Covid-19 කොරෝනා වෛරසය බෝවීම සහ පැතිරීම තවදුරටත් වළක්වාගමු
කොරෝනා වෛරසය ගැන සහ එය ගෙන එන අනිටු හා සමහරවිට මාරාන්තික ප්‍රතිඵල ගෑන නොදන්නා කෙනෙකු අද ලොව නැති තරම්. එමෙන්ම ඉන් තමන් සහ තමන්ගේ සමීපතරයන් ද ආරක්ෂාවී මුළු මහත් සමාජයමත් බේරා ගැනීම පිණිස පුද්ගලයන් කළ යුතු දේ ගෑන අප සෑම දෙනාටමත් සමාන්‍ය හෝ අවබෝධයක් ඇත. එහෙත් සමහර දේවල් කොපමණ කීවත් අයහපතක්, වැඩිවීමක් සිදුවන්නේ නැත. සෞඛ්‍ය ඵණිවුඩ සහ තොරතුරු සංනිවේදනයෙහි මෙන්ම සංජානනයෙහි අඩුපාඩු, ගැටළු ඇතිවිය හැකි බැවිනි. එපමනක් ද නොව කොවිඩ් 19 රෝගය හටගන්වන SARS-CoV-2 වෛරසයේ ස්වභාවය සහ එහි සීඝ්‍ර පරිණාමය හේතුවෙන්, විද්‍යඥයෝ විය යුතු පරිදිම නිරතුරුවම සිය මුලූපායන් යාවත් කාලීන කර ගනිති. තවමත් Covid-19 ගෝලීය වසංගතයේ අනතුර පහව ගොස් නැති හෝ ඒ තබා ඉක්මණින් පහව යාමක් ගැන සිතිය නොහැකි අවදියක මුලු මහත් ලෝකයාම පසුවෙන පසුබිමක thathu.com මේ ලිපිය ගෙන එන්නේ අප අපට අපේ යුතුකම හොඳින් ඉටුකිරීමට හැකිවන අයුරු අත්වැලක් සපයනු පිණිසය. ලිපිය සකසා ඇත්තේ මහා බ්‍රිතාඥයේ රාජ්‍ය පරිපාලනය යටතේ ඇති සර්වග්රාහී මහජන සෞඛ්‍යසේවාව වන ජාතික සෞඛය සේවාව(National Health Service (NHS)) සිය වෙබ් අඩවියේ මෑතකම පළකර තිබෙන ලිපියක් ඇසුරෙනි.

Covid-19 කොරෝනාවෛරසයබෝවීමසහපැතිරීමතවදුරටත්වළක්වාගමු
Covid-19 පැතිරෙන ආකාරය
Covid-19 බෝවන්නේ, එම වෛරසය වැළඳුනු අය සමග සමීප සබඳත පවත්වන්නන්ටය. වෛරසය වැළඳුනු පුදගලයන් හට, රෝග ලක්ෂණ නොපෙන්නුවත්, වෛරසය පැතිරවිය හැක. වෛරසය වැළඳුනු අයෙකු ප්රාශ්වාසකරන විට, කතාකරන විට, කහිනවිට හෝ කිවිසුම් යවන විට ඒ අය වෛරසය අඩංඟු කුඩා බිඳිති මුදා හරිති. මේ කුඩා බිඳිති ආශ්වාස කිරීමෙන් හෝ එම කුඩා බිඳිති වැටී ඇති පෘෂ්ඨ(මතුපිට) ඇල්ලීමෙන් ඔබට Covid-19 වැළඳිය හැක.
හොඳින් මතක තබාගන්න
Covid-19 බෝවීමේ වැඩිම අවදානම ඇත්තේ ගෘහ හෝ වෙනත් ගොඩනැගිලි ඇතුළත සහ ජනයා වැඩියෙන් ගැවසෙන නැතිනම් පොදිකන තැන්වලය.
Covid-19 පැතිරීම වැළැක්වීමෙහි ලා ඔබට කළ හැකි දේවල්
ඔබට රෝගය වැළඳීමේ අවදානම හෝ එය වෙනත් පුද්ගලයනට බෝකිරීමේ අවදනාම අඩු කරනු වස් ඔබට කළ හැකි දේවල් ඇත.
කළ යුතුම:
- Covid-19 එරෙහි එන්නත් නිසිවෙලාවන්ට නිසි ආකාරයෙන් ලබාගන්න(මෙහිදී එකිනෙකා ඔබට පෞද්ගලිකව කියන දේවල් වලට වඩා සෞඛ්‍ය අංශ ප්‍රසිද්ධියේ නිකුත් කරන තොරතුරු හා උපදෙස් ගෑන සැලකිළිමත්වෙන්න).
- පුද්ගලයන් හමුවීම, හැකියාවක් ඇති සැමවිටම (නිවස හෝ වෙනත් ගොඩනැගිල්ලක) පිටත දී සිදු කරන්න. සරල එහෙත් මතක තබාගෙන නිරතුරු මෙනෙහි කළ යුතු ක්‍රියාමාර්ග
- පුද්ගලයන් හමුවීම අභ්‍යන්තරයේ සිදු කළ යුතු නම් පිරිසිදු නැවුම් වාතය ඇතුලට ආ හැකි වෙන පරිදි ජනෙල්, දොරවල් විවෘතව තබන්න.
- මුනගැසෙන පුද්ගලයන් සංඛ්‍යාව සීමා කරන්න. එමෙන්ම ජනයා එක් රොක්ව සිටීම මගහරින්න.
- අන් අයගෙන්(නියමිත දුරස්තභාවය තබා ගැනීමට) ඈත්ව සිටිමට හෝ අන් අය මගහැරීමට නොහැකිවෙන අවස්ථාවල දී, විශේෂයෙන්ම ගොඩනැගිලි අභ්‍යන්තරයේ හෝ ජනයා පිරි ස්ථානවල දි මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පලඳින්න.
- දවස පුරාම වරින් වර, සබන් සහ ජලය යොදා ගනිමින් දෑත් සේදීමට හෝ නිරතුරුව අත් සැනිටයිසරක් පාවිච්චි කිරිමට උත්සුකවන්න.
නොකළ යුතුම:
- ඔබගේ දෑත් පවිත්‍රව නැතිනම් ඔබගේ දෑස්, නාසය, හෝ මුඛය ඇල්ලීමෙන් වළකින්න
හොඳින් මතක තබාගන්න
ඔබ Covid-19 ඉහළ අවදානමක් සහිත නම් පිළිපැදිය යුතු අතිරේක උපදෙස් ඇත:
නිවසේම රැඳී සිටින්න. Covid-19 රෝග ලක්ෂණ කිසිවක්ම හෝ ඇතොත් නොපමාවම පරීක්ෂාවක් සිදුකරගන්න
- අධික උණ
- අළුතෙන් හටගත්, නොනවතින කැස්සක්
- ගඳ සුවඳ පිළිබඳ ඔබේ දනුමෙහි අඩුවක් හෝ අහිමිවීමක්
ඇත්නම් ඔබ පරීක්ෂණාගාරයක දි PCR පරීක්ෂාවක් සිදු කර ගත යුතුය

හොඳින් මතක තබාගන්න
සෙසු කොරෝනා වෛරසයට වඩා SARS-CoV-2 අළුත්ය. එහෙයින්, එහි ක්‍රියාකරිත්වය, ප්‍රබලතාව සහ මර්ධනය සම්බන්ධයෙන් විද්‍යාඥයන් තවමත් පර්යේෂණ පවත්වමින් සිටියි. පර්යේෂණාගාරවල සිදුකෙරෙන පර්යේෂණ සහ විඩම්භන වලින් පමණක් සෑහීමට පත්නොවී ඔවුනට සමාජය තුළ ප්‍රායෝගිකව සොයා බැලීම් කිරීමට සිදුවේ. ඒ සියල්ලෙන් මතුවෙන සාක්ෂි අනුව උපායමාර්ග ඇතැම්විට යාවත්කාලීන කිරීමට සිදුවේ. එහෙයින්, මෙවැනි වසංගතයක් ලොව පැතිරෙද් දී එයින් ලෝකය ගලවා ගැනීමට දරණ ප්‍රයත්නවල දී අප සියළු දෙනා ඊට නොපැකිළව සහය දැක්විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
thathu.com මාණ්ඩලිකයෙකු විසිනි