විදු නැන නුවණ – Science Literacy for All

මරු කැඳවන පුටු

මරණීය දණ්ඩනය හිමිවුවන්, ඇතැමි රටවල පරලොව යවන්නේ පුටුවක් මත හිඳුවායි. ඒවා විදුලි පුටුය. ලී පුටු, යකඩ පුටු, වේවැල් පුටු, ඇඳි පුටු, හාන්සි පුටු, රෝද පුටු, සෝෆා – මේ කොයිකත් පුටුය. කකුල් හතරේ, තුනේ මෙන්ම තනි කකුලේ පුටුද ඇත. අපි ඒවායේ වාඩිවී විවේක ගන්නෙමු. සතුටු සාමීචියේ යෙදෙන්නෙමු. මේසයක් අසල තබා වාඩිවී නොයෙකුත් කාර්යයන් ඉටු කරන්නෙමු. ඇතැම් විට පුටුමත වාඩිවී නිදන්නටද අපි පුරුදුව සිටින්නෙමු. ඇමරිකානුවෝ දවසේ අවදිව සිටින කාලයෙන් වැඩි කොටස ගත කරන්නේ පුටු මතය. දවසක සාමාන්‍ය පැය 13 කි. කොයිදේ සඳහා භාවිත කළත් පුටු මරු කැඳවීමට මග පාදන බව පර්යේෂණ කණ්ඩායමක් නිගමනය කරති.

මේ අඳුරු අනාවැකිය ඔබේ පුදුමයට හේතු වන්නට පුළුවන. එහෙත් පසුගිය වසර 16 තුළ සමස්තයක් වශයෙන් පුද්ගලයින් අට ලක්ෂයක් ආවරණය වන පරිදි සිදුකරන ලද අධ්‍යයන 18 කින් මෙය තහවුරු වී තිබේ. උදාහරණයක් වශයෙන්, වසර හතක් තිස්සේ වැඩිහිටියන් 8,800 දෙනෙකු සමිබන්ධ කරගෙන සිදුකළ අධ්‍යයන වාර්තාවක් Circulation නම් සගරාෙවි 2010 දී පළවිය. ඕනෑම හේතුවක් නිසා මිය ගිය සංඛ්‍යාව සංසන්දනාත්මකව බලද්දී, රූපවාහිනිය නැරඹිමපිණිස පැය දෙකකට අඩු කාලයක් වාඩිවී සිට අයට වඩා රූපවාහිනිය ඉදිරියේ පැය හතරකට වැඩි කාලයක් ගත කළ අය අතර සියයට 40 ක වැඩිවීමක් දක්නට ලැබිණ.
දවසකින් අඩකඩ වඩා වාඩිවී ගතකිරීම දියවැඩියාව (මධුමේහය) සහ හෘද්වාහිනී රෝග අවදානම දළ වශයෙන් දෙගුණ කරන බව අනෙකුත් පර්යේක කණ්ඩායමි විසින් සොයා ගෙන තිබේ. සමස්තයක් වශයෙන් ගත්විට, මරණ වලට බලපාන හේතු සියල්ල එකට ගෙන බැලූවොත් වාඩිවී සිටින්නන් සහ වඩා ක‍්‍රියාකාරී කණ්ඩායම් සංසන්දනය කිරීමේ දී වාඩිවී සිටින්නන් මියයාමේ ඉඩකඩ සියයට 50 ක් වැඩිය.ෙ

වාඩිවී දිගු කාලයක් සිටීම අයෝග්‍ය චර්යාවක් වන්නේ මිනිස් සිරුර නිකරුනේ ගත කිරීම සඳහා නිර්මාණය වී නැති හෙයිනි. ශරීරාංග චලනය නොමැතිකමින්, පරිවෘත්තිය හෙවත් ජීවියෙකු තුළ සිදුවන රසායනික ක‍්‍රියාවලිය මන්දගාමීවෙයි. එමගින් සිදුවන්නේ බල ශක්තිය බවට පරිවර්තනය කරන ආහාර ප‍්‍රමාණය අඩුවීමයි. මෙය නැවත, මේදය තැන්පත් වීම, ස්ථුලතාව (තරබාරුකම) අධික බර නිසා ඇතිවන හෘදය ආබාධ, දියවැඩියාව, ආතරයිටිස් ආදී ලෙඩ රෝග ගණනාවක් ප‍්‍රවර්ධනය කරයි. මහත අයට පමණක් නොව කෘශ(කෙටිටු) ශරීරයක් ඇති අයට පවා වාඩිවී කාළය ගත කිරීම අහිත කරයි. උදාහරණයක් ගතහොත් ආහාර වේලක් අනුභව කිරීමෙන් පසුව පුටුවක වාඩිවී සිටීමෙන් රුධිර සීනි මටිටම ක්‍ෂණිකව ඉහළ යා හැකිය. අනෙක් අතට ආහාර ගැනීමෙන් පසුව නැගිට ගැනීමෙන් එවැනි ක්‍ෂණික සීනි මට්ටම් වැඩිවීම අඩකින්ම අඩුකරගත හැකිය.

ජනතාව මෙම සෞඛ්‍ය ප‍්‍රශ්නය සමිබන්ධ කරන්නේ වුවමනාවට වඩා ආහාර ගැනීමට මිස වුවමනාවට වඩා වාඩිවී සිටීමට නොවේ. ශරීර බර වැඩිවීෙමි ප‍්‍රශ්නයට මුහුණදුන් පුද්ගලයන් ගැන සිය අත්දැකීමි විග්‍රහ කරන අන්තෝසර්ග (endocrinologist = සිරුරේ ග‍්‍රන්ථි හා හෝමෝන ගැන අධ්‍යයනය කරන) විද්‍යාඥයෙකු වන ඇරිසෝනා රාජ්‍ය සරසවියේ ජේම්ස් ලේවයින්, වැඩිපුර ආහාර ගැනීම තරමටම වාඩිවී සිටීෙමි චර්යාවද අනර්ථකාරී විය හැකි යයි කල්පනා කරයි. ලේවයින්, ඇරිසෝනාවේ මායෝ චිකිත්සාගාරයේ තරබාරුවට පිළියමි සෙවීෙමි වැඩසටහනේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි.

ශරීරය මද වශයෙන් එහා මෙහා කිරීම (චලනයන්) සෞඛ්‍ය කෙරෙහි සැලකිය යුතු හිතකර බලපෑමක් ඇතිකරන බව බොහෝ අධ්‍යයන වලින් සනාථ වේ. එවැනි වෙහෙසීම් සඳහා සතියකට දෙතුන් හතරවතාවක් ජිමිනේසියමකට යාම හෝ දිනපතා මද වේගයෙන් දිවීම ආදිය කිරීම වුවමනාකරන්නේද නැත. මෙවැනි ශරීරාභ්‍යාසවල යෙදීම කරදරකාරී යයි දැනෙන නිසා ටික දිනකින්ම නතර කර දැමේ. දිනකට කිහිප වතාවක් ව්‍යායාම නොවන චලනයක් තුළින්ද ප‍්‍රතිඵල අත්පත් කරගත හැක. ආසනවලින් නැගිට (එහා මෙහා) යාම දිරිමත් කිරීම සඳහා ඇතැම් කාර්යාල, කොම්පැණි හා වෙනත් ආයතන දැනටමත් විවිධ උපක‍්‍රම යොදා තිබේ.

එකම මාදිලියේ රැකියා කරන, එකම විදිහේ ආහාර ගන්නා සමාන පරිසරවල ජීවත්වන ඇමරිකාෙවි තරබාරු හා කෙට්ටු පුද්ගලයන් සංසන්දනය කරමින් ජේම්ස් ලේවයින් ඇතුළු පර්යේෂකයන් කළ අධ්‍යයනකින්ද වැදගත් තොරතුරු අනාවරණය වෙයි. එහිදී හෙළිවුයේ සිය කෘශ සගයන්ට වඩා පැය 2.25 ක් වැඩිපුර තරබාරු උදවිය සෑම දිනකම වාඩිවී කල් ගත කරන බවයි. ව්‍යායාමයෙන් තොර මෙම තරබාරු උදවිය ඇවිදීම හා අනෙකුත් ව්‍යායාම-නොවන ක‍්‍රියා මගින් කෙටිටු උදවියට වඩා දිනපතා කැලරි 350ක් අඩුවෙන් වැය කරන බවද අනාවරණය විණ.

කෙසේ වෙතත්. අප මේ පරිසරයේ සිරකාරයෝ විය යුතු නැත. පුටුවට ඇළී ගෙවන ජීවිතයට පරිගණකය, රූපවාහිනිය, වීඩියෝ යාන්ත‍්‍රය වැනි තාක්‍ෂණ දායක වී ඇතත්, තාක්‍ෂණයම ගැටළුවට පිළිතුරක් විය හැක. උදාහරණයකට අප ජංගම දුරකතනය ගතහොත් වාඩිවී කරන කතාබහක් අැවිදමින් කරන කතාබහකට පරිවර්තනය කිරීමට ද එය උපයෝගී කර ගත හැකිය. කොපමණ වාරයක් කෙනෙකු වාඩිවී සිටීද, ඇවිදියිද නැතහොත් චලනය වෙයිද යන්න සොයා බලන තාක්‍ෂණ උපකරණ රැසක්ම ඇත. එපමණක් නොව සංචලනය ධෛර්යමත් කෙරෙන ආකාරයකට කාර්යාල, පාසල්, වැඩපොළවල් ආදිය යළි සකස් කිරීමටද පියවර ගෙන තිබේ.

නගර නිර්මාණ කිරීෙම්දී ද වෙනස් කමි සිදු කිරීමෙන් වාහනයක වාඩිවී ගමන් කරනවාට වඩා පයින් ගමන උනන්දුකරවිය හැකිය. සැන් ෆ‍්‍රැන්සිස්කෝෙව් සහ එක්සත් රාජධානියේ සිදුකළ විශ්ලේෂණයකින් මෙය තහවුරු වී තිබේ. පයින් යාමට වැඩියෙන් වැය කළ යුත්තේ විනාඩි කිහිපයක් පමණකි. එහෙත් වාසි ගණනාවක් ඉන් සැලසේ. නගර පරිසරය වායු දුෂණයෙන් ගැලවේ. ඇවිදීමේ  ව්‍යායාමය නිසා සෞඛ්‍යය වියදම් ද අඩුකළ හැකිවේ. අසුනෙන් මිදුණු ජීවිතය සෞඛ්‍ය සමිපන්න වෙනවා පමණක් නොව මුදල් ද ඉතිරි කර දෙයි.

අප ජීවත් වන්නේ විවිධාකාර ආසන වර්ග පිරි සාගරයක් මධ්‍යයේ බව සැබවි. නරක ආරංචිය එයයි. එහෙත් ශුභාරංචියක්ද ඇත. පුටු තිබුණේ වී නමුත් ඒවා භාවිත කළ යුතුම නොවේ. ඔබ මෙම ලිපිය කියවන්නේ හිටගෙන නම් ඔබ, ඔබටම සුබපතාගන්න. වාඩිවී කියවමින් සිටියේ නම් වහාම හිටගන්න.
Scientific American අැසුෙරනි

2 Responses to “මරු කැඳවන පුටු”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: