සාගර පරිසරය කෙරෙහි මානව බලපෑම් – 2

Posted by

සාගර පරිසරය කෙරෙහි මානව බලපෑම්  – 2

මෙහි මුල් කොටස ඊයේ පළවිය

හඳුන්වා දෙන ලද විශේෂ(Introduced species)

නවසීලන්තයට මානවයින් පැමිණීමෙන් පසු, එරට භෞමික පරිසර පද්ධති ජෛව විවිධත්වයේ සැලකිය යුතු හානියකට දායක එරට්ට හඳුන්වාදුන් විශේෂ වීඇත. ඊලෙසම, හඳුන්වා දී ඇති විශේෂ අපගේ සාගර පරිසරයට ද තර්ජනයක් වේ. අනවශ්‍ය සමුද්‍ර ජීවීන් හඳුන්වාදීම නිරීක්ෂණය කිරීම හෝ වැළැක්වීම සැමවිටම පහසු කාර්යයක් නොවන්නේය. එහි පැමිණෙන නැව්, ඒවායේ  බඳ මත, (නැවක ස්ථායීබව ‍රැකගැනීම සඳහා යොදන පිරවුම් ද්‍රව්‍ය වන) බැලස්ට් ජලයේ හෝ උපකරණ මාර්ගයෙන්  අහම්බෙන් නැතිනම් නොදැනුවත්වම හඳුන්වා දිය හැක.

Introduced species

කෙසේවෙතත්, හඳුන්වා දුන්  විශේෂ සියල්ල ව්‍යාප්තවන්නේ ඒ තබා  නොනැසී පවතින්නේ නැත. එනමුත් ස්ථාපිත වූ පසු, එලෙස හඳුන්වා දුන්  විශේෂ ඉවත් කිරීමට අපහසු වනවා පමනක් නොව බාගදා කොහොමටවත් ඉවත් කරන්නට නොහැකි වන්නට ද පුළුවන. නිදසුනක් වශයෙන්,  බොහෝ විට 1987 දී හඳුන්වා දුන්නේ යයි සිතිය හැකි Undaria pinnatifida නම්  ජපන් මුහුදු පැලෑටි විශේෂය, දැන් බහුලව පැතිරී ඇත. නවසීලන්තයේ දේශික සාගර ජීවීන් මත එහි බලපෑම ගැන විද්‍යාඥයෝ තවමත් හදාරමින් සිටිති.

නවසීලන්තයේ,  ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වගකීම වන්නේ රට තුළට පැමිණෙන මිනිසුන්ගෙන්, ගුවන් යානා, යාත්‍රා (නැව් වැනි) සහ භාණ්ඩ වලින් පැමිණෙන අවදානම් කළමනාකරණය පිණිස දේශසීමා පරීක්ෂකවරුන් සපයයි. එ රට තුළ නව, හානිකර පළිබෝධ සහ රෝග සොයා ගනු ලැබූ විට,  ප්‍රතිචාර සම්බන්ධීකරණය කරනය ද ඔවුනට පැවරේ.

විද්‍යාවේ ස්වභාවය

විද්‍යාත්මක පර්යේෂණ මගින් සමහර විට මිනිස් ජීවන රටාවට සම්බන්ධ පාරිසරික ගැටලු අනාවරණය කරණු ලබේ.  අප ජීවත් වන ආකාරය පාරිසරික අවශ්‍යතා සමඟ සමතුලිත විය යුතු බව මෙම පර්යේෂණයෙන් පෙන්නුම් කරන්නේය. එය,   සමහර විට විද්‍යාඥයින්ගේ කාර්යයන් වෙනුවෙන් පෙණී සිටීමේ දී ඔවුන් අසීරු තත්ත්වයකට පත්කරයි.

සාගර ආම්ලිකකරණය

අපගේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්(CO2) මට්ටම් අනප්පේඉක්ෂිත ලෙස දැඩීව ලෙස ඉහළ යාමට මානව ක්‍රියාකාරකම් හේතු වී ඇති බව ගම්‍යා කිරීමට සාක්ෂි තිබේ. මෙය, අපගේ වායුගෝලයේ තිබෙනකාබන් ඩයොක්සයිඩ් සීයල්ලෙන් තුනෙන් එකක් වර්තමානයේ සාගර මගින් අවශෝෂණය කරනු ලබන බැවින්  සාගර පරිසරයට බලපායි. මෙම CO2 අවශෝෂණය  pH අගය අඩු කිරීමට බලපාන හෙයින්  එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු ජලය වඩාත් ආම්ලික වේ.

සාගර ආම්ලිකතාවයේ දී අපගේ කාර්යභාරය

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස  මුහුදු ජලයේ දිය වී ඇති CO2 මට්ටම් ඉහල යන බව විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ තේරුම් ගෙන සිටින කාරණාවකි. කෙසේ වෙතත්, සාපේක්ෂ වශයෙන් මෑත සොයාගැනීමක් වන්නේ ජලයෙහි pH හි කුඩා වෙනස්කම් පවා සාගර ජීව විද්‍යාව මත් විශාල බලපෑමක් ඇති කළ හැකි බවයි. සාගර ආම්ලිකකරණය ලොව පුරා ප්‍රශ්නයක් වන නමුත් CO2 සිසිල් ජලයේ වඩාත් ද්‍රාව්‍ය වන බැවින් එය නවසීලන්තයේ සෞම්‍ය සාගර වැනි කලාපවල  විශේෂයෙන්ම සැලකිල්ලට භාජන වන්නකි.

සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවන සමස්ත බලපෑම පුරෝකථනය කිරීම පහසු නැති නමුත් බොහෝ විද්‍යාඥයන් බිය වන්නේ සාගර ආම්ලිකතාවයට ඉතා විශාල පරිමාණයෙන් සමුද්‍ර ජෛව විවිධත්වය අඩු කිරීමේ හැකියාවක් ඇත යන්නටයි.

මුහුද කළමනාකරණය කිරීමේ දී අප අනුගමනය කරන පැරණි ක්‍රම පිළිබඳව නැවත සිතා බැලීමක් අවශ්‍ය බව නවසීලන්ත වැසියෝ දනිති.   නවසීලන්තයේ  සමුද්‍ර සම්පත්වල වටිනාකම ඉහළ නංවන අතරම  ඒවා අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත කර ඇති බව සහතික කිරීමට උපකාර කිරීමේ වගකීම තිරසාර මුහුදු ජාතික විද්‍යා අභියෝගය(Sustainable Seas National Science Challenge) වෙත පැවරී තිබේ.

Science Learning Hub(New Zealand) හී පළව ඇති Human impacts on marine environments fishing යන ලිපිය ඇසුරෙනි

මෙහි මුල් කොටස ඊයේ පළවූ අතර, එය මෙතනින් කියවන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.