නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ ජේසන් කරයියාන් වාර්තා කරන අන්දමට ගල්ෆ් කලාපය අවට ඉරානය සිය ප්‍රතිප්‍රහාර ව්‍යාප්ත කිරීමත් සමඟ සහ ඉරානයට එල්ල කරන ප්‍රහාර සති ගණනාවක් පැවතිය හැකි බවට ඇමරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන් ඉඟි කිරීමත් සමඟ, අඟහරුවාදා දිනයේදී ගෝලීය වෙළඳපල කඩාවැටීම (sell-off) තීව්‍ර විය. කොටස් සහ බැඳුම්කර මිල පහත වැටුණු අතර තෙල් සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේය. සටන් හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල විය හැකි අවිනිශ්චිත සහ අනපේක්ෂිත බලපෑම්වලින් තම මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා ආයෝජකයින් ඩොලරය වැනි ආරක්ෂිත ආයෝජන (havens) වෙත යොමු විය.
“දීර්ඝ කාලීන ගැටුමකදී, ඉහළ බලශක්ති පිරිවැය, අඩාල වූ සැපයුම් ජාල සහ පොදු විශ්වාසය බිඳවැටීම යන කරුණුවල එකතුව, ලෝක ආර්ථිකය තවමත් තීරුබදු කම්පනයේ (tariff shock) උද්ධමනය සහ වර්ධනය පිළිබඳ ප්‍රතිවිපාක දරාගනිමින් සිටින මොහොතක ගෝලීය වෙළඳ පරිමාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත,” යනුවෙන් ING බැංකුවේ විශ්ලේෂකයින් සඳහන් කළහ. ඔවුහු මෙය “අතිශයින්ම අයහපත් කාලවකවානුවක්” (The mother of all bad timings) ලෙස හැඳින්වූහ.
ලෝකයේ තෙල් සහ ගෑස් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ඉරානයේ දකුණු මායිමේ පිහිටි තීරණාත්මක ජල මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා ඇති වේ යැයි පවතින බිය බලශක්ති වෙළඳපල කැළඹීමට පත් කළේය. ගෝලීය මිණුම්දණ්ඩ වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල සියයට 6 කට වඩා වැඩි වී බැරලයක් ඩොලර් 83 දක්වා ඉහළ ගියේය. මෙය 2024 මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටමයි.
ස්වභාවික ගෑස් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගියේය. යුරෝපීය ස්වභාවික ගෑස් අනාගත මිල ගණන් (futures) අඛණ්ඩව දෙවන දිනටත් ඉහළ ගිය අතර, ගත වූ දින දෙක තුළ මිල දළ වශයෙන් දෙගුණයකින් වැඩි වී ඇත. ආසියාවේ ගෑස් නැව්ගත කිරීම් පිළිබඳ දර්ශකයක් අඟහරුවාදා සියයට 45 කින් ඉහළ ගියේය. ආසියාවේ සහ යුරෝපයේ ගැනුම්කරුවන්ට ද්‍රව ස්වභාවික ගෑස් (LNG) අපනයනය කරන ප්‍රධාන රටක් වන කටාර් රාජ්‍යය, සඳුදා සිය පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසු LNG නිෂ්පාදනය නතර කළේය. අඟහරුවාදා වන විට, කටාර් රජයට අයත් බලශක්ති සමාගම පැවසුවේ පොලිමර් සහ ඇලුමිනියම් වැනි “අනුබද්ධ නිෂ්පාදන” (downstream products) කිහිපයක නිෂ්පාදනය ද තාවකාලිකව නතර කරන බවයි.
S&P 500 අනාගත දර්ශකය සියයට 1.5 කින් පහත වැටීමත් සමඟ අඟහරුවාදා දිනයේ ඇමරිකානු කොටස් වෙළඳපල දැඩි පසුබෑමකින් ආරම්භ වීමට නියමිතව තිබුණි. “අනපේක්ෂිත දෙයක් සිදු වූ විට කම්පනයන් අවම කර පෙන්වීමට වෙළඳපල තුළ ප්‍රවණතාවක් පවතී,” යැයි බෲකින්ග්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික රොබින් ජේ. බෲක්ස් විශ්ලේෂණයක සඳහන් කළේය. “මගේ මතය අනුව, මෙයට මනෝවිද්‍යාත්මක හේතුවක් තිබේ: ඔබ පුදුමයට පත් වූ බව පිළිගන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබ යමක් කල්තියා නොදුටු බවයි. වෙළඳපල තුළ එයින් අදහස් වන්නේ ඔබ අසාර්ථක වූ බවයි.”
ආසියාවේ සහ යුරෝපයේ කොටස් වෙළඳපලවල් අඛණ්ඩව දෙවන දිනටත් විශාල පහත වැටීම් වාර්තා කළේය. දකුණු කොරියාවේ ප්‍රධාන දර්ශකය අඟහරුවාදා සියයට 7 කින් පහත වැටුණු අතර ජපානයේ කොටස් සියයට 3 කින් පහත වැටුණි. Stoxx Europe 600 දර්ශකය සියයට 3 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටුණු අතර යුරෝපයේ සෑම වෙළඳපලක්ම පාහේ පාඩු ලැබීය.
දීර්ඝ යුද්ධයක් හේතුවෙන් උද්ධමනය නරක අතට හැරී පොලී අනුපාත ඉහළ යා හැකි යැයි ආයෝජකයින් බිය වීම නිසා ලොව පුරා බැඳුම්කර අලෙවිය ඉහළ ගියේය. තෙල් සහ ගෑස් මිල ඉහළ යාම පාරිභෝගිකයින්ට ඉන්ධන පිරවුම්හල්වල වැඩි මිලක් ගෙවීමට සහ ව්‍යාපාරික පිරිවැය ඉහළ යාමට හේතු විය හැක. ඇමරිකානු වසර 10 ක භාණ්ඩාගාර බැඳුම්කර ඉපැයීම් (yield) සියයට 0.4 කින් ඉහළ ගොස් සියයට 4.1 ට වඩා මඳක් අඩු මට්ටමකට පැමිණියේය. බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ජපානයේ රජයේ බැඳුම්කර ඉපයීම් ඊටත් වඩා ඉහළ ගියේය.
තම මුදල් සුරක්ෂිතව තැන්පත් කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ගේ ප්‍රධාන තේරීම බවට ඩොලරය පත්ව ඇත. අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරයේ අගය අඟහරුවාදා සියයට 0.8 කින් ඉහළ ගියේය. අර්බුදකාරී කාලවලදී තවත් සාම්ප්‍රදායික ආරක්ෂිත ආයෝජනයක් වන රන් මිල, අවුන්සයකට ඩොලර් 5,200 ක් දක්වා සුළු වශයෙන් පහත වැටුණි.
නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ඇසුරෙන් 03/03/2025 – 21ග00




ප්‍රතිචාරයක් ලබාදෙන්න