන්නත්වලින් ලැබෙන්නේ යයි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැලැක්වීම පිළිබඳ මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention  – CDC) මගින් සිදු කළ නව අධ්‍යනයකින් හඟවන බව එම ආයාතනය කියා සිටියි.

Pfizer-BioNTech හෝ Moderna එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට වඩා කලින් කොරෝනා  වෛරසයකින්  ආසාදනයට ලක්ව සුවය ලබූ පුද්ගලයන්ට Covid-19 වලඳීමේ ඉඩප්‍රස්ථාව පස් ගුණයකින් වැඩි බව CDCය පසුගිය සිකුරාදා(ඔක්‍තෝබර් 29) ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, අධ්‍යනයේ කතුවරු අනතුරුහඟවන්නේ රෝගීන්ගේ දත්තවල ඇතැම් අඩුපාඩු සහ  ඔවුන්ගේ අධ්‍යනයට සහභාගීවූවන්ගේ පක්ෂපාතිත්වයන් (අධ්‍යනයේ) ප්‍රතිඵල කෙරෙහි බලපාන්නට ඇතැයි යනුවෙනි.

“කලින් ආසාදනයට ලක් වුනේ වී නමුත් Covid-19 එන්නත් ලබාගැනීමේ වැදගත්කම යළි සනාථ කරන්නට සමත් අතිරේක සාක්ෂි අපට දැන් තියෙනවා” CDC  අධ්‍යක්ෂ රොෂෙල් වැලෙන්ස්කි අධ්‍යයන වාර්තාව සමග නිකුත්කෙරුණු ප්‍රකාශනයක් මගින් කියා සිටියි. Covid-19 වරක් වැළඳුණු පුද්ගලයන්ට එන්නත් මාත්‍රා ඇත්තවශයෙන්ම අවශ්‍ය ද යන ප්‍රශ්නය ඇතැම් ඇමරිකානුවන් නගමින් සිටින්නේ රට පුරා එන්නත් වරය තහවුරු වෙමින් ඇති විටකය.  Covid-19  වැළඳී දිවි බේරාගත් අයට එන්නත් මග නොහරින ලෙස විද්‍යාඥයෝ තරයේ කියා සිටිති. ඔවුන්  එලෙස සඳහන් කරන්නේ කොවිඩ් වැළඳීමෙන් අනතුරුව ඇතිවෙතැයි කියන ඊනියා ස්වභාවික ප්‍රතිශක්තිය තදින් ‍රැඳි පවතින්නේ පුද්ගලයාගේ වයස සහ සෞඛ්‍යය, මෙන්ම හට ගැනුණු ආසාදනයේ දරුණුකම උඩ නිසාවෙනි.

COVID-19 vaccination more protective than previous infection, study finds

CDC අධ්‍යනය සඳහා භාවිත කරන ලද්දේ ‘වටරවුම්’ පිරිසැලසුමක්ය. එක්සත් ජනපදයේ ජනපද 9ක් පුරා කොවිඩ් සමාන රෝග සහිතව රෝහල් ගතවූ (දළ වශයෙන්) පුද්ගලයින් 7,000ක් පමණ දෙනා පරීක්ෂකයන්ගේ විමසුමට ලක්වූහ.  රෝහල්ගත රෝගීන් අතුරෙන් කීදෙනෙකු ඇත්තවශයෙන්ම කොරෝනා වෛරසයෙන් ආසාදිත වී ඇත්දැයි අනතුරුව ඔවුහු සොයා බැලුහ. එහිදී පර්යේෂකයන්ට පෙණී ගියේ, Covid-19 ආසාදිත බවට පරීක්ෂාවලින් සනාථ වීමේ අවස්ථාව(test positive) එන්නත් ලැබූ පිරිස අතරට වඩා එන්නත්කරණයට ලක් නොවූ, කලින්  ආසාදිතව සිටි පුද්ගලයන් අතරේ සැලකීය යුතු මට්ටමකින් ඉහළින් තිබෙන බවයි.

Clinical trials of monoclonal antibodies to prevent COVID-19 now enrolling  | National Institutes of Health (NIH)

කෙසේවෙතත්, මේ අධ්‍යනය තුළ යම් යම් සීමාකාරයන් ගණනාවක්ම දැකිය හැකිය. පර්යේෂකයන් කියා සිටින්නේ අධ්‍යනයේ සොයා ගැනීම් රෝහල ගත නොවූ, විවිධ මට්ටම්වල වෛද්‍ය සත්කාරක සේවාවන්  ලබාගැනිමේ අවස්ථා ඇති අයට අදාල නොවීමට ඉඩ ඇති බවයි. එමෙන්ම එන්නත්කරණයට ලක්වූ කණ්ඩායමේ සමහරක් රෝගීන් නොදැනුවත්වම, ඒ කියන්නේ සිය දැනීමෙන් තොරව කලින්  ආසාදනයට ලක් වූවන් වන්නට පුළුවන. පොදුවේ ගත් කල මේ මාතෘකාවට අදාල අධ්‍යනයන් එකිනෙකට පරස්පර නිගමන වලට එළඹ ඇත යනු විද්‍යාඥයන්ගේ අදහසයි.

එසේවුවද, යම් රටාවන් හඳුනා ගැනීමට අවස්ථාව ඉන්(අධ්‍යනයෙන්) උදාවී ඇත. කොරෝනා වෛරසයකට ගොදුරු වී ලබනවාට වඩා mRNA එන්නතක මාත්‍රා දෙකකින් නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩිවා පමනක් නොව එම වැඩිවීම වඩාත් විශ්වාසදායකය. එහෙත්, පූර්ව ආසාදනයකින් හට ගන්නා ප්‍රතිදේහ වඩාත් විවිධය. එහෙයින්, (එලෙස හට ගන්නා ප්‍රතිදේහ) වෛරසයේ වෙනත් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව සලසා ගැනිමට පුද්ගලයින්ට උපකාරීවීමේ විභවයකින් යුක්තය.

CDC on Twitter: "A new CDC study finds that among people who had #COVID19  infection before, those who were unvaccinated were more than twice as  likely to get COVID-19 again. Get vaccinated

බලපෑම කොයි ආකාර වුවත්, ස්වභාවික ප්රතිශක්තිය අත්පත් කර ගැනීම, උපද්රව සහිත බවටත්,  අවිශ්වාසදායක බවටත් වෛද්ය විශේෂඥයෝ අනතුරු හඟවති. මුලින්ම සලකා බැලිය යුත්තේ කොවිඩ් වැළ‍ඳෙන සෑමදෙනාටම ඉන් දිවිගලවා ගැනීමට අවස්ථාව නොලැබෙන බවය; එමෙන්ම එසේ දිවි ගලවා ගන්නා අයට වුණත් විශ්වාසදායක අයුරින් තමන්ට ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් තම ශරීර අභ්‍යන්තරයෙන්ම ලැබෙතැයි නිට්ටාවටම කිව නොහැකි බවයි.

The New York Times හී පළවන Vaccination offers more protection against Covid than prior infection, a C.D.C. study suggests.   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.