ගතයුත්තේ කුමන COVID බූස්ටරය ද? ඒ කුමණ කාලයේ ද? ව්‍යාකූල වූවන් සඳහා මාර්ගෝපදේශයක්
කොවිඩ් යළි හිස ඔසවද්දී ඉන් ආරක්ෂාව සලසා ගන්නේ කෙසේද යන්න ගැන ජනතාව අතර යම් කුකුසක්, වික්ෂිප්ත ස්වභාවයක් හටගෙන ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම එන්නත් ආරක්ෂාව ලබා ගැනීමට පුරුදුව සිටි ජනතාවකට රූගයේ නව ඉස්මතුවීම හමුවේ එන්නත් ලබාගැනීම් ගැන ඔවුහු අවුල් ස්වභාවයකට පත්ව සිටිති. අද තතු ලිපිය හරිමග තෝර ගැනීම සඳහා අත්වැලක් වනු ඇත.

මීළඟ පරම්පරාවේ COVID-19 එන්නත් වෙළඳ පොළට එමින් පවතින නමුත් එම එන්නත් වලට එකතුවන්න්නට සිදුවන්නේ කලින්ම වෙළඳපොළ අරක්ගෙන සිටින එන්නත් ගොන්නක් සමගය. මින් සමහරක් සමහර රටවලට හුරුපුරුදු ඒවාය. ඒවා, වසංගතය හට ගැන් වූ වෛරසය වන SAර්S-ඡොV-2 හි පුර්වජ අනුවාදයේ ස්පයික් ප්‍රෝටීන් මත පදනම් වූ mRNA සහ ප්‍රෝටීන් එන්නත්ය. ඒවා සමඟම නව එන්නත් විශේෂයන් සුළු ප්‍රමානය්ද තීබේ. පුර්වජ වෛරසයෙන් සහ ඔමික්‍රොන් ප්‍රභේදවලින් ස්පයික් අනුක්‍රම සහිත mRNA එන්නත් ඊට ඇතුළත්ය.
මෙය ඇත්තවශයෙන් බොහෝ රටවලට හිමි නොමැති සුඛෝපභෝගී වරණයකි. එහෙත් මෙහි අවාසියක් ද ඇත. විවිධ කාලවලදී ලබා ගත හැකි විකල්ප එහ්හත් පරාසය, ලබා ගත යුත්තේ කුමන එන්නත් ද සහ කිනම් කාලයේ ද යන්න ගැන මිනිස්සුන්ගේ සීතෙහි කුකුසක්, නතිනම් ප්‍රශ්න හට ගනිති. ටෙනසි, නැෂ්විල් හි වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් සහ වැන්ඩර්බිල්ට් එන්නත් පර්යේෂණ වැඩසටහනේ අධ්‍යක්ෂකවරියක් වන කැත්‍රින් එඩ්වර්ඩ් පවසන්නේ “මේවා අමාරු ප්‍රශ්න වන අතර නියම පිළිතුරු නොමැත”. යනුවෙනි
ජනතාවට තීරණයක් ගැනීමට උපකාර වන සාක්ෂි මොනවාදැයි Nature සඟරාව විශේෂඥයන්ගෙන් විමසීය

COVID එන්නතෙහි Omicron-විශේෂිත අනුවාද ගැන අප දන්නේ කුමක්ද?
සාපේක්ෂව බොහොමත් ටිකයි.
අගෝස්තු 15 වෙනිදා, එක්සත් රාජධානිය, වෛරසය මිනිස් සෛල වලට ඇලී සිටීමට භාවිතා කරන ස්පයික් ප්‍රෝටීනයේ පුර්වජ සහ Omicron BA.1 යන අනුක්‍රම දෙකම අඩංගු ද්වි-පැති හෙවත් ද්විසංයුජ(bivalent)එන්නතක් භාවිතා කිරීමට අවසර ලබා දුන්නේය. එකසත් රාජධානියේ, එන්නත් කිරීම සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව(Joint Committee on Vaccination and Immunisation) විසින්, එරටෙහි සරත් සෘතුවේ බූස්ටර වැඩසටහනේ පළමු පරම්පරාවේ ම්ර්‍ණ්A එන්නත් සමඟ එක් විකල්පයක් ලෙස bivalent එන්නත නිර්දේශ කරන ලදී.

කෙසේවෙතත්, BA.1 වෙනුවට බොහෝ රටවල විශාල වශයෙන් වෙනත් Oමිච්‍රොන් ප්‍රභේද ප්‍රතිස්ථාපනය වී ඇති අතර BA.4 සහ BA.5 ප්‍රභේද දැන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ප්‍රමුඛ විචල්‍යයන් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක්සත් ජනපද ඖෂධ නියාමකයින් පවසා ඇත්තේ ඔවුන් භ්A.1-විශේෂිත එන්නත් මඟ හැරයාමට අදහස් කර ඇති අතර ඒ වෙනුවට BA.4 සහ BA.5 වල ස්පයික් අනුක්‍රම ඇතුළත් — මෙම සරත් සෘතුවේ දී ලබා ගැනීමට හැකිවෙතයි අපේක්ෂා කරන — ඡ්OVIඪ්-19 එන්නත් සඳහා අවසර ලබා දීමට අදහස් කරන බවයි.
රසායනාගාර දත්ත පෙන්නුම් කරන්නේ BA.1 bivalent එන්නත් මගින් වෛරසය ‘උදාසීන'(neutralize කළ හැකි එනම්, එන්නත් මගින් ධාරක සෛල ආසාදනය වීම නැවැත්විය හැකි ප්‍රතිදේහ නිපදවීම උත්තේජනය කරනු ලබන බවයි. එම දත්ත මගින් ගඟවනු ලබන්නේ BA.1 අනුපිළිවෙල ඇතුළත් කිරීම, Oමිච්‍රොන් උදාසීන කිරීම දෙගුණයකින් වැඩිකරන බවයි. කේසේවෙතත්, මෙමගින් රෝගාබාධවලට එරෙහිව අමතර ආරක්ෂාවක් කොපමණ ප්‍රමාණයක් ඇති කරයිද හෝ ඇත්තටම ඇතිකරාවිද් යන්නම පවායන්න පැහැදිලි නැත. BA.4- සහ BA.5-විශේෂිත එන්නත් වලට අදාලව උදාසීන දත්ත සැප්තැම්බර් මැද පමණ වන තෙක් ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
Bivalent හෙවත් එන්නත සඳහා ඇති අඩු ප්‍රතිඵල බොහෝ විට ප්‍රතිශක්තිකරණ ධාරණය(immune imprinting) ලෙස හැඳින්වෙන සංසිද්ධියක් නිසා විය හැකි බව නිව් යෝර්ක් නගරයේ Weill Cornell Medicineහි ක්ෂුද්‍රජීව විද්‍යාඥ ජෝන් මුවර් පවසයි. මේ වන විට, ජනගහනයෙන් වැඩි කොටසක් SARS-CoV-2 හි පෙර ප්‍රභේදයකින් ආසාදනය වී හෝ එන්නත් කරනු ලැබ ඇත. මෙම ප්‍රභේදය මතක තබා ගැනීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරනු ලැබ තිබේ. එපමණක් ද නොව, එන්නත් මාත්‍රාවකින්, Omicron-විශේෂිත සංරචක සහිත එන්නතක මාත්‍රාවකින් වුවද, එම පෙර ප්‍රතිශක්තිකරණ මතකයන් වැඩි කිරීමට නැඹුරුවක් දක්වනු ඇත. Omicron-විශේෂිත ප්‍රතිචාරයේ මට්ටම සාපේක්ෂව කුඩා වනු ඇති බවයි මුවර් පවසන්නේ: “ආසාදනය නොවූ හෝ එන්නත් කිරීමට කල්පනා නොකළ පුද්ගලයින්ගෙන් සමන්විත, ප්‍රතිශක්ති විද්‍යාත්මකව බොළඳ ජනගහනයක් අපට සිටියේ නම්, එන්නත ඔමික්‍රොන් පරම්පරාවෙන් වීම සම්පූර්ණයෙන්ම අර්ථවත් වනු ඇත,” ඔහු කියා සිටි යි. “එහෙම නමුත් ආසාදිත හෝ එන්නත් නොකළ කී දෙනෙක් සිටිනවාද?”
දැන් බූස්ටරයක් ලබා ගැනීමට නියමිත කෙනෙකු නම්, එම අය සාමාන්‍ය බූස්ටරයක් ලබා ගත යුතුද නැතහොත් Omicron විශේෂිත බූස්ටර මාත්‍රාව සඳහා බලා සිටිය යුතුද?
එක්සත් ජනපදය වැනි රටවල, ගිම්හානයේදී බූස්ටර මාත්‍රාවක් ලබා ගැනීම සඳහා සුදුසුකම් තිබෙන පුද්ගලයෝ ගතයුත්තේ කුමන තීරණයක් ද්හැයි හිතාගත නොහැකිව අවුල්ව සිටිති: මුල් එන්නතෙන්ම බූස්ටර මාත්‍රාවක් ගන්න ද, නැතහොත් Omicron-විශේෂිත ස්පයික් අඩංගු අනුවාදයක් ලබා ගනු වස් තවත් මාස කිහිපයක් සිටිය යුතුද යන්න අසීරු තීරනයකි.

වෛද්‍යවරුන් කිහිප දෙනෙකු Nature සඟරාව වෙත පැවසුවේ මෙම තීරණය පුද්ගලික එකක් විය යුතු බවත්, ඔවුන් බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් තිබේද ඔවුන්ගේ ප්‍රජාවේ ආසාදන අනුපාතය කුමක් ද සහ SARS-CoV-2 වෙතින් ඔවුන්ව ආරක්ෂා කර ගත හැකි ආකාරය පිළිබඳව ජනතාව සැලකීලට ගත යුතු බවත්ය බවයි. බැල්ටිමෝර්හි මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ, බෝවන රෝග විශේෂඥ මීගන් ඩෙමිං පවසන්නේ “එය තනි තනිව තීරණ ගැනීමකි” යනුවෙනි.
නිව් යෝර්ක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ බෝවන රෝග විශේෂඥ ඇන්ජෙලා බ්‍රාන්චේ පවසන පරිදි තීරණය ඔමික්‍රොන් විශේෂිත එන්නත සඳහා කොපමණ කාලයක් බලා සිටිනවාද යන්න මත රඳා පවතී. “එම ප්රශ්නයට පිළිතුර නිරන්තරයෙන් වෙනස් වේ,” ඇය පවසයි. “ඔබ මාස දෙක තුනකට පෙර ඕක මගෙන් ඇසුවා නම්, මම කියන්නට ඉඩ තිබුණේ ‘Omicron-විශේෂිත එන්නත ලබා දීමට තව මාස ගණනාවක්ම ගත වෙන්න පුළුවන් නිසා, දැන්මම ඔබේ බූස්ටරය ලබා ගන්න’ කියලයි.” එහෙත් දැන්, බලා සිටීමට සිදුවන්නේ මාසයක් පමණ කාලයක විය හැකි බැවින්, නව එන්නත් ලැබෙන තෙක් බලා සිටින ලෙස අඩු අවදානම් සහිත ඇගේ රෝගීන්ට උපදෙස් දීමට ඇය දැන් වැඩි කැමැත්තක් දක්වයි.
තවත් සමහරු තර්ක කරන්නේ පැරණි එන්නත් වලට වඩා සැලකිය යුතු වාසියක් ලබා දෙන බවක් නොපෙන්වන නව එන්නතක් ලබා ගැනීමට යයි කියා බූස්ටරයක් ගැනීම සති කිහිපයක් ප්‍රමාද කිරීමට අවශ්‍යතාවක් නැති බවයි. “Omicron-wisheizitha බූස්ටරයක් තිබීමෙන් ඇති විය හැකි වාසි ඉතා අල්පය” යයි මුවර් පවසයි. ” පවතින බූස්ටරය ඉක්මනින් භාවිතා කළ හැකි විට නව එන්නත් ලබාගන්න කරදර වන්නේ ඇයි?”
COVID-19 එන්නත් බූස්ටරයකින් පසුව අනෙක් බූස්ටරය අතර ගතවිය යුතු කාලය කොපමණ ද?
මේ සම්බන්ධයෙන් නම් පර්යේෂකයන් බොහෝ දුරට එකඟත්වයකට පත්ව සිටිති: එක් මාත්රාවකින් පසු අනෙක් මාත්‍රාව අතර අවම වශයෙන් මාස හතරක් බලා සිටීම හොඳය. COVID-19 බූස්ටරයක් ඉක්මනින් ලබා ගැනීමෙන් හානියක් සිදු නොවුණත් අනෙක් අතට, ඉක්මණින් ලබාගැනීමෙන් බොහෝ දුරට ප්‍රතිලාභයක් ද නැත.
එක් අධ්‍යයනයකින් හෙළි වූයේ එන්නත් කිරීමට පෙර ඉහළ ප්‍රතිදේහ මට්ටමක් සහිත පුද්ගලයින් තුළ, එන්නත් කිරීමට පෙර ප්‍රතිදේහ අඩු පුද්ගලයන්ට වඩා එන්නතට ප්‍රතිදේහ ප්‍රතිචාරය(antibody response to vaccination) දුර්වල එකක් බවයි. මෙය ප්‍රතිශක්ති විද්‍යාඥයින්ට අරුමයක් නොවන බව අධ්‍යයන කතුවරයා මෙන්ම චිකාගෝ හි නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ ෆයින්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ වෛරස් ප්‍රතිශක්ති විද්‍යාඥයකු වන Pablo Penaloza-MacMaster පවසයි: ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි කිරීමට අවස්ථාවක් ලැබීමට පෙර එන්නතෙහි ඇති ස්පයික් ප්‍රෝටීන, සංසරණයවන ප්‍රතිතිදේහ මගින් ඉවත් කරනු ලැබීමට හැකිය.
“එන්නත් අතරතුර විවේක කාලයකට ඉඩ නොදී, එක් මාත්‍රාවකින් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත තවත් මාත්‍රාවක් ලබා දෙන්නේ නම්, ඔබ කරන්නේ එහි බලපෑම අවම කිරීමයි,” ඔහු පෙන්වාදෙයි.

බූස්ටර, නුවුවමනා සේ වැඩි ප්‍රමානයක් ලබා ගත හැකිද?
මුවර් පවසන අන්දමට, තනි පුද්ගලයෙකුගේ දෘෂ්ඨිකෝණයකින් බලන විට, ණැනවත් ආකාරයකින් බූස්ටර අතර පරතරයක් තබා ඇති තාක් කල්, බූස්ටර “ඕනෑවට වඩා වැඩිවීමක්” වැනි දෙයක් ඇතිවෙතැයි ඇත්ත වශයෙන්ම කිව නොහැක. කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය දෘෂ්ටි කෝණයකින් බලනවිට, සෑම කෙනෙකුටම බූස්ටර ලබාදීම ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම, බූස්ටර වැඩි වශයෙන්ම අවශ්‍ය පුද්ගලයින්(ඒ කියන්නේ, වයස අවුරුදු 50 ට වැඩි අය සහ පෙරසිට පවතින දුර්වල සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින්) වෙතින් අවධානය මෙන්ම සම්පත් ද ඉවතට ඇදී යා හැකිය:
මෙම කණ්ඩායම් සඳහා බරපතල රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩුකිරීමට බූස්ටරවලට හැකිය. අවදානම් සාධක නොමැති තරුණ පුද්ගලයින් ගතහොත් බූස්ටරයක ප්‍රතිලාභ සාපේක්ෂව අඩුවෙන් ප්‍රකාශ වේ. එහෙත්,ආසාදනයක් පැතිරීම පටන් ගන්නට ටික කලකට පෙර බූස්ටර එන්නත් ලබා ගත්තා වූ පුද්ගලයෙකුට, ආසාදනයට ලක්වන අවස්ථාවේ අඩු ප්‍රතිදේහ මට්ටම් ඇති කෙනෙකුට වඩා වේගයෙන් වෛරසය (ශරීරයෙන්)ඉවත් කිරීමට සහ සිය ප්‍රජාව අතරේ මුදා හැරෙන වෛරස ප්‍රමාණය අඩු වීමට ඉඩ ඇතැයි Penaloza-MacMaster පවසයි.
එසේ වුවද, එවැනි ප්‍රතිලාභයක් බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇති පුද්ගලයින්ට (බූස්ටර මාත්‍රාවකින්ලැබෙන} ප්‍රතිලාභයට වඩා තාවකාලික එකක් මෙන්ම හා අර්ථවත් බවින් අඩු එකක් විය හැකි බව මුවර් පවසයි. “යහපත් සෞඛ්‍යයෙන් පසුවන වයස අවුරුදු 50 ට අඩු අය සඳහා බූස්ටර් එන්නතක ඇති වටිනාකම බොහෝ සෙයින් අඩු ය,” ඔහු පෙන්වා දෙයි, “එය, මහජන සෞඛ්‍ය ප්‍රයාලෝකයකින් දකිනවිට අඩු ප්‍රමුඛතාවයක් හිමිවන්නක් වනු ඇත.”
Natrure (19th August 2022) සඟරාවෙහි පළව ඇති Which COVID boosters to take and when: a guide for the perplexed යන ලිපිය ඇසුරෙනි